සහරා කාන්තාරයේ උප්පත්තිය

Posted by

සහරා කාන්තාරයේ උප්පත්තිය

සහරාවේ උපත පිළිබඳ රහස්, අහල පහළ දූපත් තුළ සැඟ ව ඇතැයි පර්යේෂකයෝ කියති

සහරාව කියන්නේ ලොව විශාලතම උපනිවර්තන කාන්තාරයයි. වඩාත්ම ජනප්‍රවාදගත මෙම කාන්තාරය ලොව කොතැනක වුවත් වාසය කරන්නන් අතර වඩාත් ප්‍රකට කාන්තාරයයි. ඒවා එසේ වුණේ නමුත් සහරාව පිළිබඳ දැනුම බෙහෙවින් සීමිතවීම ඇත්තටම පුදුම සහගතය. එය බිහි වූ කාලය පිළිබඳ තක්සේරු පවා එකිනෙකින් බොහෝ පුළුල් ආකාරයකින් වෙනස් වේ. ඔව්, වසර මිලියන 5 කට පෙර සිට හුදු වසර දහස් ගණනකට පෙර යනුවෙන් ඒ විවිධත්වය ගැන මත පුළුල් පරාසයක් ගනී.  කෙසේ වෙතත් සහරාවේ වයස දැන්  වඩාත් නිශ්චිතව කීමට හැකියාව ලැබී තිබේ. ඒ, එය සෑදුණේ වසර මිලියන 5 කට ආසන්න කාලයකට පෙර යන්නයි. මෙම නිගමනයට එළඹීමට මග පෑදී ඇත්තේ අසල්වැසි කැනරි දූපත් වල ඇති, සුළං මගින් ගසාගෙන ගිය සහරා කතරේ දූවිලි භූ විද්‍යාඥයන් විසින් පරික්ෂා කරනු ලැබීමෙනි.

සහරාවේ ප්‍රභවය සහ නියම වයස පිළිබඳ අවිනිශ්චිතතාවට එක් හේතුවක් වන්නේ එය පරික්ෂා කිරීම පිණිස පර්යේෂකයන් එක් එක් ආකාරවල ක්‍රම යොදා ගැනීමයි. අත්ලාන්තික් සාගරයේ පතුලේ අවසාදිත අතරේ දැකගත හැකි (සහාරා කතරේ) වැලි අධ්‍යයනය, වැලි ගල් විශ්ලේෂණය කිරීම සහ පුරාතන දේශගුණ  ආකෘති නිර්මාණයකිරීම මෙම ක්‍රම අතර වේ. ඇමරිකා එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ භූ රූප විද්‍යාඥ, නව පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ ඩැනීයෙල් මුහ්ස් සහ ඔහුගේ කණ්ඩායම මේ කාර්යයෙහිලා සහය වීම පිණිස ස්පාඤ්ඤයේ ෆුවර්වෙන්චූර(Fuerteventura) සහ ග්‍රාන් කැනාරියා(Gran Canaria islands) දුපත්වල අවශේෂ ගැන සොයා බැලූහ. සහරාවෙන් ආ දූවිල්ල අඩංගුව තිබුණේ පුරාතන පස් ස්ථරවල වූ අතර එම පස් ස්ථර අතරේම වූ පොසිල පදනම් කරගෙන පර්යේෂණ කණ්ඩායම ඒවායේ වයස තක්සේරු කළහ. මෙයට කලින් සිදුකළ සමුද්‍ර අවශේෂ අධ්‍යයනවල සොයා ගැනීම සමග එම තක්සේරු වයස ගැලපුණේ ය. පර්යේෂකයන්ගේ සොයා ගැනීම නොවැම්බරයේ Palaeogeography, Palaeo­climatology, Palaeoecology සඟරාවේ පළ වී තිබිණි.

“අධ්‍යනයේ නිගමන ඉතා කදිමයි“ යනුවෙන් ප්‍රකාශ කරන්නේ නෝර්වේ රටේ බර්ජෙන් විශ්ව විද්‍යාලයේ දේශගුණ විද්‍යා ආකෘති නිර්මාණකරුවකු වූ ෂොන්ග්ශි ෂෑංග්ය. හෙතෙම මෙම අධ්‍යයනයට සහභාගි නොවූවෙකි. මෙකී දූපත් වලින් හමුවූ පස, සමුද්‍ර අධ්‍යයනවල දී වාර්තා වූ ඒවායින්  ප්‍රභින්න(වඩා වෙනස්) නිසා, සහරාව වසර මිලියන ගණනක් වයසය යන අදහස තහවුරු කිරීමට උපකාරී වන බව ෂෑංග් වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝකයේ ගුවන්ගත(සුළඟින් ගසාගෙන එන) දූවිලි මූලයන් අතරින් වඩාත්ම විශාල මූලය සහරා කාන්තාරයයි. එමෙන්ම එම ගුවන්ගත ගමන, අප්‍රිකාවේ බටහිර වෙරළෙන් මදක් ඔබ්බෙන් පිහිටි  කැනරි දූපත්වලින් අවසන් නොවේ.  දූවිලිවල ගමන, එම දූපතෙන් අවසන්නො වී කැරිබියන් දූපත් සහ ඇමසන් වැනි වනාන්තර වැනි ප්‍රදේශ දක්වා දිවෙන බව මුහ්ස් පෙන්වාදෙයි.

Saharan Dust Feeds Amazon’s Plants

ඇමසන් වනයේ පස පෝෂණ කොටස් අතින් හිඟය. ඉතින් අප්‍රිකාවෙන් ආ පෝෂණයෙන් පිරි දූවිල්ල වසර මිලියන ගණනාවක් තිස්සේ දකුණු ඇමරිකානු කලාපයේ ගොඩ නැගී ඇති පුදුමාකාර ජීව විවිධත්වය පෝෂණය කිරීමෙහිලා දායක වූ හැටි පෙන්නුම් කිරීමට නව අධ්‍යයන උපකාරීවන බව මුහ්ස් පෙන්වාදෙයි. එමෙන්ම ඇමසන් වැසි වනාන්තරයේ බිහිවීමට පවා එය දායක වන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් කියයි.

Scientific American  සඟරාවෙහි  2019 නොවැම්බර් කලාපයේ පළවූ  Birth of the Sahara යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.