සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය ගැන එහි ඈතම වස්තුවකින් හෝඩුවාවක්

Posted by

Arrokoth (ඇරෝකොත්) යන්න සාමාන්‍ය කෙනෙකුට තබා අභ්‍යවකාශය ගැන උනන්දුවක් දක්වන්නෙකුට  පවා නුහුරු වචනයක් වෙන්නට පුළුවන්. එය ස්වදේශීය ඇමරිකානු Powhatan/Algonquian භාෂාවේ  දැක්වෙන හැටියට ආකාශය සඳහා යෙදෙන වචනයක්. Arrokoth තමයි මනුෂ්‍යයන් වන අප බැහැදැක ඇති අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඈතම වස්තුව. කුයිපර් පථයේ පිහිටි මෙම කුඩා අභ්‍යවකාශ පාෂාණය නාසා ආයතනයේ නිව් හොරයිසන් අභ්‍යවකාශ ගවේෂක යානාව මෙයට වසරකට පෙර පසුකර ගියේය (ඒ පිළිබඳ තතු ගෙන ආ වාර්තාව මෙතැනින් කියවන්න). කුයිපර් පථය කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සම්භවය සිදු වූ අවස්ථාවේ අවතැන් වූ ආදිකල්පිත වස්තූන්ගෙන් ගහන සෞරග්‍රහමණ්ඩලයේ ඈතම — ඔව්, සූර්යාගේ සිට පෘථිවියට ඇති දුර මෙන් පනස් ගුණයක් ඈතින් පිහිටි වලයාකාර  ප්‍රදේශයක්.  Science සඟරාවේ පළ කර ඇති නිව් හොරයිසන් මෙහෙයුමේ ලිපි තුනක අඩංගු නවතම දත්ත මේ අභ්‍යවකාශ පාෂාණයේ භූ විද්‍යාව, වර්ණය සහ එය සෑදුනු ආකාරය පිළිබඳ වඩාත් විස්තරාත්මක චිත්‍රයක් අපට ගෙන එයි.

මෙය Arrokoth හි සම්භවය ගැන අපට කියා දෙනවා පමණක් නොව සමස්ත සෞරග්‍රහමණ්ඩලයටමත්  එහි සම්බන්ධයක් තිබෙනවා යැයි නිව් හොරයිසන්  ප්‍රධාන පරීක්ෂක ඇලන් ස්ටර්න් පවසයි. “ වඩාත්ම වැදගත් එක් තනි සොයාගනීම ගැන මෙහි දක්වා ඇති වාර්තාව  ග්‍රහලෝක පිහිටීමේ මුල්ම අවධිය ගැන අපේ අවබෝධය නව තලයකට ගෙන යනවා.“ ආචාර්ය ස්ටර්න් වැඩිදුරටත් දක්වයි.

Arrokoth වැනි ආදිකල්පිත වස්තූන් ග්‍රහ පිණ්ඩ (planetesimals) වශයෙන් හඳුන්වනු ලබන අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වල තැනුම් ඒකක යැයි සලකනු ලැබේ. නිව් හොරයිසන් අභ්‍යවකාශ ගවේෂක යානාව Arrokoth අසලින් පියාසර කිරීමේ මෙහෙයුම පිළිබඳ තොරතුරු මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ 2019 වසරේදීය  (ඒ අවධියේ මේ වස්තුව බහුලව හැඳින්වූයේ තුලේ යනුවෙනි. පසුව එය වෙනස් කර Arrokoth යන නාමය යෙදින. එහෙත් මේ කිලෝමීටර් තිස් හයක් දිග පාෂාණමය වස්තුව ගැන අළුත්ම ලිපි පලවී ඇත්තේ එවක මෙන් දහ ගුණයක දත්ත පදනම් කරගෙනය.

අදාළ රූපය

මෙම පාෂාණය කැපී පෙනෙන අංගයක් වූ වුණේ එහි ද්විත්ව ගුලි හෙවත් එකට ඇළී ඇති පිණ්ඩ දෙකය. එය එවකට සිතුවාට වඩා බෙහෙවින් පැතලි බවක් පෙනේ. මෙම ගුලි දෙක එකට හා වූයේ කෙසේද යන්න ගැන සිදුකළ විඩම්බන හඟවන්නේ එය ඝට්ටනකාරී සිද්ධියක ප්‍රථිපලයක්  වෙනුවට  වඩා සෞම්‍ය එකක් වූ බවයි. Arrokoth මතුපිට අධික රත් පැහැයෙන් යුතු බවද නව දත්ත දක්වයි.

සෞර ග්‍රහමණ්ඩලයේ වඩාත්ම රක්තවර්ණ ද්‍රව්‍යවලින් මෙය සමන්විතයි. ඓන්ද්‍රීය අණු හේතුවෙන් මේ  තද රත් පැහැය ඇති වන්නට ඇතැයි සැලකේ. ඇත්ත වශයෙන්ම ජලය හමු නොවුණත් එහි මතුපිටින් මෙතනෝල් අයිස් හා අනෙකුත් හඳුනානොගත් සංකීර්ණ ඓන්ද්‍රිය අණු සොයා ගනු ලැබීය. තවද ධුමකේතු සහ ග්‍රාහක වැනි කුඩා අභ්‍යවකාශ වස්තූන්වල මෙන් නොව ඇ හි ඇත්තේ යාන්තමට ආවට(craters) සෑදුනු මතුපිටකි. “විශාල ආකාශ වස්තුවක් ලෙස ගතහොත් Arrokoth තමයි සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් අප දුටු නිකැලැල්ම වස්තුව“ යයි දකුණු ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය ජොන්ටී හෝනර් කියාසිටී. “මහා ආවට නොමැතිකමින් පෙනීයන්නේ සෞරමණ්ඩලය සෑදීම  අවසන් වී ගතවූ වසර බිලියන 4 තුළ Arrokoth හි මතුපිට  වෙනස් වී නැති බවය” යි  මහාචාර්ය හෝනර් පෙන්වා දෙයි. සියලු සාක්ෂි සලකා බලන විට සෞරග්‍රහමණ්ඩලයේ තැනුම් ඒකක ප්‍රථමයෙන් හැදුනේ කෙසේද යන්න ගැන බොහෝ කලක්  ඇති වාදයන්  දුරු කිරීමට ද අපට උපකාරී වේ.

ආවාට පිරි අභ්‍යාවකාශ වස්තු

cratered surfaces of space objects සඳහා පින්තුර ප්‍රතිඵල

Arrokoth මතුපිට

අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රලෝක බිහිවීම ගැන  තරගකාරී සිද්ධාන්ත දෙකක් සම්බන්ධයෙන් වාද විවාද පැවැත්වෙන්නේ දශක ගණනාවක් තිස්සේ ය. ඉන් එකක් වන ධුරාවලිගත සමාහරණය (accretion = දූලි වැනි කුඩා අංශු  පිණ්ඩවීමෙන් ග්‍රහලෝක වැනි ඛගෝලී වස්තුන් තැනෙන ක්‍රියාවලිය) යන සිද්ධාන්තය දැක්වෙන්නේ වායු සහ දූවිලි වලාවන්ගේ වඩාත්ම විසම කොටස් වලින් හටගත් සූර්යයා සහ ග්‍රහලෝක ඉස්මතුවී එකිනෙක හා ගැටීමෙන් ග්‍රහ පිණ්ඩක උපන් බවයි. අනෙක් සිද්ධාන්තය වන බොරළු සමාහරණ ආකෘතියෙන් දැක්වෙන්නේ ස්ථානගත වලාවන් ද්වයංගී වස්තූන් උපද්දන බව සහ ඒවා එකිනෙකට ගුරුත්වාකර්ෂණය හේතුවෙන් බැඳී ඇති අතර එකම තලයක භ්‍රමණය වන බවයි. ඒවා ක්‍රමයෙන් එකිනෙක හා එක්ව ඉතා සෙමින් භ්‍රමණය වෙමින් අභ්‍යවකාශයේ එකට ඇලී එකිනෙකා තුරුළට වදී.

මෙතෙක් මේ සිද්ධාන්ත දෙකෙන් කුමක් නිවැරදි දැයි අප නොදැන සිටි බව පෙන්වා දෙන ආචාර්ය ස්ටර්න්, Arrokoth ගැන නිවැරදි තොරතුරු හරියාකාරව හෙළිදරව් වී ඇති හෙයින්  බොරළු වලාවන්ගෙන් ග්‍රහලෝක බිහිවන්නට ඇතැයි කියා සිටී. මහාචාර්ය හෝනර් ද ඔහු හා  එකඟ වෙයි. “Arrokoth සෑදීමට බලපෑ  ගැටීම ඉතාමත් සෙමින් ඉතාමත් සෞම්‍යව සිද්ධ වෙන්න ඇති. ඒ කියන්නේ ඒවා ගුරුත්වාකර්ෂණය එකිනෙකට බැදී තිබෙන්නට ඇති”.

නිව් හොරයිසන්වැනි මෙහෙයුම් වල සැබෑ වටිනාකම මෙයින් ද පෙනී යන බව සඳහන් කරන විද්‍යාඥයෝ Arrokoth වැනි වස්තුන් වඩාත්   සූක්ෂමව ගවේෂණය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙති. “ග්‍රහලෝක හැදුනේ කෙසේද යන්න තේරුම් ගැනීම හරි වැදගත්. මන්දාකිණිය පුරාවට ජීවය පැවතීමට පදනම වන්නේ ඒවා තමයි” යනු ඔවුහු පෙන්වා දෙති.

ABC Science  වෙබ් පිටුවේ පළවූ  New data from New Horizons’ fly-by of Arrokoth could settle the controversy over how our solar system first formed යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: