ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අප අභ්‍යවකාශය ජය ගන්නේ කෙලෙසද? 11 කොටස
(ලිපියේ මුල් කොටස ඊයේ පළවිය)
ජගත් සංග්‍රාමයේදී නට්සීන් පරාජයට පත් වීමේ ප්‍රතිඵලයක් හැටියට අභ්‍යවකාශය තරගයෙන් ජර්මනිය ඉවතට ඇද වැටිණ. එහෙත් සුදුස්සන් ගැන සෙවිල්ලෙන් සිටි ජර්මනියේ හිටපු ප්‍රතිවාදීන් වන එක්සත් ජනපදයේ මෙන්ම එක්සත් සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ ද අනුග්‍රහය ඇතිව ජර්මනියේ හිටපු රොකට් විද්‍යාඥයන් අඛණ්ඩව සිය කටයුතු කරගෙන යාමට ක්‍රියා කළහ. මුලින්ම සඳහන් කළ යුත්තේ භාවිතයට නොගත් V2 රොකට්ටු සහ තවත් එවැනි රොකට්ටු නිපදවීම සඳහා වන එම තාක්ෂණය පාර්ශ්ව දෙකටම අවශ්‍ය වූ බවයි. ඔවුන්ගේ උනන්දුව එල්ල වූයේ න්‍යෂ්ටික ශීර්ෂ අවි දියත් කිරීම පිණිස අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිල් නිෂ්පාදනය කිරීම කෙරෙහිය. අවසානයේ ඔවුන් චන්ද්‍රයා බලා යෑමේ තරගයක් පටන් ගත්හ.මේ සියල්ල පදනම් වූයේ ජර්මනියේ රොකට් විද්‍යා දැනුම මතයි.
තරඟය දැඩි වූ අතර ප්‍රගතියද සීඝ්‍රාකාර විය. 1946 දී නව මැක්සිකෝවේ වයිට් සැන්ඩ් මිලයිල අඩවියේ සිට දියත් කෙරුණු V2 රොකොට්ටුවක සවිකරතිබු කැමරාවක් මගින් පෘථිවියේ .වක්‍රතාව(curvature) සහ ඉන් ඔබ්බෙහි ඇති හිස් අවකාශය අනුරූපයක් ලෙස හසු කර ගනු ලැබීමට සමත් විය. එය, අභ්‍යවකාශයේ සිට ගත් ප්‍රථම ඡායාරූපයයි. භාෂා ව්‍යවහාරයට “එය රොකට් විද්‍යාව(මෙයින් අදහස් කළේ ඉතා ඉහල විද්‍යා දැනුමයි) නොවේ” යන යෙදුම එකතු වූයේ ද ඔන්න ඔය අවදියේමය.
(ඇමරිකාව හා සෝවියට් දේශය යන) දෙපාර්ශවයම V2 රොකට්ටුව වැඩිදියුණු කරමින් තව තවත් විශාල එමෙන්ම හොඳ රොකට් තැනීමට පටන් ගත්තේය. යම් වස්තුවක් කක්ෂගත කිරීමට එක් පාර්ශවයක් හෝ අනෙක සමත්වන දිනය ඈතක නොවන බව පැහැදිලි විය. 1957 ඔක්තෝබර් 4 වනදා ඒ දිනය උදා විය.
සෝවියට් සංගමය මගින් එදා ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව දියත් කළ අවස්ථාවේ ඇති වූ විශ්මය අද තේරුම් ගැනීමට අපහසුය. ස්පුටිකින් 1 (Sputnik 1) චන්ද්‍රිකාව දුර්වල ගුවන් විදුලි සංඥා ආපසු පෘථිවිය වෙත එවනු බටහිර රටවල් බලා සිටියේ චකිතය මුසු හැගීමකිනි. කක්ෂගතව දින දහයක් ගත කළ එම කුඩා ලෝහමය බෝලය ආපසු වායුගෝලයට ඇතුළු වෙද්දී දැවී ගියේය. සෙන්ටිමීටර 58 ක විෂ්කම්භයෙන් යුතු එහි ගුවන් විදුලි සම්ප්‍රේෂණයක ට වැඩි යමක් අඩංගු නොවීය යන්න සලකනවිට ඒ ගැන දැක්වූ අවධානය අනුපාතික නොවන බවක් හැඟේ. එසේ වුවද, කක්ෂගත වීමේ තරගයෙන් පැහැදිලිවම එක්සත් ජනපදයට හිමිවූයේ පරාජයකි. ඊට වසර හතරකට පසුව (1961 දී) ප්‍රථම මිනිසා (යූරි ගගාරින්) පෘථිවිය වටා කක්ෂගත කිරීම කොරලොව් සමත් වූ විට කළ විට සෝවියට් දේශය ලද වාසිය දෙගුණ වූ බවක් පෙනිණ.
සඳ මතුපිට ඇවිදීම
කෙසේ වෙතත් අන්තිම ජයග්‍රහණයේ සතුට එක්සත් ජනපදයට හිමිවිය. 1969 අගෝස්තු මාසයේ දී නාසා ආයතනය සැටර්න් V(Saturn V) රොකට්ටුවක් උපයෝගීකරගනිමින් මිනිසුන් සඳ මතට යැවීය. ජර්මනියට අවසාන මොහොතේ දී හෝ (යුද්ධයේ) ජයග්‍රහණය ලබාදීමේ තැතක් ලෙස ඇරඹුණු දෙය අවසන් වූයේ එක්සත් ජනපදයට ප්‍රචාරණමය ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. එපමණක්ද නොව එම ව්‍යායාමය පණ ගැන්වුණු අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහන අනෙකුත් ඕනෑම මාර්ගයකට වඩා අප ආවේ කොයිබින්ද සහ අප යන්නේ කොයිබටද යන්න ගැන අපට කියා දුන්නේය.
ජීවිතය, විද්‍යා ප්‍රබන්ධ අනුකරණය කරයි
අභ්‍යවකාශය, හැමදාමත් අපේ පරිකල්පනය බලවත් ආකාරයෙන් පුබුදු කිරීමට සමත් කමක් දක්වයි. ඒත් ඉතින් අභ්‍යවකාශය වෙත යාම ගැන යථාර්ථවාදී සිහින දැකීම ඇරඹෙන්නේ 1960 ගණන්වලය. ඒ සුප්‍රකට විද්‍යාප්‍රබන්ධක ජූල්ස් වර්න් From Earth to the Moon සහ Around the Moon යන නවකතා පළ කිරීමත් සමඟය. ඇමෙරිකානු රොකට් විද්‍යාවේ පියා යැයි විරුදාවලිය ලත් රොබට් ගොඩාඩ් මෙන්ම ජර්මනියේ ඔහුගේ ප්‍රතිරූපය ලෙස සැලකෙන හර්මාන් ඕබත් (Hermann Oberth) දෙදෙනාම විද්‍යා ප්‍රබන්ධ තුළින් ළමා වියේදී අනුප්‍රාණය ලද්දෝ වූහ. මෙම විද්‍යා ප්‍රබන්ධ කෘතිවල අදහස් සංශයවාදීව බැලීම බහුලව ව්‍යාප්තව ගියේ වී නමුත් පළවි ශතවර්ෂයක් ගතවෙද්දී ඒවා සැබෑවක් බවට පත් කර ගැනීමට එම ප්‍රබන්ධ උපකාරී විය.
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE CONQUER SPACE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.