හඳුනා නොගත් සත්වයන් ලොව සිටීද?

Posted by

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන,  සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

 

The Giant Spider Crab

 

හඳුනා නොගත් සත්වයන් ලොව සිටීද?

ARE THERE ANY UNDISCOVERED ANIMALS?

පිළිතුරු සපයනු ලබන්නේ ස්වභාව විද්‍යාඥ Sir David Attenborough විසිනි

ස්වභාව විද්‍යාඥ, 93 හැවිරිදි  Sir David Attenborough නූතන තථ්‍ය වාර්තාංගයේ පියා ලෙස  අවිවාදයෙන් සැලකෙනවා. කේන්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ස්වභාවික විද්‍යාවන් හැදෑරූ ඔහු බීබීසී ආයතනයේ නිශ්පාදකවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිත ආරම්භ කළා. එතැන් පටන් ගිය දීර්ඝ ගමනේදී හෙතෙම, සම්මානලාභී තථ්‍ය වාර්තාංග ගිණිය නොහකි තරමක් ලියා, නිශ්පාදනයකරමින් ද කථනයේ යෙදෙමින් ද විශිෂ්ඨ සේවාවාක් කර තිබෙනවා. ඔහු ජීවිත කාලයම කැප කර ඇත්තේ වනජීවීන් හුවා දක්වීමට හා සංරක්ෂණයටයි.

Related image

 

හඳුනා නොගත් සත්වයන් ලොව සිටීද?

මාතෘකාවෙන් අහන ප්‍රශ්නයට කෙළින්ම පිළිතුරක් දෙනවා නම් කියන්න තියෙන්නේ ඔව්. සිය ගණනක් ඉන්නවා කියලා තමයි. හඳුනා නොගත් සත්වයන් සංඛ්‍යාව ඇතැම්විට දහස් ගණනක් වෙන්නත් පුළුවන්. බාගදා ඊටත් වැඩිවෙන්න පුළුවනි. හරියටම කී දෙනෙක් ඉන්නවද කියන්න නම් කාටවත්ම බැහැ. මොකද තාම ඒ සතුන් සොයාගෙන නැති නිසා පමණක් නොවෙයි අහවල් ප්‍රමාණයක් ඉන්න ඕන කියලා අනුමානයක් කරලා හෝ තීන්දුවක් අරගෙන නැති නිසාත්ය.

ඔබ නිවර්තන වැසි වනාන්තරයක දිනයක් ගත කරමින්, සමනලයන් හසු කරගැනීමට යොදාගන්නා දැලක් භාවිත කරගෙන  යටිගොන්නේ පඳුරු අවට හෝ රුක් වියන් වල ඉහළම කොළ ආශ්‍රිතව කෘමීන් හසු කර ගතහොත් ඔබට නිසැකවම කෘමීන් සිය ගණනක් එකතු කර ගත හැකියි. එහිදී ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් කුරුමිණියන් විය හැකියි. ඒ කෘමීන් අතර විද්‍යාව විසින් හදුනා ගනු නොලැබූ එක් කෘමියෙක් හෝ සිටීද?

Image result for UNDISCOVERED INSECTS

ඔබට ඒ ප්‍රශ්නයට පිළිතුර නම් අහන්න වෙන්නේ  කෘමි විද්‍යාඥයෙක්ගෙන් තමයි. එතනින් බොහොමයක් එවැනි විද්‍යාඥයෙකුට ඍජුවම හදුනා ගත හැකි වනු ඇති. හැබැයි ඉතින් එම කෘමීන්ගෙන් කිහිපදෙනෙකුවත් ඉන්න පුළුවන් ඔහුවත් අන්දමන්ද කරවන්න සමත්වෙන.

ඔවුන් නව සත්ව විශේෂයන් වේද? විද්‍යාඥයා, තමන් සොයාගෙන ඇත්තේ නව කුරුමිණි විශේෂයක් කියලා හරියටම කියන්නේ කොහමද, නේ? එහෙම නිසැකව පිළිගැනීමට නම්, කෞතුකාගාර වල තිබෙන,  අනෙක් කුරුමිණියන් හෝ කෘමීන් ගැන සඳහන් වෙන  පොත්පත් වල පින්තුර සමග  සසඳමින්, පරීක්ෂණ කරමින් දීර්ඝ කාළයක් ගත කිරීමට සිදුවෙනවා නොඅනුමානයි. බාගදා  එහෙම සොයා ගෙන ඇත්තේ නව විශේෂයක් විය හැකියි. එහෙත් ඇත්ත වශයෙන්ම, මෙතෙක් හදුනා නොගත් කුරුමිණියෙක් සොයා ගැනීමට වඩා, මේ දුෂ්කර කාර්යය සිදු කිරීමට ඉදිරි පත්වෙන කුරුමිණි විද්‍යාඥයෙකු සොයා ගැනීම ඉතා අසීරු කාරණාවක් වනු ඇතැයි කියලයි මම සැක කරන්නේ.

ප්‍රමානයෙන් විශාල හඳුනා නොගත් සත්වයන් නිසැකවම දුර්ලභයි.  එවන්  සත්වයෙක් සොයා ගන්න කෙනෙකුට ඕනෑ කමක් තියෙනවා නම්  ඊට හොඳම ක්‍රමය තමයි පෘථිවියේ අඩුම වශයෙන් ගවේෂණය කර ඇති කොටස හෙවත් ඉතා ගැඹූරු මුහුද ගවේෂණය කිරීම. ඔබට එසේ ගැඹූරු මුහුදට යා හැකි එකම ක්‍රමය තමයි සබ්මැරීන් යන්ත්‍ර. එම යන්ත්‍ර ජලයේ දැවැන්ත පීඩනයට ඔරොත්තු දීමට අතිශයින්ම ශක්තිමත් විය යුතුයි. එසේම ගැඹූරු මුහුද දැඩි ලෙස අඳුරු බැවින් ඔබට අවශ්‍ය සොයාගැනීම් සිදු කිරීමට ප්‍රබල ආලෝකයකුත්  අවශ්‍ය වෙනවාමයි.

ඔබට සබ්මැරීනයේ සිට යමක් දැකගත හැකි වුවත්, එය හසුකරගෙන විස්තරාත්මක‍ව පරික්ෂා කළ නොහැකි නම්, එය නව විශේෂයක් බවට ඔබට සහතික විය නොහැකියි . එමෙන්ම ගැඹූරු මුහුද තුළ සතුන් අල්ලා ගැනීම ඉතාමත් විශේෂීකරණය වූ උපකරණ භාවිතයෙන් කළ යුතු සංකීර්ණ කාර්යයක්. නමුත් මට විශ්වාසයි  මීට පෙර කොයි කවුරුවත්  දැක නැති අපරූපීන්, භීමරූපීන්, රාක්ෂයන් ගැඹූරු මුහුද තුළ සිටින බව. සොයලම බලන්න ඕන ඉතින්.

ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ කියන කතාවෙන් අපට වැදගත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. දැනුම් තේරුම් තියෙන අය අපමණ කාලයක් තිස්සේ ගවේෂණ, පර්යේෂණ, සොයා බැලීම් කරලත් තවමත් සොය ගෙන නැති සතුන් ඉන්නවා කියන්නේ, වෙනත් ක්ෂේත්‍රවල වුණත් මිනිස් අපට සොයා බලා දැන ගත යුතු කරුණු කාරණා කොපමණ නම් තවමත් තිබේද කියන එකනේ. පොඩි කාලේ නම් අපට ඔය කුතුහලය තියෙනවා. එත් ලොකු මහත් වෙනකොට සමහරෙකුට හිතෙනවා අපි දැන් දනගන්න ඕන ඒවා දන්නවා නේ කියලා. ශ්‍රීමත් ඩේවිඩ් කියන විදිහටඅපි එහෙම එක තැනක නවතින්න නරකයි, නේද

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.