පීඩනයට පත් ශාක බියෙන් හඬ නගන බව සොයාගැනේ

Posted by

අපේ ලිපියේ මාතෘකාවම පිස්සුවෙන් අහන එකක් කියල කෙනෙකුට හිතෙන්න පුළුවනි. සුරංඟනා කතාවල ගස් කතා කරාට සැබෑ ලෝකයේ එහෙම වෙන එකක්යැ.  සාමන්‍යයෙන් ශාක ගැන අපි හිතන්නේ එහෙම නේ, නේද?  ඒත් ඔන්න ලොව ප්‍රථම වතාවට විද්‍යාඥයන් පිරිසක් විසින් පීඩනයට පත්වූ විට  ශාක අහසේ පාකෙරන ශබ්ද පටිගත කරනු ලැබීමට සමත් වී සිටිනවා.

ශාකවලට ශබ්ද නැගිය නොහැකි යයි අප හිතන්න හේතුවක් තියෙනවා. මොකද ඔය පටිගත කීරීම කළ ඊශ්‍රාලයේ, ටෙල් අවිව් සරසවියේ ඉට්ශාක් ඛයිට් සහ සගයන් කියා සිටින්නේ මේ ශබ්ද සිදුකෙරෙන්නේ අපේ කනට ඇසෙන පරාසය ට අයිති නැති සංඛ්‍යාත වලින් ශාඛ ශබ්ද නගා ඇතැයි කියලයි. (අපේ කනට ඇසෙන පරාසය ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ 20 සිට 20 දහස දක්වා සංඛ්‍යාතය).  තක්කාලි සහ දුම්කළ ශාඛවල දණ්ඩ කැපූ විට හෝ ඒවාට ජලය හිඟ වූවිට ශබ්ද නගන බව  මෙම පරික්ෂකයන්ට අණාවරනය වී තිබෙනවා.

ශාකවල සිට සෙන්ටිමීටර් 10 දුරින් තැබුණු මයික්‍රපෝන මගින් කිලෝහර්ට්ස් 200 සිට 100 දක්වා අතිධ්වනි පරාසයේ ශබ්ද හසු කරගණු ලැබූ අතර එය මීටර පහක් වෙනතෙක් කෘමීන්ටත් සමහර ක්ෂීරපායින්ටත් ඇසෙන පරාසය බව පර්යෙෂකයන් පවසනවා.

“35”

ජල හිඟයෙන් පීඩාවට පත් තක්කාලි ශාක පැයක් තුළ නිකුත් කළ ශබ්ද සංඛ්‍යාවයි

“ශාක රාජධානිය ගැන අප හිතන ආකාරය වෙනස් කරන්න  මේ සොයාගැනිම් වලට හැකිවෙන්න පුළුවන් වේවි. මෙතුවක් කල් හිතාගෙන හිටියේ ගහ කොළ කියන්නේ සම්පූර්ණයෙන්ම පාහේ නිශ්ශබ්දයි කියලයි” පරීක්ෂක කණ්ඩායම සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ශාකවල,  ජල ප්‍රවාහන නළ තුළ, වායු බුබුළු සෑදි පුපුරායාම එනම්, කුහර සෑදීම(cavitation) යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාදාමය හේතුවෙන් ඇතිවන කම්පන පටිගත කර ගැනීම පිණිස  මෙයට කලින්, ශාකවලටම උපකරණ සවිකරණු ලැබිණ. එහෙත් ශාඛවල ශබද දුරක සිට මැනීමට ලක්කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

සාමාන්‍යය ගතහොත් වියළි බවින් පීඩාවට පත් තක්කළි ශාක පැයකට ශබ්ද 35ක් සිදු කළ අතර දුම්කොළ සම්බන්ධයෙන් එම සංඛ්‍යාව 11 කි. කඳ කපනවිට ඊළඟ පැයේ දී සාමාන්‍යයෙන් තක්කළි ශාක ශබ්ද 25ක් නැගූ අතර දුම්කොළ ශාක එලෙස ශබ්ද නැගුවේ 15කි. පීඩනයට ලක්ව නොසිටින විට මේ ශාක පැයකට එක ශබ්දයකටත් අඩුවෙන් නැගීමේ ප්‍රවනතාවක් දක්වනවා.

පර්යේෂණ කණ්ඩායම කටු සහිත pincushion නම් පතොක් විශේෂයේ අතිධ්වනි ශබ්ද ද පටිගත කළා.

ශාකය නගන හඬ අනුව එහි පීඩනයට හේතුව  නිර්ණය කිරීම පිණිස යොදා ගනු ලැබූ යන්ත්‍රමය අධ්‍යයන මොඩලයට(machine learning model) එය නිවැරදිව හඳුනා ගැනීමට හැකිවුණා. නිදසුනක් ගතහොත් ජලය වැඩියෙන් පතන දුකොළ ශාකය, එහි කඳ කපනවිට වඩා වැඩි හඬක් නැගූ බව සොයාගැනීම දක්වන්න පුළුවන්.

පීඩනයට පත්වනවිට ශාක හඬක් නගන්නේ නම්  වඩාත්ම බලපාන යාන්ත්‍රනය කුහර සෑදීම(cavitatiom) බවයි ස්විට්සර්ලන්තයේ, ලූසාන් විශ්ව විද්‍යාලයේ එඩ්වඩ් ෆාමර් කියාසිටින්නේ. එහෙත්, පර්යේෂණයේ සොයාගනීම් ගැන සැකශංකා පළ කරන ඔහු පර්යේෂණයේ දි වැඩියෙන් පාලකයන් යොදා ගැනීම යෝග්‍යයයි අදහස්කරයි.

 

NEW SCIENTIST INTERNATIONAL (14-12-2019) හි පළවූ   Stressed plants let out ultrasonic squeals යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.