දැන් කලක් තිස්සේම විද්‍යාඥයන් අනතුරු හඟවන්නේ ෆොසිල ඉන්ධන පරිභෝජනයෙන් ඉවත්ව, පුනර්ජනනීය මූලයන් වෙත නැඹුරුවන්නේ නැත්නම් අපේ මේ ග්‍රහලෝකය තුළ දුර්භාග්‍ය සම්පන්න ගෝලීය උණුසුම් මට්ටම් අත්දැකීමට සිදුවන බවයි. එහෙත් අළුත්ම වාර්තාවක් දක්වන්නේ ලෝකයේ ආණ්ඩු බොහොමයක්ම ඔවුන්ගේ එම කීමට ඇහුම්කන් නොදෙන බවයි. එය, දේශගුණ අර්බුදය සීමාකිරීමේ ගෝලීය ප්‍රයත්න අනතුරට හෙළන බව ද ඉන් පෙන්වා දෙනු ලැබේ.
ඇත්තවශයෙන් සිදුවන්නේ, ගෝලිය උණුසුම්වීම සෙල්සියස් අංශක 1.5ට හෝ 2.0 ට හෝ පවා සීමා කර තබා ගැනීමට එකඟ වී ඇතැයී විද්‍යාඥයන් දක්වන මට්ටම ඉක්මවමින් ෆොසිල ඉන්ධන නිපදවීමේ මගට රටවල් පිවිස තිබීම යයි ‘නිෂ්පාදන පරතරය’ (The Production Gap) යනුවෙන් නම කර ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පෙළේ විශ්ලේෂණයක දැක්වේ..
“ෆොසිල ඉන්ධන නිශ්පාදනය කෙරෙහි දැඩි අවධනය යොමු වීමට නම් රටවල් මට්ටමෙන් මෙන්ම දේශගුණ ප්‍රශ්න ගැන සාකච්ඡා කෙරෙන අන්තර්ජාතික මණ්ඩපවල දී ද බොහෝ දේ තව කළ යුතුව ඇත”යි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි දේශගුණ විපර්යාස සමායෝජක නික්ලාස් හගෙල්බර්ග් කියා සිටියි.
ගෝලීය උණුසුම්වීම සීමා කිරිම පිණිස නියම කර ඇති ඉලක්ක සහ ෆොසිල ඉන්ධන නිශ්පාදනය අතර නිශ්චිතවම කෙතරම් නොගැලපිමක් ඇත් ද?
මේ මොහොතේ තත්ත්වය ගතහොත්, ගෝලීය උණුසුම්වීම විද්‍යාඥයන් අනුදත් සෙල්සියස් අංශක 1.5කට සීමා කිරීමට වඩා 2030 වනවිට රජයන් 120%ක වැඩි ප්‍රමාණයක් ෆොසිල ඉන්ධන නිපදවනු ඇතැයි ද, ගෝලීය උණුසුම්වීම සෙල්සියස් අංශක 2 මට්ටමට සීමා කිරීමට වඩා 50% ක් වැඩියෙන් නිපදවනු ඇතැයි ද අදහස් කෙරේ. මේ තත්ත්වය කෙරෙහි වැඩියෙන්ම දායකවන්නේ ගල් අඟුරු නිශ්පාදනය බව වාර්තාව පෙන්වා දෙයි. එය, සෙල්සියස් අංශක 2 සීමාවේ තබා ගැනීමට අවශ්‍ය ප්‍රමණයට වඩා 2030 වනවිට 150%කින් ඉහළ යනු බවටයි ඇස්තමේන්තු කර ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ කළින් නිකුත් කළ වාර්තාව ඇත්තවශයෙන්ම රටවල් සිය විමෝචන එකඟ වූ මට්ටමට තබගන්නේද යන්න ගැන දක්වන රපෝර්තුවක් (report card) බඳුය. බලශක්ති සහ දේශගුණ සමීකරණයේ සැපයුම් පැත්ත ගැන පළමු වරට සලකා බැලෙන්නේ මෙම නව වාර්තාවෙනි. උෂ්ණත්වය ඉහළ දැමිමට හේතුවන වායු විමෝචන සීමා කිරීම සම්බන්ධයෙන් දී ඇති ප්‍රතිඥා හා සමග අනාගත ෆොසිල ඉන්ධන නිපදවීමේ සැලසුම් ගැලපේ ද යන්න මේ වාර්තාවෙන් විමර්ෂණය කෙරේ.
වාර්තාවේ සොයාගැනීම් දක්වන්නේ රටවල ‘කියුම්’ ඔවුන්ගේ ‘කෙරුම්’ හා සැසඳෙන්නේ නැති බවයි: සමහර රටවල් තම විමෝචන අඩුකරගන්නා බව කියා සිටියත් ඉන් බොහෝ ඒවා නව ෆොසිල ඉන්ධන ව්‍යාපෘති ගොඩ නගමින් සහ ඒවා සඳහා ආයෝජනය කරමින් සිටියි. මීට පිළියම් වශයෙන් වාර්තාවේ කතුවරු (ෆොසිල ඉන්ධන ) නිෂ්පාදනය අඩුකරණු වස් ප්‍රතිපත්ති විකල්පයන් කිහිපයක් ම යෝජනා කරති. තෙල් ගවේෂණය සහ නව ඉන්ධන මූලයන් නිස්සාරණය මත සීමා පැනවීම මෙන්ම ෆොසිල ඉන්ධන සඳහා සහනාධාර කපා හැරීම එම යෝජනා අතරවේ.
නව තෙල් හෝ වායු ව්‍යාපෘති මත පූර්ණ හෝ අර්ධ තහනම් කිරීම් දැනටමත් පනවා ඇති බෙලීස්, කොස්ටාරිකා, ප්‍රංශය, ඩෙන්මාකය සහ නවසීලන්තය වැනි රටවල මුලපිරීම් කිහිපයක් ගැන වාර්තාව අවධානය දක්වයි. ජර්මනිය සහ ස්පාඤ්ඤය වැනි රටවල ගල් අඟුරු පතල් කැණීම් නතර කිරීමට පියවර ගෙන ඇත.
වාර්තාවේ යෝජනා ඉදිරිපත්වන්නේ පෘථිවියේ අනාගතයට බෙහෙවින්ම වැදගත් අවස්ථාවකය. සුප්‍රකට 2015 පැරිස් සම්මුතිය අනුව ඊට සම්බන්ධ රටවල් සෑම අවුරුදු පහකට වරක් විමෝචන අඩුකිරීමට ඇති කැපවීම වැඩි කිරීමේ ප්‍රතිඥා දිය යුතුය. එහි පලමු වැන්න 2020 අවසන්වනවිට ඉදිරිපත් කළ යුතුය.
එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡා ඊළඟ වටය සඳහා ලබන මස මුල මැඩ්රිඩ් නුවරදී මේ රටවල නියෝජිතයෝ රැස්වෙති. එහි දි සිදුකෙරෙන ප්‍රතිඥා සංශෝධන සමුළුවේ ප්‍රධාන කාර්යයකි. රටවල් 68ක් සිය කැපවීම් ඉහල නංවන බව ප්‍රකාශ කර ඇත ද එම රටවල විමෝචන, ගෝලිය ප්‍රමානයෙන් හුදු 8%ක් පමණකි. අනෙක් අතට, දේශගුණ අර්බුදය විසඳාලීම වස් වන අන්තර්ජාතික ප්‍රයත්නයන්ගෙන් ඈත්වෙමින්, දේශගුණ විපර්යාසයේ ප්‍රධන කොටස්කරුවෙකු වන අමෙරිකා එක්සත් ජනපදය දැනටමත් පැරිස් සම්මුතියෙන් නිළ වශයෙන් ඉවත් වීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇතැයි ට්‍රම්ප් පරිපාලනය මේ මස මුලදී නිවේදනය කළේය. මැඩ්රිඩ් සාකච්ඡා පැවැත්වෙන්නේ මෙවැනි පසුබිමකය.
Many countries pledged to cut emissions of heat-trapping gases යනුවෙන් CNN පළකර ලිපිය ඇසුරෙනි