අපේක්ෂා හීනකරමින් මෙවර දේශගුන සාකච්ඡා නිමාවට පත්වෙයි

Posted by

අපේක්ෂා හීනකරමින් මෙවර දේශගුන සාකච්ඡා නිමාවට පත්වෙයි

මැඩ්රිඩ් නුවරදී සති දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුන සාකාච්ඡා වැඩි සාර්ථකත්වයකින් තොරව පසුගිය ඉරිදා අවසන් වූයේ පැරිස් දේශගුන සම්මුතියට අදාල ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් එතරම් ප්‍රගතියක් සළකුණු කිරීමට අපොහොසත්වෙමිනි.

සාකච්ඡා බිඳ වැටුණේ සම්මුතියකට එළඹීමේ අරමුණෙන් නියෝජිතයන් සමුළුව නිල වශයෙන්  අවසන් වීමට තිබූ කාලය ඉක්මවා පැය 40ක් පමණ වේලාවක් ප්‍රයත්න දැරීමෙන් පසුවය.  දීර්ඝ කාලයක් මුළුල්ලේ නිදි වරමින් දැරූ ප්‍රයත්න පැරිස් සම්මුතියේ පරිපාටි පොතේ අග කොටස ගැන එකඟත්වයකට පත්වීම සඳහා මග පෑදීමට  සමත් වූයේ නැත: 2015 දේශගුන සම්මුතියට අන්තර්ජාතික කාබන් වෙළඳපොළ උපකාරී වන්නේ කෙසේද යන්න ගැන මාර්ගෝපදේශයි ඒ.

මෙවර සාකච්ඡා අසාර්ථක වීම ගැන වැඩියෙන්ම චෝදනා එල්ල වූයේ සාකච්ඡා මෙහයවූ චිලී දූත පිරිසටයි. විවිධ නියෝජිත කණ්ඩායම්වල අවශ්‍යතා තුලනය කිරිමට අපොහොසත් වීම මෙන්ම සැමවිටම ප්‍රමාදයන් ඇති කළ සකාච්ඡා ක්‍රියාදාමය මෙලෙස දෝෂ දර්ශනයට ලක්විය. තවත් චෝදනාවක් වූයේ සාකච්ඡා ඇරඹී දෙවැනි සතිය දක්වා යනවිට පවා කාබන් වෙළඳාම වැනි ප්‍රධාන ගැටලු සම්බන්ධ්යෙන් පොදු එකඟත්වයක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වීමය.

පිළිසැසඳීමේ දී, සාකච්ඡාවල ඇල් මැරුණු ස්වරූපයත් සමුළුවේ මුල් සතිය අවසන් වන විට මැඩ් රිඩ්  වීදී වලට සිය දහස් ගණනින් රැස් වුණු උද්ඝෝෂකයන්ගේ  උද්‍යෝගයත් අතර වෙනස තදින් කැපී පෙනිණ. දේශගුන ප්‍රශ්න සම්බන්ධයෙන් හදිසි අවස්ථා මට්ටමින් සලකා ක්‍රියා කාරී විය යුතු යයි ස්වදේශික ජනතාවගෙන්, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන්ගෙන්, විද්‍යාඥයන්ගෙන්, තරුණ කොටස් ආදීන්ගෙන්  සමන්විත  උද්ඝෝෂකයෝ දැඩිව ඉල්ලා සිටියහ.

සාකච්ඡාවන්ට එල්ලවූ ප්‍රධාන බාධකය කේන්ද්‍ර ගත වූයේ කාබන් වෙළඳාම සහ හිලව්කිරීම ගැන සඳහන් වන පැරිස් සම්මුතියේ 6 වැනි වගන්තිය කෙරෙහිය.

පාරිසරික ඒකාබද්ධතාව මෙන්ම නව බහුජාතික විමෝචන  වෙළඳපොලක දී මිළඳී ගැනිමටත් විකිණීමටත් සුදුසුකම් ලබන්නේ කුමණ කාබන් බැරකිරීම් ද යන්න සහතික කිරීමේ  හොඳම ක්‍රමය ගැන  පැරිස් සම්මුතියෙන් අනතුරුව ඒ ඒ රටවල් දැරූ ආස්ථානය දැඩිව දර්‍රා සිටීම මැඩ් රිඩ් සාකච්ඡා ඇණ හිටිමට බලපෑවේය. අවසානයේදී තීරණය වූයේ මෙකී පරස්පරතාවයන් දුරලීම පිණිස හයමාසයක කාලයක් ලබා දී  තීරණ ගැනීම ලබන ජූනියේ ජර්මනියේ බොන් නුවර පැවැත්වෙන රැස්වීමක දී සිදු කිරීමටය.

දුප්පත් රටවලට ආධාර කිරීම සඳහා වූ යාන්ත්‍රණයක් සම්බන්ධයෙන් ගත යුතු ඊළඟ පියවර  වැනි අනෙකුත් විවාදාත්මක ප්‍රශ්න ගැන එකඟත්වයකට පත්වීමට සාකච්ඡාවලට සහභාගී වූවනට හැකිවීමෙන් පසුව පවා කාබන් වෙළඳපොළ ගැන අරගලය හේතුවෙන් සමුළුව පාර්ශව දෙකකට බෙදිණ.

එක අතකින් කුඩා කොදෙව් රාජ්‍යයන්, ඌණ සංවර්ධිත රටවල්, යුරෝපා සංගමය සහ චිලී රාජ්‍යය ඇතුළු ලතින් අමෙරිකානු රාජ්‍යයන් කිහිපයක සන්ධානයකි.

අනෙක් පාර්ශවයෙන් වූයේ, බ්‍රසීලය පෙරටු කර ගත් ප්‍රධාන පෙළේ සංවර්ධනය වෙමින් පවතින රටවල්ය. ඔවුන්ගේ අරමුණ වූයේ, අනාගත කාබන් වෙළඳපොළ පිළිබඳ පැරිස් සම්මුතියේ ක්යෝටෝ මූලලේඛයේ(Kyoto Protocol) සඳහන්, දනට කල් ඉකුත්වෙමින් පවතින ‘පවිත්‍ර සංවර්ධන යාන්ත්‍රනය'(Clean Development Mechanism) යටතේ ඉතිරිවූ කාබන් බැරකිරීම් තම රටවල පෞද්ගලික මගින් අළෙවි කරනු ලැබීම ධෛර්‍යමත් කිරීමයි. මෙයට  අමතරව පැරිස් සම්මුතිය යටතේ ද්විත්ව ගණන සීමාවෙන් ව්‍යාතිරේකයක් ලබාගනීමට බ්‍රසීලයට වුවමනාවිය.(තම රටේ කාබන් විමෝචන වලට හිලව් කිරීමට අමතරව පැරිස් වෙලඳ පොළේ කාබන් බැර අළෙවියට ද්විත්ව ගණනය යටතේ අවසරය)

මැඩ්රිඩ් සාකච්ඡා ප්‍රථිඵල දුර්වල මට්ටමක පැවතුනත්, ලබන වසරේ ස්කොට්ලන්තයේ, ග්ලැස්ගෝ හි පැවැත්වෙන සාකච්ඡාවලට පොරාතුව අදාල පාර්ශව දැඩි ප්‍රතිඥා දෙනු ඇතැයි පරිසරවිද්‍යාඥයෝ බලාපොරොත්තු පළ කරති.

තව ද,  තීර්ණාත්මක ක්‍රියාමාර්ගයකට යාම පිණිස අනෙකුත් රටවල පෙළඹීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදය පැරිස් සම්මුතියෙන් ඉවත්වීම  බලපා ඇතැයි මෙම සාකච්ඡ්චාවලදි පෙනී ගිය බව ද ඔවුහු සඳහන් කරති. “ඇමරිකාවට මේ ගැන තැකිමක් නැතිනම ඇයි අපි පමණක් අනුකූලතාව දක්වන්නේ? යනුවෙන් චීන රජය කල්පනා කරනවා ඇති” යයි Climate Analytics  හි බිල් හෙයාර් පෙන්වාදෙයි.

 

E&E News(December 16)  වාර්තාවක් උපුටා දක්වමින් Scientific American හි පල කෙරුණු  U.N. Climate Talks Limp to a Disappointing Close යන ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.