ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි දේශපාලනය ගැන වාද විවාදවල පැටලෙන්න පටන් ගත්තේ කවදා ඉඳලාද?
සදාචාරය නැමති වංකගිරිය
පර්යේෂකයන්ගේ නිගමනය වුණේ මේ බාහිර වෙනස්කම්, අභ්‍යන්තර පෞරුෂ ගති ලක්ෂණ පෙන්නුම් කරන බවයි. අලුත් අත්දැකීම්වලට මුහුණ දීමට දක්වන කැමැත්තත්,හෘදය සාක්ෂියේ පැවැත්මත් සවිමත් ජානමය පදනම් ඇති බවට සැලකෙන මාන පහ අතරින් දෙකක්.
අවිනිශ්චිත දේ නිශ්චිතබවටත්, ව්‍යාකුලත්වය පැහැදිලිබවටත් හැරවීම අරමුණු කරගනිමින් ගතානුගතික මත දරන්නන්ට සංජානනය අවහිර කිරීමට සාපේක්ෂ වශයෙන් අධික අවශ්‍යතාවක් ඇතැයි මෑතකාලීන පර්යේෂණ කිහිපයක්ම පෙන්නුම් කරනවා.
ජීව විද්‍යාත්මක වෙනස්කම් පෙන්නුම් කරන තවත් එක් ක්ෂේත්‍රයක් වන්නේ සදාචාරය පිළිබඳ දරන ස්ථාවරයන්ය. ගැහට විඳීම සහ අසාධාරණය සදාචාර පරිහානියක් ලෙස ප්‍රගතශීලීන් විසින් දකිනු ලබද්දී, ගතානුගතික මතධාරීන් සිත් කරදර කරගන්නේ නායකත්වයට ගරු නොකිරීම, සම්ප්‍රදායන් නොතැකීම සහ ලිංගික හෝ ආධ්‍යාත්මික වශයෙන් අශිෂ්ට යයි සැලකෙන හැසිරීම් ගැනයි. මේ වෙනස්කම් අදහාගන්න බැරි විදියට ජීවවිද්‍යාත්මක සාධක සමග බැඳී පවතිනවා: ඒවා මිනිස්සු කොතරම් පහසුවෙන් පිළිකුලට පත් වෙනවාද කියන සාධකය සමග බද්ධ වෙනවා.
සාමාන්‍යෙයන් ගුද වාතයක දුගඳ වගේ ස්වාභාවික උත්තේජක ගැන ගතානුගතික මතධාරීන් වැඩි පිළිකුලක් දැක්වීමේ ඉඩක් පවතිනවා. සදාචාරමය වශයෙන් විවාදාපන්න කරුණකදී ඕනෑම දේශපාලන මතයක් දරන කෙනෙක් පිළිකුල නිසාඑර්න් දැඩි තීරණ ගැනිමට පොළඹවනු ලබිය හැකියි, ගතානුගතික මතධාරීන් රළු ලෙස ප්‍රතිචාර දැක්වීමට දක්වන නැඹුරුව වැඩියි. සමලිංගික විවාහය, නීති විරෝධී සංක්‍රමණ වැනි කාරණා ගැන පවතින ආකල්ප අතර වෙනස මෙයින් පැහැදිලි වෙනවා විය හකියි. මේ සම්මතයට පටහැනි ක්‍රියාකාරකම් ගතානුගතික මතධාරීන් තදින් බැහැර කරනවා වගේම සදාචාරයට පටහැනි දේ හැටියට සලකනවා. ලිබරල්වාදීන් එතරම් පහසුවෙන් පිළිකුල දක්වන්නේවත්, දැඩි විනිශ්චයන්ට ලක් කරන්නේවත් නැහැ.
මිනිස්සු ලොව දකින විදිය වෙනස් බව හඳුනාගෙන තිබෙනවා. උදාහරණයක් දැක්වුවොත් මිනිසුන් බියට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් බව දක්වන්න පුළුවන්. අනපේක්ෂිත ශබ්දයක් ඇසුණු අවස්ථාවකදී පවා ගතානුගතික මතධාරීන් වඩාත් කම්පනයට පත් වෙන බවත්, එවැනි අවස්ථාවකදී ඔවුන් ඇසි පිය ගසන වාර ගණන සහ දහඩිය දමන ප්‍රමාණය සාපෙක්ෂ වශයෙන් වැඩි බව පෙනීයනවා. ඔවුන් බියකරු අනුරූප කෙරෙහිත් වඩාත් ප්‍රබල ප්‍රතිචාරයක් දක්වනවා — ඔවුන් ඒවා වැඩි වැඩියෙන් නිරීක්ෂණය කරන අතර ඒ සඳහා වැඩි කාලයක් ගත කරනවා. ගතානුගතික මතධාරීන් ලෝකය බියකරු තැනක් හැටියට දකින්නයි වැඩි පෙළඹීමක් දක්වන්නේ.
මේ මතවාදී වෙනස්කම්වලට මුල් වන ජානමය සාධක සොයන්න විද්‍යාඥයන් පෙළඹීමත් විවාදාපන්නයි. දේශපාලන ආකල්ප ජාන මගින් උරුම වෙන්න විශාල ඉඩක් පවතින බව අපි දැනට අවුරුදු 25කට තිස්සෙමත් දැනගෙන ඉන්නවා. සර්වසම නිවුන්නු() භාතෘක(සහෝදර) නිවුන්නුන්ට වඩා සමාන දේශපාලන අදහස් දැරීමේ ඉඩක් පවතිනවා. එයින් අදහස් කෙරෙන්නේ සමාන පරිසරයක ඇතිදැඩි වීම පමණක් නොව සමාන ජානද මීට වගකිවයුතු බවයි.
වම, දකුණ සහ මැද
මෑතක ඉඳලා ජාන විද්‍යාඥයන් දේශපාලන නැඹුරුව තීන්දු කිරීමට දායක වන ජාන හඳුනාගන්න වෙහෙසෙනවා. ප්‍රගතශීලීභාවය හෝ ගතානුගතිකභාවයට ඍජුවම වගකියන ජාන ඇතැයි කවුරුවත් කියන බවක් නොවෙයි මෙයින් අදහස් වෙන්නේ. නමුත් ඪ්Rඪ්4 ඩොපමීන් ග්‍රාහක ජානයේ 7R ප්‍රභේදය නව්‍යවාදී(අළුත් දේ සොයායන) හැසිරීමට සහ වාමවාදී දේශපාලන නැඹුරුවට හේතු වන බව හෙළි වී තිබෙනවා.
දේශපාලන මතවාදවල සූක්ෂම වෙනස්කM හුදෙක් සරල මතවාද දෙකකට ලඝු කිරීම ගැනත්, ගතානුගතික මත දැරීම පෞරුෂ ගැටලුවක් ලෙස දැක්වීම ගැනත් මේ පර්යේෂණවලට චෝදනා එල්ල වෙනවා. සැබෑ ලෝකය වර්ණාවලියක් ආකාරයෙන් , වාමවාදී හා දක්ෂිනාංශික කඳවුරුවලින් බිහිවුණු විවිධාකාර මතවලින් සැදුම්ලත් සංකීර්ණ එකක්. ඊට අමතරව මේ ආකෘතියට නොපෑහෙන දේශපාලන මතවාද ලෝකයේ අනන්තවත් තිබෙනවා; ඒ අතරින් කැපි පෙනෙන්නක් තමයි ලිබරල්වාදය.
නමුත් මතවාදී වෙනස්කම්වලට වඩා ජීව විද්‍යාත්මක වෙනස්කම් දේශපාලන දැක්මට බලපාන බවට පිළිගතහැකි සාක්ෂි තිබෙනවා. ඉතින් ඔබ ඔබේ දේශපාලන ප්‍රතිවාදියා කෙරෙහි ක්‍රෝධය දක්වනවා වෙනුවට ඔහුට අනුකම්පාව දැක්විය යුතුයි: මන්ද, ඔවුන් (ඔබ සිතන අනදමට) ඔය තරම්ම මෝඩයන් වී තිබෙන්නේ (ජීව විද්‍යාත්මක වෙනස්කම් හේතුවෙන් මිස) ඔවුන්ගේ වරදින් නොවෙයි.
මිතුරු සමාගමය
අපේ දේශපාලන දැක්ම අප විහින්ම ගොඩනගා ගන්නා දෙයක් නොවන බවට පැහැදිලි සාක්ෂි, අප නොදැනුවත්ව පලකරන ආකල්ප පිළිබඳ ( ඒ කියන්නේ දනුවත් බවට බාහිරව ක්‍රියාත්මක වරණයන් පිළිබඳ) මනෝවිද්‍යාත්මක පරීක්ෂණ මගින් සපයනු ලබනවා. වෙනස් දේශපාලන මත දරන්නන් අතරේ ඒ වගේම තම තමන්ගේ සමාජමය ලැදියාවන් ද වෙනස් බව ඒවා ආශ්‍රෙයන් හෙළි වී තිබෙනවා. සාමාන්‍යෙයන් ගතානුගතික මත දරන්නන් විසින් සමාජ තත්ත්වයෙන් උසස් සහ සුදු ජාතිකයන් සහ විෂම ලිංගිකයන් වැනි ප්‍රමුඛ පිරිස් ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වනු ලබනවා. ප්‍රගතිශීලීන්ට ලිංගික නැඹුරුවෙන් හා ජාතීන් වශයෙන් සුළුතරයක් වන පිරිස් ඇසුර පහසුයි. ඔවුන්ගේ ඒ නැඹුරුව ගතානුගතික මත දරන්නනගේ නැඹුරුව තරම් ප්‍රබල නැතත්, මතක තියාගත යුත්තක් තමයි ප්‍රගතිශීලීන්ට පවා අවිඤ්ඤානිකව සමාජීය වශයෙන් වැඩි බලයක් උසුලන පිරිස් එක්ක මුසුවෙන්න කැමැත්තක් දක්වන බව.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START ARGUING ABOUT POLITICS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.