සියල්ලෙහි සුලමුල 44: අපි වායු තරංග ඔස්සේ කතාබහ ඇරඹුවේ කවදාද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

earliest radio transmitters සඳහා පින්තුර ප්‍රතිඵල

 

අපි වායු තරංග ඔස්සේ කතාබහ ඇරඹුවේ කවදාද?

දිනය:1895 දෙසැම්බර් පස්වෙනිදා.

ස්ථානය: ඉතාලියේ පොන්ටෙකියෝ(PONTECCHIO) නගරය.

දර්ශනය: ඉතාලියේ රදල පවුලක තරුණයෙක් උදේ පාන්දරින්ම තමන්ගේ අම්මව ඇහැරෙව්වේ තමන්ගේ අලුත්ම නව නිපැයුම පෙන්වන්න. ගුග්ලිල්මො මාකෝනි බොලොඤ්ඤා (Bologna) නුවරට කිට්ටුවෙන් පිහිටා තිබුණු ඔහුගේ ගමේ මහගෙදර සොල්දරයේ නිවසේ කාටත් හොරා යන්ත්‍රයක් අටවලා තිබුණා මෝස් සංඥා ක්‍රමයෙන් පණිවුඩයක් යවන්න පුළුවන් විදියට සකස් කරලා. කාමරයේ එහා කෙළවරින් සීනුවක් ඔන්න ඒ පණිවුඩය නාද කරනව. මුල්ම වතාවට රැහැන් රහිත (Wireless) සන්නිවේදනය සිද්ධවුණේ ඔන්න ඔහොමයි.

guglielmo marconi radio සඳහා පින්තුර ප්‍රතිඵල

ටෙලිවිෂන් යන්ත්‍ර, ජංගම දුරකථන, වයි ෆයිවලට හුරුවුණු අද කාලේ උදවියට නම් මේක ඒ හැටි වැදගැම්මකට ඇති දෙයක් නෙවෙයි කියලා හිතෙනවා ඇති. ඒ වුණාට, රැහැන් භාවිතයක් නැතිව වායු තරංග ඔස්සේ සංඥා හුවමාරු කරවන මාකෝනිගේ යන්ත්‍රය විසිවෙනි සියවසේ විශිෂ්ටතම තාක්ෂණික සොයාගැනීම් අතරින් එකක්. එයින් ඇතිවුණු බලපෑම කොයිතරම්ද කියනවා නම්, තවත් නව නිපැයුම්කරුවන් කිහිප දෙනෙක්ම මේ නිර්මාණය තමන්ගේ සොයාගැනීමක් බව ප්‍රකාශ කරන්න පෙළඹුණා – ඊට සාධාරණ හේතුත් නොතිබුණාමත් නෙවෙයි.

පණිවුඩය පැහැදිලියි

මාකෝනිගේ සාර්ථකත්වයේ රහසට හේතුව එවකට පැවතුණු යන්ත්‍ර දෙකක තාක්ෂණය එක්කාසු කරලා අලුත් නිර්මාණයක් බිහි කිරීමයි. ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ හෙන්රික් හර්ට්ස් විද්යුත් චුම්භක තරංග නිපදවීමේ හැකියාවක් පවතින බව සොයාගැනීමට යොදාගත් උපකරණය ආශ්‍රයෙන් බිහිවුණු  සම්ප්‍රේෂකය (transmitter) ඒ අතරින් මුල්ම එකක්. අනෙක, ප්‍රංශ ජාතික එඩුවා බ්රැන්ලි (Édouard Branly),  අකුණු කෙටීම්වලදී ඇතිවන්නාවූ ආකාරයේ පරිමණ්ඩිත(හාත්පස පැතිරුණු) විද්යුත් චුම්භක තරංග හඳුනාගැනීමට යොදාගත්  තරංග රැස් කිරීම සඳහා නිර්මාණය කළ සංසජ්ජකය (coherer) නැමති උපාංගයයි.

coherer

සොල්දරයේ අත්හදාබැලීමෙන් පස්සෙ මාකෝනි පූර්ණකාලීනව මෙහෙයුම දියත් කළා. නොබෝ කලකින්ම ඔහු එළිමහනේ දිගු දුරක් ඔස්සේ සංඥා යැවීම ඇරඹුවා. 1986දී ඔහු ලන්ඩන් නුවර පදිංචියට ගිහින් ඔහුගේ සොයාගැනීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න ඉල්ලුම් කළා. ඊට අවුරුද්දකට පස්සේ රැහැන් රහිත ගුවන්විදුලි සහ සංඥා සමාගම (Wireless Telegraph & Signal Company) පිහිටුවලා අන්තර්ජාතික ගුවන්විදුලි සන්නිවේදනයටත්, වානිජමය ගුවන්විදුලි විකාශනයටත් අවශ්ය පදනම සකස් කළා. 1909දී “රැහැන් රහිත සන්නිවේදනයේ උන්නතිය උදෙසා කළ මෙහෙවර වෙනුවෙන්” ඔහු නොබෙල් ත්‍යාගයට හවුලේ උරුමකම් කීවා.

ගුවන්විදුලිය බිහිකළේ මාකෝනි බව ජනප්‍රිය නැතිනම බහුලව පිළිගත් මතය බවට පත් වුණත්, සැබෑව නම් නව නිපැයුම් රැල්ලක් මතින් ඔහු පාවී ගියා යන්නයි. කොහොම, කොහොම හරි  ලැබූ අවසන් ප්‍රතිඵලය නිසා ඔහුට පමණක් කීර්තිය උරුම වුණා. ඔහු රැහැන් රහිත සන්නිවේදනය ප්‍රායෝගික යතාර්ථයක් බව අවබෝධ කරගත් පළමුවැනි ඉන්ජිනේරුවාවත්, ඒ පිළිබඳව පර්යේෂණ කළ පළමුවැන්නාවත් නෙවෙයි. දෛවය වෙන අතකට පෙරලුණා නම් ඉතිහාස පොතේ කතන්දරයත් වෙනස්ම විදියකට ලියැවෙන්න ඉඩ තිබුණා.

අදාළ රූපය

ඒ අතරින් එක විද්‍යඥයෙකුට නම් විශේෂ පිළිගැනීමක් හිමිවිය යුතුව තිබුණා. ඒ ජර්මානු ජාතික භෞතික විද්‍යාඥ කාල් ෆර්ඩිනන්ඩ් බ්‍රෝන් (Karl Ferdinand Braun). ඔහු මාකෝනිගේ පර්යේෂණයට හවුල් නොවුණත් ඔවුන් නොබෙල් ත්‍යාගය දිනාගත්තේත් හවුලේයි. මාකෝනි පසුකාලීනව භාවිතා කළ තාක්ෂණික සොයාගැනීම් රැසක්ම ලොවට දායාද කළේ බවුන්. තමා බ්‍රෝන්ගේ අදහස් කිහිපයක්ම “ණයට ගත් බව” මාකෝනි පවා පිළිගත්තා.

අති විශිෂ්ට බුද්ධිමතෙකු ලෙස පිළිගැනීමක් දිනාගෙන සිටි නිකොලා ටෙස්ලාත් මාකෝනිගේ ප්‍රධානම තරඟකරුවෙක්. මාකෝනි අට්ටාලයේ සිට අත්හදාබැලීම සිදුකිරීමට අවුරුදු දෙකකට ඉස්සර ටෙස්ලා ෆිලඩෙල්ෆියාවේ ෆ්‍රෑන්ක්ලින් ආයතනයේදී රැහැන් රහිත සම්ප්‍රේෂකයක් සහ ප්‍රතිග්‍රහයකයක් (රිසීවරයක්) නිපදවන ආකාරය ගැන විස්තරාත්මක දේශනයක් කළ බව නොරහසක්. නමුත් ඒ වන විට ඊට අවශ්‍ය උපකරණ ඔහු සතුව තිබුණේ නැහැ. මෙය ‘විදුලි ඉන්ජිනේරු ක්ෂේත්‍රය මුහුණපා සිටින බරපතල අර්බුදයක් බවත්, එය කවදාක හෝ විසඳාගත යුතු බවත්’ ඔහු ප්‍රකාශ කළා. ටෙස්ලා ස්වෝත්සාහයෙන්ම ඒ අභියෝගයත් ජයගෙන 1897දී පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කළත්, මාකෝනි ඔහුට පෙර ඒ සඳහා අයදුම් කළ නිසා ඔහු ඊට ප්‍රමාද වුණා වැඩියි.

එක සුපිරි බුද්ධිමතෙකු සමග කරටකර තරඟ කරන්න සිදුවීම කමක් නැහැ කියමුකෝ. ඒත්  සුපිරි බුද්ධිමතුන් දෙදෙනෙක්ම ප්‍රතිවාදීන් වීම බරපතල කාරණාවක්. මාකෝනි අට්ටාලයේ ලෝහ කැබලි සමග ඔට්ටු වෙද්දී නවසීලන්තයේ සුපිරි බුද්ධිමතෙකු වූ  අර්න්ස්ට් රදර්ෆර්ඩ් (Ernest Rutherford) ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ පිහිටි කැන්ටබරි විද්‍යාලයේ සිට දස්කම් දැක්වුවා. නමුත් නොසිතූ මොහොතක මාකෝනිට හදිසියේම වාසනාව පෑදුණා. 1895දී රදර්ෆර්ඩ් මේ පර්යේෂණ්‍ වෙනුවෙන් කේම්බ්‍රිජ් වෙත ආවත්, ඔහු සේවය කළ රසායනාගාරය අලුත්ම සොයාගැනීමක් වුණු X කිරණ (X-rays) ගැන සම්පූර්ණ අවධානය යොමු කරන්න ගත් තීරණය නිසා ඔහුගේ උත්සහය ඇණහිටියා.

 

නව සොයාගැනීමේ අයිතිය පිළිබඳ ආරවුල් සහ එය ප්‍රචාරක අවියක් ලෙස යොදා ගත් හැටි ගැන ලිපියේ දෙවැනි කොටසින් හෙට(01 ඉරිදා) කියවන්න

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START TALKING OVER THE
AIRWAVES?  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.