බැක්ටීරියා නොමැතිව මනුෂ්‍යයන්ට ජීවත්වෙන්න බැරිද?

Posted by
බැක්ටීරියා නොමැතිව මනුෂ්‍යයන්ට ජීවත්වෙන්න බැරිද?

බැක්ටීරියා කියපු ගමන් අප බොහෝ දෙනකුට ඇති වන්නේ බියක්. මන්ද, බැක්ටීරියාව අපේ සිත් සම්බන්ධ කරන්නේ ලෙඩරෝග වගේ ආබාධ වලටයි. ඒත් බැක්ටීරියා හුදෙක් අපව විනාශ කරන්න සූදානමින් සිටින මාරයෙක් ද? ලිපිය කියවලා බලා ඔය ප්‍රශ්න වලට උත්තර හොයමු.

අදාළ රූපය

අපේ ඇඟ පුරාමත්, ඇඟ ඇතුලෙත් ට්‍රිලියන ගණනක් බැක්ටීරියා එහෙ මෙහෙ සැරිසරන්නේය කියන අදහසට පවා අපට ඇති කරන්නේ ක්ෂණික බියක්.  “කාබන්, නයිට්‍රජන්, රෝග වලින් ආරක්ෂාව සහ ආහාර ජීරණය කර ගැනීමේ ශක්තිය නොමැතිව අපට ජීවත්විය නොහැකිවාක් මෙන්ම, අපට බැක්ටීරියා නොමැතිවත් ජීවත්වීමට නොහැකිය”යි ක්ෂුද්‍ර ජීව විද්‍යාඥ ඈන් මැක්ශුලැක් කියා සිටියි.  ඇය “Allies and Enemies: How the World Depends on Bacteria” (FT Press, 2010)” =   නම් ග්‍රන්ථයේ කතුවරියයි. අප බොහෝදෙනා බැක්ටීරියා ගැන දැන ඉගෙන ගන්නෙ රෝගාබාධ සන්දර්භය තුළයි. ඒ හින්දා අපේ හිතට එන්නේ ඒවායින් ඇති කරන හානිකර ප්‍රතිඵල ගැනමයි. “බැක්ටීරියා අපට උපකාරී වන විවිධ වූ ආකාර ගැන සිතීම පවා අභියෝගයක්. මොකද ඒක පියවර කිහිපයක ක්‍රියාදාමයකින් සමන්විත සංකීර්ණ කාර්යයක් නිසාය”  මැක්ශුලැක් වැඩිදුරටත් සඳහන් කරන්නීය.

කුඩා ප්‍රතිචක්‍රියකරන්නෝ

පසෙහි සහ සාගරයේදී බැක්ටීරියා යනු කාබනික පදාර්ථය වියෝජනය කිරීමේ සහ මනුෂ්‍යයන්ගේ ජීවිතයට අවශ්‍ය වන කාබන් සහ නයිට්‍රජන් වැනි රසායනික මූල ද්‍රව්‍ය චක්‍රීකරණය කිරීමේ  ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයන්. අපට ජීවත්වීම සඳහා අවශ්‍ය ඇතැම් නයිට්‍රජන් අනූ නිර්මාණය කර ගැනීමට ශාක සහ සත්වයන් අසමත් වෙන නිසා වායුගෝලීය නයිට්‍රජන්, ඇමෝනියම් හෝ නයිට්‍රේට බවට පෙරළීමේ දී  පාංශු බැක්ටීරියා සහ සයනොබැක්ටීරියා(cyanobacteria (blue-green algae) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. DNAවල තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල හා නියුක්ලෙයික් අම්ල නිශ්පාදනයේදී ශාක නයිට්‍රිජන් අවශෝෂණය කරගත හැක්කේ මෙම ස්වරූපවලිනි. අපි එම ශාක ආහාරයට ගෙන එම වාසිය භුක්ති විඳින්නෙමු.

cyanobacteria

මනුෂ්‍ය ජීවිතයට නැතුව බැරි තවත් දෙයක් චක්‍රිය කරණය කිරීමේදී බැක්ටීරියා මහා කාර්යභාරයක් ඉටු කරයි: එනම් ජලයයි. වළාකුළුවලට, භූමිය මත පතිත වන හිම සහ වර්ෂාව ලෙස අවක්ෂේපණය කරවීමට ඉවහලවන කුඩා අංශු සියල්ලම නොවෙතත් අඩු තරමින් බහුතරය බැක්ටීරියා මගින් නියෝජනය කරනු ලබනු බවට ලුසියානා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ  විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

බැක්ටීරියා සහ අපේ සිරුර

ශරීරය මත මෙන්ම ශරීරය ඇතුළත ද  බැක්ටීරියා, මෙයටත් අමතරව මනුෂ්‍යයන්ට ගෙන එන තවත් වාසි ඇත. අපේ ජීර්ණ පද්ධතියේ දී ශාක තන්තු(plant fibres) වැනි අපට තනිව ජීරණය කර ගැනීමට අසීරු ආහාර බිඳදැමීමට බැක්ටීරියා උපකාරී වේ. අප ගන්නා ආහාරවලින් අපට වැඩි පෝෂණයක් ලබාගන්න පුළුවන් වෙන්නේ බැක්ටීරියා නිසාවෙන් යයි . මැක්ශුලැක් කියා සිටී. ඇය දක්වන අන්දමට ජීරණ පද්ධතියේ දී බැක්ටීරියා, අපට අවශ්‍ය බයොටීන් සහ විටමින් ඛ් වැනි විටමින් සපයනවා පමණක් නොව සමහර මෙම පෝෂණ කොටස් සමහරක් සඳහා අපේ මූලික ප්‍රභවය වන්නේ ද බැක්ටීරියා ය.

Could Humans Live without Bacteria.A short video on the life of Bacteria.

“අපි ගන්නා ආහාරවලින් වැඩි පෝෂණයක් ලබාගැනීමට පට හැකිවන්නේ බැටීරියා නිසාවෙන්” යනුවෙන් මැක්ශුලැක් පවසන්නීය.

රට හාවන් යොදාගෙන  සිදුකරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත්තේ බැක්ටීරියා වලින් තොර ජීවානුහරණය කළ පරිසරයක හැදී වැඩෙන සතුන් මන්දපෝෂණයෙන් පෙළෙන අතර තරුණ කාලයේ දීම මිය යන බවයි.

නිව්යෝර්ක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් දක්වන අන්දමට සාමාන්‍ය පුද්ගලයකු මත එකිනෙකාට වෙනස් බැක්ටීරියා දෙසීයක් පමණ ජීවත් වෙති. මේ මහා බැක්ටීරියා සමුදාය සමෙහි පරිසරය සහ එහි සම්පත් මත සිය ආධිපත්‍යය රඳවා ගෙන සිටින්නේ වෙනත් බැක්ටීරියා එහි ලැගුම් ගැනීම වළකාලමිනි.

ඉතින් ශරීරයේ ඇතුළත හෝ පිටත වේවා බැක්ටීරියාවන්ට නිරාවරණය වීම ප්‍රතිශක්ති පද්ධති වර්ධනයේ  වැදගත්  කොටසක් බව පෙණී යයි. කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවවිද්‍යාඥ ජෙරල්ඩ් කැලහන් දක්වන අන්දමට හානිකර සහ හානිකර නොවන යන දෙ කොට්ඨාශයේම බැක්ටීරියාවන්ට නිරාවරණය වී සිටීම ජීවිතයේ පසු කලෙක එන ව්‍යාධිජනකවල  ආක්‍රමණයන්ට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයෙන් අපේ ප්‍රතිශක්ති පද්ධතිය සකසයි. New England Journal of Medicine පල කර ඇති පර්යේෂණයන්ට අනුව බැක්ටීරියාවන්ගෙන් ආරක්ෂාකර හදාවඩාගත් ළමයින් හට, ඇදුම සහ ආසාත්මිකතා වැළඳීමේ වැඩි සම්භාවිතාවක් ඇත.

Staphylococcus aureus

බැක්ටීරියා අන්තරායකාරී නොවන බවක් මේ සියල්ලන්ගෙන් ගම්‍ය නොවේ. සාමාන්‍යයෙන් ප්‍රයෝජනවත් හා හානිකර බැක්ටීරියා අන්‍යෝන්‍ය වශයෙන්  සුවිශේෂී බව මැක්ශුලැක් පෙන්වා දෙයි. ‘ස්ටැස්බැක්ටීරියාව'(staph bacteria) හොඳ උදාහරණයක්. එය, අපේ සමෙහි හැම තැනම තියෙනවා.  නිදසුනකට අපේ අත මත්තේ ජීවත්වන  Staphylococcus aureus ගහනයකට පිටස්තරින් එන බැක්ටීරියා හා සටන් වැදුනත් ඔබගේ සමෙහි කැපුමක් හෝ ප්‍රතිශක්ති පද්ධතියේ පසුබෑමක් ඇති වූ විට සම තුළට වැදී අනතුරු ගෙන ආ හැකියි.

your body is not human

සිරුර තුළ බැක්ටීරියා සෛල සංඛ්‍යාව මනුෂ්යන්ගේ සෛල සංඛ්‍යාව මෙන් දහ ගුණයක් යයි වර්තමානයේ සුලභව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ කතාව පදනම් කරගෙන ඇතැම් විද්‍යාඥයන් අප මනුෂ්‍යයන්ට වඩා බැක්ටීරියා යනුවෙන් දැක්වීමට පෙළඹෙන බව දක්වන   “මෙයින්ම පෙණී යනවා මේ ජීවීන් කෙතරම් වැදගත් භූමිකාවක් ඉටුකරනවා ද කියලා” යයි කියා සිටියි.

 

Life’s Little Mysteries(LIVE SCIENCE) හී පළවූ  Could Humans Live Without Bacteria? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.