ළමා මානසික හිංසනයේ සංඥා සහ ලක්ෂණ
විවිධ හේතුන් නිසාවෙන්, ඒ කියන්නේ වාචික, කායික සහ මනෝවිද්‍යාත්මක වේවා — විවිධ හේතූන් නිසාවෙන් මානසිකව හිංසනයට පත්වන ළමුන්ගේ කායික ලක්ෂණ හඳුනා ගනු ලැබ, ඒවා මෙලෙස යයි හුවාදැක්වීම කිසිසේත් පහසු කාර්යයක් නොවේ. එසේ වුවද මානසික හිංසනය හේතුවෙන් කුඩා ළමයින් මෙන්ම ගැටවර වියේ ළමුන් අතරේ සංඥා හා ලක්ෂණ විවිධ ආකාරයෙන් මතු විය හැකිය. මින් බොහෝමයක් හඳුනා ගැනීමට හැකි වන්නේ ළමයා කලක් තිස්සේ, නිරතුරුව හා සුපක්ෂාකාරීව නිරීක්ෂණය කිරීමෙනි. එහි දී උපකාරී විය හැකි සංඥා හා ලක්ෂණ කිහිපයක් මෙහි දක්වමු:
- ආත්ම විශ්වාසය අඩු වීම (ළමයා) තමන් ගැන තමන්ටම ඇති ඇගයීම අඩුවීම, හුදකලාව නැතිනම් වෙන්ව සිටීමට කැමැත්තක් දැක්වීම.(අනුන් සමග සබඳතා ඇති කර ගැනීම මෙන් ම සබඳතා පවත්වාගෙන යාමට පසුබට වීම)
- අන් අය විශ්වාසයට නොගැනීම හා අන් අය කෙරෙහි නොමනා බියක් දැක්වීම. සහකම්පනය (empathy) පහළ මට්ටමක පැවතීම
- කාංසාවෙන් සහ විෂාදයෙන්(depression) පසුවීම
- කිසි දෙයක් ගැන උනන්දුවක් නොදැක්වීම. විශේෂයෙන්ම පෙරදා දැඩි උනන්දුවක් තිබූ කාරණා ගැන ඇල්මැරුණු ස්වභාවයකින් සැලකීම. උට්ඨානවීර්යය හීනවීම. මානසිකව සමාජීයීයව හා/හෝ අධ්‍යාපනික වශයෙන් පසුබෑම.
- පැහැදිලි හේතුවක් නොමැතිව බියට පත්ව සිටීම. නින්දාවට පත් වූ ආකාරයක් හෝ වරදකාරී බවට අදාළ හැඟීම් පෙන්නුම් කිරීම.
ඉහත දක්වා ඇති ලක්ෂණ හෝ ඊට ආසන්න නැතහොත් සමාන ආකාරයක ලක්ෂණ වෙනත් හේතු (උදාහරණ ලිංගික හෝ කායික අපචාරයට ළමයා ලක්ව තිබීම) නිසාද ඇතිවිය හැකි අතර කලින් සඳහන් කළ පරිදිම් ළමයාගේ චර්යා රටාව සහ කතාබහ සහ ආකල්ප වල වෙනස්කම් හරිහැටි හඳුනාගත හැක්කේ සියුම්ව, සුපරීක්ෂාකාරීව ළමයා කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙනි. ඒ සඳහා උපකාරී විය හැකි තවත් ලක්ෂණ කිහිපයක් දකින්නේ නම් මානසික හිංසාවට පීඩනයට පත්ව සිටින ළමයා:
- නිතර හඬන සුළු නැතිනම් හැඟුම්බර ය.
- වැඩිහිටියන්ගේ විශේෂයෙන්ම දෙමාපියන් සහෝදර ආදින් ගේ නෙතට නෙත ගැටීම මගහරී.
- නින්ද යාමේ අපහසුතාවලින් සහ කතා කිරීමේ ආබාධ වලින් පෙලේ. අනිවාර්යකරණය (compulsions – යමක් කළ යුතු යැයි හෝ අවශ්‍යයයි තදින් කියා සිටීම) භ්‍රස්තිය (obsessions – තදින් ආශක්තවීම) භීතිකාව(phobias, (සැනින් ඇතිවන) හිස්ටීරියාත්මක අවස්ථා(hysterical outbursts) ප්‍රදර්ශනය කරයි.
- යෝග්‍ය නොවන ආකාරයේ ආක්‍රමණශීලීබවක්, විනාශකාරී ස්වරූපයක් හෝ අනුන්ට සැර පරුෂ ලෙස සැලකීම සහ බොහෝ විට තමන් ගැන ඍණාත්මක ප්‍රකාශ කිරීමට පෙළඹෙයි.
- සම වයසේ පසුවන ළමුන් සාමාන්‍යයෙන් ප්‍රිය කරන හෝ සහභාගි වන ක්‍රියාකාරකම් හෝ අත්දැකීම පිළිකෙව් කිරීම.
මෙකී ලක්ෂණවලට අමතරව හෝ ඒවාත් සමගම හෝ වයසින් වැඩි ළමුන් මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට පෙලඹිය හැකියි. මානසික හිංසාවෙන් පීඩාවට පත්වූ ඇතැම් එවැනි ළමයි, තමන්ව පීඩාවට පත් කරන අය පමණක් නොව දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාතීන් වෙනුවට සහනයක්, සැනසීමක් පතා පිටස්තරයන් වෙත යොමුවන්නට ඉඩ ඇති අතර එවිට බොහෝ අවස්ථාවල (එවැන්නන් සමග) ලිංගික සබඳතා ද ඇතිකර ගනී.(මන්ද බොහෝවිට එවැනි පිටස්තරයන්ගේ අරමුණම ළමයා පත්ව ඇති අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීම වන නිසාවෙනි)
මානසික හිංසනය හේතුවෙන් මෙලෙස ළමුන් කෙරෙහි ප්‍රකට වන ඉඟි සහ ලක්ෂණවලට අමතරව ළමයා මානසිකව පීඩාවට පත් කරන අයවලුන් කෙරෙහි ද යම් ඉඟි හා ලක්ෂණ දැකගත හැකි වේ. මොවුන් දෙමාපියන්, ළමයා රැකබලා ගන්නන් හෝ නිතර නිවසේ සිටින වෙනත් වැඩිහිටියන් විය හැකිය. ළමා මානසික හිංසනය පිටු දැකීමට නම් මේ ලක්ෂණ ද දැන සිටීම ප්‍රයෝජනවත් ය.
– එකම පවුලේ ළමුන්ට වෙනස් ආකාර වලින් සැලකීම
– (හිංසනයට පත් කරන) දරුවාගේ කිසිම හොඳක් හෝ ධනාත්මක ලක්ෂණ නොදැකීම.(මෙම හේතුව සහ වෙනත් හේතු නිසා) හැමදේටම හැමවෙලේම ළමයාට බැනවැදීම, ළමයා හෑල්ලුවට ලක් කිරීම
– (ළමයා කෙරෙහි) නොසැලකිලිමත් ගතියක්, නොරුස්සන ගතියක් පළ කිරීම. එවැන්නෝ ළමයා අතර පරතරයක් තබා ගැනීමට තැත්කරති.
– ළමයා පිළිකෙව් කිරීම. ළමයාට (ඔවුන් වෙත) පහසුවෙන් ළං වීමට ඉඩ නොඩ්ජීම.
– ආදරය කිරීමෙන් වැලකී සිටින අතර ආදරය නොදක්වන බව ප්‍රකට කිරීම
– ළමයාගේ ප්‍රශ්න, අපහසුතා හෝ අවශ්‍යතා ගැන කිසිදු උනන්දුවක් නොදැක්වීම.
ළමා මානසික හිංසනයේ ප්‍රතිඵල ගැන ඊළඟ සතියේ සාකච්ඡා කරමු.
eschooltoday හි පළවන Your basic guide to emotional child abuse ලිපියෙහි What are the signs of emotional child abuse?
කොටස ඇසුරෙනි.