ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
ආදීරසායනය(රසවිද්‍යාව), විද්‍යාවක් බවට හැරුණේ කවදාද?
(ඊයේ ලිපිය හා සම්බන්ධයි)
මෙන්ඩලීෆ්ගේ යුගයේදී මූලද්‍රව්‍ය 63ක් හඳුනාගෙන තිබුණා. ඔහුගේ උත්සහය වුණේ ඒවා පරමාණුක ස්කන්ධය අනුව පෙළගස්වා ඒවායේ ලක්ෂණ වෙනස් වෙන රටාවල් හඳුනාගන්නයි. උදාහරණයක් කිව්වොත් පළමුවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය හැම එකක්ම මෘදු ලෝහ. ඒවා ජලය සමග සීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරනවා. හත්වන කාණ්ඩයට අයත් වන ෆ්ලෝරීන්, ක්ලෝරීන් සහ බ්‍රෝමීන් කියන වායු තුනම පවතින්නේ පරමාණු දෙකක් බද්ධ වීමෙන් සෑදුනු අණු හැටියටයි. රටාවක් දකින්නට ලැබෙන්නේ එතනදී විතරක්ම නෙවෙයි. පරමාණුක ස්කන්ධය වැඩි වෙනකොට හැම කාණ්ඩයකටම අයත් මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියතාව(reactivity) වෙනස් වුණා. පළවෙනි කාණ්ඩයේදී පරමාණුක ස්කන්ධයේ වැඩි වීමත් සමග මූලද්‍රව්‍යවල ප්‍රතික්‍රියතාව වැඩි වුණත් හත්වන කාණ්ඩයේදී එය සිදුවුණේ ඊට විරුද්ධ දිශාවටයි.
ආවර්තිතා වගුව රසායන විදයාවේ එක්තැන්කිරීමේ සිද්ධාන්තයක්. එහි කාර්යභාරය හුදෙක් නිරීක්ෂණ පැහැදිලි කිරීමෙන් ඔබ්බට ගිහින් විද්‍යාත්මක අනාවැකි ඉදිරිපත් කරන්නත් දායක වුණා. ගැලපෙන ලක්ෂණ පෙන්නුම් කරන මූලද්‍රව්‍යක් නැතිනම් හිස් තැනක් තියන්නත්, තැනට සුදුසු මූලද්‍රව්‍යය නොබෝ කලකින්ම සොයාගැනෙණු ඇති බව ප්‍රකාශ කරන්නත් මින්ජිලීෆ්zz පසුබට වුණේ නැහැ. උදාහරණයක් දක්වනවා නම් ආවර්තිතා වගුවේ සිලිකන් මූලද්‍රව්‍යයට පහළින් හිස් තැනක් තිබුණා. මින්ජිලීෆ් එය හැඳිවන්වුවේ “ඒක-සිලිකන්” (‘eka-silicon’) නමින්. අවුරුදු 15කට පස්සේ ජර්මානු රසායන විද්‍යාඥ ක්ලේමන්ස් වින්ක්ලර් එය සොයාගන්න සමත්වුණා. ඔහු එය හැඳින්වුවේ “ජර්මේනියම්” (germanium) නමින්.
නූතන රසවිද්‍යාව
එයින් වැඩි කලක් ගතවන්නට මත්තෙන් මේ රටා ඇතිවීමට බලපාපු හේතුව අණාවරණය වුණා. ඒ තමයි ඉලෙක්ට්‍රෝනය. මේ අංශුව සොයාගත්තේ 1896දී වුණත් හාන්ස් ගයිගර් -අර්න්ස්ට් මාස්ඩන් යුවල ඊට අදාල වැදගත් පරීක්ෂණ ආරම්භ කළේ ඊට දශකයකටත් පස්සේ. ඔවුන් තුනී රන් පුවරුවකට හීලියම් න්‍යෂ්ටි ධාරාවක් එල්ල කළා. නොසිතූ විදියට ඒවායින් බහුතරයක් ගමන් මාර්ගය වෙනස් නොකරම රන් පුවරුව හරහා ගමන් කළ නිසා ඔවුන් රත්‍රන් අණුවකින් වැඩි පරිමාවක් හිස් අවකාශය බවට නිගමනයකට එළඹුණා. ඔවුන් ඊට දුන් පැහැදිලි කිරීම වුණේ ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටිය අවට විශාල හිස් අවකාශයක් ඉතිරි කරමින් භ්‍රමණය වෙන බවයි. එය නිවැරදි බව පසුකාලීනව ඔප්පු වුණා.
ඉලෙක්ට්‍රෝනවල ගමන් මාර්ගය මූලද්‍රව්‍යයක භෞතික සහ රසායනික ලක්ෂණ පැහැදිලි කරනවා. උදාහරණයක් කියනවා නම් ප්‍රතික්‍රියතාව තීන්දු වෙන්නේ මූලද්‍රව්‍යක් ඉලෙක්ට්‍රෝනයක් පිටතින් ලබාගැනීමට හෝ පිටතට බැහැර කිරීමට දක්වන නැඹුරුව මතයි.
ඒත් ඉලෙක්ට්‍රෝනය යම් ආකාරයක දෙපැත්ත කැපෙන කඩුවකට සමානයි. රසායන විද්‍යාඥයන් එහි ලක්ෂණ හඳුනාගන්න දරන උත්සහයත්, එය විධිමත් පැහැදිලි කිරීම්වලට දක්වපු දායකත්වයත් එහි එක පැතිකඩක් විතරයි. ඉලෙක්ට්‍රෝන ඇත්තෙන්ම අද්භූත ලක්ෂණ පලකරන කොන්ටම් වස්තු විශේෂයක්: ඒවාට එකවර දෙතැනක ඉන්නත්, “උමං” හරහා අභ්‍යාවකාශය තරණය කරන්නත් ඔවුන්ට හැකියාව පවතිනවා.
කොන්ටම් විප්ලවයේ ව්‍යාප්තියෙන් විද්‍යාඥයන් විස්තරාත්මකව පරමාණුක න්‍යෂ්ටිය ගැන හදාරන්න පෙළඹුණා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් මූලද්‍රව්‍යයක් තවත් මූලද්‍රව්‍යයකට තත්ත්වාන්තරණය(transmute) හෙවත් හැරවීමේ හැකියාව හඳුනාගැනීම ඔවුන්ගේ සොයාගැනීම් අතර සුවිශේෂී සොයාගැනීමක්- එය රසායන විද්‍යාවේ මූලධර්ම අභියෝගයට ලක් කළ බවයි පෙනුණේ. කවුරුවත් රස විද්‍යායාව ගැන සඳහන් නොකරන්න වගබලාගත්තත්, 1951දී බිස්මත් (bismuth) රත්‍රන්වලට හරවන්න රසායන විද්‍යාඥ ග්ලෙන් සීබර්ග් සමත් වුණා.
නිව්ටන්ගේ මැජික්
මධ්‍යතන යුරෝපයේ රසවිද්‍යාඥයන් අතර හිටියේ ගුප්ත, ගූඪවාදීන් විතරක් නොවෙයි: වැදගත් ප්‍රාඥයන් පවා ඒ අතර හිටියා. අයිසැක් නිව්ටන් ඒ අතරින් වැඩිපුරම ගෞරවයට පාත්‍ර වෙච්ච ප්‍රාඥයෙක්. 1680 ගණන් වලදී ඔහු රසවිද්‍යාත්මක යෙදුම්වල අර්ථය පැහැදිලි කරන Index Chemicus නම් ශබ්ද කෝෂයක් සකස්කළා.
අපි ශ්‍රේෂ්ට විද්‍යාඥයෙක් හැටියට සලකන පුද්ගලයෙක් මේ මනස්ගාත ගැන උනන්දු වුණා කියලා අදහන්නත් අමාරුයි. නමුත් ඒ යුගයේ විද්‍යාවත්, ඉන්ද්‍රජාලික විද්‍යාවත් අතර පැහැදිලි වෙනසක් තිබුනේ නැහැ. නමුත් 1727දී නිවිටන් මියයද්දී රස විදයාව සැලකුණේ ගුප්ත විද්‍යාවක් හැටියටයි. නිව්ටන් රස විද්‍යාව ගැන එතෙක් පල නොවූ ලියකියවිලි ගණනාවක් ඉතිරි කර ගොස් තිබුණා. නමුත් ඔහුගේ මරණයෙන් පසු ඒවා අධ්‍යයනය කරපු විද්‍යාඥයන්ගේ රාජකීය සංගමයේ සාමාජික තෝමස් පෙලට් ඒවා සියල්ල යටපත් කළේ “ප්‍රකාශනයට නුසුදුසුයි” කියන ලේබලය යොදාගනිමින්
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID ALCHEMY BECOME SCIENCE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.