සංජානනය: මුහුණ බලා සාස්තර කීම

Posted by

මුහුණ බලා සාස්තර කීම

ජේකබ් හෝඩ්ස් නැමැත්තා තමන් සමග  සරසවි කොලේජියේ එකට ඉගෙන ගන්නා යුවතියක සමඟ සුහදව සැන්දෑවන්(date) ගත කළ අතර ඉන් අනතුරුව ගතවූ වසරක කාලය ගෙවා දැමුවේ ඇය කවුදැයි නොහඳුනනා විලාසයකිනි. මේ තරහ වීමක් හෝ ඔහුගේ ගුණමකු ගතිය, චපල ගතිය නිසා සිදු වූවක් නොවේ. ජේකබ්ට ඇත්තටම සිදුවී තිබුණේ ඇගේ මුහුණ කොහොමටවත් මතක නැති එකයි. ඔහුට ඔය ප්‍රශ්නය කාලෙක සිටම තිබෙන එකක්. සමහරු මුහුණේ සිනහවක් මුව රඳවාගෙන අත වනා ‘හායි’ කියා කතා කලාට ඔහුට ඒ කවුදැයි කියන්න බැරි මුහුණ මතක නැති නිසයි. ප්‍රශ්නය කුමක්ද යන්න ගැන හරි වැටහීමක් ආවේ ජේකබ් හෝඩ්ස් වෛද්‍ය පරීක්ෂාවකට භාජනය කිරීමෙන් පසුවයි. එහිදී හෙළි වුණේ ඔහු වක්ත්‍රාන්ධබාවය(prosopagnosia) යනුවෙන් දැක්වෙන මුහුණු අමතක වන ආබාධයකින් පෙළෙන බවයි. මෙය ඔහුට පමණක් සීමාවූවක් නොවේ වක්ත්‍රාන්ධබාවය ඇති අයට මුහුණින් පුද්ගලයන් හඳුනා ගැනීමේ හැකියාව නොමැත.

මේ ගැන සමාජයේ වැඩි දැනිමක් නොතිබුණාට, ඔබටම හෝ ඔබ දන්නා හඳුනන සමහරුන්ගේ පවුල්වල අයට මේ තත්ත්වය බලපානව විය හැකියි.  එය එතරම් සුලබ තත්ත්වයකි. එහෙත් පුදුමයට කාරණයක් වන්නේ මෙම තත්ත්වයෙන් පෙළෙන අය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන තුරුම අඩු තරමින් ඒ ගැන කිසිම දැනීමක් ඔවුන්ටවත් ඇත්තේ ම නැති වීමයි.

Related image

මිතුරන් සහ ආගන්තුකයන්

විද්‍යාඥයන් විසින් වක්ත්‍රාන්ධභාවය පිළිබඳ පර්යේෂණ සිදු කරනු ලබන්නේ ජේකබ් හෝඩ්ස් වගේ අයට වඩාත් හොඳින්,  වඩාත් දක්ෂ ආකාරයකින් යුවතියන් සමග සුහද හමු සංවිධාන කරගැනීමට උපකාරී වීම පිණිස ම නොවේ. අප මුහුණු හඳුනාගන්නේ කෙසේද යන්න පැහැදිලි කරගැනීමට ද එම පර්යේෂණ ආධාර වනු ඇත. මානවයන් වන අප බෙහෙවින්ම සමාජශීලී සත්වයන්ය. එලෙසම මිතුරන් කවුද සතුරන් කවුද කියා තෝරා බේරා ගැනීමට ඇති කුසලතාව පරිණාමය මගින් කැමැත්ත(වරණය) දක්වනු ලැබූවක් විය හැකිය.  මුහුණ හඳුනා ගැනීමේ අපේ ඇතැම් කුසලතා උපදවන විට අපට උරුම වන ‘මූලික මොළ පැකේජය’ තුළම අසුරා  ලැබෙන බවක් පෙනෙන්නට ඇත. බිළිඳුන් මේ ලොවට බිහි වුණ දා සිටම වෙන කිසිවකටත් වඩා කැමැත්ත දක්වන්නේ මුහුණු දකින්නටය. ඉන් හැඟවෙන්නේ පොදුවේ ලෝකය සංජානනය කර ගැනීමට අප දක්ෂතා දැක්වූවත් මුහුණු නම් ඒ අතරින් අති විශේෂ බවයි.

   

Related image

වක්ත්‍රාන්ධභාවය මුලින්ම හඳුනා ගනු ලැබුවේ 1947 දීය. වෙඩි උණ්ඩයක් හිසට වැදීමෙන් තුවාල ලැබූ 24 හැවිරිදි තරුණයකුට සිය මිතුරන් හා පවුලේ අය පමණක් නොව (කැඩපතකින් දකින) ඔහුගේ මුහුණේ පිළිඹිඹුව පවා හඳුනා ගැනීමේ හැකියාව නැතිව ගියේය. ඔහුට ප්‍රතිකාර කළ ස්නසාවේදී ජෝකිම් බොඩාමර් මේ තත්ත්වය විස්තර කළේ ‘ ‘වක්ත්‍ර අන්ධභාවය”(prosopagnosia) ලෙසය.  තරමක් මෑතක් වන තුරු මේ ආබාධය ගැන වාර්තා වූ අවස්ථ ඉතා සුළු වූ අතර ඒ අවස්ථා හැමකක්ම,  මොළයට තුවාල සිදුවූ අවස්ථාය. එහෙයින්  මෙය සැළකුණේ ඉතා දුර්ලභ ආබාධයක් ලෙසයි.

 

 

විකල්ප උපායමාර්ග

ඊළඟට, ‘වර්ධනීය වක්ත්‍රාන්ධභාවය’ (‘developmental prosopagnosia’) යනුවෙන්  මුහුණු අන්ධතාවයෙහි තවත් ස්වරූපයක් සොයාගනු ලැබීය. මෙය උපතේදීම හටගන්නා දෙයක් හෝ ජීවිතයේ මුල් කාලයේ වර්ධනයවන්නකි.  මෙය,  ජනතාවගෙන්  සියයට දෙකක් දක්වා බලපාන්නකි. පුදුමය වන්නේ මුහුණක් මගින් කෙනෙකු හඳුනා ගන්නව කියන්නේ මොකක්දැයි ඔබ කොහොමටවත් දැන නොසිටියේ නම් එලෙස කිරීමට හැකියාවක් ඔබ සතුව තිබිය යුතු යැයි ඔබම නොදන්නවා විය හැකිවීමයි.  වර්ධනමය වක්ත්‍රාන්ධභාවයෙන් පෙළෙන බොහෝ දෙනකු විසින් පුද්ගලයන්ව හඳුනාගෙන ලබන්නේ ඔවුන් ඇවිදින ආකාරයෙන් හෝ ඔවුන්ගේ ඇඳුම්වලින් හෝ කටහඬ මගිනි. මොවුන්ගෙන් බහුතරය මෙකී උපක්‍රම කෙතරම් හොඳින් භාවිතයට ගැනීමට දන්නේ ද කිවහොත් නිතර දැක පුරුදු අයකුව,  ඔහුව හෝ ඇයව දැක හුරුපුරුදු සන්දර්භයෙන් බාහිරව නව කොන්ඩා සැකසුම් මෝස්තරයකින්  හෝ සාමාන්‍යයට වඩා වෙනස් ඇඳුම් කට්ටලයකින් සැරසී නොසිටියේ නම් හෝ එම පුද්ගලයා (ඇවිදින ආකාරයෙන් හෝ  ඇඳුම්වලින් හෝ කටහඬන්)  පහසුවෙන්ම දැන හඳුනා ගැනීමට පුළුවන.

developmental prosopagnosia

 

වක්ත්‍රාන්ධභාවය අපගේ මොළය මත තබන මුද්‍රාව තවමත් සොයාගෙන නැතත් වැදගත් හෝඩුවාවල් කිහිපයක්ම විද්‍යාඥයන් සතුව ඇත. මුහුණු හඳුනා ගැනීමට ඉවහල් වන (මොළයෙහි) ප්‍රධාන කොටස වන්නේ තර්ක රූපඝූර්ණය(fusiform gyrus) යයි. (ඊටම තර්ක රූපී මුහුණු ප්‍රදේශ යයි ද කියනු ලැබේ). මුහුණුවලට මෙන්ම මුහුණු බව හඟවන රටාවන්ට ද ප්‍රතිචාර වශයෙන් මොළයේ මෙම කොටස ප්‍රබෝධමත් වන බව ස්නාසා විද්‍යාඥයන් දැන සිටියේ බොහෝ කලක සිටය.

කෙසේ වෙතත් මුහුණු හඳුනාගැනීමේ පිරිසැකසුම මොළයේ එක් කොටසකට පමණක් සීමා නොවන බව බොහෝ දුරට ස්ථිර කර පැවසිය හැක. මොළයේ ස්කෑන් පරීක්ෂණ මගින් මෑතක කරන ලද සම්පරීක්ෂණ දත්ත දක්වන්නේ වක්ත්‍රාන්ධභාවයෙන් පෙළෙන අයගේ මොළ ‘’රැහැන්ගතකර ඇත්තේ’ (සම්බන්ධ වන්නේ) වෙනත් බොහෝ අයට වඩා වෙනස් ආකාරයකට බවය. මෙම ආබාධයෙන් තොර අයගේ මොලයෙහි ඉදිරිපස වන්නට ඇති කොටස් ‘ක්‍රියාකාරී කෙන්ද්‍රයක්’ (hub)ලෙසට සෑදෙයි. එය වඩාත් මූලික දෘෂ්ටිමය තොරතුරු සකසන මොළය පිටුපස කලාප කොටස් ද ඇතුළුව අනෙකුත් කලාප වලට  බෙහෙවින් සම්බන්ධය. එහෙත් වක්ත්‍රාන්ධභාවයෙන් පෙළෙන්නන් අතර මෙකී චර්යාව දක්නට නොමැත. ඉදිරිපස කොටසින් ඇතිවන සම්බන්ධතා හිඟපාඩුව මැකීයන්නට මෙන් මේ ආබාධයන් පෙළන්නන්ගේ මොළයේ පසුපස කොටසේ සම්බන්ධතා බොහෝ ඉහළ  ප්‍රමාණයක් ඇත. වක්ත්‍රාන්ධභාවයෙන් පෙළෙන සෑම අයෙකුම එක සමාන මට්ටමකින් මෙම දුර්වලතාව බලපාන්නේ නැත. මුහුණු හඳුනාගැනීමේදී සාපේක්ෂව වඩාත් හැකියාවක් ඇති අයගේ මොළයෙහි මෙම කලාපයෙහි වැඩි සම්බන්ධතා සංඛ්‍යාවක් දැකිය හැකිය.

සුපිරි හැකියා ඇත්තෝ

අනෙක් කෙළවරෙහි ඇත්තේ මුහුණු හඳුනාගැනීමේ සුපිරි හැකියා ඇත්තන්ය — ඔවුන් මුහුණ හඳුනාගැනීම පුදුමාකාර ලෙස නිවැරදි ආකාරයකට සිදු කළ හැකි අයයි. වක්ත්‍රාන්ධය ගැන කෙරෙන පර්යේෂණ ගැන කියවා තමන්ට ඇත්තේ එහි අනෙක් පැත්ත බව —   එනම් ඔවුනට කිසිදිනෙක මුහුණක් අමතක නොවන බව, පර්යේෂකයන්ට දක්වන තුරුම, විද්‍යාඥයන්ට මොවුන් ගැන කිසිම  දැනීමක් නොතිබූණේය. මොවුන් සියලු දෙනාම කියා සිටින්නේ,  අසීරු තත්ත්වයකට ලක්වීම වළක්වනු පිණිස හෝ අයුතු චේතනා සහිතව පුද්ගලයන් හඹා යන්නන්ගේ සැලකීම වළක්වා ගැනීම පිණිස සමහරවිට ඔවුන්ගේ මෙම සුපිරි හැකියාව වසන් කර ගන්නා බවයි.  පර්යේෂණාගාරයකදී ඔවුන් පරීක්ෂණයට ලක් කළ විට ඔවුන්  මුහුණ හඳුනාගැනීමේ පර්යේෂණ වලට කොපමණ සාර්ථකව මුහුණ දුන්නේ ද යත් ඔවුන් වෙනුවෙන් වඩාත් දුෂ්කර පරීක්ෂණ අළුතෙන් සැලසුම් කිරීම ද සිදුවිය. එම පරීක්ෂණවල දී පවා ඔවුන්ගේ හැකියාවන් සාමාන්‍ය අයට වඩා වැඩිවිය.

In London, a substantial proportion of all suspect arrests were a direct consequence of identifications from CCTV made by a small group of front-line police officers — so-called super-recognisers. One identified 180 sometimes heavily disguised rioters. As the majority of suspects confess when confronted by such evidence, these officers were clearly somewhat special. –IFSEC GLOBAL
මෙවැනි සුපිරි දක්ෂතා ඇති නිලධාරීන් තම සේවයෙහි සිටිනා බව ලන්ඩනයේ මෙට්‍රොපොලිටන්  පොලිසිය විසින් හඳුනා ගනු ලැබ ඇත. සීසීටීවී පටිගත කිරීම් බලා  මුහුණු හඳුනා ගැනීමට  මොවුන් දැක් වූ අසාමාන්‍ය දක්ෂතා අපරාධකරුවන් බොහොම දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට උපකාරී වී ඇත.  මුහුණු ප්‍රත්‍යක්ෂ කරගන්නා ආකාරය පිළිබඳව යම් හෝඩුවාවක් ලබා ගත හැකි දැයි සෙවීම පිණිස මනෝවිද්‍යාඥයෝ මේ සුපිරි පොලිස් භටයන් ගැන අධ්‍යයනයක යෙදෙති.
සාමාන්‍ය මුහුණු මතක තබා ගැනීමේ ශක්තිය ඇත්තෙකු සුපිරි ශක්තියක් ඇත්තකු බවට පත්වන්නේ කෙසේ ද යන්න හෝ ඇත්තටම එසේ පත් වන්නේ ද යන්න වත්  තවමත් පැහැදිලි නැත. එහෙත් වක්ත්‍රාන්ධයෙන් පෙළෙන ළමුන්ට, පුහුණුවකින් පසුව යම් වර්ධනයක් අත්පත් කරගත හැකි වන අතර වඩාත් ඉක්මණින් පටන් ගැනීමකින් ප්‍රතිඵල වැඩිකරගත හැකිය.

ස්ථානීය අවබෝධය

අපේ(වටපිටාව) අවකාශය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමේදී මොළය අපට උපකාරී වේ. මොළයෙහි හිපොකැම්පසය(hippocampus) සහ අවට කලාපයන්හි විශේෂිත සෛල අපට අවකාශයේ මනෝමය සිතියමක් සකස් කර එහි අපේ ස්ථානය ගණනය කරයි. එහෙත් හැමෝටම මෙම හැකියාව පිහිටන්නේ නැත.”වර්ධනීය භූතල දිශානතිහරණය” (developmental topographical disorientation — DTD) නම් ආබාධය ඇති අය මනෝමය සිතියම් සැකසීමේදී අපහසුතාවයට පත්වේ. ඒ කියන්නේ බොහෝ අවස්ථාවල ඔවුන් මංමුළා වන බවයි.

එහෙත්, ස්ථාන මතක තබාගැනීමේ මෙම හැකියාව අභ්‍යාස මගින් තව වර්ධනය කළ හැක. මීට අදාලව ලන්ඩනයේ ටැක්සි රියැදුරන් යොදවා කළ අත්හදා බැලීම් සාර්ථක වී ඇත. එහෙයින්, වර්ධනීය භූතල දිශානතිහරණය  නම් ආබාධය ඇති අයට උපකාරී වීමට හැකි මාර්ග සෙවීම පිණිස පර්යේෂකයන් උනන්දු කරවීමට එය මග පාදා ඇත. ඔවුන් විසින් සොයා ගනු ලැබූ එක් මගක් අප කාටත් ප්‍රයෝජනවත් විය හැකිය: ඒ මග පරිගණක ක්‍රීඩාය. මනෝමය සිතියම් සැකසීමේ කුසලතා ඒවා මගින් වර්ධනය වන බව එක් අධ්‍යයනකින් හෙළිවී තිබේ.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි  A special case for faces යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.