ස්මරණය සහ උගෙනීම: ඥානයේ ශක්තිය උපයෝගී කරගැනීම

Posted by

ඥානයේ ශක්තිය උපයෝගී කරගැනීම

ඥානය හෙවත් දැනුම හුදු මතකයෙන් (ස්මරණයෙන්) ඔබ්බට යන්නකි.  ඒ ඔබගේ ලෝකය පිළිබඳ අනර්ඝ අවබෝධයක් ඇති කරවමිනි. මොලයේ වඩාත්ම ප්‍රයෝජනවත් අංගයක් වන්නේ තොරතුරු කොටස් හෙවත් කැබලි අවශෝෂණය කරගැනීමටත්, ඒවා අතර සම්බන්ධතා ඇතිකර ගැනීමටත් ඇති හැකියාවයි. එහෙත් ඥානය යනු සත්‍ය වශයෙන්ම කුමක්ද? එමෙන්ම,තොරතුරු ගබඩා කෙරෙන්නේ, සංවිධානය කෙරෙන්නේ සහ අවශ්‍ය වෙලාවක ආපසු මෙනෙහි කරන්නේ කෙසේද?

ඥානය හෙවත් දැනුම යනු හුදු තොරතුරුවලට වඩා වැඩි දෙයකි. අප දන්නා කුඩාම මොළයක හිමිකරුවකු වන Caenorhabditis elegans වට පණුවා පවා සිය පරිසරය පිළිබඳ තොරතුරු උපරිම වශයෙන් දැන ඝනීමට මෙන්ම  ඒ අනුව දිවි රැකගෙන පැවතීමට මෙන්ම ස්වකීය වර්ගයා බෝ කිරීමට ඇති අවස්ථා උපරිම කර  ගනු වස් ගවේෂණයේ යෙදේ. ඒ කෙසේ වෙතත් අප දන්නා පරිදි නම් අපේ විශේෂය (මානවයන්) හැරුණුකොට වෙන මෙලෝ සත්වයෙක් විශ්වයේ සම්භවය සොයා වෙහෙසෙන්නේ නැත. දැනගැනීම (Knowing) වනාහි (අප තේරුම්ගෙන එය ඇති පරිදි නම්), විවිධ අවස්ථාවල සහ විවිධ සන්දර්භ තුළ ප්‍රයෝජනයට ගනු වස් තොරතුරු අමුර්තනයට හා අර්ථ නිරූපණයට හා සම්බන්ධය. අප හට නුහුරු සම්පූර්ණයෙන් අලුත් තත්ත්වයන් හෝ අවස්ථාවන් පිළිබඳ නිර්ණාත්මක ආකාරයෙන් ක්‍රියා කිරීමට ඥානය අපට ඉඩ සලසා දෙයි.

මෙම ලිපිය කියවීමෙන් එහි ගැබ්ව තියෙන සත්‍යයන් යුක්තියුක්ත කිරීම ඇගයීමට ලක් කිරීමෙන්  බාගදා ඔබේ කුසට හොඳ ආහාර වේලක් ලැබෙන්නේ වත්, එහෙමත් නැතිනම් ඔබ සමග සබඳතාවක් ඇති කර ගැනීමේ හැකියාව තිබෙන කෙනෙකුට ඔබව අමුතුවෙන් ආකර්ෂණීය ලෙස පෙනීයන්නේ වත්(වක්‍ර ආකාරයකට හැර) නැත. එය එසේ වන නමුත් මොළ මූර්තණ(brain-imaging) අධ්‍යයන පෙන්නුම් කරන්නේ එතරම් වැදගැම්මක් නැති ප්‍රශ්න වලට අප පිළිතුරු සපයන විට ආහාර සහ ලිංගික ක්‍රියාවන්ට සම්බන්ධ අපගේ ප්‍රතිචාරයන් හා අදාල වන මොළයේ කොටස් ප්‍රබෝධමත් වන බවයි. මින් හැඟීයන්නේ අපේ එකී මූලික පාරිතෝෂික හා සමානව අප දැනුම ද  සලකන බවයි.

brain imaging සඳහා පින්තුර ප්‍රතිඵල

අප ප්‍රථමයෙන්ම ඥානයට ඇලුම් කරන්නට පටන් ගත් අන්දම ගැන නිශ්චිත විස්තර සදහටම අපෙන් ඈත්ව පවතින්නට පුළුවන. එහෙත් තනි තනි පුද්ගලයන් හැටියටත් විශේෂයක් හැටියටත් අපේ පැවැත්මට මෙන්ම සඵලත්වයට මගපාදන මෙවලම් බොහෝවිට වචනාර්ථයෙන්ම ගතහොත් — කපන තල සහ ගින්දර එවන් මෙවලම් යයි ඔබ සිතන්නේ නම් – එවැනි මෙවලම් අපට සපයා දෙමින්   එමගින්(ඥානය) බල ගන්වනු ලැබුවේ කෙසේද යන්න දැක ගැනීම පහසුය. ඥානය අදත් අපට සපයනවා මෙන්ම අපට අතීතයේ දී ද තාක්ෂණික ප්‍රගතියේ මායිම් වලදී මෙන්ම අපේ එදිනෙදා ජීවිතයේ දී  අපට ඉතා හොඳින් සේවය කර ඇති හෙයින් අප ඉතින් එක්තරා අන්දමකට එයට ඇබ්බැහි වී සිටින්නෙමු.

ඔව් ඥානය යනු හුදෙක් ඔබ ගබඩා කර ගන්නා තොරතුරු කුමක් ද යන්න ගැනම නොව ලෝකය පිළිබඳ විස්තරාත්මක එමෙන්ම සරු අවබෝධයක් නිර්මාණය කරන අන්දමට ඔබ දන්නා සියල්ලට සම්බන්ධවෙන ලෙස ඔබ එය (ඥානය)  සංවිධානය කරගන්නා ආකාරය ද වේ. එය පැහැදිලිවම ස්මරණය මත රඳා පවතී. විශේෂයෙන්ම වස්තූන්, ස්ථාන පරිසිද්ධි(facts) සහ පුද්ගලයන් පිළිබඳ පොදු තොරතුරු ගබඩා කර ගන්නා ආකාරයේ ස්මරණය (මෙය ශබ්දාර්ථ ස්මරණය ලෙස හඳුන්වනු ලැබේ) හෙවත්  ස්මෘතිය මත රඳයි. මෙය තමයි ප්‍රංශයේ අගනුවර පැරීසිය ලෙස දන්නා එහෙත් සති අන්තයක් විවේකීව පැරීසියේ ගතකළ අත්දැකීමේ මතකයන් ගබඩා කර නැති ස්මරණය කොටස. නිදසුනක් ලෙස දක්වතොත් සුනඛයකු දුටුවිට සුනඛයන් පිළිබඳ අනෙකුත් තොරතුරු එනම්: ඔවුන්ගේ පෙනුම ගඳ-සුවඳ, ශබ්ද හා චලනයන් එමෙන්ම ඔවුන් හීලෑ කරන ලද වෘකයන්  යන්න ද ඔවුන් පිළිබඳව ඔබට දැනෙන සිතුවිලි ද ආදී තොරතුරු කොටස් ක්‍රියාකාරී කරයි.

ඈඳීමේ පද්ධතිය(Tagging system):

අපගේ මොළය මේ දැවැන්ත වික්‍රමය සපල කර ගන්නේ කෙසේද යන්න කොහෙත්ම පැහැදිලි නැත. එහෙත් මීට අදාල එක් මතකයක් හැටියට එයට(මොළයට) අප දන්නා සහ අපට හමුවන සියල්ලට ප්‍රවර්ග ඇඳීම සිදු කරන කේන්ද්‍රස්ථානයක් ඇත යන්න දැක්විය හැක.  අදාළ දේවල් අපට සම්බන්ධ කිරීමට ඉඩ සලසන මෙම කේන්ද්‍රය පිහිටා තිබීමට ඉඩ ඇති ස්ථානයක් වන්නේ මොළයේ අපර ශංඛක පිණ්ඩක යයි(anterior temporal lobe (ATL)). ශබ්දාර්ථ, චින්තන වික්ෂේපයෙන් (semantic dementia) පෙළෙන අයගේ  අපර ශංඛක පිණ්ඩකය  නරක අන්දමට බලපෑමට ලක්වේ. මෙම තත්වයෙන් පෙළෙන්නන්ගේ වචන සහ වස්තූන් පිළිබඳ අර්ථ ගැන දැනුම එන්ට එන්ට ම පිරිහී යන නමුත් ඔවුන්ගේ කුසලතා හැකියාවන් සහ ස්වයං චරිතාපදානමය මතකයන් රඳවා තබා ගැනීමට හැකි වේ. විද්‍යුත් චුම්බක ස්පන්දනය මගින් අපර ශංඛක පිණ්ඩකය   තාවකාලිකව අඩපණ කර දමනු ලැබූ විට පුද්ගලයන්ට වස්තු නම් කිරීමට ඇති හැකියාව සහ වචනවල අර්ථ අවබෝධ කර ගැනීමේ හැකියාව නැතුව යයි.

මේ පද්ධතිය නැතහොත් ක්‍රමය නොමැතිනම් කරුණු කාරණා එකට ගැලපෙන්නේ කෙසේද යන්න ගැන අවුලට පත්ව කාලය ගෙවන්නට අපට සිදුවේ. නිදසුනක් ගෙන බලමු: ඔබ ඡායාරූප හා චිත්‍ර කැපූ කොටස් අලවමින් කොලාජ් චිත්‍රයක් තනමින් සිටින්නේ යැයි සිතන්න. හදිසියේම (ඡායාරූප හා චිත්‍ර  අලවන) අලවන පටි අහවර වී ගියොත්, ඒ වෙනුවට (ඇලවීම සඳහා) ගම් බෝතලයක් භාවිත කළ හැකි බව ඔබ සිතා බලා දැනගන්නේ කොහොමද? ගම් බෝතලය හැඩයෙන්, වර්ණයෙන් හෝ එය යොදා ගන්නා ආකාරයෙන් පවා වෙනස්ය. අලවන පටි වලට වඩා වර්ගයන්හි සමානත්වය විදහා දක්වන නියෝජනයක් ඔබට අවශ්‍ය වේ.

ඉතින් ලෝකය පිළිබඳ අවබෝධය අපට ලැබෙන්නේ මොළයේ ඇති දැවැන්ත තොරතුරු ගබඩාවෙන් සහ ඊට අමතරව තොරතුරු සොයා ලබා ගැනීමට හා සම්බන්ධ කිරීමට ඇති ක්‍රමයක් මගිනි. එහෙත් ඉතින් ඊට වුවමනාවට වඩා වැඩි බරක් පැටවෙන්නෙ නැද්ද?

අපේ දැනුම් සංග්‍රහය වර්ධනය වෙද්දී එය තබා ගැනීම සඳහා ‘එක මොළයකට ඇති ධාරිතාව ඉක්මවා යන්නේය යන්න’ පොදු වචනාලංකාරයෙන් දක්වන යෙදුමකි.

දැනුමේ සීමාවන්

මෙහිදී සුබ ආරංචියක් ලෙස දැක්විය හැක්කේ මොළයට ගැළපෙන නැතිනම් අල්ලන දැනුමේ ප්‍රමාණයේ සීමාවන් නැති බව පෙනී යාමයි. අප දන්නා තරමින් නම් මෙලොව කිසිවෙකුටත් එවැනි (මොළයේ තොරතුරු තබාගැනීමේ)ගබඩා පහසුකම් හිඟ වී යාමක් ගැන අසන්නට නැත. එසේ වුවද නූතන ලෝකයේ පිරිසැකසීමට ඇති හුදු අති විශාල තොරතුරු ප්‍රමාණය නිසැකවම එක් තනි පුද්ගලයකුට එය(එම විශාල තොරතුරු ප්‍රමාණය)  පිරිසැකසුම් කිරීමට ඇති ධාරිතාව නිසැකවම ඉක්මවා යන්නේ ය. මනුෂ්‍ය මොළයක දළ වශයෙන් සම්පර්ශක ට්‍රිලියන(මිලියන මිලියනයක්) 86 ක හා වංකගිරියක ආකාරයෙන් සම්බන්ධ වන නියුරෝන බිලියන 86 ක් ඇත. මේ ප්‍රමාණය සමකළ හැක්කේ පෙටබයිටයක(petabyte = එක්දහසක් මිලියන, මිලියන) තොරතුරු ගබඩා ධාරිතාවකි. එනම් ටෙරාබයිට 1ක මෙමරියක් (ස්මරණයක්) සහිත නවීනතම ලැප්ටොප් පරිගණකයට වඩා දහස්වාරයක් වැඩි ප්‍රමාණයකි. මෙවැනි සංසන්දන වලින් යමක් නොකියවෙන තරම්ය. ඥානය නිර්මාණය කිරීම යනු දත්ත ඒකරාශී කිරීමට වඩා බෙහෙවින් වැඩි එකකි. තවද ඔබේ මොළය යනු හිස් පෙටබයිට ස්මරණ උපකරණයක්(memory stick) නොවේ. එය එවැන්නක් නම් එහි උඩු ගත කිරීමේ මන්දගාමී අනුපාතය හේතුවෙන් බලාපොරොත්තු කඩ වී ආපසු එය මිලදීගත් සාප්පුවට ම යවනු ඇත.

එක් තනි මොළයකට කොපමණ නම් දැන ගැනීමට හැකිද යන්න ගණන් බැලීමේදී මෙය අසීරුතාවයක් බවට පත්වන්නේ මෙලෙසයි: අප කිසිදාක මොළයක් පිරෙන්න පුරවා බලා නොමැත. පිරිසැකසුම් සීමාවක් කරා ළඟාවීමට පෙර අපි නොවැරැදීම කාලය වශයෙන් සීමාවක් කරා පැමිනෙන්නෙමු. නිදසුනක් හැටියට බහු භාෂාවේදී Alexander Argüelles ගන්න. දැනටමත් භාෂා පනහකට අධික සංඛ්‍යාවක විශාරදයෙක් වන ඔහු කියා සිටින්නේ ‘මට කාලය ගෙවන්න සම්පූර්ණ නිදහස ලබා දෙන්න………එහෙම නම්  මට පැහැදිලිවම භාෂා සීයයක විශාරද බව ලබාගන්න පුළුවනි’යනුවෙනි. ඒත් ඒ ඔහුගේ ජීවිතයේ අනෙකුත් සියල්ල ඇපයට තබමිණි.

අපගේ මොළයේ පටු කලාප සීමාවට අපව අධෛර්යයට පත් කිරීමට ඉඩ දිය යුතු නැත. කාලයත් සමග මානව ඥානයේ ප්‍රමාණය සහ සංකීර්ණතාව වැඩි වී ඇත්නම් ඥානය ලබාගැනීමේ මාර්ගය ද වර්ධනය වී තිබේ. එය කථන හා ලිඛිත භාෂාව මෙන්ම  මුද්‍රණ යන්ත්‍රය සහ වර්තමානයේ අන්තර්ජාලය ද සමඟය. මෙලෙස ඥානය බහුලවෙද්දී ප්‍රගතියට බාධාව පවතින්නේ මොළයට දැරිය හැකි දැනුමේ ප්‍රමාණය මත නොව එහි ගුණාත්මක බව මතයි.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ MEMORY AND LEARNING නම් වන හත්වැනි පරිච්ඡේදයෙහි  Harness the power of knowledge යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.