කොලැජන් යනු කුමක්ද?

Posted by

කොලැජන් යනු කුමක්ද?

යේල් විශ්වවිද්‍යාලයට අනුව,  කොලැජන් යනුවෙන් දැක්වෙන්නේ චර්මය (සම) සහ කාටිලේජ වැනි සම්බන්ධක පටකවල මූලික ව්‍යුහාත්මක අවයවය වන ප්‍රෝටීන කුලයක්ය. මේ ද්‍රව්‍යය මිනිස් සිරුරේ සියළුම ප්‍රෝටීන අතුරින් තුනෙන් එකක් පමණ වේ. ස්කන්ධය අනුව ගතහොත් සිරුරේ වෙන ඕනෑම වර්ගයක ප්‍රෝටීනවලට වඩා වැඩිය.

විවිධ කොලැජන් වර්ග  විසි අටක් ඇති අතර  ඒ ඒ වර්ගය, ඒවායේ ඇමයිනෝ අම්ල සංයුතිය පදනම් කරගෙන වර්ගීකරණය කරනු ලැබේ. සිරුරේ ඇති කොලැජන් වලින් සියයට අනූවක් පමණ 1 වර්ගයේ ඒවා යයි Healthline වෙබ් අඩවිය දක්වයි. සිරුරේ ඉතිරි කොලැජන්වලින්  අත්මහත් බහුතරය සෙසු වර්ග හතරට අයත්ය:

1 වර්ගයේ කොලැජන් අපේ සමෙහි, කණ්ඩරාවන්හි(tendon), අභ්‍යන්තර අවයවවල සහ අස්ථිවල ඓන්ද්‍රීය කොටස්වල දැක ගතහැකිය.

2 වර්ගය කාටිලේජයේ දැකිය හැකිය.

3 වර්ගය ඇටමිදුලුවල සහ වසාභ පටකයන්ගේ දැකිය හැකිය.

4 වර්ගය  (බොහෝ පටක වර්ග වටකොට ඇති කොලැජන් තුනී පත් කඩ) දරණු පටලයෙහි(basement membrane) දැකිය හැකිය

5 වර්ගය හිසකෙස් වල සහ සෛල මතුපිට දැකිය හැකිය.

කොලැජන් එන්නේ කොයිබින්ද?

ආහාරයෙන් ලැබෙන ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට බිඳ දැමීමෙන් සිරුර, තමන්ගේම කොලැජන් ස්වභාවිකව තනාගනී. ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙහි මහජන සෞඛ්‍යය පාසලේ ලියාපදිංචි පෝෂණවේදී පැනොන් වෙස්ටන් දක්වන පරිදි කොලැජන් ඇතුළු සිරුරේ විවිධ වර්ග ප්‍රෝටීන තනන්නේ ඇමයිනෝ අම්ලයයි. ප්‍රෝටීන් සරු ආහාර (උදාහරණ : කුකුල් මස්, ගව මස්, බිත්තර, කිරි ආහාර, රනිල වර්ග සහ නිවුඩ්ඩ සහිත ධාන්‍ය වර්ග) වලින් සමන්විත සමබර ආහාර වේලක් කෑමට ගැනීමෙන් සහ නැවුම් එළවළු පලතුරු වලින් කොලැජන් සඳහා වූ සුවිශේෂී තැනුම් ඒකක ඔබට ලැබේ. නැවුම් පලතුරු හා එළවළු බහුල ආහාර වේලක් අතිරේක වාසි ද සපයයි. ඒ ‍ප්‍රතිඔක්සිකාරක(antioxidants) සපයන හෙයිනි. කොලැජන් හායනයට ලක් කළ හැකි ඔක්සිකාරක පීඩනයෙන් ශරීරය රැක ගන්නේ ප්‍රතිඔක්සිකාරකයි.  මගින් කොලැජන් නිපදවීමට ශරීරයට ඇති හැකියාව අප වයසට යත්ම අඩුවී යන බව වෙස්ටන් පෙන්වා දෙන්නීය. කෙසේ වෙතත් සූර්ය තාපයට අධිකව ලක්වීම, දුම් පානය සහ පෝෂණයෙන් හීන ආහාර ද කොලැජන් නිෂ්පාදනය කෙරෙහි අයහපත් අන්දමින් බලපායි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොලැජන්

සන්ධිවල ඇති කොලැජන් නැවත පුරවනවාට වඩා වේගයකින් බිඳීයාමට ආතරයිටීස් හේතුවීමෙන්  සන්ධි වේදනාව වැඩි වනවා පමණක් නොව ගමන් බිමන් ද සීමාවේ.  බිඳ වෙනවා බව ක්ෂුද්‍රජීවී විද්‍යාඥයකු වන මහාචාර්ය බෘෘක් රසල් පෙන්වාදෙයි. මේ හේතුව නිසා ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර පිණිස කොලැජන් ලබාදෙමින්  විද්‍යාඥයන් අත්හදාබැලීම් කරන්නේ එක් දහස් නවසිය අසූ ගණන් වල සිටය. එහෙත් මේ ක්‍රමය මඟින් සෑම විටම සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට සමත්වී නැත. මුඛයෙන් ලබාදෙන කොලැජන්  පරිපූරක(අතිරේකයන්) osteoarthritis රෝගයෙන් පෙළෙන්නන්ගේ වේදනාව අඩු කිරීමට උපකාරී වන බව පෙනී ගියත්   සඳහා දැනට ලබාදෙන ප්‍රධාන පෙළේ ඖෂධ ප්‍රතිකාර වලට වඩා කොලැජන් වඩාත් ඵලදායි නොවන බව Journal of Arthritis හි 2017 පළවූ අධ්‍යන වාර්තාවක් පෙන්වා දෙයි. රෝගීන්ගේ වේදනාවෙන් සහනය ලබාදීමට කොලැජන් පරිපූරක උපකාරීවන බව 2016දී  Nutrition Journal පළවූ අධ්‍යයනයකින් ද සනාථ වී ඇත. කෙසේ වෙතත් කොලැජන නැවත වර්ධනයවී   ආතරයිටීස් රෝගය සම්පූර්ණයෙන් ආපස්සට හැරවීමට තරම්  හැකියාවක්  සැපයීමට හැකියාව මුඛයෙන් ලබාදෙන  පරිපූරක(අතිරේකයන්)වලට නැති බව පෙනේ. රෝගය  සහිත සන්ධිවලට කොලැජන් ශෛල්‍ය වෛද්‍යායානුකූලව ඇතුල් කිරීම වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ප්‍රතිකාරයක් යයි PLOS One හි පළවූ 2018 අධ්‍යන වාර්තාවක් හෙළි කරයි. තුවාලවලට ප්‍රතිකාර සැපයීමේ දී කොලැජන් වඩාත් සාර්ථක වන අතර එය වසර දෙදහකට වැඩි කාලයක් තිස්සේ සිදු කරෙන ප්‍රතිකාර ක්‍රමයක් බව මාර්ග ගත BioMedical Engineering සඟරාවෙහි දැක්වේ.

ඔබත් කොලැජන් සහිත පරිපූරක(අතිරේකයන්) ගත යුතුද?

මුඛ පරිපූරක(අතිරේකයන්) සහ සිරුරේ කොටස්වලට ගල්වන ක්‍රීම් වර්ගවල  අන්තර්ගත කෙරෙන කොටස් අතරේ කොලැජන් ඇති බව ප්‍රකට කාරණාවකි.  එහෙත් එවැනි ප්‍රතිකාර වල කාර්යක්ෂමතාවය නැතිනම් ඵලදායිතාවය තහවුරු කිරීමට තුඩුදෙන විද්‍යාත්මක සාක්ෂි දුර්ලභය. “මෙකී පරිපූරක(අතිරේකයන්) ගැනීමෙන් කේශ කලාපයට, නියපොතු වලට හෝ සමට සැබෑ වෛද්‍යමය වාසියක් ඇති බවට ඔප්පු වූ සාක්ෂි ඇත්තේ නම් ඒ ඉතාමත් ස්වල්පයකි” යයි  හුස්ටන්හි, ටෙක්සාස් විශ්ව විද්‍යාල සෞඛ්‍ය විද්‍යා කේන්ද්‍රයේ විද්‍යා මහාචාර්ය වෛද්‍ය ඇඩිලේඩ් හර්බට් කියා සිටි. එම මතයම සනාත කරමින්  “කොලැජන් පරිපූරක ගැන කල්පනාකාරී වන්න. ඒවායේ සෞඛ්‍යමය වාසි ගැන විද්‍යාව තවමත් සම්පූර්ණයෙන් අධ්‍යයනයක යෙදී නැහැ” යයි වෙස්ටන්ද කියා සිටියි.

පරිපූරක බොහොමයක ඇති කොලැජන්, සාමාන්‍යයෙන් ගෙරිකටු සහ මාළු හම වැනි සත්වමය මූලයන්ගෙන් ලබාගන්නා, බෙහෙවින් සැකසීමට ලක් වූ ඒවාය. මෙය කොලැජන්වල ව්‍යූහය විනාශ කරන්නේ එය පෙප්ටයිඩ ලෙස බිඳ දමමිනි. මේවා ඇමයිනෝ අම්ල කෙටි දාමයන්ය. ඉතින් කොලැජන් පරිපූරකය ගැනීමට ඔබ සිතන්නේ නම් ඔබේ ජීවන රටාව සහ ආහාර ඔබේ සිරුරේ නිපදවන කොලැජන් කෙරෙහි කොපමණ බලපෑමක් ඇති කරන්නේ දැයි මුලින්ම සලකා බැලිය යුතු යැයි ද වෙස්ටන් කියයි. “ජීවනරටා සාධක කෙරෙහි අවධානය යොමු කරමින් හොඳ සමබර ආහාර ගන්නේ නම් පරිපූරක නැතුවට කමක් නැහැ” වෙස්ටන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

Live Science හී පළ වූ  What is collagen?   යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.