සිය කැමැත්ත(හෙවත් ස්වච්ඡන්දතාව) ඔබට අහිමි නම්?
ඔබේ දෛවය මෙහෙයවන්නා ඔබ ද? අද උදේ පාතරාසය සදහා ඔබ තෝරා ගත්තේ ඔබේ කැමැත්තට අනුව කෑමක් ද? ඔබ මෙම වෙබ් පිටුව විවෘත කළේ ස්වකීය (ඔබේ) අභිමතය පරිදි ද? අපේ එදිනෙදා ජීවිතය රඳා පවතිනුයේ කොපමණ නම් මූලික උපකල්පිතයක් මත ද කියතහොත් එය දෝෂ දර්ශනයෙන් විනිර්මුක්තය: අපගේ ක්‍රියාකාරකම් සහ තීරණ මත සවිඥානණික පාලනයක් ස්වච්ඡන්දතාවයෙන් ( සිය කැමැත්තෙන්) පවත්වා ගැනීමේ හැකියාව අපට ඇත. එහෙත්, සවිඥානික අත්දැකීම මොළයට බැඳ තබන සියුම් ගැටය ලෙහන්නට අප වෙහෙසෙත්ම, අපව මෙහෙයවන පෙරකී උපකල්පනය අස්ථාවර බවක් දක්වන්නට පටන් ගනියි.
ඉච්ඡා චේතනාවේ පරීක්ෂණ
ස්වච්ඡන්දය (සිය කැමැත්ත) පිළිබඳ විවාදය පැරණි එකකි. එහෙත් එක්දහස් නවසිය අසූ ගණන් වල දී මනෝවිද්‍යාඥ බෙන්ජමින් ලිබෙට් පරීක්ෂණාගාරයක් තුළදී ස්වච්ඡන්ද පරික්ෂා කිරීමක් සිදු කිරීමත් සමගම ඇතිවුණේ කැළඹීමකි. පරීක්ෂාවට සහභාගිවන්නන්ට සුළු වේලාවක් ඉඳගෙන ඉන්ට සලස්වා අනතුරුව ඔවුන්ගේ ඉච්ඡා චේතනාවෙන් (ස්වාභිමතයෙන්) ඇඟිල්ලක් සොලවන්නැයි ඔහු දන්වා සිටියේය. සහභාගි වන්නන්ගේ මොළ ක්‍රියාකාරීත්වය සටහන්කිරීම්වලින් ඔහුට සංඥාවක් සොයාගැනීමට හැකිවිය. ඔහු එය හැඳින්වූයේ සූදානම් වීමේ විභවය (readiness potential) ලෙසය. (ඇඟිල්ල) සෙලවීමට අවශ්‍ය බව ඔවුන් දැන ගැනීමට පෙර මේ සංඥාව (තමන්ට)පැමිණි බව සහභාගි වන්නෝ දන්වා සිටියහ. සරල එහෙත් ස්වාධීනව ගනු ලැබූ තීරණයක් ලෙස පෙනී ගිය දෙයක් ඇත්තටම තීරණය වී ඇත්තේ ඊට පෙර මොලයේ ක්‍රියාකාරකමකිනි. ඒ ක්‍රියාව හටගන්වන ලද්දේ අපේ මොළය විසිනි. අපේ සිත හුදෙක් ඊට අනුගත වෙනවා පමණකි.
මෙම පරීක්ෂණය බොහෝ වාරයක් සිදු කර ඇති නමුත් එය ඇත්තටම හුදු විලම්භීතයක් නොවේ ද? ඔබගේ ක්‍රියාකාරකම් ගැන සුවිශේෂීව ගතහොත් ඇඟිල්ල සොලවනවා වැනි සරල කටයුත්තකදී ඔබගේ ක්‍රියාකාරකම් ඔබේ පාලනය යටතේ ඇති බව ඔබ හොඳාකාරව දනී. නැත, එලෙස නොවේ. අපගේ ක්‍රියාකාරකම් අතරේ අපගේ පෞද්ගලික අත්දැකීම සම්පූර්ණ කතාවේ කුඩා කොටසක් පමණක් බවට ඕනෑ තරම් සාක්ෂි තිබේ. අපගේ ශාරීරික ක්‍රියාකාරකම් බොහොමයක් සිදු කරනු ලබන්නේ සිදුවෙන්නට සලස්වනු ලබන්නේ අපගේ මොලය අරක්ගෙන සිටින ස්වයංක්‍රිය නියමුවකු(automatic pilot) විසිනි. එහෙත් සියල්ලම එසේ නොවන්නේ ඇයි?
ලිබෙට්ගේ සම්පරීක්ෂණ, දාර්ශනිකයන්ට හා දේවධර්මධරයන්ට (theologians) බරපතළ ප්‍රශ්න ඇති කරයි. අපට සවිඥානික පාලනයක් නොමැති නම් අපේ ක්‍රියාකාරකම්, අපේ මොලයෙහි මූර්තිමත්ව ඇති ප්‍රවේණි හැදියාවෙන් සහ පරිසරාත්මක ඉතිහාසය මගින් පූර්ව-නිශ්චිත කරනු ලැබ ඇත. එසේ නම් අප නිගමනය කළ යුත්තේ අප සැම– ඔව්, ඉතාමත් දරුණු අපරාධ කරුවාද ඇතුළුව — අප සැම අතුරෙන් කිසිවෙකුත් අපගේ ක්‍රියාකාරකම් ගැන වගකීමක් ගත යුතු නැතැයි යනුවෙන් ද? එසේ නොවන්නේ නම් සදාචාරය සඳහා වෙනත් පදනමක් තිබේද?
මිනිසුන්ට, ස්වකීය අභිමතය, ස්වෙච්ඡන්දය ගැන විශ්වාස නැතුව ගියහොත් අපගේ සදාචාරාත්මක වගකීම ගැන, අප සිතන ආකාරය සහ අප හැසිරෙන ආකාරය ගැන පවා වැදගත් ප්‍රතිවිපාක ඉන් ඇති විය හැක. නොයෙකුත් අධ්‍යයන පෙන්නුම්කරන්නේ ස්වච්ඡන්දය පිළිකෙව් කිරීමට ජනතාව යොමු කළ විට ඔවුන් රැවටීමට නැතිනම් වංචාවකට හසුවනවා පමණක් නොව වැරදි කළ අයට දඬුවම් කිරීම ගැන එතරම් උනන්දුවක් ද නොදක්වන බවයි.
ස්වච්ඡන්දය හුදු මායාවක් පමණක් වුවත් එය ඉවත දැමීම පහසු දෙයක් නොවේ. ඊට පටහැනි සාක්ෂි තිබුණේ වී නමුත් මායාව පෙරසේම බලවත් ව පවතී. එය දක්ෂ දෘෂ්ටි මායාවක් දුටු කල අපට දැනෙන හැඟීම වැන්නකි. රේඛා, වක්ව(ඇදට) පෙනෙන්නට පුළුවන්. ඒත් ඒවා සෘජු බව ඔබ දන්නෙහිය. ඔබ ඇත්තටම රූලක් තබා එය මැනීමට පවා ක්‍රියා කර තිබෙන්නට පුළුවන. එහෙත් එම රේඛා, වක් ගතියෙන් යුක්ත බවට ඔබට ඇතිවන ‘හැඟීම’ ගැන ඔබට කළ හැකි දෙයක් නැත. අපගේ ක්‍රියා පාලනය කරන්නේ අපමය යන්න අප එකිනෙකාට දැඩිව දැනෙන්නේ ද මේ ආකාරයටමය.
දැඩි විශ්වාසයක්
අපගේ මොළ ස්කෑන් පරීක්ෂාවන් පදනම් කරගනිමින් අපගේ සෑම ක්‍රියාවක්ම පුරෝකතනය කිරීමට අනාගතයේ යම් කිසි දවසක විද්‍යාඥයන් සමත් වුවහොත් කුමක් සිදු වේද?මෙම සෙනාරිය (scenario) විචක්ෂණ පරීක්ෂණයක් මඟින් පරීක්ෂාවට ලක් කරනු ලැබ ඇත. විශේෂ කපාල වැස්මක්(special skullcap) යොදාගෙන සටහන් කර්ගනු ලැබූ පුද්ගලයකුගේ මොළ ක්‍රියාකාරිත්වය පදනම් කරගත් තීන්දු තීරණ සුසාධිත ව පුරෝකතනයට මගපාදන අනාගතවාදී ස්නායු අනුරූපණ තාක්ෂණය (futuristic neuroimaging technology) ගැන පරීක්ෂණයට සහභාගිවන්නන්ට වේලාපහින් දන්වන ලදී, විශේෂ කපාල වැස්ම පැළඳීමට සලස්වන ලද ජිල් නැමැති කාන්තාවට මේ වැස්ම මාසයක්ම මුළුල්ලේ එසේ පැළඳ සිටින බව සහභාගී වන්නට දැනුම් දෙන ලද අතර ඒසේ කරන ලද්දේ ඇය කරනා සියල්ල — නුදුරෙහි පවතින මැතිවරණයේදී ඇය ඡන්දය දෙන ආකාරය පවා ඇතුලුව– සියල්ල පුරෝකතනය කිරීම පිණිසය. කවුරුත් අපේක්ෂ කළ අන්දමට පටහැනිව, සහභාගී වන්නන්ගෙන් සියයට අනූදෙකක්(92%) කියා සිටියේ ඡන්දය දීම ඇගේ (ජිල්ගේ) ස්වච්ඡන්දය බවයි. මෙහිම වෙනත් අනුවාදයකදී ඡන්දය දාන්නෙ කාටදැයි විද්‍යාඥයන් පුරෝකතනය කර නිහඬව නොසිට, කපාලවැස්ම යොදාගෙන ඇගේ තේරීමද මෑනීමට ක්‍රියා කළහ. එම සෙනාරියෝවේදී සහභාගි වන්නන් අතර බහුතරය කියාසිටියේ ජිල් ඇගේ අභිමතය අනුව ඡන්දය නොදුන් බවයි.
මෑනවීම හේතුවෙන් ජිල්ගේ ස්වච්ඡන්දය නිශේධනය වූ බව තේරුම් ගැනීම ජනතාවට පහසු වුවත්, ඇගේ චර්යාව සම්පූර්ණයෙන්ම පුරෝකතනය කළ හැකි වූ විට පවා ජනතාව කල්පනා කළේ ඇය ඇගේ සවිඥානික තර්ක ඥානයෙන් ක්‍රියා කළ නිසා ඇගේ ක්‍රියාවන්ට ඇය වගකිව යුතු බවයි. මෙයින් හැඟී යන්නේ ස්වච්ඡන්දතාව ගැන සැලකීමේදී විද්‍යාඥයන් අප වෙත යොමු කරන ඕනෑම කාරණාවක් අපගේ හැඟීම් සහ අත්දැකීම් මගින් අතික්‍රමණය කරන බවයි.
තදින් කැළඹෙන සුළුයි
ස්වච්ඡන්දය යනුවෙන් දෙයක් නොතිබීමට පුළුවන්ය යන්න සිත් තදින් කළඹවන සුලුයි. කිසියම් එක් ක්‍රියාමාර්ගයක් වෙනුවට තව ක්‍රියා මාර්ගයක් තෝරා ගැනීමට හැකි ය යන හැඟීම මනුෂ්‍යයෙකු වීමේ අත්‍යවශ්‍ය කොටසකි. එහෙත් මෙය ඔබ සිතනවාට වඩා අඩුවෙන් වැදගත් වන්නක් විය හැක. අපට අපේම වූ අභිමතයන් නොතිබුණේ වී නමුත් අප ක්‍රියා කරන්නේත්, අපව හැගෙන්නේත් එවැන්නක් ඇතිවා සේය. වරණය (තේරීම) සඳහා අපට හැකියාවක් නො තිබෙන්නට පුළුවන. එහෙත් අප තේරීම වන්නේ එවැන්නක් තිබෙන බව සිතාගැනීමටය.