පිළිකා රෝගය නිර්ණයට වසර ගණනකට පෙර රෝග ලක්ෂණ මතුවිය හැකියි

Posted by

පිළිකා රෝගය නිර්ණයට වසර ගණනකට පෙර රෝග ලක්ෂණ මතුවිය හැකියි

පිළිකා රෝගයේ මුල් ලක්ෂණ, රෝගය ඇති බවට විනිශ්චය කිරීමට වසර ගණනකට හෝ දශක ගණනකට පෙර දී පවා ඇතිවෙන බව නවතම අධ්‍යනයක් හෙළි කරයි. සෞඛ්‍ය සම්පන්න සෛල මාත්සරික(malignant) වීමට හේතුවන ප්‍රවේණි විකෘතීන් ගැන අද වන තුරු සිදු කෙරුණු වාඩාත්ම පරිපූරන ගවේෂණය මෙම අධ්‍යයනය යයි සැලකේ.  රෝගය ඇතිවීමට හැකි රෝගීන් කලින් හඳුනාගෙන මුල් අවස්ථාවකදී ම ප්‍රතීකාර කිරීමට මග සලසන  මහඟු අවස්ථාවක්  මෙම සොයාගනීම් හරහා උදා වී ඇත.

මෙම කාර්යයන් ඉටු කරන ලද්දේ සම්පූර්ණ ජෙනෝමවල සර්ව-පිළිකා විශ්ලේෂණ ව්‍යාපෘතියේ (Pan-Cancer Analysis of Whole Genomes project) කොටසක් හැටියටය.  වඩාත්ම සම්පූර්ණ  පිළිකා ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයනය මෙය ලෙස සැලකේ.

“රෝගය සෑදී ඇතයි දැන ගැනීමට වසර ගණනාවකට පෙර, පිළිකාවක වෙන ලක්ෂණ මතුවෙන්නත් බොහොම කලින්, සාමන්‍ය පටකයක පවා සමහරක් ප්‍රවේණිමය විපර්යාසයන් හටගෙන ඇති බවක් පෙනෙන්නට අත්තේ කෙසේද යන්න ඇත්තටම සුවිශේෂී කාරණාවක්” යයි ලන්ඩනයේ, ෆ්‍රැන්සිස් කර්ක් ආයතනයේ ක්ලෙමන්සි ජොලී කියා සිටී. හෙතෙම මෙම පර්යේෂණයේ සම කතුවරයෙකි. ” මෙම සොයාගනීම් හරහා පිළිකාවක ලක්ෂණ දැනට වඩා කලින් දැන ගැනීම පිණිස රෝග නිර්ණ පරීක්ෂණ අලුතෙන් වර්ධනය කල හැකි’ යයි අනෙක් සම කතුවර ක්‍රික් ආයතනයේම් සේවය කරණ පීටර් වැන් ලූ කියයි.

A mammography examination is performed. Researchers hope their new test will be easier to implement. Picture posed by models.

ප්‍රථම රෝග ලක්ෂණ ඉස්මතුවෙන්නට වසර ගණනාවකට පෙර රෝග බීජ වපුරා ඇතැයි යන්න සොයාගනීම පිළිකා නිවාරන පරීක්ෂණයන්හි වෙනසක් ඉක්මණින් ඇති කිරීමට ඉවහල් වෙන බවක් මින් අදහස් නොකෙරේ. එහෙත් අවදානමට ලක් විය හැකි අය කලින්ම හඳුනා ගනිමට ඇති හැකියාව හෙවත් විභවය ගැන ඉන් ඉඟි කරයි.

මුල් අවස්ථාවේම සිදුවන විකෘතිවලින් භාගයක්ම ඇතිවන්නේ ජාන නවයක පමණක් බව අධ්‍යනයෙන් හෙළිවිය. ඒ කියන්නේ නිරෝගීමත් වර්ධනයක සිට පිළිකාවක මගට යොමුවීම සඳහා ප්‍රේරක(triggers) හැටියට ක්‍රියාකරන්නේ  සුලබ ජානවල සාපේක්ෂව කුඩා කීටුවක් යන්නය. ඒ ආකාර විකෘතීන් අනාගතයේ දී ඊනියා ද්‍රව  ද්‍රව ජෛවීවේක්ෂා (biopsies) යොදාගෙන හඳුනා ගැනීමට හැකිවෙනු ඇත.   ද්‍රව ජෛවීවේක්ෂා යනු රුධිරයේ රැගෙන යන ස්වයං ප්ලාවී DNA වල විකෘතීන් සොයා ගන්නා ජානමය පරීක්ෂාවන්ය. සිරුරේ වෙනත් තැනක අර්බූද(tumours) ඇති බව ඉන් දැක්විය හැක.

‘කාබන් කාල නිර්ණ ක්‍රමය’ යනුවෙන් ඔවුන් විසින් දක්වනු ලබන  ක්‍රමය යොදාගනිමින් පිළිකා සෛල ජෙනෝමයන් දෝෂ ඒකරාශීකිරීමට පටන්ගෙන  කලවම් කෙරුණු හෝ පිටපත් කෙරුණු විශාල කොටස් අන්තිමේ දී රැගෙන යන පිළිවෙල යළි ගොඩනැගීමට පර්යේෂකයින්ට අවස්ථාව ලැබිණ. මෙම විකෘතීන් ඩිම්බාධාර පිළිකාවේදී මෙන්ම glioblastoma සහ medulloblastoma යන මොළ අර්බුද වර්ග දෙකක දී ‘විශේෂයෙන්ම වේලාපහින්’ ඇතිවන බව පර්යේෂක කණ්ඩායම සොයා ගත්හ.

එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය දක්වන අන්දමට එ රටෙහි සෑම වසරකම අළුතෙන් පිළිකා රෝගින් 363,000 වාර්තාවෙන අතර රෝගයෙන් වාර්ශිකව මිය යන සංඛ්‍යාව 165,000කි.

පර්යේෂක කණ්ඩායම පිළිකා නියැදි වල සම්පූර්ණ ජෙනෝම 2,700 විශ්ලේෂණය කර අනුක්‍රමණය කළ අතර විවිධ අර්බුද(tumours) වර්ග 38 ක විකෘතීන් අනුරූපණය කළහ.  මනුෂ්‍ය සෛල විකෘති බිලියන ගණනකට පාත්‍ර වන නමුත් පිළිකාව හට ගන්නේ ඉන් සුළු සංඛ්‍යාවකිනි. එම විකෘතීන් හඳුන්වනු ලබන්නේ  එලවුම් විකෘතීන් ලෙසටය. එක් තනි විපර්යාසයක් හෙවත් එලවුම් විකෘතියක් කොපමණ වාරයක් ප්‍රතිචලන කොට ක්‍රෝමසෝම හරහා අනුපිටපත්කෙරුණේ ද යන්න ගැන පර්යේෂකයෝ සොයා බැලූහ.

tumors of brain: glioblastoma සහ medulloblastoma සඳහා පින්තුර ප්‍රතිඵල

කැනඩාවේ, පිළිකා පිළිබඳ ඔන්ටාරියෝ ආයතනයේ ලින්කන් ස්ටේන් මෙලෙස අදහස් දක්වයි:”මෙතෙක් සිදුකෙරුණු කටයුතු වලින් බහුතරය  ජෙනෝමයේ ප්‍රෝටීන කේතගතකිරීමේ කොටස ගැනයි. එය හුදු සියයට 1ක් පමණයි. ඒක ඉතින් හරියට කෑලි ලක්ෂක ජිග්ශෝ ප්‍රහේලිකාවක් කෑලි 99% නැතුව ඒ වගේම මග පෙන්වීමට සම්පූර්ණ කළ එක චිත්‍රයක් නැතුව සම්පූර්ණ කරන්න උත්සාහ දරණවා වගෙයි”. ස්ටේන් සර්ව-පිළිකා විශ්ලේෂණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ ද සාමාජිකයෙකි.

මේ නවතම පර්යේෂණය, අපගේ DNA වල ඉතිරි 99%හී  කාර්ය භාරය ගැන මෙන්ම අඩුවෙන් අධ්‍යයනයට ලක්ව ඇති මෙම කලාප පිළිකාවට දායක්වන්නේ කෙලෙසද යන්න පිළිබඳව විස්තරාත්මකව  අන්තර් ඥාන සපයන ප්‍රථම උත්සායන්ගෙන් එකකි.  කේතගත කිරීමේ කලාපයෙන් පිටත වැදගත් ජාන කිහිපයක් අධ්‍යයනය මගින් හඳුනාගනු ලැබ ඇත.

 

The Guardian(Science) හි පළවූ  Signs of cancer can appear long before diagnosis, study shows යන ලිපිය ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: