වැරදි විශ්වාස සහ මතවාද මත එන්නත් පිටුදැකීමේ අනිටු ඵලවිපාක

Posted by

වැරදි විශ්වාස සහ මතවාද මත එන්නත් පිටුදැකීමේ අනිටු ඵලවිපාක

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 50 අතුරින් තිස් එකක් පුරා පසුගිය අගෝස්තු අග වන විට සරම්ප වැළඳුණු අය 1,200කට වැඩි පිරිසක් ගැන වාර්තාවිය. සරම්ප රෝගය,  2000  වර්ෂයේ දී එක්සත් ජනපදයෙන් තුරන් කරන ලදැයි ප්‍රකාශයට පත් කරන ලදී. එසේ තිබිය දී,  අවාසනාවන්ත ලෙස රෝගය යලි හිස එසවීම  සිත් කලකිරීමට පත්කරවන සුලුය. රෝගය පැතිර යාම දැන්  වන විට නතර නොවුවහොත් එරටට (තුරන්කිරීමේ)මෙම තත්ත්වය අහිමිවීයාමේ  අවදානමට ලක්වෙයි.

 

සරම්ප රෝගය මෙලෙස යළි හිස ඔසවා ඇත්තේ ප්‍රධාන වශයෙන්ම එන්නත් ලබානොගත් පිරිස් සහිත ස්ථාන වලිනි. තම පවුල් වල අය ප්‍රතිශක්තිකරණය නොකිරීමට තීරණය කරන අය අනතුරට හෙළන්නේ ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය පමණක් ම නොව  ප්‍රතිශක්තිකරණය සදහා තවමත් ළාබාල නිසාවෙන් හෝ වෛද්‍ය හේතු මත හෝ එන්නත් ලබාදිය නොහැකි අය ද ඔවුහු අවදානමට ලක් කරති.

Image result for Religious and philosophical exceptions

සරම්ප, කම්මුල්ගාය රුබෙල්ලා, පෝලියෝ( ධූසරමජ්ජාප්‍රදාහය), කක්කල් කැස්ස (උත්කාසය – pertussis)   ඇතුළුව   අනෙකුත් රෝග වළක්වා ගැනීමේ ලා එන්නත් (වැක්සීන) යනු අධික ලෙස ආරක්ෂා සහිත එමෙන්ම කාර්යක්ශම ක්‍රමය බවට අබමල් රේණුවක තරමවත් සැකයක්, අවිශ්වාසයක් නොමැත. එන්නත් කර නැත්තේ  වෛද්‍යමය හේතු මත බවට සහතිකයක්  තිබේ නම් පමණක් හැර පාසල් වලට ඇතුළු වන ළමුන් සියලු දෙනාම ප්‍රතිශක්තිකරණයට ලක් කර තිබිය යුතු යැයි ජනපද 50හේ ම විධි නියෝගයක්(mandate) ඇත. එසේ වුවද සෑම ජනපදයක ම වාගේ ආගමික හේතූන් මත එන්නත් නොකිරීමටද, ජනපද සංඛ්‍යාවෙන් අඩක පමණ පෞද්ගලික විශ්වාසයන් හෝ දාර්ශනික විශ්වාසයන් මත ද විචර්ජන (exemptions = නොකර සිටීම හැකියාව) ලබාගැනීම හැකියාව නැත.. කෙසේ වෙතත් කැලිෆෝනියාව, මිසිසිපි,  බටහිර වර්ජීනියාව, මේන් සහ වඩාත් මෑතක  නිව්යෝර්ක් ජනපදය වෛද්‍ය නොවන ව්‍යාතිරේක ඉවත් කරගනු ලැබ ඇත. අනෙකුත් ජනපද දඒ  අනුව යා යුතුව ඇතැයි Scientific American සඟරාවේ කතුවරු කියා සිටිති. මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම හේතුවෙන් එය නොකරම බැරි අවශ්‍යතාවයකි.

රෝග දරුණු ලෙස පැතිර යෑමක් සඳහා එන්නත ලබා නොදුන් පුද්ගලයන් බොහෝ දෙනෙකු වුවමනා වන්නේ නැත. ආසාදිත සුළු පිරිසකට එය කළ හැකිය. එන්නත් මගින් වළක්වාගත හැකි බෝවන රෝග අතුරින් ප්‍රථමයෙන් යළි මතුව ආ රෝග අතර සරම්ප රෝගය වේ. එම රෝගය එපමණටම බෝවෙනසුලුය. ප්‍රජාව පුරාම එන්නත් ලබාදීම හෝ ප්‍රතිශක්තිය කරණ කිරීම මඟින් රෝගයට ප්‍රතිරෝධය ඇති කිරීමට සමත් වන එලිපත්ත  එන්නත් ලබාදී ඇති මට්ටම හෙවත් ‘සමූහ ප්‍රතිශක්තීකරණ’ මට්ටම 93% – 95% ට වඩා පහළ වැටුණොත් ආසාදිත එක් තනි පුද්ගලයකුට රෝගය පැතිරයාමකට මග පෑදිය හැකිය හැකිය.

Related image

 

එන්නත් ලබාදීම පිළිබඳ දෙගිඩියාව අලුත් දෙයක් නොවේ. එඩ්වඩ් ජෙනර් 1796 වර්ෂයේදී වසූරිය සදහා එන්නත සොයා ගත් දා සිටම ඇතැම්හු එන්නත් ලබා දීමේ ප්‍රයෝජනය ගැන ප්‍රශ්න නගති. එන්නත්, වර්තමානයේ ඒවායේ අධි සාර්ථකත්වයෙහිම ගොදුරු බවට පත්ව තිබේ. කලක් ඉතා සුලබව පැවති සරම්ප මෙන්ම පෝලියෝ වැනි  රෝග (එන්නත් ලබා දීමේ හේතුවෙන් තුරන්ව ගොස් ඇති හෙයින්) අද  සිටින ජනතාව දකින්නේ නැත. දැක්ක ද ඒ බෙහෙවින් කලාතුරකිනි. එහෙයින් එම රෝග වලට ආවේණික භයානකකම ගැන ඔවුනට නිසියාකාර අවබෝධයක් නොමැත. මෙපමණක් නොව ඒ මදිවට අතොරක් නැතිව ගෙනයන නිර්දය වැරදි තොරතුරු සැපයීමේ ව්‍යාපාර එන්නත් කිරීමේ හේතුවෙන් ස්වේච්ඡතාව (autism) වැනි රෝග සෑදේ වැනි වැරදි සහගත අදහස් නිරතුරු පතුරුවා හහරී. අධ්‍යයන ගණනාවකින් පෙන්නුම් කර ඇත්තේ එය එසේ නොවන බවයි.

එන්නතවලට විරුද්ධ මේ සාවද්‍ය අදහස හඳුන්වා දෙනු ලැබුවේ දැන් අවමානයට පාත්‍ර ව ඇති පෙර කල  පර්යේෂකයෙකු වූ ඇන්ඩෲ වේක්ෆීල්ඩ් ඉදිරි පත් කළ, පසුව නිශ්ප්‍රභ කරනු ලැබූ එක්තරා අධ්‍යයනයක් මගිනි.  ජෙනී මැකාති, රොබට් එෆ්. කෙනඩි (කනිෂ්ඨ) වැනි ප්‍රකට පුද්ගලයෝ ද එම මතයන්ට අනුකූලතාව දැක්වීම ජනමතය කෙරෙහි බලපාන්නකි. එමෙන්ම බොරු විශ්වාසයන් වල එල්බගෙන සිටින එක සමාන මත දරන ජනතාවගෙන් සමන්විත ජාල හා එක් වීම පිණිස එන්නත් ප්‍රතික්ෂේප කරන්නට සමාජ මාධ්‍ය වර්තමානයේ පහසු මං සපයා තිබේ. එන්නත් ලබා නොදීමට තීරණය කරන අයගෙන් වැඩි දෙනා විශ්වාස කරන්නේ තමන්ගේ හෝ තම දරුවන්ගේ ශරීර තුළට  බෙහෙත් ඖෂධ ඇතුළු කරන්නැයි බලකිරීමට කිසිම රජයකට අයිතියක් නැත යනුවෙනි. ඔවුන් එය සලකන්නේ පෞද්ගලික අයිතියක් ලෙසිනි එහෙත් රෝගවලින් මිදී සිටීමට ඔවුන්ගේම දරුවන් ද ඇතුළුව වෙනත් අයට ද  පෞද්ගලික අයිතියක් ඇති බව ඔවුන් සැලකිල්ලට ගන්නේ නැත.

Related image

එන්නත් ලබාදෙනවාද? නැද්ද? ඇයි දෙගිඩියාව? ඇත්තේ එකම උත්තරයක් පමණයි

වසූරියට එරෙහි  වැක්සීනය ඉඩ ලබාදීමට අවශ්‍ය බව කියාපෑමට ජනපදවලට අයිතියක් ඇතැයි   Jacobson එරෙහි Massachusetts නඩුවේ දී අමරිකා එක්සත් ජනපද ශ්‍රේෂඨාධිකරණය නිගමනය කළේය. තවද දරුවකුගේ හෝ ප්‍රජාවක් රෝගයකට නිරාවරණය කිරීම ආගමික නිදහසින් වරමක් ලබාදී නැති බවද Prince එරෙහි Massachusetts නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය නැවත සනාථ කළේය. වෛද්‍ය හේතු මත එන්නත් ලබා නොදීම හැර වෙනත් කිසිම හේතුවක් මත ව්‍යාතිරේක ලබා නොදිය යුතු බව  Scientific American සඟරාවේ කතුවරු කියා සිටිති. මන්ද කිව්වොත් ව්‍යාතිරේක ලබා ගැනීම කොපමණ අසීරු තත්ත්වයකට පත් කළත් ඒවා භාවිතයට ගැනීමට සමහරුන් පෙළඹෙන බැවිනි. වෛද්‍ය හේතු මත ව්‍යාතිරේක ලබා දීම දිගටම කළ යුතු වුවත් සෞඛ්‍ය සම්පන්න  ජනතා බහුතරය එන්නත් ලබාගැනීමෙන්  වැළකී සිටීම පිණිස යොදාගත හැකි පිළිගැනීමට පුළුවන්  තර්කයක් නොමැත. එන්නත් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිදහසට අදාළ කාරණයක් නොවේ. එය ජනතා ආරක්ෂාව පිළිබඳ කාරණාවකි.

 

Scientific American කතුමඩුල්ල විසින් සිදුකරන ලද විග්‍රහයක්ආශ්‍රයෙන් එම සඟරාවේ 2019 නොවැම්බර් කලාපයේ පළවන End Vaccine Exemptions ලිපිය අනුව සැකසිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.