කකුළු කුසත් ප්ලාස්ටික්වලින් පිරෙයි

Posted by

කකුළු කුසත් ප්ලාස්ටික්වලින් පිරෙයි

ඉවත ලන ප්ලස්ටික්වල නවතම බිල්ල ලෙස වාර්තාවන්නේ කකුළුවන්ය. අපව පුදුමයට පත්කරවන සුළු ප්ලාස්ටික් ප්‍රමාණයක් එංගලන්තයේ සුප්‍රකට තේම්ස් නදියේ  ජීවත්වන කකුළුවන්  ගිල දමා ඇති අතර එම ප්ලාස්ටික් ශරීර ගත කකුළුවන් ආහාරයට ගන්නා විලෝපි සතුන් ඔස්සේ ආහාරදාමයට එක්වී අනෙකුත් සත්ව විශේෂ වෙත ද ඒවා යැවේ.

තේම්ස් නදිය සමීක්ෂණය කිරීමෙහි යෙදී සිටින එක්සත් රාජධානියේ පර්යේෂකයන් පිරිසක් විසින් Carcinus maenas (ගංතෙර කකුළුවන්) 55දෙනෙකු සහ Eriocheir sinensis  (පහත චිත්‍රය බලන්න) කකුළුවන් 57දෙනෙකු ගැන සොයා බලන ලද අතර එහිදී ඔවුනට පෙනී ගියේ ඒ හැම සතාගේම වාගේ උදරවල, අතුණු (බඩවැල්) හෝ කරමලයෙහි ප්ලාස්ටික් තිබෙන බවයි. ඒවා කොපමණ නම් එකට වෙළී, මෙම කකුළුවන්ගේ ආමශයික ‘මෝල’ තුළ පැටලී තිබුණේ ද කිවහොත් එය සම්පූර්ණනේම ප්ලාස්ටික්වලින් පිරී තිබුණි.

“ඇත්තටම වඩාත් සිත් සසලවන කාරණය වන්නේ ඒවායින් ආමාශය සම්පූර්ණනේම පිරී යාම පමණක් නොව ඒවා එක් සතෙකුගේ උදරයේ තන්තු 100කට වැඩි ආකාරයකට සෑදී තිබීමයි. ඒ කියන්නේ මොවුන් තදින්ම අපවිත්‍රකරණයට ලක්ව ඇත යන්නය” යි ලන්ඩනයේ ස්වාභාවික  ඉතිහාස කෞතුකාගාරයේ ඇලෙක්සැන්ඩ්‍රා මැක්ගොරාන් ඔක්තෝබර් මුල නිව් සයන්ටිස්ට්(New Scientist) සජීවී වැඩසටහනකදී කියා සිටියාය. මෙයින් එක කකුළුවෙකුගේ තිබූ ප්ලාස්ටික් කොටු රටාව මානව ප්‍රදර්ශනය වන කැබැල්ලක් සොයා ගැනීමට ඇයට හැකි වූ අතර එම කැබැල්ල සනීපාරක්ෂක පෑඩ් කොටසකි. ප්ලාස්ටික් කැබැල්ල කොයිබින් පැමිණියේදැයි ඇයට සොයා ගත හැකි වූයේ එම කොටු රටාව නිසයි.

තේම්ස් නදියේ මාළුන් ගෙන් බොහොමයක් ද ප්ලාස්ටික් කා දමන බවක්  පෙනී ගිය ද ඒවා ඔවුන්ගේ පද්ධතිය තුළින් ඉක්මනින් පහව යයි. එහෙත් කකුළුවන්කේ ශරීර තුළ මේ ද්‍රව්‍ය රැඳී  තිබෙන බව පෙනෙයි. පර්යේෂකයන්ට පෙනී ගියේ ප්ලාස්ටික් කකුළුවන්ගේ ශරීර තුළ ගබඩා වෙන බවයි. “සැලකිය යුතු කාලයක් තුළ,  ඒවා සැලකිය යුතු ප්‍රමාණයක් රැඳී තිබෙන බව පෙනී යනවා. මේ කකුළුවන් විලෝපනයට ලක්වේද යන්න (විලෝපියන්ගේ ගොදුරු බවට පත්වේද) යන්න අප හරිහැටි දන්නේ නැහැ. ඒක එහෙම නම් ප්ලාස්ටික් විශාල මාත්‍රාවන්ගෙන් අනෙකුත් සතුන්ටත් බෙදා හැරෙනවා” මැක්ගෝරන් වැඩි දුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් මත්ස්‍යයන් සමහරක් කුඩා වයසේ  කකුළුවන් ආහාරයට ගන්නා බව ඇයට සොයා ගැනිමට හැකි වී තිබේ. ඉතින් වැඩිහිටි කකුළුවන් මෙන්ම මෙම ළමා කකුළුවන් ද ප්ලාස්ටික් අපවිත්‍රකරණයට  ලක්වී ඇත්නම් එම මත්ස්‍යයන්ද ප්ලාස්ටික් බොහොමයක් ආහාරයට ගන්නා බව පෙනී යයි.

තේම්ස් නදියේ කුකුළුවන් කී දෙනෙක් ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා මරණයට පත්වූයේ දැයි කීම  උගහට යයි මැක්ගෝරන් කියයි. කෙසේ වෙතත් අධ්‍යයන පෙන්නුම් කරන්නේ මේ සතුන් මත අපවිත්‍රකරණය  ඍණාත්මක බලපෑමක් ඇති කරන බවයි. (කුස ප්ලාස්ටික්වලින් පිරී තිබෙන නිසා)ආහාර ගැනීම අඩුවී යාමෙන් වර්ධනය මොට වීම එක බලපෑමකි.

කකුළුවන් හා සැසදීමේදී තේම්ස් නදියේ ඉස්සන් වෙත බලපෑමක් ඇති වී නැතිසෙයකි. පරීක්ෂාවට ලක්වූ දුඹුරු ඉස්සන් 100 ක් අතුරෙන් සිය ජීරණ පද්ධතිය තුළ ප්ලාස්ටික් තිබුණේ හය දෙනෙකුගේ පමණි.

 

New Scientist (2019 – 10 – 19) සඟරාවෙහි පළ වී ඇති Crabs found with stomachs full of discarded plastic යන පුවත් ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.