ශත වර්ෂයක් ඉක්මවූ අමෝනියා පොහොර

Posted by

ශත වර්ෂයක් ඉක්මවූ අමෝනියා  පොහොර

කැපීපෙණෙන ගන්ධයකින් යුතු එමෙන්ම අවර්ණ වායුවක් වන ඇමෝනියා තැනුම් ඒකක රසායනිකයක් මෙන්ම පුද්ගලයන් එදිනෙදා භාවිත කරන බොහෝ නිෂ්පාදන සෑදීමෙ දී උපයොගී කරගන්නා දෙයකි. එය අප අවට ඇති වාතමය පරිසරයෙහි, පසෙහි සහ ජලයෙහි ද, ශාක සහ මිනිසුන් ද ඇතුළුව සතුන්ගේ ද ස්වභාවිකව හට ගන්නකි. ප්‍රෝටීන අඩංගු ආහාර ඇම්යිනෝ අම්ල හා අමෝනියා බවට බිඳදමද්දී  අනතුරුව අමෝනියා යූරියා බවට පෙරළද්දී මනුෂ්‍ය ශරීරය මගින් අමෝනියා නිපදවෙනවා.

ගොවිපළ බෝග මෙන්ම ගෙවතු වගා ඇතුළු ශාක වගාකිරීමෙ දී අත්‍යවශ්‍ය පෝෂකයක් වන  නයිට්‍රජන් මුදා හරින්නාවු ඇමෝනියම් නයිට්‍රේට් නිපදවීමේ මූලික තැනුම් ඒකයකි, ඇමෝනියා.

පස සාරවත්ව පවත්වාගෙන යාම සඳහා, වසර සිය ගණනක් මුළුල්ලේ ගොවීන් විශ්වාසය තැබුවේ පොහොර සහ ශෂ්‍ය මාරුව(බෝග මාරුව) කෙරෙහිය. ඔය අතරේ 1908 දී ජර්මානු ජාතික රසායනඥයන් වන ෆ්‍රිට්ස් හේබර් සහ කාල් බොෂ් යන දෙදෙනා නයිට්‍රජන් වායුව සහ හයිඩ්‍රජන් තරලය(දියරය), පසට ඉසීමෙන් පස ක්ෂණිකව සරු කළ හැකි රසායනිකයක් බවට හැරවීමේ ක්‍රමයක් නිර්මාණය කරා. ඒ තමයි ඇමෝනියා(Ammonia).  සාපේක්ෂව අඩු මුදලකට නිෂ්පාදනය කිරීමේ හැකියාව සහ පොස්පරස්, පොටෑසියම් සහ සල්ෆර් වාගේ අනෙකුත් පෝෂක සමග පහසුවෙන් මිශ්‍ර කිරීමට හැකියාව නිසාත් පොහොර නිපදවීමේ නව ක්‍රමය කෘෂිකාර්මික විප්ලවයකට මග පෑදුවා.

ඇමෝනියා පොහොර භාවිතයෙන් බෝග අස්වැන්න සියයට 30 සිට 50 දක්වා අධික ලෙස ඉහළ ගියා. එත් ඉතින් ලෝක ජනගහනයත් එහෙමයි. 1900 බිලියන 1.65 ක් වූ ලෝක ජනගහනය අද වෙද්දී බිලියන 7.6ක් දක්වා අධික ලෙස ඉහළ ගිහින්. වැඩිවෙන ජනගහනයට කන්න දෙන්න ඕන. ඒ සඳහා ආහාර අධිකව නිපදවීමෙ දී පොහොර භාවිත කිරීමට සිදුවෙනවා. එලෙස පොහොර භාවිතය පරිසරයට හානි ගෙන එන බවයි ප්‍රකාශවෙන්නේ.

අදාළ රූපය

පොහොර නිපදවීමෙ දී ලොව කාබන් විමෝචන වලින් සියයට 3ක් නිපදවෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ගත්තොත් වානිජ මට්ටමින් වගා කටයුතුවල නිරතවන එරට ගොවින්ගෙන් වැඩි දෙනා ප්‍රධාන වශයෙන් අක්කරයකට අකාබනික පොහොර රාත්තල් 160 ත් 220ත් අතර ප්‍රමාණයක් යොදනවා.

වර්ෂාව හේතුවෙන් පොහොර මගින් පස පොඟවීමට පුළුවන. එවිට භූගත ජලය දූෂණයට ලක්වේ. අකාබනික මෙන්ම කාබනික පොහොරවලින් එන ඇමෝනියා, බැක්ටීරියා මගින් පිරිසැකසුමට ලක්වෙන අතර එය නයිට්‍රස් ඔක්සයිඩ   බවට පෙරළෙයි. කාබන් ඩයොක්සයිඩ් සහ මීතේන් වලට පසුව තුන්වැනියට වඩාත් වැදගත් හරිතාගාර වායුව වන්නේ  නයිට්‍රස් ඔක්සයිඩය. ගංගා ඇලදොළ සහ සාගරයට ගසාගෙන යාමෙන් පසුව නයිට්‍රජන්  අණ්වික්ෂීය ජීවී ගහණය(population of microscopic organisms) වර්ධනය කරනවා. ධූලක(විෂ සහිත) සයනොබැක්ටීරියා(cyanobacteria = බැක්ටීරියාවලට නෑකම් කියන එහෙත් ප්‍රභාසංශ්ලේෂණ හැකියාවෙන් යුත් ක්ෂුද්‍ර ජීවී කොට්ඨාසයක්) මත්ස්‍ය සහ අනෙකුත් ජලජසතුන් විස වද්දයි. ඇල්ගී වැඩීමෙන් ජලයේ ඔක්සිජන් හීනවෙයි. මීට අමතරව මියගිය සාගරික සතුන් වියෝජනය ජලයේ ඔක්සිජන් තවදුරටත් අඩු කරන්නේ (මැක්සිකානු බොක්කේ සහ චෙසපීක් මුහුදු බොක්ක වැනි) මළ කලාප නිර්මාණය කරමිණි.

ammonia fixation of corn සඳහා පින්තුර ප්‍රතිඵල

අකාබනික පොහොර ඇත්තවශයෙන්ම අද, කෘෂිකර්මාන්තයේ ‘දෙපැත්ත කැපෙන කඩුවක්’ බවට පත්ව තිබෙන්නේ එමගින් ආහාර සපයන ලෝකය අන්තුරට හෙලමිනි. අකාබනික පොහොර නොමැති වුවහොත් අස්වනු සියයට 40න් පහළ යනු ඇත්තේ මිලියන ගණන් ජනතාව හාමතේ තැබීමෙ අවදානමට ලක් කරමිණි. අනෙක් අතට අකාබනික පොහොර භාවිතය දැඩි පාරිසරික ගැටළුවලට මග පාදයි.  කෙසේවෙතත්, එක්සත් ජනපදයේ ප්‍රචලිතම බෝගය වන බඩඉරිඟු වලට එහි නයිට්‍රජන් ප්‍රයොජ්‍යකරණය කළ  හැකිනම්(fix its own nitrogen) ඇතැම් තක්සේරුවල දැක්වෙන පරිදි එම බෝගය වෙනුවෙන් යොදන පොහොර සියයට 25 සිට 50 දක්වා අඩු කර ගත හැකිවෙනවා’

 

DISCOVER (NOVEMBER, 2019) සඟරාවෙහි පළවූ  A CENTURY OF AMMONIA  යන ලිපිය ඇසුරෙනි. අතිරේක කරුණු ChemicalSafetyFacts.org  වෙබ් අඩවියෙනි   

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.