වයිරස් කියන්නේ මිනිස් සංහතියේ මාරයෙක් ද?

Posted by

මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසය ගැන කාගේත් උනන්දුව දැල්වී තිබෙනවා පමනක් නොව ඒ ගැන පුවත් සහ විස්තර කොතෙකුත් මාධ්‍යවලින් ලබා ගත හැකියි. විද්‍යා සංනිවේදකයෙකු හැටියට තතු අද ලිපිය යොමුකරන්නේ පොදුවේ වෛරස ගැන සංක්ෂිප්තව විස්තර දක්වන්නයි

හැඳින්වීම:

ඕනෑම එක් මොහොතක් ගත හොත් දළ වශයෙන් වයිරස් 1031 ඇතැයි විද්‍යාඥයෝ ගණන් බලති. ඒ කියන්නේ 1 ඉලක්කමට පිටුපසින් බිංදු තිස් එකක් ඇති සංඛ්‍යාවක්. මේ වෛරසය 1031  කොයි ක්‍රමයෙන් හරි එකට තබා පෙළ ගැසුවොත් එම කුලුන ආලෝක වර්ෂ දෙසියක අභ්‍යවකාශයට විහිදෙයි. මෙයම වෙනත් ආකාරයකට කියනවා නම් මුළු විශ්වයේම තිබෙන සමස්ත තාරකා ප්‍රමාණය මෙන් මිලියන දශ ගුණයකටත් වඩා වැඩිය. මේකෙන් අප තේරුම් ගන්න ඕන කරන්නේ, වෛරසය 1031  අපව ආසාදනයට පත් කිරීමට පෘථිවියේ පෙළගැසී සිටින බවක්ද?

ඇත්තටම මේ වෛරසය අතුරින් බොහොමයක් දැකිය හැකි වන්නේ මහා සාගරයෙහි ය. වයිරස ඒවායේදී  ප්‍රහාර එල්ල කරන්නේ බැක්ටීරියා සහ වෙනත් ක්ෂුද්‍රජීවීන්ට ය. ඒ ගැන හිතන කොට බැක්ටීරියාවකට වෛරසයක් වැළඳේය යන්න අපට නුහුරු බවක්,  අමුතු බවක් දනවයි. ඒත් විද්‍යාඥයන් නම් අදහස් කරන්නේ සෑම වර්ගයකම සජීවියෙකුම(living organism) ඇතැම්විට එක වෛරසයකට හෝ අඩුම තරමින් ධාරකයකු වන බවයි!

වයිරස හට ගත්තේ කෙසේද? මෙලොවට වයිරස ආවේ කොයිබින් ද?

ජීවයේ ආරම්භය ගැන මෙනෙහි කිරීම විද්‍යාඥයන්ට මෙන්ම සාමන්‍ය මහජනතාවට ද සිත් අලවන කාර්යයක්. වයිරසවල පරිණාමීය ඉතිහාසය අවබෝධ කර ගැනීම මෙම උනන්දුව දනවන සුලු මාතෘකාව ගැන යම් ආලෝකයක් හෙළීමට සමත්ය. වයිරසවල ආරම්භය(න්) ගැන මේ වෙනතුරු පැහැදිලි විවරණයක් නොපවතී. සෛල අතර එහා මෙහා යාමේ හැකියාව වර්ධනය කරගත් සචල ප්‍රවේණි  ද්‍රව්‍ය වලින් වයිරස හටගත්තා විය හැකියි. පරපෝෂිත ප්‍රතිචලන උපාය මාර්ගයකට හැඩ ගැසුණු කලින් පරපෝෂිත නොවන ජීවීන්ගෙන් වයිරස පැවත එනවා ද විය හැකියි.  බාගදා වයිරස කලින් ද තිබී, අනතුරුව සෛලීය ජීවයට මගපෑදුවා වෙන්නත් පුළුවන්.  අඛණ්ඩ අධ්‍යයන ඇතැම්විට අපට පැහැදිලි පිළිතුරු සපයා දෙන්නත් ඉඩ තිබේ. එහෙම නැතිනම්, පිළිතුර දැනට පෙනෙනවාටත් වඩා පැටලිලි සහගත වෙන්නට පවා හැකි යයි අනාගත අධ්‍යයන හෙළිකරන්නට පුළුවන.

                                                                — The Origins of Viruses

                                                                Scitable:by Nature Education

වයිරසයක් කියන්නේ කුමක්ද?

වයිරසයක් යනු, ධාරක සෛලයක් ආසාදනයට ලක් කිරීමෙන් පමණක් ප්‍රජනනය කළ හැකි ඉතා කුඩා, ආසාදන-ජනනක(infectious) අංශුවකි. වෛරසය ධාරක සෛලය ‘බලග්‍රහනය‘  කරන අතර තව තවත් වෛරස නිපදවනවනු පිණිස එම (ධාරක සෛලයේ) සම්පත් උපයෝගී කරගනු ලබන්නේ මූලිකවම එය වෛරස පැක්ටරියක් බවට පත් කරනු වස් එය  ප්‍රතික්‍රමලේඛනය( reprogram) කරමිනි. (ධාරකයෙකු නොමැතිව) ඒවාටම ප්‍රජනනය කළ නොහැකි නිසා වෛරසය ‘ජීවත් වෙන්නක්’ ලෙස නොසැලකේ. එපමණක් නොව වෛරසවලට සෛල ද නොමැත: ඒවා ඉතා කුඩාය, සජීවින්ගේ සෛලවලටත් වඩා බෙහෙවින් කුඩාය,  තවද ඒවා මුලික වශයෙන් හුදෙක් නියුක්ලෙයින් අම්ල (nucleic acid) සහ ප්‍රෝටීන වල ඇහුරුමකි(පැකේජයකි).

එහෙත්, සෛල පදනම් කරගත් ජීවයත් සහ  වෛරසත් සතුව වැදගත් පොදු ගුණාංග කිහිපයක් ඇත. නිදසුනක් දක්වතොත් ඒවා සතුව ඔබගේ සෛලවල (සහ ජීවත්වන සියලුම සත්වයන්ගේ සෛලවල) භාවිතයට ගන්නා ප්‍රවේණි කේතය ම පදනම් කරගත් නියුක්ලෙයින් අම්ල ජෙනෝම ඇත. තවද, සෛල පදනම් වූ ජීවීන් සියල්ලෙහි මෙන්ම වෛරස වලට ද ජානමය විචල්‍යය ඇති අතර පරිණාමය වීමට ද පුළුවන. ඉතින් ජීවය සදහා දෙන අර්ථ නිරූපණයට ඔවුන් ගැලපෙන්නෙ නැති හෙයින් වෛරස ජීවත්වන්නේ නැති වුවද ඔවුන් අයත් වන්නේ ප්‍රශ්නාර්ථයක් සහිත කලාපයකට හෙවත් දෙගොඩටම අයත් නැති කලාපයකට බවක් පෙණී යයි. (බාගදා වෛරස  ඇත්තටම සොම්බීන් හෝ රීරි පිශාචයන් වැනි නොමැරෙන පිරිසක් වත්ද?)

වෛරසය බැක්ටීරියාවන්ගෙන් වෙනස්වන්නේ කෙලෙසද?

බැක්ටීරියා වලට මෙන්ම වෛරස යන දෙකටම අප ගිලනුන් බවට පත් කිරීමේ හැකියාව ඇතත් ජීව විද්‍යාත්මක මට්ටමේ දී බැක්ටීරියා සහ වෛරස බෙහෙවින් වෙනස්ය.  බැක්ටීරියා කුඩා සහ තනි සෛල සහිත වුවද,  ඒවා ප්‍රතිජනනය සඳහා ධාරක සෛල මත රැඳෙන්නේ නැත. මේ අන්දමේ වෙනස්කම් නිසාවෙන්, බැක්ටීරියා සහ වෛරස වලින් ඇතිවන ආසාදනයන්ට ප්‍රතිකාර කරන්නේ ද බෙහෙවින් වෙනස් ආකාරයකටය. නිදසුනක් දක්වතොත් ප්‍රතිජීවක ප්‍රයෝජනවත් වන්නේ බැක්ටීරියා වලට එරෙහිව මිස වෛරස් වලට විරුද්ධව නොවේ.

තවද , ප්‍රමාණයෙන් ගත්තොත් බැක්ටීරියා,  වයිරස් වලට වඩා බොහෝ විශාලය. විශ්කම්භය වශයෙන් ආකෘතික  වෛරසයක් නැනෝමීටර(nm) 20-300 දක්වා වේ(1nm=10-9 m). මෙය, සාමාන්‍ය E. coli  බැක්ටීරියාවකට වඩා බොහෝසේ කුඩාය. E. coli බැක්ටීරියාවක් දළවශයෙන් 1000 nm පමණ වේ. ප්‍රමාණය වෙනත් ආකාරයකට සලකා බැලුවොත්, ඇල්පෙනෙත්තක හිස මත වෛරසය මිලියන දස ගණනක් තැබිය හැකිය.( විශාලතම වෛරසය හොයන්න මෙතැනින් පිවිසෙන්න)

වයිරසයක ව්‍යුහය :

ලෝකයේ විවිධාකාර වූ වෛරස බොහෝමයක් ඇත. ඉතින් මේ අනුව වෛරසයක්,  ඒවායේ ප්‍රමාණය හැඩය සහ ජීවන චක්‍රය අතින් ගතහොත් විශාල වශයෙන් වෙනස්කම් දක්වයි. (ඔබ මේ ගැන විශේෂ උනන්දුවක් දක්වන්නේ නම් මෙතනින් ViralZone වෙබ් අඩවියට පිවිස අහඹු ලෙස වෛරස් ගණනාවකට ක්ලික්කර බැලීමෙන් මේ විකාර රූපී හැඩ සහ වෙනත් ගති ලක්ෂණ දැකගත හැකිය.)

කෙසේ වෙතත් වෛරස අතර  පොදු ප්‍රධාන ගතිලක්ෂණ කිහිපයක් ද ඇත:

  • ආරක්ෂක ප්‍රෝටීන කොපුවක් හෙවත් කැප්සිඩ(Capsid) .
  • Capsid තුළ ගැබ්ව තිබෙන DNA හෝ RNA වලින් සෑදුනු නියුක්ලෙයික් අම්ල ජෙනෝමය.
  • (වෛරස සියල්ලම නොවුණ්ත් සමහර ඒවා) envelope (ආවරණ) යනුවෙන් හදුන්වනු ලබන පටල ස්තරයක්.

අපි මේවා ගැන වඩා සූක්ෂමව සලකා බලමු.

 

වෛරස කැප්සිඩ

වෛරසයක කැප්සිඩ  හෙවත් ප්‍රෝටීන කොපුව සෑදී තිබෙන්නේ ප්‍රෝටීන අනු බොහෝමයකිනි(ඒ මිස එක් තනි විශාල හිස් එකකින් නොවේ). capsomers නම් ඒකකය තැනීමෙහි ලා ප්‍රෝටීන එකතුවෙයි. ඒවා එකතුව කැප්සිඩ තනයි. කැප්සිඩ ප්‍රෝටීන හැමවිටම වෛරසය ජෙනෝම මගින් කේත ගතකෙරේ. ඒ කියන්නේ ඒවා තැනීම සඳහා උපදෙස් දෙන්නේ (ධාරක සෛලය නොව) වෛරසය යන්නයි.

කැප්සිඩ විවිධ ස්වරූප දැකිය හැකි නමුත් බොහෝ විට මතු දැක්වෙන ස්වරූප (හෝ ඒවායේ විචලනයන්) හිමිකර ගනී.

  1. විංශක්තලීය (Icosahedral) කැප්සිඩ:: මේවා සතුව මුහුණත විස්සක් ඇති අතර පැති විස්සේ හැඩය අනුව විංශතිනලය (icosahedron) යන නම යෙදේ.
  2. සූත්‍රිකාමය (Filamentous) කැප්සිඩ: මේවා නම් කර ඇත්තේ ඒවායේ රේඛීය, තුනී, රැහැන් ආකාර පෙනුම අනුවය. ඒවාට දණ්ඩක් වැනි හෝ හෙලික්සිය (helical) යන්න ද යෙදිය හැකිය.
  3. හිස නගුට කැප්සිඩ: මේවා විංශක්තලීය සහ සූත්‍රිකාමය  කැප්සිඩ අතර එක්තරා අන්දමක දෙමුහුන් කැප්සිඩයි. මූලික වශයෙන් ඒවා සූත්‍රිකමය නගුටකට  සවිකළ  විංශක්තලීය හිස කින්  සමන්විත වේ.

 

වෛරසය ආවරණ

කැප්වසිඩලට අමතරව ඇතැම් වෛරස සතුව ආවරණයක්(envelope) යනුවෙන් දැක්වෙන බාහිර ලිපිඩමය පටලයක් ඇත. මෙය සමස්ත කැප්සිඩයම වටලයි. ආවරණ සහිත වෛරස ආවරණ ලිපිඩ (envelope lipids) සඳහා උපදෙස් සපයන්නේ නැත. ඒ වෙනුවට ඒවා සෛලයන් පිටමං වෙද්දි ධාරක පටලයෙන් අණ්ඩයක් ‘තවකාලිකව ණයට’ ගනියි. කෙසේ වෙතත් වෛරසය මගින් නිශ්චිත කරනු ලබන ප්‍රෝටීන ආවරණවල අඩංගුවේ.  මේවා බොහෝවිට ධාරක සෛල වලට බැඳී සිටීමට වෛරස නිසා ඇති වන අංශු වලට බොහෝවිට උපකාරී වේ.

ආවරණ සුලබ වුණත් විශේෂයෙන්ම සත්ව වෛරස් අතර සුලබ වුණත් සෑම වෛරසයකම ඒවා දැකිය නොහේ(ඒ කියන්නේ වෛරසවල පොදු ගත්ලක්ෂණය්ක් නොවේ).

වයිරස් ජෙනෝම :

සෑම වයිරසයකම නියුක්ලෙයික් අම්ල වලින් සැදුණු ප්‍රවේණි ද්‍රව්‍යයක් ඇත. අනෙකුත් සෛල-පදනම් වූ ජීවය මෙන්ම ඔබද, ඔබගේ ප්‍රවේණි ද්‍රව්‍ය හැටියට යොදා ගන්නේ DNA ය. අනෙක් අතට වෛරසය එක්කෝ RNA හෝ නැතිනම් DNA යොදා ගැනීමට හැකිය. මේ දෙකම නියුක්ලෙයික් අම්ල වර්ගය. අප බොහෝවිට DNA ද්විදාම හැටියට RNA  තනි දාම හැටියටත් කල්පනා කරන්නෙමු. අප එලෙස සිතන්නේ අපේම සෛල තුළ එලෙස ඇති බැවිනි. කෙසේ වෙතත් වෛරස සතුව තිබෙන්නට හැකි දාම ස්වරූප සහ නියුක්ලෙයික් අම්ල වර්ග තිබිය හැකි සෑම සංයෝගයකින් ම තිබෙන්නට හැකියාව ඇත. ඒවා සාමාන්‍යයෙන් සෛලමය ජීවීන්ගේ ජෙනෝමවලට වඩා බෙහෙවින් කුඩා වන්නේ වී නමුත්, වෛරසමය ජෙනෝම  විවිධ වූ හැඩ ප්‍රමාණ සහ වර්ගවලින් ද දැකිය හැක.

කැපී පෙනෙන දෙයක් වන්නේ සජීවී සෛලවල මෙන්ම  DNA  සහ RNA වෛරස සෑමවිටම සමාන  ප්‍රවේණික කේතය භාවිතය කිරීමයි. එසේ නොකළොත් ඒ වාගේ ධාරක සෛල යළි ක්‍රමලේඛගත කිරීමේ ක්‍රමයක් නැතිව යන හෙයිනි.

වෛරස ආසාදනයක් යනු කුමක්ද?

එදිනෙදා ජීවිතයේදී  වෛරස ආසාදනයක් ලෙස අප සිතන්නේ හෙම්බිරිස්සාව(flu) හෝ පැපොල වැනි වයිරස රෝගයක් වැළඳුන විට අපට ඇතිවන දරුණු රෝග ලක්ෂණ එකතුවක් ලෙසටයි. එහෙත් වයිරසයක් ඇතුලු වූ විට ඇත්තටම ඔබේ සිරුරට සිදු වන්නේ කුමක්ද? අන්වීක්ෂීය පරිමාණයකදී වෛරස ආසාදනයක් යනු වෛරසය බොහොමයක්, ඒවායේම තව තවත් අනුපිටපත් සෑදීම පිණිස, ඔබගේ සෛල උපයෝගී කර ගන්නා බවයි. වෛරසමය ජීවන චක්‍රය යනු වෛරසයක් ධාරක සෛලයක් හඳුනාගෙන සහ ඇතුල් වන, වෛරසමය DNA හෝ RNA යන ස්වරූපයෙන් උපදෙස් ලබාදෙමින් ධාරකය ප්‍රතිලේඛන ගත කරන  සහ තව තවත් වෛරස අංශු සෑදීම සඳහා ධාරකයේ සම්පත් උපයෝගී කර ගන්නා  පියවර මාලාවයි.

ආකෘතික වයිරසයක් ගතහොත් ජීවන චක්‍රය, (ඒ ඒ වෛරස් ඒ සඳහා මෙම පියවර වල විස්තර වෙනස් වන නමුත්) පුළුල් පියවර පහකට බෙදිය හැකිය.

වෛරසයක ජීවන චක්‍රයක සාමන්‍ය රූප සටහන:

ඒකල දාම RNA ජෙනෝමයක් සහිත වෛරසයක මෙකී පියවර සිදුවන ආකාරය ඉහත රූප සටහනෙන් දැක්වේ. බැක්ටීරියා භක්ෂක වෛරස(bacteriophages) සහ සත්ව වෛරස පිළිබඳ ලිපි වලට මෙතනින් පිවිසීමෙන් වයිරසමය ජීවන චක්‍ර ගැන සැබෑ නිදසුන් දැකිය හැකිය.

Khan Academy වෙබ් අඩවියේ Intro to viruses යන පාඩම ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.