සියල්ලෙහි සුලමුල 40: අපි දේශපාලනය ගැන වාද විවාදවල පැටලෙන්න පටන් ගත්තේ කවදා ඉඳලාද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

අපි දේශපාලනය ගැන වාද විවාදවල පැටලෙන්න පටන් ගත්තේ කවදා ඉඳලාද?

වාදයක පැටලිලා ඉන්න ප්‍රතිවාදී දේශපාලඥයන් දැකලා “මේ මිනිස්සු ඉන්නෙ නම් වෙනස්ම ලෝකවල වගේ” කියලා ඔබට හිතුණා නම් ඒක වැරදීමක් ම නෙවෙයි. ඔවුන්ගේ මතවල පරස්පරභාවය දේශපාලන දර්ශනවලින් ඔබ්බට දිව යන්නක්: ඒ වෙනස්කම් ජෛව විද්‍යාත්මකයි.

මිනිස්සු දේශපාලනික සත්ව කොට්ඨාශයක්. වත්මන් දේශපාලනය, වෘත්තීය දේශපාලඥයන් හා ආණ්ඩු සමග බද්ධ වෙලා තිබුණත්, සමාජය සකස් විය යුතු ආකාරය යන්න ගැන මෙන්ම  සම්පත් සහ බලය බෙදීයාම සිදුවිය යුත්තේ කොහොමද යන්න ගැන නිබඳ කෙරෙන වාදවිවාදවලින් ඔබ්බට ගිය දෙයක් දේශපාලනය තුළ නැහැ. මේ වාදය  සහස්‍ර ගණනක් තිස්සේ නොකඩවාම පවතිනවා. මොකද ඊට අදාල තීරණ ගැනීමට  අපිට තරමටම  තැනින් තැනට සංක්‍රමණය වෙමින් අතිතයේ ජීවත් වුණු දඩකරු අන්ත ගවේෂක පිරිස්වලටත් සිද්ධ වුණු  නිසයි. 

ප්‍රාග් නූතන සමාජවල දේශපාලනය, රණකාමී නායකයන්  අතර බල අරගලවලට සීමා වුණා. ඒත් සමාජය වඩාත් ශිෂ්ටසම්පන්න වෙද්දී බල අරගලත් වඩාත් ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරක් ගත්තා. ඒ ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය හැමවිටම ගත්තේ, දහඅටවන සියවසේ අග භාගයේ ප්‍රංශ  පෙරළියේ දී   ප්‍රථමයෙන්ම දැකිය හැකිවූ දෙයකට  සමාන මුහුණුවරක්.  විප්ලවය සමයේදී ප්‍රංශ සමාජය පැහැදිලි රේඛාවක් අනුව දෙකඩ වුණා. එක පාර්ශවයක් රාජාණ්ඩුව, පල්ලියත්(කතෝලික සභාව) ඇතුලු පැරණි රෙජීමයට අයත් අනෙකුත් ආයතන පවත්වාගෙන යාමට සහය පළකරද්දී අනිත් පාර්ශවය විප්ලවයට සහය පළ කළා. ගතානුගතික මතධාරීන් පාර්ලිමේන්තුවේ දකුණු පැත්තේත්, විප්ලවවාදීන් වම්පැත්තේත් අසුන් ගත්තා.

Related image

බල අරගල

එදා මෙදා තුර දේශපාලනය හැමවිටම අඩුවැඩි වශයෙන් පිළිබිඹු කරන්නේ ඒ යථාර්ථයයි. දේශපාලනය පරස්පර ආවේශයන් දෙකක් අතර අරගලයක් හැටියට අවබෝධ කරගන්න පුළුවන්: ඒ වත්මන් බල අධිකාරිය රැකගන්නත්, එය පෙරලා දමන්නත් උත්සහ කරන බලවේග අතර ඝට්ටනය. දක්ෂිණාංශය සහ වාමවාදී පාර්ශව අතර හැලහැප්පීම්, ගතානුගතික (Conservative) හා ප්‍රගතිශීලී(progressive) පාර්ශව අතර ගැටුම් මත පදනම් නොවුණු දේශපාලන පද්ධතියක් ගැන හිතින් මවාගන්න පුළුවන් කමක් ඇත්තටම තියනවා ද? ඇත්තටම මේ විශ්වීය බෙදීම මානවයන් අතරට ආවෙ කොහොමද?

සාම්ප්‍රදායික මතවාදයට අනුව නම් දේශපාලන නැඹුරුව, සාක්ෂි සහ යුක්ති යුක්ත බාවය පදනම් කරගෙන අප සවිඥානිකව හා තාර්කිකව තොර්‍රා ගනු ලබන්නක්. අපි වෙනස් ස්ථාවරයක් දරන්නේ අපි එකිනෙකට වෙනස් නිගමන මත  පදනම්ව තර්ක කරන නිසයි. කෙසේවෙතත්,  මෑත කාලීන සොයාගැනීම්වලට අනුව පෙනී යන්නේ සත්‍යය ඊට වඩා සහමුලින්ම වෙනස් බවයි. දේශපාලනය “ජන්මයෙන්ම” උරුම වෙන දෙයක්. දේශපාලනික වෙනස්කම්වලට ගැඹුරු ජීවවිද්‍යාත්මක හේතු රැසක් බලපානවා. ඒ නිසාම ඒවා හිතාමතාම හෙවත් සවිඥානිකව පාලනය කරගන්නත් අමාරුයි.

Related image

දේශපාලන දැක්මට බලපාන ජීව විද්‍යාත්මක පදනම ගැන පර්යේෂණ පැවැත්වීම ආරම්භ වුණේ 1950 ගණන් වල, ලෝකවාසීන් ඒකාධිපතිවාදය (totalitarianism) වටහාගන්න උත්සහ කරන අතරතුරයි. එම අරගලය ප්‍රධාන වශයෙන්ම මතකයේ රැඳෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස අධිකාරවාදී පෞරුෂය (authoritarian personality) යන්න හඳුනාගනු ලැබූ නිසයි. කෙසේවෙතත්,  මෙය අදාල වන්නේ ජනගහණයෙන් සුළු පිරිසකටය යන  අදහස අභියෝගයට ලක්වීම සමග මේ විෂය ගැන ඇතිවුණු ප්‍රබෝධයත්  වියැකී ගියා.

නමුත් පර්යෙෂකයන් ඉදිරිපත් කළ මතයේ පදනමක් නැතුවාම නෙවෙයි. පුද්ගල පෞරුෂය දේශපාලන මතවාද නැත්නම් විශ්වාස කෙරෙහි බල පෑමක් ඇති කරන බව මෑතකාලීන පර්යේෂණවලින් හෙළිදරව් වෙනවා. ප්‍රගතශීලීන් සහ ගතානුගතිකයන් අවකාශය සංවිධානය කරගන්නා ආකාරය  එකිනෙකට වෙනස් බව කාර්යාල සහ නවාතැන් පොළවල් අවට ඔත්තු බැලූ මනෝ විද්‍යඥයන්ට දකින්නට ලැබුණා. ගතානුගතික මතධාරීන් පිළිවෙල සහ සම්ප්‍රදාය අගය කරනවා වගේම හැමවිටම පිළිවෙල පවත්වාගෙන යාමට අවශ්‍ය මෙවලම් තෝරා ගත්තා. ප්‍රගතිශීලීන්ගේ අවකාශය නැතිනම් කොටස පිරිගොස් තිබුණේ, ගවේෂණයට වඩාත් මග පාදන මෙවලම් වලිනුයි.

හෙට(ඉරිදා) අපි සදාචාරය නැමති වංකගිරිය ගැන කතාකරමු

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START ARGUING ABOUT POLITICS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.