ස්මරණය සහ උගෙනීම: අප ඉගෙන ගන්නේ කෙලෙසද? II කොටස

Posted by

ඉගෙන ගන්නේ කෙලෙසද?

(පසුගිය 5දා පළවූ ලිපියේ ඉතිරි කොටස)

යාවජීව අධ්‍යාපනය

උගෙනීම යන්න මුළු ජීවිත කාලය පුරාවටම සිදුවන්නකි. ඉතින් එහෙමනම්, අප වැඩිහිටි වියට එළඹීමෙන් පසුව උගැනීම මෙතරම් අසීරු වන්නේ ඇයි?

මෙතනදි ශුභාරංචිය තමයි පසුබැසීමට භෞතවේදීය හෙවත් කායික කාරණාවක් නැති බව පෙනී යාම. අලුත් දේ ඉගෙනීමට අප කොහෙත්ම ප්‍රමාණවත් කාලයක් ලබානොදීම සහ එසේ ලබා දුන්නේ වී නමුත් අප එය කරන්නේ සාමාන්‍ය ළමයෙකු කරන්නාක් මෙන් උනන්දුව සහ අවධානය ක්‍රමානුකූලව මිශ්‍ර කරගෙන නොවීම බොහෝ දුරට ඊට බලපෑ බවක් පෙනේ. ප්‍රශ්නය ඇත්තටම කායික හෙවත් භෞතවේදමය එකක් නොවන්නේ නම් එවිට එය අර්ධ වශයෙන් පරිපූර්ණතාවාදී හේතුවක් විය හැකිය. ගොල්ෆ් බෝලයකට පහරක් එල්ල කරන්නාක් වැනි කායික කුසලතා ඉගෙනීමට වැඩිහිටියන් පෙළඹෙන්නේ චලනයෙහි විස්තර ගැන අවධානය යොමු කරමිනි. කෙසේ වෙතත්, ළමුන් විස්තර ගැන වෙහෙසෙන්නේ නොමැතිව තමන් කැමති තැනකට බෝලය යැවීම සම්බන්ධයෙන් අත්හදා බලයි. ඉතින් වැඩිහිටියන් ද වැඩිකොට ළමුන් මෙන්  ඉගෙන ගන්නා විට, ඔවුන් විසින් වඩාත් වේගයෙන් කුසලතා ග්‍රහණය කර ගනු ලැබේ.

එතැන් සිට…

මෙම කාරණාව තොරතුරු ඉගෙනීමට ද අදාළ බව පෙනීයයි. යමක විස්තර මගහැර යාමට අපට මඟ පාදන චෛතසික කෙටි මංපෙත් විශාල ප්‍රමාණයක ගබඩාවක් වැඩිහිටියන් වශයෙන් අප සතුව ඇත. නුහුරු නුපුරුදු දුම්රිය ස්ථානයකදී, පැරණි අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින්, ටිකට් පතක් මිලදී ගැනීම වැනි අප පත්වෙන අසීරු අවස්ථාවන් බොහොමයකදී අපේක්ෂා කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීම පිණිස අපට මඟ පෙන්වනු වස් ඉක්මනින් සහ අවිඥානිකව අපි නිරන්තරයෙන්ම ‘අනුමාන ඇස්තමේන්තු’ (‘guesstimate’) සකසා ගන්නෙමු. එසේ වුවද, ළමුන්ට මෙන් අලුත් අලුත් දේ ඉගෙනීමේ හැකියාව තවමත් අප සතුව ඇත. මෙයින් හැඟවෙන්නේ මෙන්න මේ කාරණාවයි: කෙටි මං සෙවීමට අප තුළ ඇති පෙළඹවීම පාලනය කර ගත හැකි නම් අපට බොහෝ දේ ඉගෙනීමට පුළුවන්කමක් තිබිය හැකිය.

එහෙත් ඉතින් උගෙනීමට අපට සහජයෙන්ම ඇති බලවත් ආශාව ඇතිවන්නේ කොයිබින්ද? එමෙන්ම එමඟින් ඇතිවන ප්‍රයෝජන නැතහොත් ඒවායින් ඉටු වන කාර්යභාරය කුමක්ද? ඇවිදීම, කතා කිරීම ආදී වශයෙන් ජීවත් වීමට අදාළ මූලික කාරණා අප ප්‍රගුණ කළායින් පසුව අපට තව තවත් ඉගෙනීමේ අවශ්‍යතාවක් ඇතිවන්නේ ඇයි? පැත්තකට වෙලා දවල් සිහින දකිමින් විනෝදයෙන් කල් ගෙවන්නේ නැතිව, ඔබ මෙම ලිපිය කියවීමට තෝරාගත්තේ ඇයි?

අලුතින් යමක් උගෙනීමෙන් මානවයන් ලබන ආස්වාදය කුමක්දැයි සොයා බැලීමට තැත්කිරීමේදි ස්නායු විද්‍යාඥයෝ විද්‍යාත්මක ශබ්දකෝෂයට ‘infovore’ (තොරතුරු සෙවීමෙහි සහ අර්ථ දැක්වීමෙහි ආශාවෙන් එහි නිරතවන්නා) පදය හදුන්වා  දුන්හ. මේ සම්බන්ධයෙන්වන එක් මතයක් වන්නේ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය මගින් ක්‍රියාකාරී වන මොළයේ සුඛය(සන්තුශ්ටිය – pleasure) ගෙන එන ජාලා,  ලෝකය පිළිබඳ ඉගෙනීමට අප භාවිතා කරන ස්නායුක මංපෙත් වලටම  සම්බන්ධ වන බවයි. ඉතින් තොරතුරු මගින් මොළයේ එවැනි උත්තේජනයක් ඇති වන්නේ කෙලෙසද? mu-opioid(අබින් බඳු) ප්‍රති‍ග්‍රාහකය ලෙස හැඳින්වෙන රසායනික ප්‍රතිග්‍රාහක වර්ගයක් මෙහිදී වැදගත් වෙනවා විය හැකියි. mu-opioid ප්‍රතිග්‍රාහකය ඇතැම් මොළ සෛල පෘෂ්ටයෙහි දැකිය හැකිය. අනෙකුත් ප්‍රතිග්‍රාහක මෙන්ම මෙයද හෙරොයින් මෝෆීන් හෝ එන්ඩෝපීන (endorphins) ලෙස දැක්වෙන ස්වභාවිකව නිපදවෙන ද්‍රව්‍යය,  සුඛය සහ වේදනාව ඇතිකිරීමේදී මැදිහත්වන මොළයේ කොටස් තුළ දැකිය හැකිය. තවද ස්නායුක තොරතුරු මෙන්ම ස්මරණ පිරිසැකසුම් කරන (මොළ) ප්‍රදේශවලද mu-opioid ප්‍රතිග්‍රාහක දැකිය හැකිය.  වර්ණ වැනි මූලික කරුණු මොළය මගින් පිරිසැකසුම් කරනු ලබන මුල්ම අවදියේ සිට සවිඤ්ඤාණික සංජානනයේ පසු අවස්ථා දක්වා මෙම ප්‍රදේශවල ඇති ස්නායුක මංපෙත් ඔස්සේ ඒවා විශාල සංඛ්‍යා වලින් ඇතිවේ.

යම් වස්තුවක අනුරූපයක් වේවා නැතහොත් පිටුවක අඩංගු පෙළ වේවා හෝ පක්ෂියකුගේ ගීතයක් වේවා මොළයට ලැබෙන තොරතුරු එමගින් අර්ථ නිරූපණය කරනු ලැබීමට  මොළය තැත්කිරීමේදි මෙම ප්‍රදේශ ක්‍රියාකාරී වේ. මෙය සිදුවන විට mu-opioid ‍ප්‍රතිග්‍රාහක උත්තේජනය කෙරෙන (වේදනාව පිළිබඳ හැඟීම අඩු කරන) එන්ඩෝපීන  මුදා හැරෙන්නේ සුඛය නැතින්බම් සන්තුෂ්ටිය පිළිබඳ හැඟීමක් ඇති කරමිනි. එපමණක්ද නොව ස්නායුක පිරිසැකසෙන මං පෙත් ඔස්සේ තවදුරටත් ‍ mu-opioid ප්‍රතිග්‍රාහක සංඛ්‍යාව වර්ධනය වන හෙයින් ස්මරණ වඩාත්ම පණ ගන්වනු ලබන සහ වැඩිම අර්ථයක් කෙනකුට සපයා දෙනු ලබන තොරතුරු තමයි වැඩිම සුඛ ප්‍රතිචාර හටගන්වන්නේ. මෙන්න මේ අතිරේක වාසිය හෙවත් පාරිතෝෂකය මිනිසුන් නව තුරු සෙවීමට  පොලඹවයි

මේ බලපෑම් කිසියම් දිනක හීනවී යාද? එසේය, නැවත නැවත කිරීමෙන් එය හීන වී යයි.පොතක් දෙවැනි වරටත් කියැවීම එය ප්‍රථම වර කියවීමේ දී තරම් උත්තේජනයක් ඇති කරන්නක් නොවේ. එසේ වන්නේ මුල් වතාවේදී ඔබ පොත තේරුම් ගත්තේ නැතිනම් ය. පරිග්‍රහණය කළ සැණෙන් එන්ඩෝපීන මුදාහැරේ. එමෙන්ම අවබෝධය ලැබෙන තුරු යළි යළිත් මාතෘකාවක් වෙත යොමු වීමට පුද්ගලයෝ කැමැත්තාහ. පරිග්‍රහණය සිදුවීමට ළමයින්ට, වැඩිහිටියන්ට වඩා වේලාවක් ගතවේ. එකම කතාව නැවත නැවතත් ඇසීමට ළමුන් ප්‍රිය කරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට මෙය උපකාරී වේ.

උගෙනීමට දැන් පරක්කු වැඩිද?

old man learning සඳහා පින්තුර ප්‍රතිඵල

ඔබ දැන් ඇත්තටම සිසු විය(ශිෂ්‍යයකුගේ වයස) පසුකර සෑහෙන කාලයක් ගතවී ඇත්ද? එසේ වුවත්, මද පරිශ්‍රමයක් යෙදීමෙන් ඔබේ මතකයට තවමත් විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකිය. විද්‍යාත්මක වාර්තාවල JB වශයෙන් පමණක් හඳුන්වනු ලබන හිටපු උසස්-විද්‍යාල ගුරුවරයකු විසින් දක්වන ලද සුවිශේෂී දක්ෂතා කෙරෙහි සැලකිල්ල යොමු කරන්න. ඔහු සිය මතකය පුහුණු කිරීම ඇරඹුවේ වයස අවුරුදු පනස් අටේ දී ය. ජෝන් මිල්ටන් කවියාගේ සුප්‍රකට Paradise Lost කාව්‍ය සංග්‍රහයේ වචන 60,000ම පුදුමාකාර නිරවද්‍යතාවයකින් යුතුව ඔහුට කිව හැකිය.  JB වනපොත් කිරීම ගැන මෙයට කලින් සුවිශේෂී දක්ෂතා දැක්වුවෙක් නොවේ. ඔහු ස්මෘති උපක්‍රම යොදා ගත්තේද නැත. ඒ වෙනුවට කළේ, හුදෙක් චිත්ත බලය සහ දිනපතා ප්‍රගුණ කිරීම පිණිස පැය 3000කට වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීම පමණකි. ප්‍රමාණවත් කාලයක් හා ශ්‍රමයක් යෙදවීමෙන් තව පුද්ගලයන් බොහෝ දෙනෙකුට මේ හා සමාන වික්‍රම අත්පත් කරගත හැකිය. ඉගෙනීමට කාලය හෝ වයස බාධාවක් නොවෙයි යන කියමන මෙහිදී මතක් කර දිය යුතු වේ.

මෙම ලිපියේ මුල් කොටස පහත දැක්වේ.

අප ඉගෙන ගන්නේ කෙලෙසද?

ඉගෙනීම වනාහි ඔබේ මොළය නිතැතින්ම නැතිනම් ස්වභාවිකව කරනා දෙයකි. ඇත්තටම සලකතොත් ඔබ ඉපදීමට මාස කිහිපයකටම පෙර සිට අවදිව සිටින සෑම මොහොතකම ඔබේ මොළය ඉටුකරන කාර්යයකි. මව්කුස ගතකරද්දී ඔබ ගන්ධයන් සහ සංගීතය හඳුනා ගැනීමට උගත්තාහුය. එපමණක් නොව ඔබේ ස්වදේශීය භාෂාවක් සහ මවගේ කටහඬත් හඳුනාගත්තාහුය. ඉගෙනීම කියන්නේ, ‍ප්‍රයෝජනවත්(සහ ප්‍රයෝජනවත් නොවන) තොරතුරු සහ කුසලතා අත්පත් කරගන්නා සහ තැන්පත් කරගන්නා(ගබඩා කරගන්නා) ක්‍රියාදාමයටයි. ඒත් ඉතිං අප ඉගෙන ගනිද්දී අපේ මොළයට සිද්ධ වෙන්නේ කුමක්ද?

synapses

මොළය තොරතුරු පිරිසැකසුම් කිරීමේදී, නියුරෝන ඒවායේ අසල්වැසි නියුරෝන  හා සම්බන්ධ කෙරෙන හෝ යළි හකුලන සම්පාර්කන(synapses) වර්ධනය කරමින් සහ බල ගන්වමින්  එය (මොළය)සබඳතා ඇතිකරන්නේය නැතහොත්  බිඳ දමන්නේය. නිදසුනක් දක්වන්නේනම් එය, තවදුරටත් කිසිවකුත් ගමන් කිරීමට කිසිම උනන්දුවක් නොදක්වන ගමනාන්ත දෙකක් අතර දුම්රිය මාර්ගයක් ගලවා ඉවත් කරමින් ජනප්‍රිය ගමනාන්ත අතර නව දුම්රිය මාර්ගයක් තැනීම බඳුය. අප අළුත් යමක්  ඉගෙනීමේ ක්‍රියාදාමයට පිවිස සිටින විට අලුතෙන් සබඳතා තනාගැනීම, පැරණි ඒවා බිඳ දැමීමේ පාඩුවක් පිරිමසාලයි.  මීයන් යොදාගෙන සිදු කෙරුණු අධ්‍යයනයක දක්වන්නේ මෙකී යළි සැකසීමේ ක්‍රියාදාමය ඉතා ඉක්මනින් සිදු විය හැකි බවයි.  ඒ කියන්නේ  ආහාරමය පාරිතෝෂිකයක් ලබාගැනීම පිණිස සිදුරක් හරහා යාම වැනි කුසලතාවක් උගෙන ගෙන පැය ගණනක් වැනි කෙටි කාලයක දී සිදුවිය හැකි බවයි. තවද, මොලයේ ඇතැම් කොටස් වලදී විශේෂයෙනම් හිපෝකැම්පසයේදී මොළය ඉගෙනීමෙහි යෙදී සිටිමින්  නව මොළ සෛල වර්ධනය කරයි.

එහෙත්, පරිපථයක්  පිහිටුවායින්   පසුව එය තහවුරු කිරීමට නම් භාවිතයට ගත යුතු වේ. මෙය විශාල වශයෙන් මයලිනිභවනය (myelination) මත රැඳේ — එනම්,  ප්‍රමාණවත් වාර ගණනක් උත්තේජනය කළ පරිපථයක් මගින් මේදමය තුනී පටලයක් වර්ධනය කරණු ලැබීමේ ක්‍රියාදාමයයි. මෙකී පටලය සන්නයන වේගය වැඩි කරන්නේ පරිපථය කාර්යක්ෂම ක්‍රියා කිරීමට මග පාදමින්ය.

එසේ නම් උගෙනීමට සහ උගත් දේ රදවා තබා ගැනීමට හොඳ මාර්ගය  කුමක්ද? පාසල් අධ්‍යාපනය ලද අයකු නම් මීට ලැබෙන පිළිතුරෙන්  පුදුමයටපත් නොවන්නේය: අවධානය යොමු කරන්න,  ක්‍රියාකාරී ස්මරණය භාවිතයට ගන්න සහ අනතුරුව ස්වල්ප වේලාවකට පසුව එය යළි සිහියට ගන්න.

මේ ආකාරයට ඔබ, ඔබවම පරීක්ෂාවට ලක් කර ගැනීමෙන් ඔබේ මොළය මඟින් ඔබ සබඳතා ශක්තිමත් කරනු ලැබීමට සලස්වයි. තවද නව තොරතුරු කොටස් ඔබ දැනටමත් දන්නා දෙයට සම්බන්ධ කිරීමට සවිඤ්ඤානිකව උත්සාහ කිරීමෙන් මොළය තුළ සබඳතා තවත් ස්ථාවර කෙරෙන අතර අඩුවෙන් භාවිත කිරීම හේතුවෙන් ඇතිවන නාස්ති වී යාම හීන කිරීමට ද හැකි වනු ඇත.

Lifelong learning සඳහා පින්තුර ප්‍රතිඵල

යාවජීව අධ්‍යාපනය

උගෙනීම යන්න මුළු ජීවිත කාලය පුරාවටම සිදුවන්නකි. ඉතින් එහෙමනම්, අප වැඩිහිටි වියට එළඹීමෙන් පසුව උගැනීම මෙතරම් අසීරු වන්නේ ඇයි?

මෙතනදි ශුභාරංචිය තමයි පසුබැසීමට භෞතවේදීය හෙවත් කායික කාරණාවක් නැති බව පෙනී යාම. අලුත් දේ ඉගෙනීමට අප කොහෙත්ම ප්‍රමාණවත් කාලයක් ලබානොදීම සහ එසේ ලබා දුන්නේ වී නමුත් අප එය කරන්නේ සාමාන්‍ය ළමයෙකු කරන්නාක් මෙන් උනන්දුව සහ අවධානය ක්‍රමානුකූලව මිශ්‍ර කරගෙන නොවීම බොහෝ දුරට ඊට බලපෑ බවක් පෙනේ. ප්‍රශ්නය ඇත්තටම කායික හෙවත් භෞතවේදමය එකක් නොවන්නේ නම් එවිට එය අර්ධ වශයෙන් පරිපූර්ණතාවාදී හේතුවක් විය හැකිය. ගොල්ෆ් බෝලයකට පහරක් එල්ල කරන්නාක් වැනි කායික කුසලතා ඉගෙනීමට වැඩිහිටියන් පෙළඹෙන්නේ චලනයෙහි විස්තර ගැන අවධානය යොමු කරමිනි. කෙසේ වෙතත්, ළමුන් විස්තර ගැන වෙහෙසෙන්නේ නොමැතිව තමන් කැමති තැනකට බෝලය යැවීම සම්බන්ධයෙන් අත්හදා බලයි. ඉතින් වැඩිහිටියන් ද වැඩිකොට ළමුන් මෙන්  ඉගෙන ගන්නා විට, ඔවුන් විසින් වඩාත් වේගයෙන් කුසලතා ග්‍රහණය කර ගනු ලැබේ.

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ MEMORY AND LEARNING නම් වන හත්වැනි පරිච්ඡේදයෙහි  How do we learn? යන කොටස  ඇසුරෙනි

එක් ප්‍රතිචාරයක්

  1. විල …අති විශාල ජල පරිමාවකින් යුත් විශාල භූමි යන පැතිරී ඇත .විශාල,ජලජ..උභය ජීවීන් ප්‍රමානයක් ජීවත් වෙයි….අධික ඉඩෝරයට සිදී නොයයි…
    පොකුණ…කුඩා වපසරියක ජලය රදවා සිටී…ඉඩෝරයට සිදී යා හැක උල්පත් ආශි්‍රතව හට ගනී.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.