නෙළුම් කොලේ වර්ධනය හසුරුවන්නේ බලශක්ති කාර්යක්ෂමතාවයි
Nelumbo nucifera උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වනු ලබන්නා වූ ජලයෙහි වැඩෙන නෙළුම් ශාකයේ පත්‍ර (කොළ) ජලයෙහි පාවෙන විට ඒවා පැතැලියි, විශාලයි. ඒත්, කුතුහලය දනවන කාරණය වන්නේ ජලයෙන් උඩට නටුව එන ආකාරයට වැඩෙන නෙළුම් ශාකයේ පත්‍ර කේතුවක හැඩයෙන් යුතු වඩාත් විශාල, වඩාත් දිග රැලි සහිත ඒවා වීමයි. ඒත් මේ වෙනස ජානමය හේතුවක් නිසාවෙන් ඇතිවන්නක් නොව පත්‍ර පාවෙන ජලය මගින් නිර්මාණය වන යාන්ත්‍රික බලපෑම් යයි චීනයේ ඉංජිනේරු කණ්ඩායමක් දැන් කියා සිටිති.
චීනයේ පොකුණුවල හා අවට වැඩෙන, විවිධ හැඩයෙන් යුතු නෙළුම් පත්‍ර ගැන අධ්‍යයනයක යෙදුණු ෂැංගිහායි හි ෆුඩාන් විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු ෆෑන් ක්ෂු හෙළිකරයි. Physical Review Letters හි වාර්තා කර තිබෙන නවතම අධ්‍යයනයේ දී ක්ෂූ ඇතුළු සගයන් පත්‍රවල හැඩයට ජල තත්ත්වයන් බලපාන්නේය යන උපන්‍යාසය පරීක්ෂාකර බැලීම පිණිස ගණිතමය ආකෘති සහ (ස්වභාවික) පත්‍ර ආකාර ද්‍රව්‍ය යොදා ගත්හ.පත්‍ර වර්ධනය වන ආකාර යථාතථ්‍යව අනුරූපණය කරනු පිණිස පර්යේෂණ කණ්ඩායම ජලය හා ගැටුණු විට වැඩෙන රබර්මය ද්‍රව්‍යකින් මෙකී කෘතිම පත්‍ර කපා ගත්හ.
සූර්යාලෝකය නෙළුම් පත්‍ර වර්ධනය උත්තේජනය කරන හෙයින්, ශාක සූර්යයා දෙසට නැමෙන අතර සූර්යාලෝකය පත්‍රයෙහි පතිත වන තැන මත පදනම්ව පත්‍රයේ විවිධ කොටස් විවිධ අනුපාත වලින් වර්ධනය වේ. මෙය අනුකරණය කරනු(mimic) පිණිස පර්යේෂකයෝ ව්‍යාජ නැතිනම් කෘත්‍රිම පත්‍රවල වර්ධනය සිදු වෙතැයි අපේක්ෂිත ස්ථාන තෙත් කළහ. තවද ඔවුන් නිදර්ශක පත්‍ර කිහිපයක් ජලයේ පාවීමට සැලැස්වූයේ එය පත්‍ර වර්ධනයට කොයි ආකාරයෙන් බලපායිද යන්න නිරීක්ෂණය කිරීමටයි.
බලශක්ති වෙනස්කම් ඉස්මතු වීම
පර්යේෂකයන්ගේ කෘතිම නෙළුම් පත්‍ර මෙන්ම ගණිතමය විඩම්භන ද(simulations) පොකුණු සහ ජල මාර්ග වල දැකිය හැකි ස්වභාවික නෙළුම් පත්‍ර හා ගැලපිණ. ඒ කියන්නේ පත්‍ර අග රැලි ගතියෙන් යුත් පාවෙන වර්ගය සහ ජලයෙන් උඩ පිහිටි, පා නොවෙන විශාල රැලි සහිත, පත්‍රය මැදට හැරෙන කෝණාකාර වර්ග. මෙම පත්‍ර රටාව පැහැදිලි කිරීමක් වශයෙන් දක්වනු ලබන්නේ නෙළුම් පත්‍රයේ යටි පැත්තට ඇති වන ජෛවී භෞතික ජල ස්ථරය බලපෑම සහ හැකිතාක් දුරට බලශක්ති කාර්යක්ෂමතාවයකින් යුතුව වැඩීමට පත්‍ර දක්වන ස්වභාවික නැඹුරුවෙහි එකතුවක් ලෙසටයි.
Rubber ‘leaves’ reveal the physics of the floating lotus
පත්‍ර ජලයෙන් ඈත් වන විට නෙළුම් ශාකයට වර්ධනය විය හැකි වඩාත් බලශක්ති කාර්යක්ෂම ආකාර වනුයේ දිග, විශාල රැලි සහිත කෝණාකාර පත්‍ර නිපදවීම යයි සිය ආකෘති මඟින් පැහැදිලි කෙරුණු බව ක්ෂූ සහ සගයෝ පෙන්වා දෙති.
අනෙක් අතට ජලය මත වැඩෙන පත්‍රවලින් එවැනි හැඩයක් ලබා ගැනීමට නම් පත්‍ර වලට ඒවායේ යටිපැත්තේ ගෑවෙන ජලය එසවීමට සිදුවේ. ඒ වෙනුවට පත්‍ර, පැතලි හැඩයෙන් යුතුව අග්‍ර පමණක් රැලි ගැසීමට හැඩ ගැසී ඇත්තේ ඒ වඩාත්ම බලශක්ති කාර්යක්ෂම ආකාරය නිසා යයි පර්යේෂකයෝ අදහස් කරති. “කෙටි තරංග ආයාම අනුව නැමුණු රූපණය(configuration), ජලය මත පතිත පටල වර්ධනයට ද, ගෝලීය වශයෙන් නැමුණු හැඩය එල්ලී තිබෙන පත්‍ර වලට ද බලශක්තිමය වශයෙන් වඩාත් වාසිදායක බව සෛදාන්තික වශයෙන් මෙනම් සම්පරීක්ෂණ වශයෙන් ද අපට පෙනී ගියා” යයි [අර්යේෂකයෝ අධ්‍යයන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කරති. පර්යේෂකයෝ
ශාක රූප ජනනය (plant morphogenesis) කෙරෙහි ඇති කරන ජෛවී භෞතික බලපෑම් ඔවුන්ගේ ප්‍රයත්න තුළින් හුවා දක්වනු ලැබේ. මෙවන් දැනුම මනුෂ්‍යයන් විසින් නිපදවනු ලබන ද්‍රව්‍යවල රූපාකාරය () පාලනය සඳහා යොදා ගත හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.
PhysicsWorld(11 Feb 2020) වෙබ් අඩවියේ පළවූ Energy efficiency guides lotus leaf growth යන ලිපිය ඇසුරෙනි