අප ඉගෙන ගන්නේ කෙලෙසද?
ඉගෙනීම වනාහි ඔබේ මොළය නිතැතින්ම නැතිනම් ස්වභාවිකව කරනා දෙයකි. ඇත්තටම සලකතොත් ඔබ ඉපදීමට මාස කිහිපයකටම පෙර සිට අවදිව සිටින සෑම මොහොතකම ඔබේ මොළය ඉටුකරන කාර්යයකි. මව්කුස ගතකරද්දී ඔබ ගන්ධයන් සහ සංගීතය හඳුනා ගැනීමට උගත්තාහුය. එපමණක් නොව ඔබේ ස්වදේශීය භාෂාවක් සහ මවගේ කටහඬත් හඳුනාගත්තාහුය. ඉගෙනීම කියන්නේ, ප්‍රයෝජනවත්(සහ ප්‍රයෝජනවත් නොවන) තොරතුරු සහ කුසලතා අත්පත් කරගන්නා සහ තැන්පත් කරගන්නා(ගබඩා කරගන්නා) ක්‍රියාදාමයටයි. ඒත් ඉතිං අප ඉගෙන ගනිද්දී අපේ මොළයට සිද්ධ වෙන්නේ කුමක්ද?
synapses
මොළය තොරතුරු පිරිසැකසුම් කිරීමේදී, නියුරෝන ඒවායේ අසල්වැසි නියුරෝන හා සම්බන්ධ කෙරෙන හෝ යළි හකුලන සම්පාර්කන(synapses) වර්ධනය කරමින් සහ බල ගන්වමින් එය (මොළය)සබඳතා ඇතිකරන්නේය නැතහොත් බිඳ දමන්නේය. නිදසුනක් දක්වන්නේනම් එය, තවදුරටත් කිසිවකුත් ගමන් කිරීමට කිසිම උනන්දුවක් නොදක්වන ගමනාන්ත දෙකක් අතර දුම්රිය මාර්ගයක් ගලවා ඉවත් කරමින් ජනප්‍රිය ගමනාන්ත අතර නව දුම්රිය මාර්ගයක් තැනීම බඳුය. අප අළුත් යමක් ඉගෙනීමේ ක්‍රියාදාමයට පිවිස සිටින විට අලුතෙන් සබඳතා තනාගැනීම, පැරණි ඒවා බිඳ දැමීමේ පාඩුවක් පිරිමසාලයි. මීයන් යොදාගෙන සිදු කෙරුණු අධ්‍යයනයක දක්වන්නේ මෙකී යළි සැකසීමේ ක්‍රියාදාමය ඉතා ඉක්මනින් සිදු විය හැකි බවයි. ඒ කියන්නේ ආහාරමය පාරිතෝෂිකයක් ලබාගැනීම පිණිස සිදුරක් හරහා යාම වැනි කුසලතාවක් උගෙන ගෙන පැය ගණනක් වැනි කෙටි කාලයක දී සිදුවිය හැකි බවයි. තවද, මොලයේ ඇතැම් කොටස් වලදී විශේෂයෙනම් හිපෝකැම්පසයේදී මොළය ඉගෙනීමෙහි යෙදී සිටිමින් නව මොළ සෛල වර්ධනය කරයි.
එහෙත්, පරිපථයක් පිහිටුවායින් පසුව එය තහවුරු කිරීමට නම් භාවිතයට ගත යුතු වේ. මෙය විශාල වශයෙන් මයලිනිභවනය (myelination) මත රැඳේ — එනම්, ප්‍රමාණවත් වාර ගණනක් උත්තේජනය කළ පරිපථයක් මගින් මේදමය තුනී පටලයක් වර්ධනය කරණු ලැබීමේ ක්‍රියාදාමයයි. මෙකී පටලය සන්නයන වේගය වැඩි කරන්නේ පරිපථය කාර්යක්ෂම ක්‍රියා කිරීමට මග පාදමින්ය.
එසේ නම් උගෙනීමට සහ උගත් දේ රදවා තබා ගැනීමට හොඳ මාර්ගය කුමක්ද? පාසල් අධ්‍යාපනය ලද අයකු නම් මීට ලැබෙන පිළිතුරෙන් පුදුමයටපත් නොවන්නේය: අවධානය යොමු කරන්න, ක්‍රියාකාරී ස්මරණය භාවිතයට ගන්න සහ අනතුරුව ස්වල්ප වේලාවකට පසුව එය යළි සිහියට ගන්න.
මේ ආකාරයට ඔබ, ඔබවම පරීක්ෂාවට ලක් කර ගැනීමෙන් ඔබේ මොළය මඟින් ඔබ සබඳතා ශක්තිමත් කරනු ලැබීමට සලස්වයි. තවද නව තොරතුරු කොටස් ඔබ දැනටමත් දන්නා දෙයට සම්බන්ධ කිරීමට සවිඤ්ඤානිකව උත්සාහ කිරීමෙන් මොළය තුළ සබඳතා තවත් ස්ථාවර කෙරෙන අතර අඩුවෙන් භාවිත කිරීම හේතුවෙන් ඇතිවන නාස්ති වී යාම හීන කිරීමට ද හැකි වනු ඇත.
යාවජීව අධ්‍යාපනය
උගෙනීම යන්න මුළු ජීවිත කාලය පුරාවටම සිදුවන්නකි. ඉතින් එහෙමනම්, අප වැඩිහිටි වියට එළඹීමෙන් පසුව උගැනීම මෙතරම් අසීරු වන්නේ ඇයි?
මෙතනදි ශුභාරංචිය තමයි පසුබැසීමට භෞතවේදීය හෙවත් කායික කාරණාවක් නැති බව පෙනී යාම. අලුත් දේ ඉගෙනීමට අප කොහෙත්ම ප්‍රමාණවත් කාලයක් ලබානොදීම සහ එසේ ලබා දුන්නේ වී නමුත් අප එය කරන්නේ සාමාන්‍ය ළමයෙකු කරන්නාක් මෙන් උනන්දුව සහ අවධානය ක්‍රමානුකූලව මිශ්‍ර කරගෙන නොවීම බොහෝ දුරට ඊට බලපෑ බවක් පෙනේ. ප්‍රශ්නය ඇත්තටම කායික හෙවත් භෞතවේදමය එකක් නොවන්නේ නම් එවිට එය අර්ධ වශයෙන් පරිපූර්ණතාවාදී හේතුවක් විය හැකිය. ගොල්ෆ් බෝලයකට පහරක් එල්ල කරන්නාක් වැනි කායික කුසලතා ඉගෙනීමට වැඩිහිටියන් පෙළඹෙන්නේ චලනයෙහි විස්තර ගැන අවධානය යොමු කරමිනි. කෙසේ වෙතත්, ළමුන් විස්තර ගැන වෙහෙසෙන්නේ නොමැතිව තමන් කැමති තැනකට බෝලය යැවීම සම්බන්ධයෙන් අත්හදා බලයි. ඉතින් වැඩිහිටියන් ද වැඩිකොට ළමුන් මෙන් ඉගෙන ගන්නා විට, ඔවුන් විසින් වඩාත් වේගයෙන් කුසලතා ග්‍රහණය කර ගනු ලැබේ.
තොරතුරු ඉගෙනීමෙ දී ද මේ කාරණාව සැබෑ බව පෙණියයි. ඒ ගැන සහ තවත් තොරතුරු ලිපියේ ඉතිරි කොටස ලබන සතියේ කියවා බලා දැනගමු.