‘සමකාලීන පරිණාමය‘ — වේගවත් පරිණාම ස්වරූපය
මිනිස් අප තවමත් පරිණාමය වෙමින් සිටින්නෙමු ද? යැයි අප පසුගිය සතියේ තතු ලිපියෙන් ප්‍රශ්න කළෙමු. පරිණාමවාදයේ පියා ලෙසින් සැලකෙන චාල්ස් ඩාවින් විස්තර කල අනුක්‍රමික පරිණාමයේ ක්‍රියාදාමය සෙමින් සිදුවන්නකි. මේ හේතුව නිසා, දැනටත් සිදුවෙමින් පවතින පරිණාමය පිළිබඳ සාක්ෂි සෙවීමට හෝ ඒකරාශී කිරීමට ජීව විද්‍යාඥයන් අතරේ වෙහෙසක් ගන්නා අය ඇත්නම් ඒ ස්වල්ප දෙනෙකි. එහෙත් එසේ සාක්ෂි සෙවීමට උනන්දුවක් දක්වන අයට නම් එම සාක්ෂි හමුවේ. ඔව්, වල් පැලෑටි සහ පළිබෝධ සිට, මත්ය්යන්ගේ සිට මානවයා දක්වා පරිණාමය අඛණ්ඩව සිදුවන බවට සාක්ෂි එවිට හමුවේ. පසුගිය සඳුදා තතු ලිපියේ දැක්වූයේ ඉන් එක් කාරණාවක් පමණකි. අධිවේගී පරිණාමය මේ වනවිට සම්මතය බවට පත්ව ඇති බවක් පෙනී යයි. දැනට තේරුම් යන අන්දමට, පරිසරය මොනයම් ආකාරයකින් හෝ වෙනසකට ලක් වූවහොත් ජීවයද පරිණාමය වන බව හැඟී යයි. එපමණක්ද නොව එසේ සිදුවන්නේ වේගයෙන් බවද පෙනී යන්නකි.
කෙසේ වෙතත් මෙවැනි සොයාගැනීම් යම් ආකාරයක විරෝධාභාසයක් (paradox) ගෙන එයි. පරිණාමය ගැන අධ්‍යයනයේ යෙදෙන ප්‍රධාන මාර්ග දෙකක් ඇතැයි පිළිගනු ලැබේ. එනම් පොසිල වාර්තා සහ සජීවින්ගේ ජෙනෝමය (ජීවයක ප්රවේණි ද්‍රව්‍ය = genomes) සංසන්දනයයි. මේවායින් හැඟවෙන්නේ පරිණාමීය ක්‍රියාදාමය අනුක්රමිකව සිදුවන්නක් බවයි. ඇතැම් ජීව විශේෂ, වසර මිලියන ගණනක් ගත වෙද්දී පවා යාන්තමින් හෝ වෙනස් නොවන තරම්ය. සමහර ජීව විද්‍යාඥයන් දැන් කියා සිටින පරිදි පරිණාමය සීඝ්රයෙන් සිදුවන්නේ නම් එය ඉතාමත් මන්දගාමීව සිදු වන්නක් බව ෆොසිල වාර්තා සහ ජාන විද්‍යාත්මක අධ්‍යයන මගින් හඟවනු ලබන්නේ ඇයි? මෙය දීර්ඝව සහ බැරෑරුම්ව සලකා බැලිය යුත්තකි.
කෙසේ වෙතත්, සීග්‍ර පරිණාමය පිළිබඳ වාර්තා අපට ලැබෙන්නේ අප පුදුමයට පත් කිරීමට තරම් සමත් ඈත කාලයක සිටය. සීග්‍ර පරිණාමයට පත්වෙන සලබ විශේෂයක් ගැන බ්රිතාඥ්ය කෘමි විද්‍යාඥ ඇල්බර්ට් ෆාන් 1878 දී චාල්ස් ඩාවින්ට දන්වා යැවූ බව වාර්තාවේ. පරිණාමය සීග්‍රයෙන් සිදුවන බවට වර්තමානයේ දහස් ගණන් නිදසුන් සොයාගත හැකි අතර සීඝ්‍ර පරිණාමය ව්‍යාතිරේකය නොව සම්මතය යයි එන්ට එන්ට ම වැඩි වෙන ජීව විද්‍යාඥයන් සංඛ්‍යාවක් සිතන්නට පටන් ගෙන තිබේ. සිදුවෙමින් පවතිද්දීම පරිණාමය ගැන සොයා බැලීමට ඉදිරිපත්වූ විද්‍යාඥයෝ කිහිපදෙනෙක්ම වෙති. ඒ අතුරින්, එක්සත් ජනපදයේ වයඹදිග, ඔරනෝ හි මේයින් විශ්ව විද්‍යාලයේ මයිකල් කින්නිසන් මුලින්ම ඉදිරිපත් වූ අයෙකි. සීඝ්රයෙන් සිදුවන පරිණාමය ගැන අදහස් දක්වන හෙතෙම “කොහේ හොයා බැලුවත් එය දැකගත හැකියි. ඇත්තටම ඉතා කෙටි කාලයකදී ඉතා වේගවත් විපර්යාසයන් ඇති විය හැකියි” යනුවෙන් කියා සිටී. ඉතින් ප්රවේණි විද්‍යාවේ වර්ධනයන්ට ස්තුති වන්නට එය සිදුවිය හැක්කක් බව තේරුම් ගැනීමට අපි පටන් ගෙන ඇත්තෙමු.
වර්තමානයේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල සිදු කරන පරීක්ෂණ අනුව පරිණාමය අපේ ඇස් පනාපිටම සීග්‍රයෙන් සිදුවන ක්‍රියාදාමයක් බවට තොරතුරු හමු වී තිබේ. මේ පිළිබඳ නිදසුන් ලැයිස්තුව එන්ට එන්ටම දිග්ගැසෙද්දී, කින්නිසන් සහ ඔහුගේ සගයෝ එම නිදර්ශන එකට එකතු කරමින් විමසා බලන්නේ පරිණාමය සම්බන්ධයෙන් ඒවා අපට තියෙන දේ ගැන සොයා බැලීමටය.
“ඔන්න එතකොට අපට තේරුම් යන්නට පටන් ගත්තා සීඝ්‍ර පරිණාමයක් කියන්නේ ව්‍යාතිරේකයක් නොව, ඒක තමා අද සම්මතය කියලා” කින්නිසන් පැහැදිලි කරයි. ඇත්ත වශයෙන්ම සීඝ්‍ර පරිණාමය යන යෙදුම නොමඟ යවන සුළු යැයි ඔහු දැන් තර්ක කරයි. මන්ද එලෙස කී විට පරිණාමය සාමාන්‍යයෙන් මන්දගාමී යැයි ගම්‍ය වන හෙයිනි. එහෙයින් මේ වෙනුවට කිනින්සන් සහ සගයන් වඩාත් ප්‍රිය කරන්නේ ‘සමකාලීන පරිණාමය'(“contemporary evolution”) යන්නටය. පරිණාමය ගැන සොයා බැලීම් සිදු කරන ජීව විද්‍යාඥයන් බොහෝ දෙනෙකු දැන් මේ මතය අනුදකින්නේ යයි කිනින්සන් කල්පනා කරයි.
කෙසේවෙතත්, ජීව විශේෂ මිලියන ගණනකින් හෙබි ලෝකයක සමකාලීන පරිණාමය සම්මතය බව ඔප්පු කිරීම අභියෝගයක් බව සත්‍යයකි. අපි කලින් ඇසූ ප්රශ්නය නැවත අසමු. මීට පිළිතුරු වශයෙන් දැක්වෙන්නේ නව විශේෂයන් සහ ගති ලක්ෂණ වේගයෙන් පරිණාමය වනවා පමණක් නොව ඒවා ඒ හා සමාන වේගයකින් අතුරුදහන් වන හෙයින් ඒවායේ සලකුණු පොසිල හෝ ප්රවේණි වාර්තා වල සටහන් වීමට අවස්ථාවක් එළඹෙන්නේ නැති බවයි. පරිණාමය පිළිබඳව මතුවන මේ නව චිත්‍රය එතරම් පුදුමයක් දනවන්නක් ද? ප්‍රගතිය කරා ගමන මිථ්යයාවක්, මායාවක් බව අපි කවදත් දැන සිටියෙමු. එමෙන්ම පරිණාමය යනු අභිප්‍රයක් නොමැති අහඹු ක්‍රියාදාමයක් බව ද දැන සිටියෙමු. පරිණාමය, සෙමින් සෙමින් කොයිබ හෝ යනවා හැරුණු කොට, වේගවත්ව පරිණාමය සාමාන්‍යයෙන් කොයිබවත් නොයයි.
New Scientist ප්රකාශනයක් වන LIFE ON EARTH:ORIGINS, EVOLUTION, EXTINCTION හි පළවු In the fast lane යන කොටස ඇසුරෙනි