ආත්මය: තමා පිළිබඳ තමාගේ හැඟීම් තමා ගැනම නොවන්නේ ඇයි?

Posted by

තමා පිළිබඳ තමාගේ හැඟීම් තමා ගැනම නොවන්නේ ඇයි?

ඉපදී මාස දෙකක් පමණ ගිය තැන ප්‍රථමවරට බිළින්දා සිනාසෙනු දැකීම මවකට, පියෙකුට කොතරම් චමත්කාරජනක, අමරණීය අවස්ථාවක් ද? එය බාගදා, බිළින්දා වෙනුවෙන් ඇති පූර්ණ ආදරය මෙන්ම කැපවීම සටහන් කරන නිසැක ප්‍රථම සලකුණ විය හැකියි. බිළිඳාට ද මෙය වැදගත් මොහොතකි.  අනන්‍යතා සහ ස්වයං වැටහීම කරා යන දීර්ඝ ගමනේ දරුවාගේ ප්‍රථම පියවර ද  මෙය වේ. අපගේ ජීවිතයේ අනේක වූ අත්දැකීම් ආශ්‍රයෙන් ආඛ්‍යානයක් ගොඩනැගීමට අප උත්සාහ දරද්දී අනන්‍යතාවය යනු මතකයේ නිමැයුමක් හැටියට බොහෝවිට අවබෝධ කර ගැනේ.

එසේ වුවද, තමා යන්න(sense of self) පිළිබඳ අපගේ හැඟීම හෙවත් වැටහීම අනුන් සමග අපගේ සම්බන්ධතාවයේ ප්‍රතිවිපාකයක් යන්න දැන් දැන් වැඩිපුර පිළිගැනීමට ලක් වෙමින් පවතී. අප කවුදැයි සොයා ගැනීමේ දී උපකාරී වනු  පිණිස අප එකිනෙකා හා අන්තර් ක්‍රියාකිරීමට් මුල් බැසගත් ඵළඹුමක් අපට තිබේ. තවද, මෙම  ක්‍රියාදාමය ආරම්භ වන්නේ දරුවාගේ ප්‍රථම මතකයන් ගොඩ නැගීම සමග නොව සිය දෙමව්පියන්ගේ සිනහව අනුකරණය කිරීමට හා අනුන්ට සහකම්පනයෙන්යුතුව(empathetically )ප්‍රතිචාර දැක්වීමට ඔවුන් ප්‍රථමයෙන්ම උගෙන ගන්නා මොහොතේ සිටයි.

සම්බන්ධතාවයන්ගෙන් මෙහෙයවනු ලැබීම

තමා පිළිබඳ හැඟීම කියන අදහස මෙහෙයවන්නේ එමෙන්ම මෙහෙයවීමට ලක්වනු ලබන්නේ අන් අය සමඟ අපේ සම්බන්ධතාවයන් මගින් යන අදහස, සහජ ඥානමය වශයෙන් ගතහොත් අර්ථ දනවයි. මුලින්ම කියන්න තියෙන්නේ ‘තමා’ යන්නත්(a self) නොමැතිව කෙනෙකුට සම්බන්ධතාවක් ඇතිකර ගත නොහැකිය යන්නය. මා ඔබ සමග අන්තර් ක්‍රියාකරන්නම් මට ඔබ ගැන ඇතැම් දේවල් දැනගත යුතු වේ. ඉතින් ඒවා මට ලබාගත හැකි එකම ක්‍රමය ඒවා පිළිබඳව මම ම අවබෝධයක් ලබා ගැනීමයි. මොළය ක්‍රියා කරන්නේ මේ ආකාරයට යයි යන්නට දැන් සාක්ෂි ඇත. සමහරක් ඉඟි ලැබෙන්නේ ස්වේච්ඡාව(autism) සහිත පුද්ගලයන්ගෙනි. අනෙක් පුද්ගලයන්ගේ වාචික නොවන සමාජමය ඉඟි වටහා ගැනීමේ අපහසුතාවනට මෙම තත්වය සම්බන්ධව ද, සුලභව වඩාත් එය ස්වයං ආවර්ජනය(self-reflection) සම්බන්ධ යම් ප්‍රශ්න නිර්මාණය කරන බවක් පෙනේ.

 

ස්වේච්ඡාවෙන් පෙළෙන අය වැඩෙද්දී තමන්වම කැඩපතක පිළිබිඹු වනු හඳුනාගැනීමට සහ පසුව, ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් ගැන අඩුවෙන් ස්මරණයන්  ඇතිකරගැනීමට ඉගෙන ගනු ලැබේ. පැහැදිලිවම මොළයේ එම කලාපයන් — එනම්   පුරෝලලාට භාහිකයෙහි (prefrontal cortex) ප්‍රදේශයන් — ස්වේච්ඡාතාවයෙන් පෙළෙන අය මේ ආකාර කාර්යයන් ඉටු කිරීමට යාමේදී මෙන්ම ඔවුන් වෙනත් අයෙකුගේ ක්‍රියාවක් තේරුම් කරගැනීමට උත්සාහ කිරීමේ දී අඩු ක්‍රියාකාරී තත්ත්වයක් පෙන්නුම් කරයි.  මෙ මගින්, මෙම කුසලතා නැතිනම් නිපුණතා වර්ග දෙකම පිටුපස ඇත්තේ එකම මූල යාන්ත්‍රණය යන අදහසට  සහය ලැබේ.

prefrontal cortex

ස්නායු විද්‍යාඥ අන්තෝනියෝ ඩමාසියොගේ කටයුතු වලින් මෙම අදහසට තවත් පිටුවහලක් සැලසේ. අන් අයගේ චර්යාවන් කෙරෙහි අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හටගන්නා ප්‍රසාදය හෝ කුලුණු ගුණය වැනි සමාජයීය චිත්තවේග,  ‘තමා’ ගැන අපගේ හැඟීම ගොඩනැගීමේ ලා වැදගත් යයි අදහස් කෙරෙන මොළයේම තවත් කලාප පෙළක් වන අපරමධ්‍ය බාහික(posteromedial cortices) සක්‍රීය කිරීමට නැඹුරුවක් දක්වන බව හෙතෙම සොයා ගත්තේය.

posteromedial cortices

සමාජීය තමා

මෙහි අවසන් අර්ථය වන්නේ, මගේ ම ‘තමා’ ස්වරූපය (my own self)  යනු  මා ගැනමට වඩා වැඩියෙන් මා අවට ඉන්න අය සහ අපි එකිනෙකාට සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන දක්වන්නේය යන්නය. ඩමාසියො මේ මතය හඳුන්වන්නේ සමාජීය ‘මා'(the social ‘me’) යනුවෙනි. මෙහි ගැඹුරු අර්ථයන් ඇත්තේය.  ස්වයං අනන්‍යතාවයෙහි මූලික කර්තව්‍ය වන්නේ අපට සම්බන්ධතා ගොඩනැගීමට උපකාර වීම නම් ඉන් ගම්‍ය වන්නේ තමා යන්නේ ස්වභාවය එය වර්ධනය වන සමාජ පරිසරය මත රඳා පැවතිය යුතු බවයි.

චරිතාපදානාත්මක ස්මරණය(autobiographical memory) ගැන වග විභාග කරන පර්යේෂකයන්ට පෙනී ගොස් ඇත්තේ චීන ජාතිකයින්ගේ ස්මරණයන් වඩාත් නැඹුරු වීමට ඉඩ ඇත්තේ සමාජීය හෝ ඓතිහාසික වශයෙන් වැදගත් අවස්ථා වෙත වන අතර යුරෝපයේ හෝ ඇමරිකාවේ ජනයා පෞද්ගලික අවශ්‍යයතා සහ ජයග්‍රහණ කෙරෙහි යොමුවන බවයි. මේ අතර, අනන්‍යතාවය පිළිබඳ අනෙකුත් අධ්‍යනෙවලින් පෙනීගොස් ඇත්තේ ජපානයේ ජනතාව, තමන් මුහුණ දෙන අවස්ථාව අනුව තමන් පිළිබඳ විස්තර සැකසීමට වඩාත් නැඹුරු වන බවයි. මෙයින් ගම්‍ය කෙරෙන්නේ ඔවුන්ට බටහිර ජාතිකයන්ට වඩා තමන් පිළිබඳ නම්‍යශිලී බවින් වැඩි, සංයුක්ත කමින් අඩු හැඟීමක් ඇතැයි යන්නය. මේ ආකාරයට සංදර්භය මත රඳා පවතිමින් තමන් පිළිබඳ විස්තරයන් ගෙන ඒමට බටහිර ජාතිකයෝ නැඹුරු නො වෙති.

මුල් අවස්ථාවල දී ඒ ආකාර වෙනස්කම් මතුවිය හැක. මානව විද්යාත්මක වාර්තා දක්වන්නේ “terrible two” හෙවත් “දඟකාර දෙකේදී” –දරුවාගේ දෙවැනි වසර — (දරුවා තමාටම කියා ස්වාධීන ඉච්ජාවක් වර්ධනය කරගන්නේ මේ අවස්ථාවේදී යයි සැලකේ) පෞද්ගලික ස්වතන්ත්‍රතාව ගැන එතරම් නොතකන සංස්කෘතීන් වල එතරම් කැපී පෙනෙන්නක් නොවන බවයි. මෙයින් අපට පෙන්නුම් කරනවා ඇත්තේ අපේ මුල්ම අත්දැකීම් වල දී තමා පිළිබඳ හැඟීම වාත්තුකරන්නේ සංස්කෘතිය මගින් විය හැකිය.

දෘෂ්ටියෙහි හා චින්තනයෙහි මෙකී විෂමතාවන් ගම්‍ය කරන්නේ අපගේම පෞද්ගලික අනන්‍යතාවයන් — මම යනුවෙන් කියන්නාවූ මෙය කුමක් ද? — සංස්කෘතික වශයෙන් නිශ්චය වන බවයි. ඔබගේ ලිංගිකත්වය (ස්ත්‍රී-පුරුෂ බව), වෘත්තීය, වයස, කසාද බැඳල ද යන වග හෝ ළමයින් සිටි ද යන වග ආදී වශයෙන් අප අපවම අර්ථ දක්වන ආකාරයන් ඇත්තටම සංස්කෘතික මානවකෘතීන්ය.

‘තමා’ යන අපගේ හැඟීම අන් අය සමඟ ඇති සබඳතා වලින් හටගන්නේ නම්, තමා යන අපගේ හැඟීම ආත්මීය වශයෙන් සම්බන්ධ වී ඇති සවිඥානකත්වය පිළිබඳව අපගේ හැඟීමට ගෙන එන අරුත කුමක්ද? මෙහිදී ද, සවිඥානකත්වය පරිණාමය වුණේ මන්ද යන පැහැදිලි කිරීමට සමාජීය තර්කයක් ඉදිරිපත් කරනු ලැබ ඇත. අපගේ අභ්‍යන්තර සිතුවිලි අන් අයට සන්නිවේදනය කිරීමේ බලගතු පරිණාමය වාසිය අත්පත් කර දුන් පිරිසැකසුම අනෙකුත් වර්ධනයන් හා එක්ව යමින් සවිඥානකත්වය හටගත්තේය යන්න මෙහි අදහසයි. මෙය සිදුවීමට නම් ‘තමා’ පිළිබඳ පෞද්ගලිකගත කෙරුණු සංකල්පයක් ජනනයකොට ඊට සම්ප්‍රජානනය පිළිබඳ හැඟීමක් සහ  ක්‍රියාකාරකම් පාලනයක් යටතේ ඇති බවට හැඟීමක් ආරෝපණය කිරීම අවශ්‍ය ය.

පොදු හැඟීම් සහ අදහස් බෙදාහදාගැනීමට ඉඩ සැලසීමෙනන් සවිඥානිකත්වය සහ තමා පිළිබඳ හැඟීමක් මගින් පරිණාමීය වාසියක් සැපයිය හැකිය. මෙය ලෝකය ගැන පුද්ගලයකුගේ අවබෝධය පුළුල් කරයි. ඔබගේ ස්වරූපය(තමා යන හැඟීම) දැඩි සේ පුද්ගලික යයි හැඟී ගියත් එය ඇත්තටම ඔබ ගැන නොවිය හැකිය.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ THE SELF නම් වන අට වැනි පරිච්ඡේදයෙහි  Why your sense of self isn’t really about you යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.