සියල්ලෙහි සුලමුල 48: මුල්ම වතාවට X  කිරණ ඇහින් දැක්කේ කවුද? II කොටස

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

මුල්ම වතාවට X  කිරණ ඇහින් දැක්කේ කවුද? II කොටස

මුල්ම වතාවට X  කිරණ ඇහින් දැක්කේ කවුද කියන එක ගැන නම් ඊයේ තතු ලිපිය කියැවූවාටට පසු දැන් යම් අදහසක් තියනවානේ? ඒත් X  කිරණ  කතාව එතැනින් ඉවර නැහැ. අපි අපි අද මුලින්ම පුවත් පතක මුල් පිටුවට යොමුවෙලා ඉතිරිය දැනගමු.

විකිරණය මොලක් ද කියලා හරියටම හඳුනානොගත් නිසා රොන්ජන් ඒවා X කිරණ නමින් නම් කරා පමණක් නොවෙයි  ඒවාට කාඩ්බෝඩ් පමණක් නොවෙයි,ලී සහ මිනිස් මාංශ අතරිනුත් ගමන් කරන්න හැකියාව පවතින බවපැහැදිලි කරගත්තා. නමුත් ඒවා අස්ථි හරහා නම් ගමන් කළේ නැහැ: රොන්ජන් ඔහුගේ අත නලයත් තිරයත් අතරට දැමූ වතාවක තමන්ගේ ඇටසැකිල්ල තිරයේ ඇ‍‍‍‍‍ඳුණු බව දැක්කා.

1895 දෙසැම්බර් 28 වෙනිදා රොන්ජන් ඔහුගේ සොයාගැනීම ගැන ලිපියක් ඒ ප්‍රදේශයේ විද්‍යා සංගමයේ සඟරාවක පළ කළා. ඊට උණුසුම් පාඨක ප්‍රතිචාරයක් නම් හිමිවුණේ නැහැ. නමුත් මේ වන විට ඔහු තමාගේ සොයාගැනීම ගැන දැඩි විශ්වාසයකින් සිටි නිසා 1896 වසරේ අලුත් අවුරුදු දවසේ ඔහුගේ ලිපිය නැවතත් මුද්‍රණ්ය කර යුරෝපය පුරා විසිරී සිටි භෞතික විද්‍යාඥයන්ට ලැබෙන්නට සැලැස්වුවා. ඒ අතරින් දොළහකට අමුණා තිබුනේ ඉබේම ජනප්‍රියත්වය ළඟා කරගත හැකි දෙයක්: ඒ ඔහුගේ බිරිඳ බර්තාගේ අතේ ඇති මගුල් මුදු සහ අස්ථි පැහැදිලිවම දිස්වෙන X කිරණ ඡායාරූපයක්.

ඒ පියවර නිසා සමස්ත ක්‍රියාවලියම ඉක්මන් වුණා. මේ පොත ලියවෙද්දී වියානා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ, රොන්ජන්ගේ ගෝලයකු සහ සමීප මිතුරෙකු වුණු ෆ්‍රාන්ස් එක්ස්නර්ටත් (Franz Exner) ඒ පිටපත් අතරින් එකක් හිමිවුණා. බෙහෙවින්ම සමාජශීලී පුද්ගලයකු වුණු එක්ස්නර්ගේ හිතවතුන් අතර වියානාවේ වැඩියෙන්ම අලවිවෙන පුවත්පත වුණු Die Presse ප්‍රධාන කතෘවරයාත් හිටියා.

මුල් පිටුවේ සිරස්තල

‘Eine sensationelle Entdeckung’ (විශ්මිත සොයාගැනීමක්): 1896 ජනවාරි 5 වෙනිදා මුල් පිටුවේ පළවුණු සිරස්තලයේ තිබුණේ එහෙමයි. නත්තලේ උත්සවශ්‍රීයෙන් පසුව උදාවුණු උදාසීන දවසක වුණත් ඔවුන් උණුසුම් පුවතක් දුටු සැනින් — – ඔවුන්ගේ උද්යෝගය වැඩිකම නිසාම රොන්ජන්ගේ නම වැරදියට පළ කළත්– අඳුනාගන්න අසමත් වුණේ නැහැ

“පසුගියදා මහාචාර්ය රවුජන් මහතා වර්ස්බර්ග්හිදී සොයාගත් බන පිළිගැනෙන සුවිශේෂී නිර්මාණයක්  වියානවේ විද්වත් ප්‍රජාව මවිතයට පත් කිරීමට සමත් වුණා,” ඒ ලිපිය ආරම්භ වුණේ එහෙමයි. “ඉහත සඳහන් සොයාගැනීම සත්‍යක් බව සනාථ වුවහොත්…අපට නියම විද්‍යාව භෞතික විද්‍යා සහ වෛද්‍ය විද්‍ය ක්ෂේත්‍රයන්හි විප්ලවයක් ඇතිකරන ආකාරය නිරීක්ෂණය වනු ඇත”. ලොව වටා පුවත්පත් ඪී ඵ්‍රෙස්සෙ පළ කළ පුවත නැවතත් පළ කිරීමට උනන්දු වූ නිසා ඉතිහාසයේ මුල්ම වරට අන්තර්ජාතික වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් ඇති කළ විද්‍යාත්මක සොයාගැනීමක් වීමට X කිරණවලට හැකියාවක් ලැබුණා.

අදාළ රූපය

 X කිරණ විකිණීමට තිබේ

X කිරණවල වැදගත්ම භාවිතය මිනිස් සිරුරේ අභ්‍යන්තරය නිරීක්ෂණය කිරීම බව මුල් ලිපියේ පවා සඳහන් වී තිබුණා. ලෝක වාසීන්ට X කිරණ භාවිතයේ ප්‍රතිලාභ ලබන්න වැඩි කලක් බලා ඉන්න වුණේ නැහැ. ඊට වැඩිපුරම හේතු වුණෙත් රොන්ජන්ගේ නිහතමානීභාවයමයි: ඔහු තමාගේ නිර්මාණය සඳහා කිසිදු ගෙවීමක් ලබාගන්න ප්‍රතික්ෂේප කළේ එය සමස්ත ලෝකයටම අයිති බවත්, පේටන්ට් බලපත්‍ර හෝ වෙනත් බලපත්‍ර මාර්ගයෙන් එහි අයිතිය පවරාගැනීමට කිසිදු ව්‍යාපාරයකට අයිතිය නැති බවත් සඳහන් කරමින්. මුල්ම පුවත්පත් වාර්තාව පලවී දින විස්සක් ගෙවෙනවාත් සමගම ජර්මානු සමාගමක් භෞතික විද්‍යාඥයන්ට “රොන්ජන් නල” අලවිකිරීම ඇරඹුවා.

නමුත් X කිරණ මොනවාද කියලා හරියටම අවබෝධ කරගන්න ඊට වැඩි කාලයක් ගත වුණා. ඒවා ධ්‍රැවීකරණය(polarised) කළ හැකි බව සොයාගැනුණේ 1910දී; ඒවා වර්තනය(refract) වන බව දැනගත්තේ 1912දී.  ඒ සාධක දෙකම X කිරණත් ආලෝකය වගේම තවත් විද්‍යුත් චුම්භක කිරණ විශේෂයක් බව පෙන්නුම් කළා- කෙසේනමුත්,  තරංග ආයාමය(wavelength) ඉතාම කෙටි, අතිශය ශක්ති ස්වරූපයක් වීම නිසා ඒවාට බාධාවකින් තොරව විවිධ ද්‍රව්‍ය හරහා ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

රොන්ජන්ට 1901 වසරේදී භෞතික විද්‍යා අංශයෙන් ආරම්භක නොබෙල් ත්‍යාගය පිරිනැමුණත් ඔහු,  ඔහුගේ සුපුරුදු ස්වභාවය අනුව යමින් ත්‍යාග ප්‍රධාන උළෙල මගහැර නොබෙල් ත්‍යාගය සමග ලැබුණු මුදල ඔහුගේ විශ්වවිද්‍යාලයට පිරිනැමුවා.

රොන්ජන් 1923 වසරේදී මිය ගියේ පිළිකා රෝගය වැළඳීමෙන්  වුණත් ඔහු දීර්ඝ කාලයක් විකිරණවලට නිරාවරණය නොවන්න ප්‍රවේසම් වුණු නිසා ඔහුට ඒ ඉරණම අත්වුනේ පර්යේෂණවල අතුරුඵලයක් හැටියට කියලා පිළිගන්න අමාරුයි. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් කර තිබුණු ආකාරයෙන් ඔහු තනිව යෙදුණු විද්‍යාත්මක පර්යේෂනවලට අදාල ලේඛන සියල්ලම පුළුස්සා දැමුණා.

අදාළ රූපය

වර්තමානයේදී අපිට රෝහලේදී, දන්ත සායනයේදී, ගුවන්තොටුපොළේ ආරක්ෂක ස්කෑන් යන්ත්‍ර අසලදී X කිරණවලට නිරාවරණය වීම වලක්වන්න බැහැ. විශේෂ දුරදක්න X කිරණ රැස් කරමින් ඒවා ආධාරයෙන් මන්දාකිණි අතර ඝට්ටන සහ කළු කුහර අභ්‍යාවකාශ වස්තු ගොදුරු කරගැනීම වැනි අභ්‍යවකාශයේ ප්‍රබලම කියාවලීන් ඡායාරූපගත කරන්න සමත්.  අපට තවත් දුර දකින්න ඒවා පිටිවහල්වෙනවා.

 

ලැජ්ජාශීලී X මහතා

විල්හෙල්ම් රොන්ජන් බෙහෙවින්ම ලැජ්ජාශීලී විද්‍යාඥයකු වුණත්, ප්‍රාදේශීය විද්වත් සංගමය වන වර්ස්බර්ග් භෞතීය සහ වෛද්‍ය විද්‍යා සංගමය ඔහුට සහ ඔහුගේ කිරණවලට ප්‍රසිද්ධිය ලබාදීමේ අරමුණෙන් බැහැර වුණේ නැහැ. නව සොයාගැනීම සිදුවී මාසයක් ගෙවී යද්දී ඔවුන් අතිඋත්කර්ෂවත් සැමරුම් උළෙලක් සංවිධානය කළා. ජයඝෝෂා මැදින්  X කිරණ රොන්ජන් කිරණ නමින් නම් කළ යුතු බව සංගමයේ සභාපතිවරයා යෝජනා කළා. නමුත් කවදත් නිහතමානී රොන්ජන් පැරණි නම දිගටම භාවිතා කළා, ඉංග්‍රීසි බස හසුරවන අනෙක් ජාතීන් ඒ පුරුද්ද අත් නොහැරියත් ජර්මානු භාෂාව ඇතුලු අනෙකුත් යුරෝපීය භාෂා ඒ යෝජනාවට එකඟ වුණා. තැනට සුදුසු විදියට ගූගල් පරිවර්තකය ‘‘Herr Röntgen’ ’ (රොන්ජන් මහත්මයා යන අර්ථය දෙන ජර්මානු පදය) ඉංග්‍රීසි බසට දැන් හරවන්නේ Mr.X ( X මහත්මයා) හැටියටයි.

 

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO HAD THE FIRST X-RAY VISION? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.