ස්මරණය සහ උගෙනීම: සතුන්ට කවදා හෝ අමතකවීම් සිදු වෙනවාද?

Posted by

සතුන්ට කවදා හෝ අමතකවීම් සිදු වෙනවාද ?

සෑම උදෑසනකම ඇවිදීමට පුරුදුව සිටින ඔබ පාර්ක් එක(උද්‍යානය) පැත්තේ යන්නේ නම්, ඒ යන්නේ බගදා  එහෙ ඉන්නා පරවියන්ට කෑම ටිකකුත් අරගෙනයි.  මෙහෙම දින ගත වෙද්දී ඔබට හිතෙන්නේ, මේ කුරුල්ලො ඔබ දන්නා කියන අය හැටියටයි. ඔබ ඔන්න උන්ගෙන් සමහරකට නම් පවා දානවා. ඒත් ඉතින් ඒ පරවියන්ට ඔබ ගැන තියෙන්නේ මොන වගේ මතකයක් ද? රාත්‍රියට නින්දට යද්දි උන් ඔබ ගැන කරුණාබරව සිතනවා ඇද්ද? එහෙම නැතිනම් පාර්ක් එකට එන දෙනෝ දහක් අතරේ ඔබේ මුහුණ උන් වෙන්කර මතක තියාගන්නේ නැතුවා වද්ද? මේවා ඉතින් අණක් ගුණක් නැති අයගේ ප්‍රශ්න හැටියට ඇතමෙකු දකින්නට පුළුවනි. එත් ඉතින් අනෙකුත් සතුන්ගේ අභ්‍යන්තර ජීවිතය වටහා ගන්න නම් උන් මෙනෙහි කරන්නේ කුමක්දැයි දැන ගැනීම වැදගත්.

New Scientist Default Image

ස්මරණය යනු අතීත සිදුවීම් ගබඩාකර තබා ගැනීම සහ ඒවාට ප්‍රතිචාර දැක්වීම ලෙස ඔබ සලකන්නේ නම් ඒ කාර්යය ඉතින් සරලතම ජීවීන්ට පවා කළ හැකියි. නිදසුනක් ලෙස සෙවෙල් දිලීර(slime mould) පොද වලට, මතුපිටක් හරහා සෙමින් ගාටන්න පුළුවනි. එසේ කිරීමේදී තමන් අවට පරිසරයේ දේශගුණික  වෙනස්කම් ගැනත් තැකීමක් කරන බවක් පෙන්වයි. වියළි කාලගුණ තත්ත්වයක් එළඹෙතයි අපේක්ෂාවෙන් — ඇත්තටම එවැනි වියළි කාලයක් නාවා වුවත් — සෙවෙල් දිලීර, සිය චලනය මන්දගාමී කරන බව සොයා ගෙන තියෙනවා.

මෙහෙයවන බලවේග

වසර බිලියන භාගයකට පමණ පෙර මුල්ම නියුරෝන ඉස්මතු වීමත් සමගම මතකයන්(ස්මරණ) වඩාත් සංකීර්ණ වූයේ ස්නායු පද්ධතිය තුළ විදුලි සබදතා රටා ලෙස තොරතුරු ගබඩා කර තබා ගැනීමට හැකිවීමෙනි. ඉන් පසුව ගත වූ වසර මිලියන සිය ගණනක් තුළ ඒ ඒ සත්ත්වයාගේ මනසෙහි පරිණාමය මෙහෙයවනු ලබන විවිධ බලවේග සමඟ එන්ට එන්ට ම වැඩි දියුණුවට පත්වන කුසලතා ඉස්මතු විය. මෙහි ප්‍රතිඵලය වූයේ සත්ත්ව රාජධානියේ පුදුම එලවන සුළු ස්මෘති උපක්‍රම ජයග්‍රහණ පරාසයක් ඇති වීමයි.

අදාළ රූපය

නිදසුනක් ලෙස දක්වන්නේ නම් තරුණ චිම්පන්සියන්ට සංඛ්‍යාවක් මතක තබා ගැනීම අදාළ වන එක්තරා කාර්යක දී වැඩිහිටි මානවයන් පැරදවිය හැකිවීම දක්වන්න පුළ්වනි.   මේ පරීක්ෂණයට ස්පර්ශ තිර සහිත මොනිටරයක(a touchscreen monitor) අහඹු තැන්වල සටහන් කර තිබෙන 1 සිට 9 දක්වා සංඛ්‍යා මතකයේ තබා ගැනීම මේ පරීක්ෂාවට අදාළ වූවකි. ඡායාරූපික ස්මරණයට(photographic memory) සමාන ස්මරණයක් යොදාගනිමින් තරුණ චිම්පන්සියන්ට සංඛ්‍යා තිබූ ස්ථාන වනපොත් කිරීම, මනුෂ්‍යයන් එම කාර්ය ඉටු කරනවට වඩා හොඳ නිරවද්‍යතාවයකින් ඉටු කිරීමට හැකි විය.(කෙසේ වෙතත් මෙම කාර්යයේ දී වැඩිහිටි චිම්පන්සියන් ගේ කාර්ය සාධනය එතරම් සාර්ථක නැත)

cardinal fish සඳහා පින්තුර ප්‍රතිඵල

අභිජනන සමයේ බිත්තර දැමූ තැන මතක තබා ගැනීමට හැකි cardinal fish මත්ස්‍යයන් ගැඹුරු ජලයෙහි ශීත ඍතුව ගතකර ආපසු පැමිණෙන්නේ බිත්තර දැමූ ස්ථානයට ඉතාමත් ආසන්න(මීටර් භාගයකට ආසන්න)  ස්ථනයකටයි. කටුස්සන්, මී මැස්සන් සහ බූවල්ලන් වැනි විවිධාකාර වූ සත්ත්ව විශේෂයන්ට පැටලිලි සහිත මාර්ගයකින් (වංකගිරියකින්) ගැලවීයාමට උගෙන ගත හැක. පරවියන්ට ඉස්තරම් දෘෂ්ටිමය අභිඥානයක්(හඳුනාගනීමේ හැකියාවක්) ඇත. එය යොදාගනිමින්,  එකිනෙකට වෙනස් අනුරූප දහසකට වැඩි සංඛ්‍යාවක් හඳුනා ගැනීමට උගෙන ගනී.  ඔවුන්ට තනි තනි පුද්ගලයන් හඳුනාගැනීමට පවා පුළුවන් අතර (පුද්ගලයා) ඇඳුම් මාරු කිරීමෙන් පවා ඔවුන් මුලා කිරීමට නුපුළුවන.

මානසික කාල චාරිකා

චමත්කාරජනකයැයි පෙනීගිය එවන් කුසලතා, අපගේ  ස්වාඛ්‍යාතනික ස්මරණය (episodic memory = පුද්ගලයෙකු තුළ තැන්පත් වී ඇති දීර්ඝ කාලීන මතකය) පිළිබඳ අත්දැකීම් සමග සැසඳෙන්නේ නැත.  මේ මතකයේ දී අපි සුවිශේෂී සිද්ධීන් තුළ නිමග්න වෙන්නෙමු. පරවියෙකුට ඔබගේ මුහුණ, ආහාර හා සම්බන්ධ කර මතක තබා ගැනීමට හැකි වුවත්  අවසන් වරට පාක් ඵකට ආ දිනයේ සිදු වූ දේවල් මතක තබා ගෙන ආපසු සිහියට නගා ගෑනිමට හැකි ආකාරයෙන් පරවියාට ඔබව අවසන් වරට මුණගැහීම බාගදා මතක තබාගත නොහැක. මේ වැදගත් විචල්‍යයකි. මන්ද අනාගතය ගැන පරිකල්පනයේ යෙදෙන්නනත් ඒ වගෙම සැලසුම් සකස් කරන්නත්  ස්වාඛ්‍යාතනික මතකය අපට මඟ සලසන්නේ යැයි සැලකෙන හෙයිනි. මානසික කාල චාරිකා(mental time travel) ලෙස දැක්වෙන මෙම නිපුණතාව  බොහෝ කාලයක් යනතුරු අදහස් කෙරුණේ මිනිසුන්ට පමණක් සුවිශේෂ වූ එකක් ලෙසය. එහෙත් අතළොස්සක් වන අනෙකුත් සතුන්ටත් වර්තමානයෙන් පලායාමට හැකියාවක්  ඇති බවට ඇතැම් සංඥා ඇත.

වඩාත්ම සිත් කාවදින සාක්ෂ්‍යය ගෙන එන්නෙ western scrub jays කියන කිරල පක්ෂීන්ගෙන් ය. අනෙකුත් පක්ෂීන්ගේ ක්‍රියාමාර්ග කලින් සිතා ගැනීමට හැකිවන පරිදි එම පක්ෂීන්ට සිය අත්දැකීම් උපයෝගි කරගෙන ඉගෙනගත හැකිය. නිදසුනකට මෙම කිරල විශේෂය තමන් ආහාර සඟවනවා එය සොරකම් කර ගැනීමේ අදහසින් වෙනත් එකෙකු බලාසිටින බව දැනගතහොත් පසුව පැමිණ ඒ සැඟවූ තැනින් ආහාර ඉවත් කර ගනියි.  එහෙත් මෙම පක්ශීන් එලෙස ක්‍රියා කරන්නේ තමන් එලෙස  මෙයට කලින් වෙන කෙනකුගේ ආහාර සොරකම් කර තිබී ඇත්නම්  නම් ය. ඉන් හැඟී යන්නේ කිරලුන් තම ස්මරණයන් යම් දේ උකහා ගන්නා බවයි. මේ අතර වෙනත් අධ්‍යන වලින් පෙනීගොස් ඇත්තේ බොනබෝ සහ ඔරං උටංද කාල චාරිකා වල යෙදීමේ හැකියාවෙන් යුක්ත බවයි.

අපි දැන් ස්විඩනයේ Furuvik සත්වෝද්‍යානයේ සැන්ටිනෝ(Santino) කියන චිම්පන්සියා දෙස හැරෙමු. මේ සතා ගල් එකතු කර ඒවා සගවා තබා ගන්නේ සත්වෝද්‍යානයට පැමිණෙන අමුත්තන්ට ගැසීමටය. මෙය පූර්ව විමර්ශන හැකියාව(premeditation =හිතාමතා සැලසුම්කිරීම) ප්‍රදර්ශනය කිරීමකි.  එම හැකියාව ස්වාඛ්‍යාතනික ස්මරණය මත රැඳෙන්නෙකි. අනාගතය කලින් හිතා හිතා ගැනීමට හැකිවීමෙන් තම පැවැත්මට ඇතිවන බොහෝ වාසි සලකන විට මේ ආකාරයට සිතීමට අනෙකුත් සතුන් අල්ප-විකසිත හැකියාවක් දැක්වීම පුදුමයක් නොවේ.

chimp Santino සඳහා පින්තුර ප්‍රතිඵල

සතුන්ගේ මතකයන් පිළිබඳ අනෙකුත් ඉඟි ලැබෙන්නේ මියන්ගෙනි. මීයෝ ලෝකය පිළිබඳ මනෝමය සිතියම්  සිය හිපෝකැම්පසයේ‍ ගබඩා කර ගනිති. අධ්‍යයන පෙන්නුම් කරන්නේ  හිපෝකැම්පසයේ‍ කැපී පෙනෙන නියුරෝන කණ්ඩායම් මගින්වෙනස් ප්‍රදේශ  පිරි සැකසෙන ලබන බවයි. වංකගිරි ප්‍රහේලිකාවක වටරවුම් ගසද්දී මේවා එකම අනුක්‍රමණයකට ක්‍රියාත්මක වේ. අන්තුරුව, මේ ආකාර වටපිටාවක් ගවේෂණය කිරීමෙන් පසුව තමන් ගමන්ගත් ආකාරයේ ගමන් පථයක් දකින විලාශකින් සතුන්ගේ නින්දේ දී අනුක්‍රමණය යළි ක්‍රියාත්මක වන බව දැන ගැනීමට හැකි වේ.

දිගුකාලීනව ස්මරණය ගබඩා කර තැබීමට හා සම්බන්ධ කිරීමට මෙම ක්‍රියාදාමයෙන් ඉඩකඩ සැලසෙතැයි අදහස් කරන අතර මෑතක ප්‍රථම වතාවට මිනිසුන් අතරේ මෙය ඇති බව හෙළි වී තිබේ. පරිලෝකන අධ්‍යයන පෙන්නුම් කර ඇත්තේ මීයන් නිදියෙන අවස්ථාවේදී බියජනක මතකයන් ඔවුන්ගේ මොළයෙහි නිරූපණය වන බවයි.

ඒත් ඉතිං සතුන්ගේ මතකයන් අපේම මතකයන් හා තරගකාරී වෙතැයි මින් කියවෙන්නේ නැත. ස්වාඛ්‍යාතනික ස්මරණය එකිනෙකට වෙනස් සංරචක ගණනාවක් මත රඳා පවතින අතර ආහාරයට සම්බන්ද  කාරණාවලදී සමහර සතුන්ට සීමිත ආකාරයකට අනාගතය දැකීම ප්‍රදර්ශනය කළ හැකි වුවද සෑම ආකාරයකම අනාගතයන් පරිකල්පනය කිරීමට  හැකි වන ආකාරයකට ඉඩ පාදාගත හැකි අන්දමේ හැකියාව සහ නම්‍යශීලීත්වය පෙන්නුම් කරන්නේ මානවයන් පමණි. ඉතින්, සැන්ටිෆනොට ගල්  ප්‍රහාරයක් සැලසුම් කිරීමට හැකියාව තිබෙන්නට පුළුවනි. ඒත් එයාට  නිදහස සොයා කූඩුවෙන් පැනලා යන්න(මිනිසුන් හිරගෙවලින් පැනලායන්න සැලසුම් කරන්නාවගේ) සැලසුම් කරගන්න බෑ.

 

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ MEMORY AND LEARNING නම් වන හත්වැනි පරිච්ඡේදයෙහි  Do animals ever forget? යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.