උහුලන්න බැරි ග්‍රීස්මය: තාප අවසාදතාව

Posted by

උහුලන්න බැරි ග්‍රීස්මය: තාප අවසාදතාව

තාප අවසාදතාව(heat exhaustion) කියන්නේ ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන වෛද්‍යමය තත්ත්වයක්. අධික රස්නය (තාපය) නිසා ඇතිවන වඩාත් උග්‍ර රෝග අතුරින් මෙය එකක්. මෙයට වඩා දරුණු වන්නේ තාප ස්ඵාරය (heat stroke) පමණයි. (මූලය: මාර්ගගත “Handbook of Clinical Neurology” ග්‍රන්ථය) උෂ්ණය නිසා සෑදෙන රෝග වලට ඇත්තේ එකම හේතුවකි: අධික උෂ්ණත්වයන්ට, නිරාවරණය වීම විශේෂයෙන්ම (ආර්ද්‍රතාව) තෙතමනයද ඉහළ ගොසින් තිබෙන විට සහ සුවිශේෂී වශයෙන් පුද්ගලයකුගේ දියර ගැනීම ප්‍රමාණවත් නොවන විට හෝ ඔවුන් වෙහෙසන විටයි.

අධික දාහය, බෙහෙවින් දහඩිය දැමීම දැක්විය හැකියි. හිසේ කැක්කුම, හිස කරකැවිල්ල, සහ දුර්වල,  ශීඝ්‍ර හද ගැස්ම තාප අවසාදතාවයෙහි සුලබ ගති ලක්ෂණ ලෙස දක්වන්නපුළුවන්.  ඔක්කාර ගතිය හෝ වමනය දැමීම, මාංශ පේශී පෙරලීම, අධික මහන්සි ගතියක් හෝ දුර්වල බව, ක්ලාන්තය, මුත්‍රා පිටවීම අඩු බව සහ ශීතල, සුදුමැලි හා ඇලෙන සුළු හම වැනි ඇතැම් අතිරේක සලකුණු සහ රෝග ලක්ෂණ ද තාප අවසාදතාව පෙන්නුම් කළ හැකි අතිරේක ලක්ෂණයි.

වාර්තාවී ඇති වඩාත්ම උෂ්ණාධික වර්ෂ අතුරින් 2018  හතර වැන්නය.

තාප අවසාදතාවට  ප්‍රතිකාර කිරීම:

තාප අවසාදනාව ඇතැයි සැක කරන්නේ නම් නොපමාව ප්‍රතිකාර ලබා දීම වැදගත්ය.  මන්ද එය තාප ස්ඵාරයෙහි පෙර නිමිත්තක් විය හැකි බැවිනි. තාප ස්ඵාරය මරණය වුවත් ඇති කළ හැකි තත්ත්වයකි. මෙහිදී ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (පැරන්හයිට් අංශක 106) හෝ ඊට ඉහලට නගී. තාප ස්ඵාර  මර්ත්‍යතා අනුපාතය (මරණ අනුපාතය) සියයට දහයක් වගේ වුවත් මරණීය නොවන කල්හි පවා මෙම තත්ත්වය හේතුවෙන් දැඩි සංකූලතා ඇතිවිය හැකියි. මධ්‍යම ස්නායු පද්ධතිය ක්‍රමවත්ව ක්‍රියා නොකිරීම මෙවැනි සංකූල තාවයකි. මෙය ග්‍රස්ථය (වලිප්පුව)ට  සහ වකුගඩු අක්‍රිය කිරීමට හැකි ඇතිකිරීම් හැකි rhabdomyolysis නම් (මාංශපේෂි පටල බිඳවැටීම) තත්ත්වයට මග පෑදිය හැක.

තාප අවසාදතාවයෙහි සිට  තාප ස්ඵාරය දක්වා ප්‍රගමනය ඇතැම්විට ක්‍රමික වන නමුත් ක්ෂණිකව ද ඇතිවිය හැකිය. එම තත්ත්වයට මග පෑදූ හේතුසාධක එලෙසම තවදුරටත් පවතින්නේ නම් තත්ත්වය මඟ හැරෙන්නේ නැත. මෙවිට ශරීර උෂ්ණත්වය අඩු කිරීමට ක්‍රියා කළ යුතුය. වඩා සිසිල් ස්ථානයකට ගෙන යාම, ශාරීරික ක්‍රියාකාරකම් සීමා කිරීම, ඇඳුම් ආයිත්තම් බුරුල් කිරීම හෝ ලිහා දැමීම, සිසිල් දිය නෑම, සිසිල් පානයක් තොලගාමින් බීම, සමට තෙත රෙද්දක් තැබීම මෙහිදී උපකාරී වනු ඇත. පුද්ගලයා වමනය කිරීමට පටන් ගන්නේ නම් ඉන් හැඟෙන්නේ රෝග ලක්ෂණ උග්‍ර අතට හැරෙන බව හෝ රෝග ලක්ෂණ පැයකට වැඩි වේලාවක් පැවතුන බවයි. තාප  ස්ඵාරයට යම් අයෙකු මුහුණ දෙන්නේ යයි සැක කරන්නේ නම් වහා වෛද්‍යාධාර පැතිය යුතුය.

තාප අවසාදතාවට ලක්වන්නෝනෝ කවරහුද?

ඕනෑම කෙනෙකුට තාප අවසාදතාව ඇතිවිය හැකි නමුත් වයස්ගත පුද්ගලයන් ඉතා වයසින් අඩු අය හෝ රෝගී ජනතාව ඇතුළු ඇතැම් කොට්ඨාශ අතර අවදානම වැඩිය. ඇතැම් ඖෂධ, ඇතැම් ස්නායු සම්ප්‍රේෂක මත  ක්‍රියාකරනවා වැනි සහ ශරීරයෙන් දියර හානිය(මුත්‍රා පිට කිරීම වැඩි කරවන)  වැඩි කරවන වැනි ඇතැම් ඖෂධ ද සාමාන්‍ය අන්දමට උෂ්ණත්වය පාලනය කිරීමට ශරීරයට ඇති හැකියාව අඩු කිරීමට පුළුවන.

හිරු රශ්මියට වැඩි වේලාවක් නිරාවරණය වන මෙන්ම අධිකව වෙහෙසීමට සිදුවන ක්‍රීඩා හා විනෝදාංශ ද තාප අවසාදතාවට මග පෑදිය හැකි ය. තවද, ග්‍රීෂ්මය වැඩි රටවල චාරිකාවල යෙදෙන්නන් ද රස්නය (තාපය) හා සම්බන්ධ ආපදාවන් ගැන සැලකිලිමත් විය යුතුය.

ඇතැම්විට විනෝද චාරිකාවක් වැනි අවස්ථාවකදී පවා අවශ්‍ය සූදානම හෝ මෙවලම් රහිතව  දැඩි වෙහෙසකාරී ක්‍රියාවල යෙදෙන විට ද මෙවැනි අසීරු ඇතිවිය හැක(recreational hazard). සමහර අයට, විශේෂයෙන් එළිම්හනේ අව්වේ දිගු කාලයක් ගත කළ යුතු වෘත්තීන්වල යෙදෙන අයට තාප අවසාදිතාව වෘත්තීයමය උවදුරකි(occupational hazard) මෙවැනි ජීවන වෘත්තීන්වල යෙදී සිටින අයට තාප අවසාදිතාව බරපතළ අවදානමක් වීමට පුළුවන. අධික උෂ්ණයක් පවතින කාලවල විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් මෙවැනි ආපදාවලට ලක් විය හැක. 2003 වර්ෂයේ බටහිර යුරෝපයේ තාප තරංගයක් හේතුවෙන් 70,000 දහසක පමණ පිරිසක් මරණයට පත් වූ බවත් එයින් අඩක්ම මියගොස් ඇත්තේ සිය නිවෙස්වල දීම බවත් Comptes Rendus Biologies සඟරාවේ පළ වූ අධ්‍යයන වාර්තාවක දැක්වේ.

තාප අවසාදතාව සහ දේශගුණ විපර්යාසය

පරිසරය සුරැකීමේ ඒජන්සි (Environmental Protection Agency) වාර්තාවක් දක්වන අන්දමට දේශගුණ විපර්යාස, ලොවපුරා තාප අවසාදතාවයෙහි අවදානම වැඩි කිරීමට බලපෑ හැකිය. තාප තරංග ඇතුළු සීමාන්තික දේශගුණ සිදුවීම් වල සීග්‍රතාව මෙන්ම දරුණුකම (සැරකම) ද වැඩි කිරීමෙහිලා එය බලපාන හෙයිනි. ලොව පුරා මෙතෙක් වාර්තාගත ඉහළම තාප තරංගවලට, දේශගුණ විපර්යාසයෙහි ඇති සම්බන්ධතාව දැනටමත් සොයාගෙන තිබේ. ඊයේ පෙරෙදා ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල මින් පෙර කිසිදිනෙක නොවූ තරම් ඉහළ උෂ්ණත්වයන් හට ගැනීම්  මේ කාරණය මනාව විදහා දක්වයි.

heat exhaustion and climate change සඳහා පින්තුර ප්‍රතිඵල

අධික තාපයෙන් දුක් විඳින්නෝ මනුෂ්‍යයෝ පමණක්ම නොවෙති. ගෙදර දොරේ ඇති දැඩි කරන බල්ලන් වැනි සුරතල් සතුන් ද අධික තාපය නිසා රෝගාතුර විය හැකිය. විශේෂයෙන්ම තාප ස්ඵාරය අනතුරුදායකය. මේ තත්ත්වය නිවසේ ඇති දැඩි වන සුරතල් සුනඛයන් ගොදුරුවන්නේ රිය තුළ වීදුරු වසා සතා තබා යෑමෙන් ය. තාපය නිසා ඇති වන එවන් රෝගාබාධවලදී මනුෂ්‍යයන්ට මෙන්ම සතුන්ට ද ඉක්මණින් වෛද්‍ය උපකාර අවශ්‍ය විය හැකිය.

Live Science වෙබ් අඩවියෙහි පළවූ What Is Heat Exhaustion? නම් ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.