මිනිස් අප තවමත් පරිණාමය වෙමින් සිටින්නෙමු ද?

Posted by

ආදරය විවිධ ස්වරූප ගන්නා බව රහසක් නොවේ. ඒ වාගේම ආදරය පෙන්වන ක්‍රමත් විවිධයි. නිදසුනක් හැටියට පැපුවා නිව්ගිනියාවේ  ෆෝරේ ගෝත්‍රිකයන් අතර ප්‍රචලිත පුරුද්දක් දක්වන්න පුළුවන්. එම ගෝත්‍රයේ කෙනෙකු මිය ගිය විට එම පුද්ගලයාට ආදරය කරන අය එම පුද්ගලයාගේ සිරුරේ සෑම කොටසක්ම කා දැමිය යුතුය යයි සැලකිණ. පුද්ගලයාගේ දියණියන් මොළය කෑමට ගත් අතර ඔවුන්ගේ දරුවන්ටත් ඉන් සුළු කැබලි කොටස් කන්නට දෙනු ලැබීය. හැබැයි මේ සම්ප්‍රදාය එම ගෝත්‍රිකයන්ට එක්තරා ඇබැද්දියක් ද ගෙන ඒමට මුල් විය.

ෆෝරේ ගෝත්‍රිකයන් අතර කුරු(Kuru) යනුවෙන් හඳුන්වනු ලබන පරිහානිකර මොළ රෝගය(degenerative brain disease) පැතිරීමට මඟ පෑදුවේ එම සම්ප්‍රදායයි. Creutzfeldt-Jakob disease යන රෝගය බෝවීමෙ දී මෙන් එය සෑදෙන්නේ මොළයේ ඒකරාශී වන, අයාලේ යන රෝග බෝ කරන ප්‍රෝටීනයක්(prion protein)  මගිනුයි. කුරු රෝගයෙන් ඇතැම් ගම්මානවල තරුණ ගැහැණු ළමුන් සියලු දෙනාම පාහේ මරණයට පත්වූහ. එහෙත්, ටික දෙනෙකුට ඉන් බේරී ගත හැකි විය. ඒ අය,  ඊට අවුරුදු 200කට පමණ පෙර උපන් පුද්ගලයකුගෙන් පැවත එන්නන්ය. රෝගකාරක ප්‍රෝටීනයේ අසාමාන්‍ය ජාන විකෘතියක් හෙවත් විපර්යාසයක් පෙන්නුම් කරමින් එම පුද්ගලයා තුළ මෙම ප්‍රෝටීනය අයාලේ යාම වැලැක්වීණ.

අදාළ රූපය

කුරු රෝගයෙන් පෙළෙන ළමුන්

කුරු රෝගය සෑම තැනකම පැතිර යද්දී විකෘතිය සීඝ්‍රයෙන් සුලභ වන්නට විය. වඩාත්ම බලපෑමක් තිබූ ප්‍රදේශවල කාන්තාවන්ගෙන් අඩකටම දැනේ විකෘතිය උරුමය. මෙය මෙලොව වෙන කොහේදිවත් දැකිය හැක්කක් නොවේ. ස්වජාති භක්ෂණ (cannibalism) සම්ප්‍රදාය 1950 ගණන්වලදී නතර කරනු නොලැබුනේ නම් ෆෝරේ ගෝත්‍රිකයන් අතර මෙය වඩාත් ප්‍රචලිත වන්නට තිබුණි.

කුරු රෝගයට ප්‍රතිරෝධයක් මතුවීම මානව පරිණාමය සීඝ්‍රයෙන් සිදු වන්නේය යන්නට පැහැදිලි නිදසුනක් වුවත් එය කොයි ලෙසකවත් එකම නිදසුන නම් නොවේ. වර්ෂ 3000ට පෙර වර්තමාන තිබ්බතයේ(Tibet) මුතුන්මිත්තෝ,  පසුව චිනයේ හූන(Huns) ජනතාවට  මග පෑදූ ජන කොට්ඨාශයකින් බෙදී වෙන් වූහ. ඔවුන් උස් භූමි ජීවිතය ඇරඹූ අවධියේ සිට ඊට අනුගත වෙන්නට පටන් ගත්හ. ඇතැම් අනුගතවීම් කඳුකරයේ ජීවත් වීමේ ප්‍රතිඵලයන්ය — සමහරක් මලල ක්‍රීඩකයන් අතරේ සිදුකෙරෙන උන්නතාංශ පුහුණුවට මදක් සමාන අනුගතවීම්ය.  සමහරක් ජානමය වේ.

නිදසුනක් ලෙස රතු රුධිර සෛල නිෂ්පාදනය පාලනය ජානයක  ප්‍රභේද්‍යයක් (විචල්‍යයක්) ටිබෙට් ජාතිකයන් සියයට හැත්තෑ අටක් අතරේ දැකිය හැකි වුවත් හූන ජනතාව අතර එය හුදු සියයට නමයක් පමණකි. තවද මේ ක්‍රියාදාමය තවම නතර වී නොමැත. වරණීය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ඇදෙන්නක් කියලයි බර්ක්ලේහි, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රැස්මූස් නීල්සන් කියා සිටින්නේ.  මේ අධ්‍යයනය මෙහෙය වූයේ ඔහුය.

HUNS

මීටර් 4000කට වඩා උසින් පිහිටි ප්‍රදේශවල ජීවත්වන ටිබෙට් ජාතික ස්ත්‍රීන් ගැන සිදුකළ අධ්‍යයනයකින් තවත් සාක්ෂි අනාවරණය වෙයි. සිය රුධිරයේ ඉහළ මට්ටමක ඔක්සිජන් තිබූ ස්ත්‍රීන් අතරේ ජීවත්ව සිටින ළමුන්ගේ සාමන්‍යනය 3.6 ක් වූ අතර අඩු ඔක්සිජන් මට්ටමක් සහිත ස්ත්‍රීන් අතරේ බිළිඳු මර්ත්‍යතාව(infant mortality) ඉහළ නිසා ජීවත්වන දරුවන්ගේ සාමන්‍යනය හුදු 1.6ක් පමණකි. එයින් හැඟවෙන්නේ රුධිරයෙහි ඉහල මට්ටමක ඔක්සිජන් තිබීම සඳහා වගකියන ජානමය ප්‍රභේද්‍යය පරපුරෙන් පරපුරට විශාල සංඛ්‍යාවන් ගෙන් පැවරෙන අතර එය වඩාත් සුලබ වෙමින් පවතින බවයි.

 

New Scientist ප්‍රකාශනයක් වන LIFE ON EARTH:ORIGINS, EVOLUTION, EXTINCTION  හි පළවු WE ARE EVOLVING TOO  යන කොටස ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.