වරෙන් වරෙන් සුළං පොදක්…

Posted by

සුළං හමන්නේ ඇයි?

මේ අහන ප්‍රශ්නයට මෙලෙස කෙටි උත්තරයක් දෙන්නට පුළුවන්: වායු, අධිපීඩන ප්‍රදේශවල සිට අඩු පීඩන ප්‍රදේශ වෙත ඇදෙයි. මෙම පීඩන අතර වෙනස වැඩිවෙත්ම ඉහල පිඩන ප්‍රදේශයේ සිට පහල පීඩන ප්‍රදේශය දක්වා වේගයෙන් වාතය ගලා යයි. එලෙස ඇදෙන වාතය තමයි අප සුළං ලෙස අත්විඳින්නේ.

‘සුළං’ යනු  අපේ සැමවිටම අත්දකින කාල ගුණයෙහි කොටසයි. එහෙත් එය ඇත්තටම ඇති වන්නේ ඇයි? එක දවසක කිසිම සුළඟක් ඇති බවක් දැනෙන්නට නොතිබි තවත් දවසක ගහකොළ පෙරලන තරමට තදින් සුළං හමයි. මේ සිදුවන්නේ කුමක් ද? සුළඟ ඇතිවීමට බලපාන හේතුව තරමක් පුදුමය එළවන්නක්. ඔව්, එයට හේතුව උෂ්ණත්වයයි. වඩාත් නිශ්චිතව කිව්වොත් ස්ථාන දෙකක් අතර උෂ්ණත්වයෙහි වෙනසයි.

හොඳයි උෂ්ණත්ව දෙකක වෙනස නිසා සුළඟ හමන්නේ කොහොමද? උෂ්ණත්වයන් වෙනස් වෙද්දී වායුගෝලය සමන්විත වන වායුව අප පුදුමයට පත් කරවන දේ සිදු කරයි. වායු උණුසුම් වෙද්දී පරමාණු සහ අනූ වඩාත් වේගයෙන් චලනය වන අතර විහිදී ගොස් ඉහළ නගී. කේතලයක දිය නටන විට ඉන් පිටවන වාෂ්ප සැමවිටම ඉහලටම නඟින්නේ එහෙයිනි. වාතය සිසිල් වන විට වායු චලනය මන්දගාමී වේ.   වඩාත් එකට එක්වෙයි. වඩාත් සිසිල් වාතය කිඳා බසියි.

සීතල වාතය      උණුසුම් වාතය

 

සූර්යයා වාතය උණුසුම් කරන නමුත් ඒ එක සමාන ආකාරයට නොවෙයි. සූර්ය කිරණ පෘථිවියේ නොයෙකුත් ප්‍රදේශවලට විවිධ කෝණවලින් පතිත වන නිසාත්, එමෙන්ම පෘථිවිය මත සාගර කඳු සහ වෙනත් භූ ලක්ෂණ ඇති නිසාත්, සමහර ප්‍රදේශ අනෙක් ඒවාට වඩා උණුසුම් වේ.

මේ හේතු නිසා අපට උණුසුම් වායු කපොලු(air pockets) මෙන්ම සීතල වායු කපොලු ද ඇත. ඉහළ පීඩන ප්‍රදේශවල වාතයෙහි වායු අණු වඩාත් ළංව පිහිටා ඇත. අඩු පීඩන ප්‍රදේශවල ඊට වඩා මදක් පැතිරී පවතී. උණුසුම් වීම හේතුවෙන් වඩාත් ඉහළ පීඩන ප්‍රදේශයකට මග පෑදෙතැයි  කෙනෙකුට හිතෙන්නට පුළුවන. එහෙත් ඇත්තටම සිදුවන්නේ එහි අනෙක් පැත්තය. කලින් ද දැක්වූ පරිදි උණුසුම් වාතය ඉහළ නගින හෙයින් (එසේ ඉහළ නගින විට) ඉතිරි කර යන්නේ අඩු පීඩන ප්‍රදේශයකි.

 

එත් ඉතින් (කොයි ක්‍රමයකට හෝ) වාතය චලනය වන්නේ ඇයි?

ඉහළ පීඩන තත්ත්වයක සිට වාතය පහල පීඩන තත්ත්වයකට ඇදී යන්නේ ඇයි දැයි ඔබට මුලින්ම විමතියක් ඇති වෙන්නට පුළුවන. මේ ඇත්තටම ස්වභාවධර්මය තුල හැමවිටමත් සිදුවන්නකි. එනම් හැම විටම හැම දෙයක්ම සමතුලිත තත්ත්වයට පත්වීමයි. මෙය හඳුන්වනු ලබන්නේ විසරණය (diffusion) යනුවෙනි. (පහත බලන්න)මෙය මිනිසුන් අතරේ පවා දැකගත හැක.  හිස් බසයකට ගොඩවන මගින් සියලු දෙනාම එක ළඟ, එක ළඟ වාඩි ගන්නේ නැත. (බසයේ ආසන හිස්ව ඇත්නම්)  තැන තැන විසිරී වාඩිවීම සිරිතයි. ඉතින් ඊළඟ වතාවේ සුළං පොදක් ඇඟවැටෙන විට ඊට මඟ පෑදූ උෂ්ණත්ව, පීඩනය ගැන මතක් කරගන්න. එතකොට  සුළං හමන්නේ ඇයිද කියා තේරෙනු ඇත.

අදාළ රූපය

වායු විසරණය

  • යම් වර්ගයක අණු වෙනත් වර්ගයක අණු අන්තර්ගත අවකාශයක් පුරා ව්‍යාප්තවීම විසරණය ලෙස හැඳින්වේ.

උදාහරණයක් ලෙස ගන්ධයකින් යුත් ද්‍රව්‍යයක් කාමරයක තැබූ විට එම ගන්ධය කාමරය පුරා ඒකාකාර ව ව්‍යාප්ත වන තෙක් විසරණය වීම සිදු වේ.

  • විසරණය වීමේ ශීඝ‍්‍රතාව – ඝන < ද්‍රව < වායු ලෙස වැඩිවේ.
  • විවිධ වායු වෙනස් සීග්‍රතාවලින් විසරණය වන බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත.
  • වායු විසරණය කෙරෙහි බලපාන ප්‍රධාා සාධක කිහිපයකි
    • සාන්ද්‍රණ අනුක්‍රමය
    • උෂ්‍ණත්වය
    • වර්ගඵලය
    • මවුලික ස්කන්ධය

 

NOAA SciJinks වෙබ් අඩවියෙහි පළ වන Why does wind blow යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: