අපගේ සැබෑ ස්වරූපයේ හරය
සමරිසිබාවය(සමලිංගිකත්වය) පාපයක් යනුවෙන් දේශනා කරමින් ක්‍රිස්තියානු ධර්ම දූතකයෙකු වූ මාක් පියර්පොන්ට් ලොව පුරා සැරිසැරුවේ, එවන් සමරිසි ආශාවන්ට එරෙහිවන ආකාරයන් ද ප්‍රවර්ධනය කරමිනි. එය හද පතුලෙන්ම හටගත්, අතිශය පෞද්ගලික චේතනාවන් මුල් කරගත් මෙහෙයුමකි. එසේවුව ද අනුන් ගොදුරුවීම වළක්වාලීමට් ඔහු වෙහෙසුණු ආශාවන්ගෙන් පියර්පොන්ට් ද පෙළුණේය. මේ විසංවාදය හෙවත් පරස්පරය හෙතෙම එළිපිටම පිළිගත්තේය. ඉතින් දැන් මෙන්න අපේ ප්‍රශ්නය: පියර්පොන්ට්ගේ සැබෑ ආත්මය (ස්වරූපය) පිළිබිඹු කරන්නේ ඔහුගේ කුමන ආකල්පයද? සමලිංගිකත්වය පාපයක්ය යන ඔහු ඉදිරිපත් කළ පණිවුඩය ඔහුගේ නියත, සමරිසි ස්වරූපය පාවාදීමක්ද?
මතුපිටින් පෙනෙන අපේ ආකල්ප සහ චර්යාවන් යටින් සැබෑ තමා(true self) වැනි දෙයක් හොල්මං කරන බවක් අපි බොහෝ දෙනෙකු ඒත්තු ගෙන සිටින්නෙමු. එය මුලාවක් වියහැකි නමුත් අප ද ඇතුළුව මනුෂ්‍යයන්ව අප දකින්නේ කෙසේද යන්න එය අපට සන්නිවේදනය කරයි. ‘තමා’ යන්නේ වඩාත් අත්‍යවශ්‍ය මුලාවයවය පිළිබඳ ප්‍රශ්නය ශතවර්ෂ ගණනාවක් තිස්සේ දාර්ශනිකයන්ගේ සිතට වද දෙන කාරණයකි. දාහත් වැනි සියවසේ දී ජෝන් ලොක් (මේ සම්බන්ධයෙන්) ස්මරණය මුලටත් මැදටත් ගෙන ආයේ, සවිඥානක අත්දැකීමේ අඛණ්ඩතාව තුළ තමා යන්න පදනම් වී ඇතැයි තර්ක කරමිනි. ඉතින්, අත්දැකීම් සංයුක්ත ආඛ්‍යානයක් ලෙස එකට ගෙතිය හැකි ස්මරණයක් ඔබට තිබෙන තාක් ඔබ සතුව චිරස්ථායි ස්වරූපයක් (තමා යන්න) පවතී.
එය හිත ඇදී යන කතාවක් වුණත් එය සැක කරන්න වර්තමාන විද්‍යාව අපට කරුණු සපයා දී ඇත. නිදසුනක් දක්වතොත් අලුත් මතකයන් රඳවා ගැනීමේ හැකියාව තබා ගෙනම ප්‍රතිගාමී විසම්මුතියෙන්(retrograde amnesia) පෙලෙන අයට, එම තත්ත්වය ඇති කළ හදිසි අනතුර හෝ රෝගාබාධයට පෙර තීබූ මතකයන් අහිමිවී යාමට පුළුවන. තමන්ගේ ස්වභාවය(තමා යන්න) මකා දමා ඇති බවක් ඔවුනට හෝ ඔවුන් රැකබලා ගන්නා අයටවත් දැනෙන්නේ නැත.
එසේ වුවද ප්‍රතිභානාත්මකව සලකා බලත හොත්, තමා යන්නෙහි හරය කාලය පුරාවට පවතින්නක්ය යන අදහස අරුත් දනවයි. එසේ නොවන්නට ඔබට වැඩිම වුනොත් හමුවන්නේ නොදැනී ගලා ගිය ඔබෙ ස්වරූප ගණනාවකි. ඉන් එකක්වත් ඇත්තටම ‘ඔබ’ නොවේ. ඇත්තටම සිදුවන දේවල් නම් ඒ හා සමාන සරල ඒවා නොවන බවට හැඟවීමක් ඇත. ඒත් ඉතින් මෙය ආරම්භක ස්ථානයක් ලෙස සැලකුවොත් කාලයාගේ ඇවෑමෙන් ඔබේ පෞරුෂය වෙනස් විය හැකිය යන්න හෙළිදරව්ව නොවන්නට, තමන් යන්න පිළිබඳ අඛණ්ඩ හැඟීම ඇති කිරීමට ඔබේ පෞරුෂයට ප්‍රමුඛ හැකියාවක් ඇත. ඉතින්, ස්මරණය හෝ පෞරුෂයත් නොවන්නේ නම් එහෙනම් මොකක්ද?
තමා යන්නෙහි හරය ගැන සැක සංකා පහල කරනවාට වඩා මනෝ විද්‍යාඥයන් සහ (අත්හදා බැලීම් වලට ලැදිකමක් ඇති) දාර්ශනිකයන් සතුව නව උපාය මාර්ගයක් තිබේ: එනම්, ජනතාවගෙන් විමසා සිටීමයි. කෙනකු වෙනස් වෙන ආකාරය ගැන ජනතාවට විවිධ චිත්‍ර සපයමින් ද, එම පුද්ගලයන් සිය සැබෑ ස්වරූපයෙන් කොපමණ වෙනස් වී ඇත් දැයි ඔවුනට සහජ ඥානයෙන් දැනෙන්නේ කෙසේද යන්න සොයා බැලීම මගින් ද, පර්යේෂකයන් බලාපොරොත්තු වන්නේ එකී සැබෑ ස්වරූපය කුමක්දැයි අප සලකන අන්දම ගැන හරිහැටි වැටහීමක් ඇති කර ගැනීමටයි.
පෞරුෂත්වය වග විභාග කිරීම
ජිමි නැමැත්තෙකු පිළිබඳ උපකල්පිත සිද්ධි වාචකය(hypothetical case) ගැන ජනතාවගෙන් විමසා සිටිය හැකිය. මේ උපකල්පිත චරිතය වන ජිමි බරපතළ මෝටර් රථ අනතුරකට මුහුණ පෑ අයෙකි. ඔහුගේ පැවැත්මට ඇති එකම බලාපොරොත්තුව ඔහුගේ මොළය අලුත් සිරුරකට බද්ධ කිරීමයි. මෙම කතාවේ විවිධ අනුවාද ඇත. බද්ධ කිරීමෙන් පසුව ජිම් මනෝවිද්‍යාත්මකව එලෙසම හෙවත් අනන්‍යව සිටියි. නැතිනම් දැකීමෙන් වස්තුන් හඳුනාගැනීමේ හැකියාව වරණීය වශයෙන් අහිමිවේ. මෙය දෘෂ්ටිමය අසඤ්ඤතාව යනුවෙන් හඳුන්වනු ලබන තත්ත්වයකි. එසේත් නැතිනම් ස්වයං චරිතමය ස්මරණයන් හදුනාගැනීමේ හැකියාව අහිමි වෙයි(විස්මෘතිය).
මොළය බද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට දෘෂ්ටිමය අසඤ්ඤතා ව ඇති වූ විට (පර්යේෂණයට සහභාගී වන) ජනතාව ජිමි තුළ ඇති වන වෙනස ඉතාමත් සුළු වශයෙන් දකී. ලොක්ගේ සිද්ධාන්තයට අනුව යමින්, විස්මෘතිය ඔහුගේ අනන්‍යතාව කෙරෙහි ඊට වඩා බෙහෙවින් වැඩි බලපෑමක් ගෙන ආවේය. එහෙත් ඔහුගේ සැබෑ ස්වරූපය වඩාත් විපර්යාසයට ලක් කරන්නේ තුන්වෙනි සාධකයක් නිසාවෙන් ලෙසයි සැලකුනේ. එනම්, මොලයට සිදුවූ හානියෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සදාචාරාත්මක හෘදයසාක්ෂිය ඔහුට අහිමි ව යෑමෙන් තවදුරටත් හරි වැරැද්ද තෝරා බේරා ගැනීමට නොහැකි වීම හෝ අනුන්ගෙන් දුක හිතට කා වැදීමට සිදු නොවීමයි..
ස්නායුපරිහාණී රෝග (neurodegenerative diseases) වන, (amyotrophic lateral sclerosis – ALS), ඇල්සයිමර්ගේ(Alzheimer’s) රෝගය සහ (frontotemporal dementia – FTD) යන තුනෙන් එකක් සහිත පුද්ගලයකු ගේ පවුලේ සාමාජිකයන් පිළිබඳව සමීක්ෂණයකින් දැක්වෙන පරිදි සැබෑ ලෝකයෙහි යථාර්ථය ද මෙයම බව පෙනීයයි. විද්‍යාඥ ස්ටීවන් හෝකින් පෙළුණු රෝගය වන ALS, ක්‍රමයෙන් පේශ හානියට පත්කරන නමුත් මොළයේ හැකියාවන් එලෙසම පවතී. ඇල්ෂයිමර්ගේ රෝගය ක්‍රමයෙන් ස්මරණය මකා දමයි. FTD සමාජීය සහ සදාචාර සම්පන්න චර්යාවන් වෙනස්වීමට මඟ පාදයි. ALS සහිත ජනතාවගේ ඥාතීන්ගෙන් විමසුවොත් දැන ගත හැකි පරිදි තම ඥාතියාගේ අනන්‍යතාවය ඇල්සමර්ගේ රෝගයෙන් පෙලෙන්නන් බලා කියාගන්නා අය ඔවුන්ගේ රෝගියාගේ අනන්‍යතාව වෙනස්ව ඇති ප්‍රමාණය දක්වනවාට වඩා අඩුවෙනි. කෙසේ වෙතත් වැඩිම විපර්යාසයක් දකිනු ඇත්තේ FTD රෝගයෙන් පෙළෙන්නන්ගේ ඥාතීන්ය.
සදාචාර ස්වරූපය(තමා යන්න)
උද්ගතය හෙවත් ප්‍රතිඵලය වන්නේ අන් අය පිළිබඳ අපගේ සංජානන ගතහොත් අප (ඔවුන්ගේ) සැබෑ ස්වරූපය ලෙස දකින්නේ සදාචාර ස්වරූපයයි. සමාජ සත්ව විශේෂයක් හැටියට මෙය අපට අරුත් දනවයි. ජනතාවගේ සදාචාර චරිතය ගැන අප සැලකිලිමත් වන්නේ සමාජයීය සහකරුවන් වශයෙන් ඔවුන් කෙබඳු වී දැයි දැනගැනීමට අපට අවශ්‍ය වන හෙයිනි. එපමණක් ද නොව පුද්ගලයෙකුට සැබෑ ස්වරූපයක් ඇතැයි යනුවෙන් මුලින්ම මත් අප දකින්නට එකම හේතුව එම පුද්ගලයන්ගේ සමාජ චර්යාව ගැන විමසිල්ලෙන් සිටීම වෙනුවෙන් අප ආරෝපණය කරන වැදගත්කම නිසාවෙනි. එහෙත් මෙයට කුතුහලය අවුස්සන සුලු නැම්මක් ඇත. සෑම දෙනාගේම සැබෑ ස්වරූපය, සදාචාර ස්වරූපය හැටියට පමණක් නොව සදාචාරාත්මක ‘හොඳ‘ (මෙහිදී ‘හොඳ‘ යන්න අපගේම සදාචාරය පිළිබඳ දෘෂ්ටියෙන් විස්තර වන අයුරුය) යනුවෙන් අප දකින බවක් පෙනී යයි. ඒ බව, මාක් පියරේපොන්ට් සහ ඒ හා සමාන සිද්ධිවාචක දක්වා ඔවුන්ගේ ප්‍රතිචාර අපේක්ෂා කළ පුද්ගලයන් හා සම්බන්ධව සිදු කෙරෙන අධ්‍යයනවලින් කරුණු පැහැදිලි වේ. එමෙන්ම, පැහැදිලි රටාවක් ඉස්මතු විය. නිදහස් (ලිබරල්වාදී) අදහස් ඇති අය පියර්පොන්ට්ගේ සැබෑ ස්වරූපය සමරිසි ස්වරූපයයි දුටුහ. වඩාත් සම්ප්‍රදායානුකූල අදහස් සහිත අය ඊට ප්‍රතිවිරුද්ධ මතය දැරූහ.
වඩාත් පොදු වශයෙන් දක්වන්නේ නම් යම් කෙනෙකුගේ චර්යාව අපට පෙනෙන අයුරු හොඳයි නම් අපේ හරයන්ට අනුකූල නම් අප එය සලකන්නේ ඒ අයගේ සැබෑ ස්වරූපය ලෙසයි. එසේ නොවන්නේ නම් එය එතරම් මූලික නොවන ‘පුහු’ ස්වරූපයකි. ඉතින් අපගේ සැබෑ ස්වරූපයයි අනුන් විශ්වාස කරන දේ ගැන අපට හොඳ වැටහීමක් තිබේ. ඔව්, අපගේ හරයේ ඇති සදාචාරාත්මක යහගුණය ගැන (ඔවුන්ගේ) අර්ථ දැක්වීම සැමවිටම අපේ ඒවාට නොගැලපෙන්නේ නම් පවා අපට හොඳ වැටහීමක් තිබේ.
ඉතින් ආරම්භයේ අප ඉදිරිපත් කළ කතාව අවසන් වෙන්නත් එපායැ. පියර්පොන්ට් හිත හදාගත්තේය. සමලිංගිකත්වයට එරෙහි දේශනා නතර කර තමන් සමරිසියකු ව බව පියර්පොන්ට් තීරණය කළේය.