සැමට විදු නැන නුවණ – Science Literacy for All

ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීම

ලොව වැඩිවන ජනගහනයට ආහාර සැපයීම

ගෝලීය ගොවිතැන් පද්ධතියේ නවතම විශ්ලේෂණයක් පෙන්නුම් කරන්නේ අපේ මේ ග්‍රහ ලෝකයේ ප්‍රධාන සීමාවන් අතික්‍රමණය කරන්නේ නැතිව අපගේ වර්තමාන ආහාර පද්ධතිය මගින් ආහාර සැපයිය හැක්කේ බිලියන 3.4 ක ජනතාවට පමණක් බවයි. කෙසේ වෙතත් වගා කෙරෙන්නේ කුමක්ද? ඒ කොයිබද? යන්න ප්‍රතිසංවිධානය කර ගනිමින් ඊට ම අපේ ආහාර වේලේ යම් වෙනස්කම් ද එක්කර ගැනීමෙන් අපට ධරණීයව(දරාගත හැකි අන්දමින්)   බිලියන 10 ක ජනතාවට කන්න දීමට හැකියාව ලැබෙන බව අධ්‍යයනය වැඩිදුරටත් සඳහන් කරයි.

බිලියන 3.4 ක ජනතාව

වර්තමාන ආහාර පද්ධතිය මගින් ආහාර සැපයිය හැකි සංඛ්‍යාව

2009 දී පර්යේෂකයන්ට ඊනියා ග්‍රහලෝක කඩයිම් හෙවත් සීමා(planetary boundaries) නවයක් හඳුනාගැනීමට හැකි විය. මෙයින් අදහස්  කෙරෙන්නේ පෘථිවියේ ජීවිතාධාරක ක්‍රමය පවත්වාගෙන යාමට අපට අවශ්‍ය නම් අප අභිබවා නොයායුතු සීමාවන් ය. ජර්මනියේ, දේශගුණ බලපෑම් පර්යේෂණ සඳහා වූ පොට්ස්ඩාම් ආයතනයේ (Potsdam Institute for Climete Impact Research) ඩීටර් ගර්ටන් සහ ඔහුගේ සගයෝ ගොවිතැනට අදාළ (පෘථිවි ග්‍රහලෝකයේ) කඩයිම් හෙවත් සීමාවන් හතරක් ගැන සැලකිල්ල යොමු කරමින් අධ්යනයක යෙදුනහ: උවමනාවට වඩා නයිට්‍රජන් (පොහොර) නොයෙදීම, ගංගාවලින් උවමනාවට වඩා ජලය නොගැනීම, උවමනාවට වඩා කැලෑ කපා එළි නොකිරීම සහ ජීව විවිධත්වය පවත්වාගෙන යාම එම සීමා හතරයි.

 

අධ්‍යයන කණ්ඩායමේ නිගමනය වන්නේ අද ආහාර නිපදවීමේ කාර්යයන් අතුරෙන් භාගයක දීම මෙකී සීමාවන් උල්ලංඝනය වන බවයි. කෙසේ වෙතත් මෙකී සීමාවන් උල්ලංඝනය වෙමින් පවතින්නේ  කොයිබද යන්න ගැන ප්‍රථම වරට් අන්තර් දෘෂ්ටීන්  සපයන්න ලද්දේ මෙම විශ්ලේෂණය මගිනි. වගා කෙරෙන්නේ කුමක්ද? ඒ කොහෙද යන්න වෙනස් කිරීමෙන් මෙකී සීමා හතර ඇතුළත බිලියන 10 ක ජනතාවට කන්න දීමට හැකියාවක් ඇතිවන්නේ යයි කණ්ඩායම ප්‍රකාශ කර සිටිති.

නිදසුනක් ගමු.  5% කට වැඩි විශේෂයන් ප්‍රමාණයකට තර්ජනය එල්ල වී ඇති ප්‍රදේශ ගොවිතැනට යොදවා තිබෙන ප්‍රදේශ යළිත් වනයට ඇරීමෙන් (වනාන්තර බවට පත්කිරීමෙන්)  සහ දැනට වැඩියෙන් ජලය ලබා ගන්නා ප්‍රදේශවල වාරිමාර්ග කටයුතු වෙනුවෙන් සහ වෙනත් අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීම අඩු කිරීමෙන් මෙය අත්පත් කරගත හැකි බව අධ්‍යයනය පෙන්වා දෙයි. අනික් අතට මෙකී සීමාවන් ඉක්මවා නොමැති ප්‍රදේශවල ගොවිතැන තව ව්‍යාප්ත කිරීමට හැකිය. උදාහරණයක් ලෙස දක්වන්නේ නම්, මෙයින් හැඟවෙන්නේ චීනයේ සහ මධ්‍යම යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල පොහොර භාවිතය සීමා කිරීම සහ සහරාවෙන් දකුණේ පිහිටි අප්‍රිකාවේ ප්‍රදේශවල  එක්සත් ජනපදයේ  බටහිර ද ඇතැම් කොටස්වල ගොවිතැන ව්‍යාප්ත කිරීමයි.

බිලියන 10.2 ක ජනතාව

අධ්‍යනයේ යෝජනා අනුව ආහාර සැපයිය හැකි සංඛ්‍යාව

මෙය, 2050 වන විට ලෝක ජනගහන මට්ටම ලෙස ප්‍රක්ෂේපිත ප්‍රමාණයට වඩා මදක් වැඩිය

ඒ අන්දමින් වෙනස්කම් සිදු කිරීමටත් බිලියන 7.8 ජනතාව සඳහා කෑමට දීම පිණිස  දැරිය හැකි ආකාරයකට ආහාර නිපදවීමට හැකියාව සැලසේ. තවද, ආහාර අපතේයාම අඩුකර ගැනීමෙන් සහ මාංශ අනුභවය කිරීමේ පුරුද්දෙන් බැහැර වීමෙන් ආහාර නිෂ්පාදනය,  බිලියන 10.2 ක ජනතාව වෙත ආහාර සැපයීමට හැකි මට්ටමට ගෙන ආ හැකියයි පර්යේශකයෝ අදහස් කරති. මිලියන 10.2 ජනතාව යනු 2050 වන විට ලෝක ජනගහන මට්ටම ලෙස ප්‍රක්ෂේපිත ප්‍රමාණයට වඩා මදක් වැඩිය.

 

New Scientist(25-01-2020) සඟරාවේ How to feed Earth’s booming population යන මැයෙන් පලවු වාර්තාව ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: