බුද්ධිය: අප එන්ට එන්ටම බුද්ධිමත් වෙනවාද?

Posted by

අප එන්ට එන්ටම බුද්ධිමත් වෙනවාද?

ඩෙන්මාර්කයේ වයස අවුරුදු 18 සපිරෙන සෑම මිනිසෙක්ම මිලිටරි සේවාව ඉටුකිරීමට බැඳි සිටියි. වර්තමාන කාලය වන විට අනිවාර්ය හමුදා සේවයට බඳවා ගනු ලබන්නේ සුළු පිරිසක්(දහස් ගණනක්) වුවද (බඳවා ගනු ලබන) සියල්ලෝම ඇගැයීමට ලක් විය යුතුය. ඔවුන්ගේ බුද්ධිඵලය (IQ) මැනීම ද මෙම ඇගැයීමට අයත් වේ. සෑම වසරකමදීම තරුණයන් 30,000ක් පමණ පරීක්ෂාවට ලක්වේ. මේ මෑතක් වන තුරුම භාවිතයට ගැනෙනුයේ 1950 ගණන්වල සිට යොදා ගත්  පරීක්ෂණයමයි. එකී දශකවල බුද්ධිඵල දත්ත පරීක්ෂාවට ලක් කරන විට පැහැදිලි රටාවක් නැතිනම්  ප්‍රවණතාවක් ඉස්මතු වේ. සෑම වසරක් පාසාම සාමාන්‍ය බුද්ධි ඵලය ඉහළ අතට ගමන් කළේ දශකයකට අතිරේක ලක්ෂ්‍ය තුනක් පමණ වන අයුරිනි. මෙය එතරම් ලොකු ප්‍රමාණයක් මෙන් පෙනී නොයාමට පුළුවන. එහෙත් වසරක් පාසා වන මේ වැඩිවීමේ සමුච්චිත (cumulative = ඒකරාශී වූ) එකතුව කෙතරම් ද යත් 1950 ගණන්වල සාමාන්‍ය බුද්ධිඵල ලකුණු ප්‍රමාණය වශයෙන් පැවති ප්‍රමාණය අද (ඩෙන්මාකයේ) කෙනෙකුව මිලිටරි සේවාවට බඳවා ගැනීමට නුසුදුසු මට්ටමක් සේ සැලකේ.

දිගින් දිගටම IQ ලකුණු ඉහළ යාමේ මෙකී සංසිද්ධිය තවත් බොහෝ රටවලින් නිරීක්ෂණය වී ඇත. දැනට අඩු තරමින් ශත වර්ෂයකවත් කාලය තුළ සෑම පරපුරක් ම ඊට පෙර පරපුරට වඩා  මද වශයෙන් එහෙත් මිනිය හැකි මට්ටමින් වඩාත් බුද්ධිමත් විය. මෙහි ප්‍රතිඵලයක් හැටියට සෑම දශකයටම වරක් වාගේ IQ පරීක්ෂණ වාර්තා නැවත ප්‍රමතකරණය කිරීමට සිදු විය. ඒ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 100 ලෙස පවත්වාගෙන යාම සහතික කරනු පිණිසය.

flynn effect සඳහා පින්තුර ප්‍රතිඵල

IQ පරීක්ෂණ ලකුණුවල මෙකී අනවරත නැගීම ‘ෆීල්න් ආවරණය'(‘Flynn effect’) ලෙස හැඳින්වෙන්නේ ඒ ගැන මුලින්ම කරුණු ලේඛන ගත කළ නවසීලන්තයේ ඔටාගෝ විශ්වවිද්‍යාලයේ ජේම්ස් ෆ්ලින්ගේ(James Flynn) නමිනි. ආචරණය සැබෑවක් බවට ප්‍රශ්නයක් නැත. එමෙන්ම අඩුතරමින් IQ පරීක්ෂන මගින් මනින විට දැක්වෙන අන්දමටවත් බුද්ධිය ඉහළ ගොස් ඇති බවද සත්‍යයකි. නිදසුනක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් 1932 සිට 1978 දක්වා සාමාන්‍ය බුද්ධි ඵලය ස්ථාන 3කින් නැංගේය. සෑම දශකයක්ම තුළ ලෝකයේ සෑම තැනකම මනෝවිද්‍යාඥයන් මේ ගැන විපරම් කර ඇති අතර ඔවුනට පෙනී ගොස් ඇත්තේ ද එම තත්ත්වයමය. එසේනම් ලොව පුරා IQ ලකුණු ඉහළ යමින් පවතින්නේ ඇයි?

ඔහුට ගෞරවයක් ලෙස නම් කර ඇති ආචරණය (බලපෑම) අර්ථවත් එකක් බවට ෆ්ලින්ට විශ්වාසය. එහෙත් අප සියල්ලෝම සුධීමතුන් බවට (geniuses) පත්වෙමින් සිටින්නේය හෝ අපේ මුතුන්මිත්තන් ඔලමොට්ටලයින්ව සිටි බවත් ඔහු අදහන්නේ නැත. සිදුවීමට වඩාත් ඉඩ ඇති දෙය වන්නේ IQ පරීක්ෂණවල එන වියුක්ත ගැටලු විසඳීමෙහිලා අප වඩාත් දක්ෂයන් බවට පත් කරන කුසලනා සහ බුද්ධිමත් හැසිරීම අප නිරායාසයෙන් වර්ධනය කරගෙන තිබීම විය හැකියි. එය, තාක්ෂණයෙන් පරීපූර්ණ වූ අපේ සංස්කෘතියෙහි සහ සෑම තැනකම, අතොරක් නැතිව දැකිය හැකි පරිගණක, ජංගම උපකරණ වීඩියෝ ක්‍රීඩා ආදියෙහි ඵලයක් විය හැකියි. එය එසේ නම් ෆ්ලින් ආචරණය කියන්නේ ඇතැම් විශේෂිත සංජානමය කුසලතාව දැඩි වර්ධනයකට වඩා බුද්ධියෙහි සාමාන්‍ය වැඩිවීමක් විය හැකියි. IQ පරික්ෂණයක් උප පරීක්ෂණ (subtests) පෙළකින් සමන්විතය. රේකී යන පරිදි සමහර පරීක්ෂණවල ලකුණු බෙහෙවින් ඉහළ ගොස් ඇත. මේවා අතරට අවකාශමය සබඳතා පිළිබඳ දෘෂ්ටිමය සංජානන කුසලතා (visuospatial skills) සහ පොදු වස්තූන් අතරේ සමානතා හඳුනාගැනීමේ හැකියාවද ඇතුළත් වේ. අනෙක් අතට වාංමාලාව සහ අංක ගණිතමය හැකියාවන් වැනි අනෙක් ඒවායේ ලකුණු කොහෙත්ම ඉහළ ගොස් නැත.

අදාළ රූපය

මොට වූ හැකියාවන්

ෆ්ලින් ආචරණය සඳහා දායකවන තවත් සාධකයක් විය හැක්කේ අයහපත් සෞඛ්‍ය සහ අයහපත් පරිසරයන් යන සාධක තවදුරටත් ජනතාවගේ ප්‍රගමණය ආපස්සට හරවන කාරණා වශයෙන් නොපැවතීමය. ජීවිතයේ ආරම්භක සමයේ ඇති වන බාධා ශාරීරික වර්ධනය අඩාල කරන බව හොඳින් දන්නා කරුණකි. බුද්ධිය සම්බන්ධයෙන් ද මේ ආකාරම දෙයක් සිදුවිය හැකිය. මෙයට නිදසුනක් නෙදර්ලන්තයෙන් හමුවේ. එ රට 1940 ගණන්වල පැවති සාගතයට මුහුණ දුන් මව්වරුන්ගේ ළමුන්ට ඇත්තේ අඩු වූ සංජානන ක්‍රියාකාරිත්වයකි. තවද ජීවිතයේ මුල් කාලයේ ඌණ පෝෂණය ද අඩු බුද්ධිඵලයකට මග පාදන බවක්  පෙනී යයි. සමාජ තත්ත්වයන් යහපත් අතට හැරෙන හැම තැනකදීම වාගේ ෆ්ලින් ආචරණය ක්‍රියාත්මක වෙයි. නිදසුනක් ලෙස යුද්ධයෙන් පසු ජපානයේ සෑම දශකයක් පාසාම බුද්ධි ඵලය ලක්ෂ්‍ය 7.7කින් වැඩි විය. සීග්‍රයෙන් කාර්මිකරණයට ලක්වූ දකුණු කොරියාවේ දශක දෙකකට පසු  ඒ හා සමාන අනුපාතයකින් බුද්ධිඵලය ඉහළ නගින්නට පටන් ගන්තේය. පෝෂණ තත්ත්වය වැඩිදියුණු වීම යහපත් අධ්‍යාපනය සහ වඩාත් ප්‍රබෝධජනක ළමා කාලයක් හේතුවෙන් ලොව රටවල ජනතාව බොහෝ දෙනෙකු වඩාත් බුද්ධිමත්  වී ඇත. මේ එක්කම,  බෝවන රෝග සමග සටන් වැදීමට වැඩි සම්පත් යෙදවීම පිණිස අපගේ ප්‍රතිශක්ති පද්ධතියට ඇතිවන අවශ්‍යතාව වඩා යහපත් මහජන සෞඛ්‍ය පියවර මගින් අඩුවනු ලබන හෙයින් සංවර්ධනය සඳහා එම සම්පත් එක් කිරීමට අපට හැකියාව ලැබේ. වඩාත් විශාල, වඩාත් දක්ෂ මොළ මෙහි එක් ප්‍රතිඵලයක් විය හැකියි. එපමණක්  නොව වඩ වඩාත් ජනයා සිය පදිංව් ප්‍රදේශවලින්  බැහරට යෑමෙන් සහ එසේ ගිය පසු බැහැරින්ම ආවාහවිවාහ කරගැනීම හේතුවෙන් දෙමුහුම්කරණය හරහා ජනතාවන්ට ජානමය වශයෙන් වාසි අත්වන්නට ඇත. සමාභිජනනය (Inbreeding) බුද්ධිය පහත හෙළතැයි පැවසෙන අතර බාහිර අභිජනනය මගින් එය ඉහළ නැංවය හැකිය.

යහ පෝෂණය, යහපත් මහජන සෞඛ්‍යය, හොඳ අධ්‍යාපනය යන් මේ සියල්ල බුද්ධ ඵලය ඉහළ නැංවීමට මගපාදන්නේ නම් එහි විශේෂ වාසිය දැනිය යුත්තේ පරාසයේ පහළ අන්තයේ සිටින එවැනි පහසුකම් නොලබා හෝ අඩුවෙන් ලබමින්  ජීවත් වූ ජනතාවගේ ළමුන් අතරේ විය යුතුය. ඇත්තටම පරීක්ෂකයන් සාමාන්‍යෙයන් දකින්නේ එම තත්ත්වයයි. නිදසුනක්: ඩෙන්මාර්ක්යේ වඩාත්ම බුද්ධිමත් පුද්ගලයන්ගේ IQ පරීක්ෂණවල ලකුණු තත්ත්වයෙහි වෙනසක් ඇති නොවන තරම්ය. (බුද්ධි මට්ටමෙන්) ඉහළම ජනතාවෙන් 10% ය අතරේ සිටීමට අවශ්‍ය ලකුණු ප්‍රමාණය තවමත් 1950 ගණන්වලට කිට්ටුය. වැඩිවීම සිදුවුනේ පහළ අන්තයෙහියි.

සුලස්වීයාම(ක්‍රමයෙන් හීන වී යාම)

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ ෆ්ලින් ආචරණය අවසන් නොවී දිගින් දිගටම ඉදිරියාවී ද යන්නයි. අවාසනාවකට මෙන් පිළිතුරු නැත යන්නය. ඇත්තටම එය දැනටමත් නතර වී ඇති බවට සාක්ෂි ඇත. ඩෙන්මාර්කයේ බුද්ධි ඵල වර්ධනය සීඝ්‍රෙයන් සිදුවූයේ 1950 ගණන්වල සිට 1980 ගණන්වන තුරුය. එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු තවත් සංවර්ධිත රටවල් කිහිපයක ද  මේ ආකාරකයේ යමක් සිදුවෙමින් පවතින බව පෙනේ.

ඉතින් මේ ධනාත්මක ප්‍රවණතාව අවසානය කරා ළඟාවෙමින්  පවතින බවක් පෙන්නේ ඇයි?  සමහර විට එය අපේක්ෂා කළ යුත්තක් වෙන්නැති. ෆ්ලින් ආචරණය කියන්නේ සාමාජිය වර්ධනයේ ප්‍රතිඵලයක් නම් හොඳ අධ්‍යාපනය, යහ පෝෂණය, ආදිය  සාමාන්‍ය තත්ත්වය බවට පත්වුණහම ඒවායේ බුද්ධිය ඉහළ නංවන ගුණය ක්‍රමයෙන් හීන වී හෙවත් සුලස් වී යා යුතුය.  තම නමින් ඇති ආචරණය ක්‍රමයෙන් හීනව යන බව දැන් කලක සිටම ෆ්ලින්ට කියමින් සිටියි. මේ ආකාරයටම උස යාමද ක්‍රමයෙන් සුලස් වී යමින් පවතී.

කෙසේ වෙතත් IQ පරීක්ෂණ ලකුණු  සම මට්ටමකම දිගටම  පවතිනවා නොව ඇත්තටම ඒවා ආපස්නට යමින් සිටින බවක් පෙනේ. 2004 දී නෝර්වේ රටේ  සුළු පහත වැටීමක් දක්නට ලැබිණ. එතැන් පටන් ඕස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, එක්සත් රාජධානිය, ස්විඩීනය, නෙදර්ලන්තය, සහ ෆින්ලන්තය යන රටවලද එවැන්නක් දැකගත හැකි විය. මේ සිද්ධවෙන්නේ කුමක්ද?

පහත වැටිම අහඹුවක් හෝ ආදායම් පහළ යාම වැනි හේතු නිසා ඇතිවන සමාජ පසුබෑමක් ප්‍රතිඵලයක් විය හැකිය. එය ධනාත්මක වර්ධනයක් නොවූවත් ආපස්සට හැරවිය හැකි දෙයකි. සිදුවිය හැකි තවත් දෙයක් වන්නේ මානවයන් අඩු බුද්ධිමතුන් බවට පත්වීමයි. නූතන වෛද්‍ය විද්‍යා සහ තාක්ෂණ සංවර්ධනයන් නිසා තවදුරටත් අපේ මොළ ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමේ පරිණාමීය පීඩනය අඩුවෙමින් පවතී. ප්ලින් ආචරණය හුදෙක් අපගේ පහළ වැටීම පමා කළා පමණක් විය හැකිය. එහෙත් ඉතින් හොඳ පැත්ත දෙස බලමු: මේ මිහිතලය මත මෙතෙක් දිවි ගෙවූ බුද්ධිමත්ම මානවයන් බවට අපි අද පත්ව සිටින්නෙමු.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   INTELLIGENCE නම් වන තුන්වැනි පරිච්ඡේදයෙහි  Are we getting more intelligent? යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.