අදෘශ්‍යමානයි ඒත් සාර්වත්‍රිකයි
පේන්නේ තිබුණේ නැතුවට හැමතැනකම තියෙන දෙයක්
ක්ෂුද්‍ර ප්ලාස්ටික් අපේ වාතයේ, අපේ ආහාරවල මෙන්ම අපේ ජලයයේ පවතී. ඒවායින් සෞඛ්‍ය බලපෑමක් ඇතිවේද? ඒවා ගොඩ ගැසීම අනිවාර්යයෙන්ම එන්ට එන්ටම නරක අතට හැරෙන්නේය. මන්ද, පසුගිය සියවසක පමන කාලය මුලුල්ලේ අප විසින් නිපදවනු ලැබූ දළ වශයෙන් ටොන් බිලියන 8ක් පමණ වන ප්ලාස්ටික් බිඳවැටෙන නමුත් ජෛවී හායනයට හෙවත් වියෝජනයට ලක් නොවන හෙයිනි.
ක්ෂුද්‍රප්ලාස්ටික් ගැන විමසිලිමත් වීමේ දී මෙතෙක් වැඩිවශයෙන් අවධානය යොමු වූයේ වනජීවීන් සහ පරිසරය සම්බන්ධයෙන් වන අතර ඒ දෙ අංශයටම හානි පැමිණි බවට සාක්ෂි තිබේ. එහෙත් දැන් දැන් එම අවධානය හැරෙන්නේ මානවයන් කෙරෙහිය. ඉතින් ප්ලාස්ටික් කුඩා අංශු වෙතින් යම් හානියක් මනුෂ්‍ය ශරීරයට සිදුවේ නම් ඒ කුමක් ද?
මේ අවස්ථාවේ දී නම් පිළිතුරු වලට වඩා ඇත්තේ ප්‍රශ්නය. අපගේ නොදැනුවත්කම නිසි පර්යාලෝකයෙහි තබන්නේ නම්, නැනෝ ප්ලාස්ටිශ් යනුවෙන් හඳුන්වනු ලබන ඉතාම කුඩා අංශු සැබවින්ම පවතින්නේ ද යන්න පවා අපි හරිහැටි නොදන්නෙමු — එහෙත් අපේ සෞඛ්‍යයට වඩාත්ම හානිකර යයි උපකල්පනය කෙරෙන්නේ ඒවාය!
Current opinion: What’s a nanoplastic?
මෙහිදී සුබ ආරංචියවන්නේ එල්ලවිය හැකි තර්ජනය ගැන දැන් දැන් පර්යේෂකයන්ගේ ඇස් යොමුවෙමින් පවතින අතර ඔවුන් යම් යම් විසදුම් සෙවිම පිණිස යුහුසුලු වීමයි. එහෙත් ඊට ම අදාල අසුබ ආරංචිය වන්නේ ප්‍රශ්නය නිසියාකාරව ඇගැයීමකට ලක් කිරීම පිණිස තවත් අවුරුදු ගණනාවක් ගතවේය යන්නයි. තවද, මෙම කටයුතු වෙනුවෙන් අරමුදල් සැපයීම ද තවම පවතින්නේ ඉතා අඩු මට්ටමකය: හුදෙක් යුරෝ මිලියන කිහිපයක් පමණකි. ප්ලාස්ටික්වලින් ඉමහත් වස්තුවක් ගොඩනගා ගෙන ඇති ප්ලාස්ටික් නිශ්පාදකයන් සිය කර්මාන්තය හේතුවෙන් එන්ට එන්ටම බහුලව ගොඩ නැගෙන අපද්‍රව්‍ය මහා කන්දරාව පිරිසිදු කර දැමිමට කෙරෙන පර්යේෂ්න පණ ගැන්වීම සඳහාවත් සිය පසුම්බියට අත පොවා අරමුදල් සැපයීම ගැන සලකා බැලීමට ද බාගදා ඉඩ ඇත.
සමහර විට ක්ෂුද්‍ර ප්ලාස්ටික් අනතුර හුදු හුඹස් බියක් වෙන්නට නුපුළුවන්ද? මානවයන්ගේ සෞඛ්‍යයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් සුවිශේෂී තර්ජනයක් ගෙන ඒ නම් බාගදා අපට මේ වන විට එහි ඵලවිපාක දැකගත හැකිවිය යුතු යයි තර්ක කළ හැකිය. මේ තර්කය නම් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අනතුරෙන් බෙරීම සඳහා එල්ලි ගෙන සිටිමට තිබෙන ‘පිදුරු ගසක්’ පමනකැයි පෙරළා තර්ක කරතොත් එය ඇත්තටම පිදුරු ගසක් පමණකි. මේ මොහොතේ අප ආරක්ෂිත බවක් පෙණි යාමට ඉඩ ඇතත් අපේ මේ ඊනියා “උපාය කෞෂල්‍යය” අනාගතයේ ඇතිවන ස්වභාවික ලෝක පරිහානිය සඳහා ගෙවන මිලක් බඳු විය හැකිය.
New Scientist(07-12-2019) සඟරාවෙහි පලවූ Invisible, but ubiquitous යන ලිපිය ඇසුරෙනි