අපේ  ඇඟිලි පහ එකවගේ නැත්තේ ඇයි?

Posted by

අපේ  ඇඟිලි පහ එකවගේ නැත්තේ ඇයි?

සමහර මාතෘකා ඇතැම් අනෙක් ඒවාට වඩා ජනප්‍රියතාවයෙන් අඩුයි. පරිණාමයත් ඒ වගේ. ඇතැම්විට  දැනුමක් නැතිකමට එහෙමත් නැතිනම් පිළිනොගන්නා කමට නිසා විය හැකියි. කොහොම වුණත් අතේ ඇඟිලි පහ ගැන කතා කරන කාට වුණත් කවරාකාරයෙන් හෝ අකමැත්තෙන් හෝ පරිණාමය ගාව ගන්න වෙනවා. අපි නොවේ එහෙම කියන්නේ විද්‍යාඥයෝ. වර්ජිනියා වෛද්‍ය විද්‍යාලයේ ව්‍යච්ඡේද දෙපාර්තමේන්තුවේ සභාපති විලියම් පි ජොලී කියන කතාව අහන්න. “ව්‍යවච්ඡේදය හෙවත් විව්‍යුහ විද්‍යාව අනුව අතැඟිලි යනු අංගුලිකාය(ඩිගිට්ස්). (පා ඇඟිලි ද අංගුලිකා ය). අනෙකුත් සිවුපාද පෘෂ්ඨවංශිකයන් ට මෙන් මිනිසුන්ටද ඔවුන් අයත් වන වඩාත් පුළුල් කණ්ඩායම එනම් වර්ගයට(class) ආවේනික උභයජීවීන්, උරගයන් සහ ක්ෂීරපායීන්  සහ එම වර්ගය ඇතුළත වඩාත් කුඩා කණ්ඩායමක් වන ගෝත්‍රයට(order) කෘන්තකයන්, මාංශභක්ෂකයන්, ප්‍රිමාටේස්) සතු ගති ලක්ෂණයක් දක්වමින් අංගුලිකා තියෙනවා. ඉතින් ක්ෂීරපායින් ට ආවේණික ගති ලක්ෂණ අනුව අපට ද විවිධ දිගින් යුතු ඇඟිලි පහක් තියෙනවා”.

ඇත්තටම විවිධ සත්ත්ව විශේෂ අතර පමණක් නොවෙයි, එකම විශේෂයේ තනි තනි සාමාජිකයන් අතරේ පවා විවිධත්වයක් දැකිය හැකියි. සමහර පුද්ගලයන්ගේ මුදැඟිල්ල හෙවත් වෙදගිල්ල,  දබරැගිල්ලට වඩා කැපී පෙනෙන ආකාරයට දිග වන අතර තවත් සමහරුන්ගේ මෙම ඇඟිලි දෙක එක සමානව පිහිටා ඇත. දිගින් පාදයේ දෙවැනි ඇගිල්ල එහි මහපට ඇඟිල්ලට වඩා අඟලක් හෝ ඊටත් වැඩියෙන් දිගට පිහිටා ඇති අය ගැන ද වාර්තා වී තිබේ. විවිධත්වයක් තියෙන බව පැහැදිලියි. ඒත් ඉතින් අපේ ඇගිලි වල සාපේක්ෂ ප්‍රමාණය සඳහා පැහැදිලි හෝ සාධාරණ වන හේතුවක් තිබෙනවාද?

ස්වභාවික ඉතිහාසය පිළිබඳ ඩේටන් කෞතුකාගාරයේ(Dayton Museum of Natural History) ඩුවේන් ඇන්ඩර්සන් අවධානය යොමු කරන්නේ යම් වස්තුවක් අල්ලා ගැනීමේදී අපේ ඇඟිලිවලට හා අතෙහි කාර්යභාරය ගැනයි. “ටෙනිස් බෝලයක් අතට අරගෙන අල්ලාගන්න. දැන් ඔබට පේනවා ඇත්තේ අතේ ඇඟිලි ඔක්කොම එක සමානව දිග බව. ඇගිලි දිග මුලින් අනුවර්තනය වුණේ ගහින් ගහට එල්ලිලා යන්න. ඊට පස්සේ එක එක දේවල් අහුලා ගන්න. එක සමාන ඇඟිලි තියෙන එක ඒ වගේ කාර්යයන් සඳහා  හුරුබුහුටි නොවෙන්න පුළුවනි”.

අදාළ රූපය

විද්‍යාඥයන් දක්වන තවත් කාරණාවක් මෙතනට අදාලයි. අපේ ආදී මුතුන් මිත්තන්  සතුව තිබුණ ප්‍රධානතම අවිය තමයි අත මිට මොළවා(fist) දෙන පහර. ඒත් අතේ ඇඟිලි එක සමාන වුණා නම් අප දැනට කරන ආකාරයට තරම් හොඳින් අත මිට මොළවන්න අපහසුයි. ඉතින් වසර දහස් ගනනාවක් යන තුරුම  මිනිසා සතුව තිබූ මෙම අවිය වඩා හොඳින් භාවිත කිරීමට හැකිවෙන අයුරින් ඇඟිලි විවිධ ප්‍රමාණයෙන් පරිණාමය වන්නට ඇති.

කර්නි රාජ්‍ය විද්‍යාලයේ(Kearney State College) ජීව විද්‍යාඥ ජෝන් හර්ට්නර් පවසන අන්දමට ඉහළ පෘෂ්ඨවංශිකයන්ගේ අංගුලිකා වල ගති ලක්ෂණ දෙකක් ඇඟිලිවල එක සමාන නොවන දිගින් පැවතීමට හේතුව පිළිබිඹු කරනවා වෙන්න පුළුවනි. ප්‍රථම කාරණාව අපේ පා ඇඟිලි පාදයෙන් ඉවතට ඕනෑවට වඩා ඉස්සරහට පනින්නේ නැතුව,  ප්‍රමාණයෙන් කුඩා වූ විට අපේ ගමන බිමන පහසු වීමයි. දෙවැන්න ඉහළ පෘෂ්ඨවංශිකයන් අතරින් කාලයත් සමඟ ඇතැම් ව්‍යුවහයන් මුළුමනින්මත් අහෝසි වී යාමය. (නිදසුන් : අශ්වයන්ගේ පා ඇඟිලි එකක් හැර සියල්ල අහිමිව ගොසින්ය).

මේ විදිහට බැලුවොත් ඉදිරි වසර මිලියන සිය ගණනක් ඇතුළත මිනිස් අපගේත් ඇඟිලි එකක් හෝ දෙකක් නැතිවී යාද? පිළිතුර වශයෙන් කියන්න තියෙන්නේ පරිණාමය ක්‍රියාකරන්නේ අනාගතය කලින් දැකීමේ හැකියාවක් ඇතිව නොවෙයි යන්නය.

 

DO PENGUINS HAVE KNEES?  ග්‍රන්ථයේ,  Why Are Our Fingers Different Lengths?  කොටස ඇසුරෙන් සැකසිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.