පරිණාමය ගැන හැඳින්වීමක්: වංශ ප්‍රවේනි සහ ක්ලේඩ(clade) හෙවත් ඒකවංශ

Posted by

පරිණාමය තේරුම් ගැනීම

චිත්තාකර්ශනීය මාතෘකාවක් වුවත් බොහෝදෙනකු පරිණාමය ගැන හිතන්නේ  අද අප ගෙවන ජීවිතයට එතරම් අදාළත්වයක් නැති මාතෘකාවක්හැ ටියටය. සමහරුන් පරිණාමය දකින්නේ කෞතුකාගාරවල ය. ඒ පොසිල ගත අවශේෂවල සහ ආදිකාලීන සතුන්ගේ අස්ථි කොටස් අතරෙහි ය. වන සතුන් ගැන උනන්දුවක් දක්වන අය නව ජීව විශේෂයක් හෝ නුහුරු රටක භූ දර්ශනය තුළින් පරිණාමය දකිති. ආගමික විශ්වාසයන් නිසා පරිණාමය ඇතැම් විටෙක වාද විවාද වලට මුල්වන මාතෘකාවක් බවට පත් වන්නටත් ඉඩ තිබේ. පරිණාමවාදය ගැන මිත්‍යා මත ද බොහෝය. වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය වූයේ ය යන්න එවැන්නකි. පරිණාමවාදය, උචිතෝන්නතිය, චාල්ස් ඩාවින් ආදී වශයෙන් පරිණාමයට සම්බන්ධ යම් දේ ගැන ඇතැමුන් අසා තිබුනත් ඉන් එහාට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැති වීම නිසා හැදෑරීමක් නොකරනවා විය හැකියි.

පරිණාමය සහ පරිණාමීය ක්‍රියාදාමය පිළිබඳව පසුගිය වසර 150 කාලය තුළ අත්පත් කර ගෙන ඇත්තේ  අනවරත ප්‍රගතියකි. එහෙත්,  පසුගිය වසර 25 දී පරිණාමිය ජීව විද්‍යාවෙහි ඇතිවු සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන්  පරිණාමීය අධ්‍යනයෙහි ස්වර්ණමය කාලයක් උදාවී ඇත. මෙම ක්ෂේත්‍රයේ මූලික ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සැපයීමට අද ජීව විද්‍යාඥයෝ ආසන්න වී සිටිති.

ඒ අතර වාරයේ පරිණාමීය ජීව විද්‍යාව මානව සමාජය පුරා පුළුල් බලපෑමක් ඇති කරමින් තිබේ. නව රෝග හට ගැනීම, පළිබෝධ සහ ක්ෂුද්‍රජීවීන් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්ට දක්වන ප්‍රතිරෝධය වැඩිවීම, එමෙන්ම ස්වභාවික ජනගහනයන් මත විපර්යායාත්මක පරිසර තත්ත්වයන්ගේ බලපෑම ඇතුළු සමකාලීන ප්‍රශ්න පරිභ්‍රමනය වන්නේ ස්වභාවික වරණය සහ පරිණාමිය විපයාසයේ දර්ශයන් වටාය.  නූතන ජීවිතයේ විසම අංශ බොහොමයක — වෛද්‍ය විද්‍යාව, නීති පද්ධතිය, පරිගණනය ආදිය පරිණාමීය චින්තනය සහ පරිණාමීය ජීව විද්‍යාව මෆින් වර්ධනය කරනු ලැබූ ක්‍රමවේද යොදාගැනීම එන්ට එන්ටම වැඩිවෙමින් පවතී.

කෙටියෙන් කියතොත්, ලෝකය ගැන පුරෝකථනමය දෘෂ්ඨියකින් සහ විවරණාත්මක ශක්තියකින් බැලීම සඳහා පරිණාමය ගැන අවබෝධය අපට මගක් පාදාදෙයි. සෑම සෙනසුරාදාවකම  තතු පළකරන මෙම ලිපි පෙළ,  ඔබව ඒ මග ඔස්සේ කැඳවාගෙන යාමට ගන්නා ප්‍රයත්නයකි.

පරිණාමය ගැන හැඳින්වීමක්: වංශ ප්‍රවේනි සහ ක්ලේඩ(clade) හෙවත් ඒකවංශ

ක්ලේඩ(clade) හෙවත් ඒකවංශයක් යනු පොදු පූර්වෙයෙකු  සහ ඔහුගෙන් පැවත එන ජීවත් වන සහ නෂ්ටප්‍රාප්ත සියලු දෙනාම ඇතුළත් වන කණ්ඩායමකි. වංශ ප්‍රවේණියක් යොදාගත් කළ පැළැන්ති කණ්ඩායමක් මගින් ක්ලේඩය හෙවත් ඒකවංශික පිරිසක් සාදනු ලබන්නේ ද යන්න කීම පහසුය. වංශ ප්‍රවේණියක් එක ශාඛාවක් කපා වෙන් කරන්නේ යැයි මදකට සිතමු. එසේ කපා වෙන් කළ ශාඛාවේ සියලුම සජීවීන් එක්ව ක්ලේඩයක්(ඒකවංශයක්) සාදයි.

ක්ලේඩ(ඒකවංශ)  එකිනෙක අතර කෑදලි ගතය. ඒවා කැදලි ගත ධුරාවලියක් සාදයි. ක්ලේඩයකට විශේෂයෙන් දහස් ගණනක් හෝ හුදු කිහිපයක් පමණක් ඇතුළත් විය හැකියි. විවිධ මට්ටම්වල ක්ලේඩ  පිළිබඳ නිදසුන් කිහිපයක් මතු දැක්වෙන වංශ ප්‍රවේණිවල සලකුණු කර ඇත. වඩාත් විශාල ක්ලේඩ ඇතුළත ක්ලේඩ කැදලි ගත කර ඇති අයුරු නිරීක්ෂණය කරන්න.

මේ වෙන තෙක් අප කියා සිටියේ වංශ ප්රවේණියෙහි තුඩු පැවත එන්නන්ගේ පෙළැන්ති  නිරූපණය කරන බවයි. කෙසේ වෙතත්, ඔබ ඇතුළත් කරන රුකට ශාඛා කොපමණ ද යන්න මත තුඩු මත ඇති පැවත එන්නන්, විශෙෂයක වෙනස් ගහණ  වශයෙන්, වෙනස් විශේෂයන් හෝ වෙනස් ක්ලේටඩ  විය හැකිය. ඒ සෑම එකක්ම විශේෂ බොහොමයකින් සමන්විතය.

ගස් මිස ඉනිමං නොවේ

 

පහල සිට ඉහළ මට්ටම් වශයෙන් ඉනිමඟක් මත ජීවය සංවිධානගත කළ හැකිය යන දෝෂ සහිත මතයට පසුගිය කාලයේ කීප වතාවක්ම ජීව විද්‍යාඥයෝ දායක වී ඇත. ඇරිස්ටෝටල් දැක්වූ ‘ජීවන මහා දම්වැල’ (චිත්‍රය බලන්න.) යන්නෙහි කේන්ද්‍රීය අදහස  වශයෙන් පවතින්නේ මෙම ස්වරූපයයි.

මෙලෙසම, සමහර සජීවීන් අනෙක් අයට වඩා උසස්ය (දියුණුය) යනුවෙන් වංශ ප්‍රවේණි මගින් ගම්‍ය කරනු ලබන්නේ යයි වැරදි අර්ථකතනයක් කිරීමද පහසුය. එහෙත් වංශ ප්‍රවේණිය කිසිසේත් එවැන්නක් ගම්‍ය නොකරයි.

 

බෙහෙවින් සරල කෙරුණු වංශප්‍රවේණියක හටගත් විශේෂ ප්‍රාප්ති සිද්ධියක ප්‍රතිඵලයක් ලෙස පැළැන්ති දෙකක් හටගත්තේය. ඉන් එකක් (අද අප දකින) පාසි පෙඳවලට මග පෑදිය. අනෙක මීමන, පයින්, රෝස වලට මඟ පෑදිය. ඒ විශේෂ ප්‍රාප්ති සිද්ධියෙන් පසුව පැලැන්ති දෙකටම පරිණාමය සඳහා එක සමාන කාලයක් ලැබිණ.  පෙඳ ජීවන රුකෙහි මුල් කාලයේදීම විශේෂ ප්‍රාප්ති වී සහ  ගොඩබිම සියලු ශාකයන්ගේ පූර්වජයා සතු ගුණාංග බොහොමයක් හවුලේ උරුම කරගෙන ඇත ද,  සජීවී(අද ජීවත්වන්) පෙඳ විශේෂයන් අනෙකුත් ගොඩබිම ශාකයන්ට පරවෙනි නොවේ. අනෙක් අතට ඒවා ප්‍රාක්තමද නොවන්නේය. පෙඳ යනු අනෙකුත් ගොඩබිම ශාක වල ඥාති සොයුරු ශාකයි.

මෙසේ හෙයින් වංශ ප්‍රවේණිය කියවනවිට කාරණා තුනක් මතක තබාගත යුතුය.

  1. පරිණාමය පෙලැන්ති අතරේ ඉනිමං නොව රුක් ආකාරයේ සම්බන්ධතා රටාවක් නිර්මාණ කරයි.
  2. අපට හුරුවී ඇති අන්දමට වමේ සිට දකුණට වංශප්‍රවේණි කියැවීමට පෙළඹූණත් දියුණුවෙහි හෝ උසස්බවේ මට්ටම අතර එහි සහසම්බන්ධතාවයක්(co- relation) නොමැත.
  3. ඕනෑම විශේෂ ප්‍රාප්ති සිද්ධියකට, වංශ ප්‍රවේණිය කුමන පෙලැන්තිය දකුණට යන්නේ ද කුමන පෙළැන්තියේ වමට යන්නේ ද යන තේරීම හුදෙක් අභිමතානුකුලය( එනම් හිතුවක්කාර තේරිමකි). මතු දැක්වෙන වංශ ප්‍රවේණි එක සමානය:

ජීව විද්‍යාඥයෝ,(වවුලන් ඇඳ මකුණන් හෝ බැක්ටීරියා වේවා) ඔවුන් වඩාත් උනන්දුව දක්වන ක්ලේඩ වංශ ප්‍රවේණියෙහි දකුණුපස තබති.

 

Understanding Evolution වෙබ් අඩවිය ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි. (මෙම වෙබ් අඩවිය ගැන ඇගැයීමක් මෙතනින් කියවන්න).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.