නවතම දේශගුණ අනතුරු හැඟවීම

Posted by

නවතම දේශගුණ අනතුරු හැඟවීම

දේශගුණ විපර්යාසයෙන් සිදුවන හානිය පිළිබඳ අවදානම අවම කර ගැනීමට නම්, ඉදිරි දශකයේ දී සියයට 7.6ක් තරම් විශාල ප්‍රමාණයකින් විමෝචන කපා හැරිය යුතු යයි වාර්තා වෙයි.

ලෝකයේ දේශගුණ විපර්යාසයේ ඉලක්ක සපුරා ගැනීමේ දැවැන්ත අභියෝගය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන(UN Environment Programme හෙවත් UNEPය) මගින් නිකුත් කෙරුණු නව වාර්තාවකින් දැඩිව දක්වනු ලැබේ.  2018 දී ගෝලීය හරිතාගාර වායු විමෝචන ගිගා ටොන් 55.3 මට්ටමට පැමිණියේය — මෙය නව වැඩිම මට්ටමයි.  ශතවර්ෂය අවසන් වන විට ගෝලිය උණුසුම් වීම සෙල්සියස් 1.5 සීමාව ඉක්මවීම වැළැක්වීමට නම්, මෙය 2030 වන විට ගිගා ටොන් 32කින්  පහළ වැටිය යුතුයි. ඒ කියන්නේ මෙතැන් සිට සෑම වසරක් පාසා හරිතාගාර වායු විමෝචන සියයට 7.5 බැගින් කපා හැරීම යයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන කියා සිටියි.

(පැරිස් සම්මුතිය අනුව එකඟ වූ) සෙල්සියස් අංශක 1.5ක සීමාව ඉක්මවා සෙල්සියස් අංශක 2ක දක්වා පැමිණීමෙන් ඇතිවිය හැකි දරුණු බලපෑම් ගැන පසුගිය වසරේදී දෙශගුණ විද්‍යාඥයෝ කරුණු ගෙන හැර  පෑවෝය. අපේ මේ ග්‍රහ ලෝකයේ  කොරල්පර සම්පූර්ණයෙන් විනාශ වී යාම, තව තවත් ඉඩෝර ඇතිවීම, අතිශය රස්නය සහිත දින  වැඩිවීම සහ දේශගුණ සම්බන්ධ අවදානම්වලට මිලියන සිය ගණන් ජනතාව නිරාවරණය කිරීම මෙම බලපෑම් අතරවේ.

ගෝලීය වශයෙන් සලකා බලනවිට, 2014 දී සහ 2016 දී යම් මට්ටමක ස්තාවරව තිබුණ ද එමෙන්ම සෝවියට් දේශයේ ඇද වැටීමට පසුව රුසියාවේ දී මෙන් යම් යම් රටවල් මට්ටමින් කලින් අවස්ථාවල විමෝචන මට්ටම් පහළ වැටුණ ද ගෝලීය වාර්ෂික විමෝචන කිසිදා පහත වැටී නැත.

කිසිදා කිරීමට නොහැකි ප්‍රමාණයෙන් විමෝචන කපා හැරිය යුතු බවක් පෙණී යන්නේ වී නමුත් UNEPය තවමත් කියා සිට්න්නේ අංශක 1.5 සීමාවෙන් පහළ තබා ගත හැකි බවයි.   “අපට අංශක 1.5 සීමාව තව කොච්චර කාලයක් තියාගෙන ඉන්න පුළුවන් ද? තාම අපි ඒ අදහස අත හැරලා නැහැ.  අංශක 1.5 සීමාවෙම තියා ගන්න බැරිවුණත්  අංශක 1.5 කියන්නේ අංශක 2.5 සීමාව හෝ අපි දැන් දැන් සලකා බලමින් සිටින අංශක 3.2 සීමාවට වඩා කොච්චර  හොඳද? සෑම අංශක 0.1ක්ම වටිනවා” යයි ඩෙන්මාකයේ තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ඈන් ඔල්හොෆ් කියා සිටියි. ඇය UNEP වාර්තවේ ප්‍රධාන කතුවරු අතරින් එක් අයෙකි.

සමුළුවේ ආරම්භක සැසිය ගැන වාර්තවක් මෙතැනින් කියවන්න

වාර්තාව නිකුත් වූයේ ලෝකයේ රටවල් ස්පාඤ්ඤයේ දී රැස්වී ලබන වසර සඳහා කාබන් විමෝචන කපා හැරීම ගැන ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට සතියකට කලිනි. පසුගිය(දෙසැම්බර්) 2 දා ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණය 13දා දක්වා පැවැත්වේ. කලින් මෙය බ්‍රසීලයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එරට නව ජනාධිපතිවරයා ආර්ථික හේතු ගෙන හැර පාමින් සමුළුව පැවැත්වීමට එරටට නොහැකි බව දැන්වීය.

බලාපොරත්තු තැබිය හැකි තවත් සාධකයක් වන්නේ බලාගාර තුළ  ගල් අඟුරු  භාවිතය පහත වැටීමයි. වාර්තා ගත විශාලතම අඩුවීම සැලසුම් කර තිබුණේ  2019 දී සියයට 3ක් වශයෙනි. ශුභවාදීව සලකා බැලිය හැකි අනෙකුත් කාරණා ලෙස UNEPය දක්වන්නේ විමෝචන ඉහල යාමට එරෙහිව පාසල් ළමුන් පවා විරෝධතාවල නිරත වීම සහ පරිසර හිතකාමී තාක්ෂණ මිළ පහත වැටෙමින් තිබිමයි.  එහෙත්, “ඉදිරි වසර කිහිපය තුළ විමෝචන පහත වැටෙන බවට ලකුණු තවමත් නැතැයි” UNEPය කියා සිටියි.

 NEW SCIENTIST(November 30 –December 6, 2019) හි පළවූ UN climate warning නැමැති ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.