වසර 141 ඇතුළත වැඩිම උෂ්ණත්වය වාර්තා වූ මාසය 2020 ජනවාරියයි
දේශගුණ වාර්තා තැබීම 1880 වර්ෂයේදී ආරම්භ වීමෙන් පසුව, අපේ මේ ග්‍රහලෝකය මත වඩාත් උණුසුම මාසය 2020 ජනවාරි බව පාරිසරික තොරතුරු සඳහා වූ ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනයේ(National Oceanic and Atmospheric Administration) ජාතික මධ්‍යස්ථානය(National Centers for Environmental Information (NCEI)) සඳහන් කරයි. 2020 ජනවාරියේ ගෝලීය සාගර උෂ්ණත්වය වාර්තාවී ඇති දෙවැනියට වැඩිම උෂ්ණත්වය වන අතර ගෝලීය ගොඩබිම උෂ්ණත්වය වාර්තාවී ඇති වඩාත් උණුසුම්ම එකයි. ච්න්ද්‍රිකා මාර්ගයෙන් මැන බැලූ වායුගෝලයේ පහළම කිලෝමීටර් අට වෙනුවෙන් ගෝලීය උෂ්ණත්වය 42 වසරක වාර්තාවල වැඩිම උෂ්ණත්වය 2020 ජනවාරියේදී බව හන්ට්ස්විල්හි, ඇලබාමා විශ්වවිද්‍යාලය දක්වන අතර දුරස්ථ සංවේදන පද්ධතිය (Remote Sensing System) අනුව දෙවනියට උෂ්ණාධික මාසයයි.
1880න් පසුව ඕනෑම මාසයක උෂ්ණත්ව සාමාන්‍යයෙන්(average) අපගමනය කළ වැඩිම මාස අතරින් හතර වැන්න ලෙස 2020 ජනවාරිය දැක්වේ. ඉතිරි මාස 2016 මාර්තු, 2016 පෙබරවාරි සහ 2015 දෙසැම්බර විය. වඩාත් කැපී පෙනෙන කාරණාවක් වන්නේ 2020 ජනවාරියේ වැඩිම උෂ්ණත්වය වාර්තා වන්නේ එල්නිනෝ (El Niño) සිද්ධියක් නොමැති අවස්ථාවක වීමයි. එමණක්ද නොව, අප පසුගිය ශතවර්ෂයේ වඩාත් අඩුවෙන් ක්‍රියාකාරී සෞර චක්‍ර පහළම අවස්ථාවට ආසන්නව සිටින්නෙමු. මේ කාලයේ පෘථිවියට ලැබෙන සූර්ය බල ශක්තිය අඩුවීම හේතුවෙන්, ගෝලීය තාප වාර්තා නියමකිරීම අසීරු අවධියකි. මේ අනුව, 2020 ජනවාරියේ මෙකී අධික උෂ්ණත්වය අපට දැඩිව කියාපාන කාරණාව වන්නේ අපගේ දේශගුණය උෂ්ණාධික වීම බලගන්වන මූලික සාධකය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ගෝලීය උණුසුම වීම බවයි.
2020 ජනවාරියේ දේශගුණික ව්‍යසන
2020 ජනවාරි විපත්ති වාර්තාව අනුව (Catastrophe Report) 2020 මුල් මාසයේදී පෘථිවි ග්‍රහයා මත ඩොලර් බිලියන දෙකක දේශගුණයට සම්බන්ධ විපත්ති පැමිණ ඇත.
එක්සත් ජනපද දරුණු කාලගුණ පැතිරීම: අමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම සහ නැගෙනහිර කොට්ඨාශවල ජනවාරියේ 10 දා සිට 12 දක්වා ඇතිවූ බලගතු සිසිර කුණාටුවක් හේතුවෙන් 12 දෙනෙකුට දිවි අහිමි වූ අතර සිදු වූ අලාභහානි ඩොලර් බිලියන 1.2 ක් ලෙස ගණන් බලා ඇත. එරට, ප්‍රදේශ ගණනාවක ඇතිවූ මෙම බහුදින දරුණු කාලගුණ පැතිරීමට, ස්ථිර කළ ටෝනාඩෝ චණ්ඩ මාරුත නවයක් ඇතුළත් විය.
ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි: ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගණනාවකම ජනවාරියේ පැවැති දැඩි තාප හා නියඟ නිසාවෙන් මතු වූ විනාශකාරී ලැව්ගිනි හේතුවෙන් බිලියන ගණනාවක අලාභ හානි සිදුවිය. ලැව්ගිනිවල ඒකාබද්ධ ජීවිත හානිය 34ක් ලෙස දැක්වෙන අතර, නිවාස හ අනෙකුත් ඉදිකිරීම් 5,900ට වැඩියෙන් විනාශවිණ.
පවතින මධ්‍යස්ථ එල්නිනෝ/දක්ෂිණ දෝලන
එල්නිනෝ/දක්ෂිණ දෝලන(El Niño/Southern Oscillation (ENSO) පවතින තත්ත්වයන් ගැන ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනයේ පෙබරවාරි 13 දා මාසික සාකච්ඡාවේදී සඳහන් කෙරුණේ එල් නිනෝ හා ලා නිනා සිද්ධීන් වර්ධනයක් නොමැතිව මධ්‍යස්ථ තත්ත්වයක් පවතින බවයි. පසුගිය මාසය තුල නැගෙනහිර නිවර්තන ශාන්තිකර කලාපයේ මුහුද මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයට වඩා උණුසුම් වුවත් එල්නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය එළිපත්තට (threshold) වඩා සෙන්ටිග්‍රේඩ් අංශක 0.5 ක් පහතින් තිබිණ.
ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනයේ සහ දේශගුණය සහ සමාජය සඳහා වූ අන්තර්ජාතික පර්යේෂණායතනයේ(International Research Institute for Climate and Society) අනාවැකි පළ කරන්නන් කියා සිටින්නේ මධ්‍යස්ථ තත්ත්වයන් උත්තර අර්ධගෝලයේ වසන්ත කාලය පුරා දිගටම පැවතීමට 60% අවස්ථාවක්ද අඛණ්ඩව ගිම්හානයේ ද පැවතීමට 50% ක් අවස්ථාවක් ද තිබිය හැකි බවයි.
ආක්ටික් මුහුදු අයිස් අටවැනි යට අඩුම ජනවාරි වපසරිය: ජාතික හිම සහ අයිස් දත්ත මධ්‍යස්ථානය දක්වන අන්දමට හතළිස් එක් වසරක චන්ද්‍රිකා වාර්තා අතරේ ආක්ටික් අයිස් වපසරිය 8වැනි යට අඩුම වාර්තාව සමග 2020 ජනවාරියෙහි වපසරිය සමවිය. මෑතක වර්ෂවල දකින්නට ලැබුණු ප්‍රමාණයට වඩා අයිස් වපසරිය වැඩි වී ඇත්තේ ප්‍රදේශයේ ශීත සුළං කොටුකර තබාගනු ලැබූ, දැඩි ලෙස ධනාත්මක ආක්ටික් දෝලන අවධියකට ස්තුතිවන්නටය. 2020 ජනවාරි ආක්ටික් මුහුදු අයිස් වපසරිය වාර්තාවී ඇති දහවැනි යට අඩුම වපසරියයි.
20 වැනි සියවසේ සාමාන්‍ය වඩා අඩු තරමින් නාම මාත්‍ර වශයෙන් ඉහළ ගිය පිට පිට 44 වැනි ජනවාරිය, පිට පිට 421 මාසය 2020 ජනවාරියේ වාර්තා විය. මේ අනුව සාගර මතුපිට හා ගොඩබිම උෂ්ණත්වය විසිවැනි සියවසේ සාමාන්‍යයට වඩා සෙන්ටිග්‍රේට් අංශක දෙස 2.05 ක ඉහළ යාමක් 2020 ජනවාරියේ දී වාර්තා විය.
ජනවාරි වාර්තාවේ වඩාත් කැපීපෙනෙණ දේශගුණ සිද්ධි
කලාපියිය උෂ්ණත්වයන් ඉහළයාම:
2020 ජනවාරි සිද්ධි කැපීපෙනෙන වාර්තාව වාර්තාගත උණුසුම් උෂ්ණත්වයන් ස්කැන්ඩිනේවියාව, ආසියාව, ඉන්දීය සාගරය, මධ්‍යම හා බටහිර ශාන්තිකර සාගරය, අත්ලාන්තික් සාගරය, සහ මධ්‍යම හා දකුණු ඇමරිකාව යන ප්‍රදේශවලින් වාර්තා විය. කිසිම ප්‍රදේශයකින්, ගොඩබිම හෝ සාගර සීතල ජනවාරි උෂ්ණත්වයන් වාර්තානොවීය.
ධ්‍රැව මුහුදු අයිස් ආවරණය:
ආක්ටික් මුහුදු අයිස් වපසරිය 1981 – 2010 සාමාන්‍යයට වඩා 5.3% කින් පහළ තිබිණ. මෙය 42 වසරක වාර්තා අතර 8 වැනියට අඩු අයිස් වපසරියක් වාර්තා වූ ජනවාරිය ලෙස (2014 ජනවාරිය හා සමඟ සමාන වෙමින්) දැක්විණ.
හිම ආවරණය අහිමිවීම:
උත්තර අර්ධද්වීපයෙහි හිම ආවරණය 1981-2010 සාමාන්‍යයට වඩා අඩුවිය. 54 වසරක වාර්තා අතර එය දහඅටවැනි 8 අඩුම ජනවාරිය ලෙස දැක්විණ.
Scientific American වෙබ් පිටුවේ පළ වූ January 2020: Earth’s Warmest January on Record සහ National Oceanic and Atmospheric Administration(NOAA) වෙබ් පිටුවේ පළ වූ 2020 was earth’s hottest January-on-record යන ලිපි ඇසුරෙනි.