සැමට විදු නැන නුවණ – Science Literacy for All

අන්තර්ජාලය තියෙන්නේ කුමකට ද?

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන,  සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

අදාළ රූපය

අන්තර්ජාලය තියෙන්නේ  කුමකට ද?

WHAT IS THE INTERNET FOR?

පිළිතුරු සපයනු ලබන්නේ Clay Shirky විසිනි

1964 දී උපත ලැබූ Clay Shirky ඇමරිකානු ලේඛකයෙකු, උපදේශකයෙකු මෙන්ම අන්තර්ජාල තාක්ෂණයන්ගේ සහ පුවත්පත්කලාවේ සමාජ හා ආර්ථික බලපැම් ගැන උගැන්වීම් සිදු කරන ගුරුවරයෙකු ද වෙනවා. අන්තර්ජාලය සංස්කෘතිය හැඩගැස්වීමට බලපාන ආකාරය මෙන්ම එහි අනික් පැත්ත එනම්, සංස්කෘතිය අන්තර්ජාලය කෙරෙහි බලපාන අන්දම ගැන ද අධ්‍යනයෙහි යෙදෙන්නට ඔහු උනන්දුවෙනවා. Here Comes Everybody නම් සුප්‍රකට ග්‍රන්ථය ඇතුලු පොත් කිහිපයකම කතුවරයා වන ඔහු මාර්ගගත සහයෝගීතා ක්‍රියාකාරකම් දිරිගන්වන්නෙක් ද වේ.

අන්තර්ජාලය තියෙන්නේ  කුමකට ද?

අන්තර්ජාලය තියෙන්නේ තනිකරම පරිගණක වලට, එකිනෙක සමග සන්නිවේදනය කිරීමටයි. (ජංගම දුරකථනද මීට අයත්. මොකද, ජංගම දුර කතනයක් කියන්නේත් අපට අපේ සක්කුවේ දගෙන යන්න පුළුවන් කුඩා පරිගණකයක් නෙ)  අපි අන්තර්ජාලය තුළ සිදු කරන පරිගණක ක්‍රීඩා, පින්තූර හුවමාරු කර ගැනිම්, මිතුරන් සමග කතා කිරීම මේ ආදී සෑම ක්‍රියාවක් සදහාම එකිනෙකට සම්බන්ධිත පරිගණක භාවිතා කරනවා.

 

 

මේ ආකාරයෙන් පරිගණක එකිනෙක සම්බන්ධ කළ හැකි හොඳ ක්‍රමයක් තිබීම නිසා මිනිසුන්ට අවශ්‍ය සෑම දෙයක්ම කිරීමට ඉන් ඉඩ සැලසී තිබෙනවා. මෙය, මීට පෙර අපි යමක් නැරඹීමට, යමකට සවන් දීමට, එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට යොදාගත් ක්‍රම වලට වඩා වෙනස් තත්ත්වයක්. රූපවාහිනිය යමක් නැරඹීමට යෝග්‍ය වුණත් එයින් පුද්ගලයන්ට එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට නොහැකියි. ඒ වගෙම වෙනත් රටවල වීඩියෝ බලන්න රූපවාහිනිය යෝග්‍යවුණේ නැහැ. පරණ තාලයේ දුරකථන එකිනෙකා සමග සන්නිවේදනය කරන්නට යෝග්‍ය වුණත්, දහ දෙනෙක්ට පමණ එකවර සම්බන්ධවෙලා  පරිගණක ක්‍රීඩාවක නිරත වෙන්නට හෝ අවශ්‍ය වචන බැලීමට නම් පරණ තාලයේ දුරකථන ගැලපුණේ නැහැ. අන්තර්ජාලය පිළිබඳ ඇති වැදගත්කම තමයි ඒ මගින් මේ සියලු කාර්යන් තනි පරිගණකයකින් කරන්න හැකියාව ලබාදීම.

අදාළ රූපය

අන්තර්ජාලය පිළිබඳ මේ සියල්ලටම වඩා හොඳම දේ තමයි මිනිසුන් සැම විටම අන්තර්ජාලය මගින් කල හැකි නව දේවල් දිනෙන් දින නිර්මාණය කිරීම. මම අන්තර්ජාලය භාවිතා කිරීමට පටන් ගන්න විට Minecraft, Club Penguin ක්‍රීඩා එහෙම කිසිවක් තිබුණේ නැහැ. ‍ Facebook තිබුණෙත් නැහැ. YouTube හෝ Wikipedia ගැන අහලාවත් තිබුණේ නැහැ. වෙබ් අඩවි පවා ඒ කාලයේ පැවැතියේ නැහැ. අන්තර්ජාලය තුළ ඒ අවධියේ  තිබුණේ වචනම පමණයි. පින්තුර හෝ ශබ්ද පවා පැවැතියේ නැහැ.

මේ සියලු දේවල් පසුගිය වසර 20 කට ම්දක් වැඩි කාලය තුළ අළුතෙන් නිර්මානය වෙලා තියෙනවා. ඒ, පරිගණක මගින් අලුත් දේවල් කිරීමට හැකියයි කල්පනා කළ පුද්ගලයන් අතින්.  TimBL ලෙසින් ද හඳුන්වනු ලබන (දැන් ශ්‍රීමත්) Timothy John Berners-Lee නමැති පුද්ගලයාට සබැඳි(links) මගින් එකිනෙකට සම්බන්ධ වෙබ් අඩවි නිර්මාණය කිරිමේ අදහසක් පැවැති අතර ඔහු අන්තර්ජාලය ප්‍රයෝජනයට ගෙන ඒ මගින් එය නිර්මාණය කළා. (අන්තර්ජාලයේ අඛන්ඩ සංවර්ධනය ගැන සොයා බලන World Wide Web Consortium හී අධ්‍යක්ෂවරයා ශ්‍රීමත් තිමති ජෝන් බෙර්නස්-ලී ය).  මේ ආකාරයේ නිමැයුම් හේතුවෙන් අද අන්තර්ජාලය අමුතුම තැනක් බවට පත්වෙලා.

මීළඟ වසර 20 තුළ අන්තර්ජාලය මගින් කළ හැකි මීටත් වඩා ඇදහිය නොහැකි නව නිර්මාණ බිහි වනු ඇති. සමහර විට ඔබටත් පරිගණක මගින් කිරීමට අවශ්‍ය වෙනස්ම දෙයක් පිළිබඳව අදහසක් ඇති. ඒ අදහස මගින් ඔබටත් අන්තර්ජාලය තුළ යමක් නිර්මාණය  කළ හැකියි කියලා මට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන්.

ඔබට සුබ පැතුම්!

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: