ඇයි වඳුරන් කෙසෙල් වලට කැමති?

Posted by

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන,  සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

 

Related image

 

ඇයි වඳුරන් කෙසෙල් වලට කැමති?

WHY DO MONKEYS LIKE BANANAS?

පිළිතුරු සපයනු ලබන්නේ Daniel Simmonds විසිනි

Daniel Simmonds ලන්ඩන් සත්වෝද්‍යානය පාලකවරයෙක්. ඔහු  හොඳ වටුපක් ලබන, ඛනිජ තෙල් වෙළෙන්දෙක් හැටියටයි මුලින් රැකියාව කළේ. ඒත් සතුන්ට ඇති ආදරය නිසා තමයි, ඔහු ලන්ඩනයේ සත්ව උද්‍යනයේ පාලකයෙකු වශයෙන් පත්වීමක් ලබාගත්තේ. මුලින්ම ඔහු කටයුතු කළේ කෘමීන් සමබන්ධයෙන්. දැන් Simmonds සත්ව උද්‍යානයේ ගෝරිල්ලන් බලාගන්නන් අතර ජ්‍යෙෂ්ඨතමයා. වානර ප්‍රජාව සමග කිට්ටු සම්බන්ධයකින් ක්‍රියා කරන නිසා ඔහුට ඔවුන් ගැන හොඳ අවබෝධයක් තියනවා.

 

ඇයි වඳුරන් කෙසෙල් වලට කැමති?

වඳුරන් අනුකරණයට දක්ෂයි. තොප්පිවෙළෙන්දාගේ කතාවෙනුත් ඒ ගැන කියවෙනවා නේ. ඉතින් වඳුරන් කෙසෙල් වලට කැමති මිනිස් අපි ඒවාට කැමැති නිසා කියලා කෙනෙකු හිතන්න පුළුවන්. අපි පැවත එන්නේ වඳුරන්ගෙන් කියලා සමාජයේ සමහරුන් අතර වැරදි මතයකුත් තියනවානේ. වඳුරන් කෙසෙල් වලට කැමති ඒ නිසාද නැතිනම් වෙනත් හේතු නිසා ද කියලා අපි දැන් හොයා බලමු.

වඳුරන් විවිධ ආකාරයේ කෑම වර්ග ආහාරයට ගන්නවා. පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග, කොළ වර්ග ආහාරයට ගන්නවා ඔබත සමහර විට දැක ඇති. සමහර අවස්ථාවල වඳ්‍රන්   පුංචි කෘමීන් පවා ඔවුන් ආහාරයට ගන්න බව අහලා තිබුණා ද?. කොහොම නමුත් ඔවුන් කෙසෙල් වලට දැඩි ප්‍රිය බවක් දක්වන විත්තිය නම් අපි කවුරුත් පහේ දන්නවා. මොකද කෙසෙල් කියන්නේ ඉතාම මිහිරි, ඉතාම  රසවත් පලතුරක්නෙ. මිනිස්සු වගේම වඳුරනුත් රසවත් ආහාර කන්න කැමතියි. කෙසෙල් කියන්නේ ඒ අතරින් ඔවුන් කැමතිම ආහාරයයි.

ආ, තව කාරණාවක්. ඒ වගේම තමයි වඳුරන්ට අවශ්‍යයයි තමන්ට පුළුවන් උපරිම වේගයෙන් කෑම කාලා දාන්න. මොකද එතකොට අනික් වෙනත් වඳුරන්ට බැහැනේ  උගේ කෑම උදුරා ගන්න. (වඳුරන්ගෙ තරමක් නරක පුරුද්දක් තමයි නිතරම එකිනෙකාගෙ කෑම හොරකම් කරන එක).

Image result for monkey stealing food gif

කෙසෙල් කියන්නේ ඉතාම මෘදු පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන් පලතුරක්. ඒ නිසා වඳුරන්ට පුළුවන්අනික් අය හොරකම් කර ගන්න කලියෙන්  කෙසෙල් ඉක්මනින් කාලා දාන්න .
එක එක  වඳුරන් කෙසෙල් ගෙඩි  කන්නේ එක එක  වෙනස් ආකාරවලටයි. ගොඩක්ම කෑදර වඳුරන් කෙසෙල් ගෙඩිය ලෙල්ල පිටින්ම කාලා දානවා. අනිත් වඳුරන් ලෙල්ල ඉවත් කරලා කෙසෙල් ගෙඩියේ සුදු පැහැ මෘදු මදය විතරක් ආහාරයට ගන්නවා(හරියට අපි කරන්නා වාගේ). තවත් සමහර වඳුරන්ට මේ ආකාරයට ලෙල්ල ඉවත් කරගන්න එක හරියට කරගන්න අපහසුයි. ඒ හන්දා ඒ ගොල්ලෝ කරන්නේ කෙසෙල් ගෙඩියේ ඇතුලේ තියන මෘදු මදය කොටස, කෙසෙල් ගෙඩියේ කෙලවරවල් වලින්  එළියට පනින තුරු   කෙසෙල් ගෙඩිය තදින් මිරිකමින් රෝල් කරනවා. එහෙම කෙසෙල් කන එක තරමක දක්ෂ ක්‍රියාවක් කියලා කියන්න පුළුවන් වුණත් ඒක හැබැයි මහා අවුල්සහගත ක්‍රියාවක්නෙ, නේද?.

Related image

වඳුරන්ට ගස් නගින්න, දුවන්න, ගහකින් ගහකට පනින්න වගේ ක්‍රියාවන්ට දැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ සදහා අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන් ෆ්රුක්ටොස් යන්න කෙසෙල් ගෙඩි තුළ  අඩංගු වෙනවා. මේ ෆ්රුක්ටොස් සිනි වැනි දෙයක්. එයින් වඳුරන්ට මේ සියලු දේවල් කරන්න අවශ්‍ය ශක්තිය ලැබෙනවා.

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.