මුත්‍රා වලින් පොස්පරස් පෙරා ගැනීමේ ක්‍රමයක්

Posted by

මුත්‍රා වලින් පොස්පරස් පෙරා ගැනීමේ ක්‍රමයක්

ආවර්තිතා චක්‍රයෙහි හෙවත් වගුවෙහි(periodic table) අංක 15 ස්ථානය හිමි පොස්පරස්, අතිශය ධූලක (විෂ සහිත) විය හකිය. එමෙන්ම වහා ගිනි ගන්නාසුලුය. මේ හේතුව නිසාවෙන් පොස්පරස් යුද කටයුතුවලදී ගිනි ඇවිලීමේ උපකරණයක් ලෙස ද යොදා ගැනිණ. එසේ වුවද එය ජීවය සඳහා අත්‍යවශ්‍යය. මෙලොව සියලුම ප්‍රාණීන්ට පොස්පරස් නැතුවම බැරිය. එය, අපගේ ඩී එන් ඒ(DNA) හි මෙන්ම සෛලවල දී හමුවන එමෙන්ම අප ආහාරයට ගන්නා කෑමවලින් රසායනික ශක්තිය හසුකර ගන්නා ඇඩිනොසින් ට්‍රයිපොස්පේට්(adenosine triphosphate – ATP)  අණුවෙහි කොඳුනාරටිය සකසයි.

සිය පැවැත්ම සඳහා පොස්පරස් අවශ්‍ය නොවන්නා වූ එකදු ජීවියකු මේ මිහිපිටින් අපට සොයා ගත නොහැකිය. එහෙත් ගැටළුව වන්නේ අපට අසීමිත පොස්පරස් සැපයුමක් නොමැති කමයි. පොස්පරස් සඳහා ඉල්ලුම ඉහළ යයි. වගා කටයුතු වලට යොදාගන්නා කෘතිම පොහොර නිපදවීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරන හෙයින්, විසිවැනි සියවසේදී පොස්පරස් සහ නයිට්‍රජන් සඳහා ඇති ඉල්ලුම අතිශය ලෙස ඉහළ ගියේය.

ආහාර සුලභ කිරීම සඳහා පසුගිය සියවස මැද ඇරඹුන ඊනියා වගා විප්ලවය හේතුවෙන් හුදෙක් පනස් වසරක් ඇතුළත (1961-2014) පොහොර නිෂ්පාදනය දහ ගුණයකින් ඉහළ ගියේය. මෙය ලොව පුරා, විශේෂයෙන්ම සංවර්ධනය වෙන රටවල කෘෂිකාර්මික නිෂ්පාදනය මහත්සේ ඉහළ දැමීමට මග පෑදීය. එම රටවල එන්ට එන්ටම වැඩිවන ජනගහනයට ආහාර සැපයීමට හැකි වුණේ එමගිනි.

නයිට්‍රජන් සඳහා ඇති ඉහළ ඉල්ලුම සපුරා ගත්තේ පිරිසිදු වාතයෙහි ඇති නයිට්‍රිජන් හා හයිඩ්‍රජන් හසුකරගැනීමේ ක්‍රියාදාමයක් උපයෝගී කරගනිමිනි. එම ක්‍රියාදාමය මගින් මේවා ඇමෝනියා හැටියට සංස්ලේෂණය කරණු පිණිස භාවිත කරයි.(ඇමෝනියා යනු නයිට්‍රජන් පාදක ප්‍රධාන පොහොරකි). පෘථිවි වායුගෝලයෙහි වාතය 78% නයිට්‍රජන් වලින් සෑදී ඇති හෙයින් කෘතිම ඇමෝනියා නිශ්පාදනය සීමාවෙන්නේ ඒ සඳහා වැය වන පිරිවැය නිසාවෙන්  පමණකි.

කෙසේ වුවද පොස්පරස් සාමාන්‍යයෙන් තැන්පත්ව ඇත්තේ ඝන හෝ ද්‍රව ස්වරූපයෙනි. තවද, පොස්පරස් පොහොර සඳහා ඇති ඉහළ ඉල්ලුම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ ලාභම ක්‍රමය වන්නේ ඒවා පොස්පේට් පාෂාණවලින් උද්ධාරණයකර(extract) ගැනීමයි.

 

phosphate rocks

එහෙත්, පොස්පේට් පාෂාණ යනු සීමිත සම්පතක් වනවා මෙන්ම සමානව බෙදී ගොස් ඇති සම්පතක් ද නොවේ. පොස්පේට් පාෂාණ නිධි පිහිටීම අනිත් ප්‍රධානතම රටවල් වලට, එනම් මොරොක්කෝව සහ බටහිර සහරාව, චීනය, ඇල්ජීරියාව, සිරියාව හා බ්‍රසීලය යන රටවල් පහට ලෝක පොස්පරස් සංචිතවලින් 84% ක් අයිති වේ. ඕස්ට්‍රේලියාව සතුව ඇත්තේ හුදෙක් 1.6%ක් පමණකි.

පොස්පේට් පාෂාණ සීමිත මෙන්ම පුනර්ජනනීය නොවන සම්පතක් හෙයින් අඛණ්ඩව උද්ධරනය කිරීම නිසාවෙන් අපගේ අනාගත සැපයුම ගැන සැක සංකා මතු වන්නට පටන් ගෙන ඇත.

පොස්පේට් සුළු සැපයූම් 

අපට ඇති එක් විසඳුමක් වන්නේ පොස්පරස් සපයා ගැනීමට වෙනත් මං  සෙවීමයි. ඔබට, අපට යම් කාර්යභාරයක් ඉටු කළ හැක්කේ මෙන්න මෙතැන දීය. අපේ මුත්‍රා පොස්පරස් සෑදීම සඳහා ඇති කදිම මුලද්‍රව්‍යයකි. අප එකිනෙකා ගතහොත්, අපේ මුත්‍රා හරහා පමණක් අපි වසරකට පොස්පරස්  කිලෝග්‍රෑම් භාගයක් පමණ පහ කරන්නෙමු. මේ හේතුව නිසා නාගරික ප්‍රදේශ වලින් පොස්පරස් සපයාගත හැකි විශාලම තනි මූලාශ්‍රය බවට මුත්‍රා පත්වේ.

මුලද්‍රව්‍යයමය පොස්පරස් වෙන්කර ගැනීමේදී දාහත් වැනි සියවසේ සිටි ජර්මානු ජාතික රසායනඥ හෙනිග් බ්‍රෑන්ඩ්ට් තෝරාගත්තේ මුත්‍රා ය. ඔහු විසින් සිදුකළ සම්පරීක්ෂණ වලදී,  මුත්‍රා ලීටර් සියගණන් ඝන සිරප් එකක් බවට පත් වන තුරු උණු කර  ඉන් රතු තෙල් ආසවනය තෙක්ම මුත්‍රා නැටවිය. හෙතෙම තෙල් එකතු කර මුත්‍රා සිසිල් වෙන්නට හැරියේ ය. එහි පතුලේ එක්රැස් ව තිබූ ලවණ ඉවත් කිරීමෙන් පසුව ඔහු රතු තෙල් ආපසු මිශ්‍රනයට එක් කළේය.  මේ නව මිශ්‍රණය  පැය දාසයක් තිස්සේ රත්කරන විට ඉන් සුදු පැහැ දුමාරයක් ද ඊළඟට තෙල් සහ අවසානයේ පොස්පරස් ද හටගනී.

බ්‍රාන්ඩ්ට් ඇත්තටම උත්සාහ කරමින් සිටියේ (ඕනෑම ලෝහයක් රත්තරන් බවට හැරවිය හැකි යැයි විශ්වාස කළ) කල්පිත ලෝහය (Philosopher’s Stone) සෙවීමටය. එම කාර්යයේ දී ඔහු බාගදා අසාර්ථක වන්නට ඇත. එහෙත් සංකීර්ණ මෙවලම් නොමැතිව මුත්‍රා වලින් පොස්පරස් තෝරා බේරා ගන්නා පහසු ක්‍රමයක් ඔහු පෙන්වා දුන්නේ ය.

වර්තමානයේ, රට අසමෝදගම් වගාකිරීමේදී UrVal යනුවෙන් නම් කර ඇති  මුත්‍රා පාදක පොහොරක් රාජකීය උද්භිද විද්‍යා උද්‍යානයන් අත්හදා බලමින් තිබෙන අවස්ථාවක්

ඌනනය, යළි භාවිතය සහ ‍ප්‍රතිචක්‍රියකරණය

මිනිස් අපද්‍රව්‍ය වලින් පොස්පරස් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ අද එළඹුම් ගතහොත් ඒවා බ්‍රැන්ඩ්ට් ගේ ‍ක්‍රම වලට වඩා බෙහෙවින් ප්‍රායෝගිකය, පිරිමැසුම්දායක ය. මුත්‍රා ඇතුළු අප ජලය තුළින් පොස්පරස් ලබාගැනීමේ අරමුණ මුදුන් පත් කර ගන්නට එන්ට එන්ට ම වැඩි වෙන සමාගම් සංඛ්‍යාවක් ක්‍රියා කරමින් සිටියි.  මුත්‍රාවලින් ව්‍යුත්පන්න නව පොහොර වෙළඳපොළට පැමිණ ඇති අතර ගඳගසන මුත්‍රා, ආරක්ෂා සහිත, ගන්ධයකින් තොර වාණිජ පොහොරක් ලෙස පරිවර්තනය කිරීම පිණිස ප්‍රශස්ත තාක්ෂණයක් සොයා ගැනීමේ තරගය දැන් ආරම්භ වී ඇත.

එක් නිදසුනක් පමණක් දක්වන්නේ නම්,  ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් අමුද්‍රව්‍යයක් ලෙස මුත්‍රා යොදාගනිමින් පොහොර සහ පිරිසිදු ජලය නිපදවීමේ ක්‍රියාදාමයක් වැඩිදියුණු කරනු ලැබ ඇත.

අපද්‍රව්‍ය වලින් පෝෂණ කොටස් ප්‍රතිසාධනය කිරීමේ  මෙම නවෝත්පාදන, සීමිත සම්පතක් මත අපගේ රඳා පැවැත්ම අඩුකිරීමට පැහැදිලිවම ඉඩ සලසයි. එපමණක්ද නොව, පෘථිවි ග්‍රහයාගෙන් බාහිරව අපගේ ආහාර නිපදවීමේ හැකියාව අපට යම් දිනක සොයා බැලීමට සිදු වනු ඇත. එහෙත් මිහිතලයෙන් පිටත අහර නිපදවීම පිණිස අපට පොහොර නිපදවීමේ දී නම් පොස්පේට් පාෂාණ සොයාගත නොහැකි වුවත් ඕනෑ තරම් මුත්‍රා සොයාගත හැකිය.

 

 

 

The Conversation(US edition) හි පළවූ  That’s a relief! We have a way to recover phosphorus from our urine යන ලිපිය ඇසුරෙනි

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.