නව අදහස් හටගනිද්දී මනස තුළ කුමක් සිදු වේද?
ඔබට දිව්‍යමය මැදිහත්වීමක් ගැන විශ්වාසයක් නොමැති නම් අදහස් ගලා එන්නේ මොළය ඇතුළත යම් ප්‍රදේශයකින් යැයි සිතීම ප්‍රඥාගෝචරය. එහෙත් මෙතැනදි ප්‍රශ්නයක් මතු වේ. අදහස් සැකසෙන්නේ විඤ්ඤාණයේ පරීක්ෂාව යටතේ ය. එහෙයින්, අදහස් හටගන්නේ කොයිබින්ද යන්න ගැන මහා ම ප්‍රාඥයාට පවා අදහසක් නැත. මේ ගැන සෙවීම පිණිස විද්‍යාඥයන්ට ඒවා හට ගැනීම නිරීක්ෂණය කරණු වස් ඇතැම් උපායදක්ෂ මාර්ග වැඩිදියුණු කිරීමට සිදුවිය.
නිර්මාණශීලී ක්‍රියාදාමය
නිර්මාණශීලී ක්‍රියාදාමය අධ්‍යයනය කිරීමේ මුල්ම අධ්‍යයන අතුරෙන් එකකදී, මිනිසුන් කතා ගොතා කීමේදී මොළ තරංග රටා වාර්තා කර ගනු වස් ශීර්ෂ ඉලෙක්ට්‍රෝඩ ජාලයක්(network of scalp electrodes) යොදා ගැනිණ. මෙයින් හෙළි වූයේ නිර්මාණශීලීත්වය අදියර දෙකකින් සමන්විත වන බවයි: අනුප්‍රාණය(inspiration) සහ විස්තාරණය (elaboration =විස්තර දැක්වීම). මේ දෙකෙන් එක් එක් එකට, ඉතා වෙනස් මනස් තත්ත්වයන් සලකුණු කරනු ලබන කැපී පෙනෙන මොළ තරංග රටාවන් ඇත. මිනිසුන් ඔවුන්ගේ කතා ගැන සිහින මවද්දී මොළය, වැඩිකොටම ඇල්ෆා තරංග දක්වමින් පුදුම එළවන සුළු මට්ටමකට නිහඬය. ඉන් පෙන්වන්නේ ඉතාමත් අඩු මට්ටමක ප්‍රබෝධ කිරීමකි. මෙය නිස්කලංක තත්ත්වයක ලකුණකි. හරියටම තිරය පිටුපසට වී මොළය සම්බන්ධතා හදද්දි විඥානික මනස නිහඬ ස්වරූපයක් ඉසිලූ ආකාරයක් දක්වමිනි. එය සිහින දකිමින් වුව හෝ විවේකව වුව නින්දේ යම් අවස්ථාවක දී මෙන් මොළ ක්‍රියාකාරිත්වයට සමානයි. පුද්ගලයන්ට නිර්මාණශීලී වීමට, නින්ද සහ විවේක සුවය උපකාර වන්නේ ඇයිද යන්න මෙමගින් පැහැදිළි කිරීමට හැකිය.
එහෙත් සන්සුන් මනසින් යුතු මෙම පුද්ගලයන්ට සිය කතන්දර ගැන තවදුරත් කටයුතු කරන්නැයි දැන්වූ විට ඇල්ෆා තරංග ක්‍රියාකාරිත්වය පහළ වැටී මොළය වඩාත් ක්‍රියාශීලී වුණේ සිතීමේ වඩාත් සංවිධානාත්මක විධි හෙළි කරමිනි. අනුප්‍රාණය සහ සංවර්ධනය අවධි දක්වා මොළ ක්‍රියාකාරීත්වයෙහි වඩාත් විශාල වෙනසක් පෙන්නූ අයම තමයි වඩාත් නිර්මාණාත්මක කතා ශරීර ඉදිරිපත් කළේ. මෙයින් ගම්‍ය වෙන්නේ, අදහස් ඇති කර ගැනීමේ හැකියා තිබීම සහ ඒවා ක්‍රියාවට නැංවීම යන අවස්ථා දෙක අතර නම්‍යශීලීව එහා මෙහා යාම කෙරෙහි යොමු වීමට හැකි ලෙස සැලකීමට පුළුවන් යන්නය.
වඩාත් යහපත් ගැලපීම(හෙවත් යහපත් පරිපථ)
නිර්මාණ ක්‍රියාදාමයේදී, මොළයේ ක්‍රියාකාරීත්වය ඇස් බැමි පිටුපස ලලාට ප්‍රදේශයෙන් සහ පිටුපස වෙන්නට ඇති වඩාත් පැතිරී ඇති ජාල අතර මාරුවීමක් සිදුවන බවක් ද පෙනේ. අපගේ වඩාත් ප්‍රඥාගෝචර, තර්කානුකූල සිතුවිලි සම්බන්ධයෙන් වගකිව යුත්තේ මොළයේ ලලාට ප්‍රදේශය වන අතර එම ප්‍රදේශය අපගේ වඩාත්ම පරිකල්පනමය අදහස් නතර කර දැමීමට ක්‍රියා කරන බවක් පෙනේ. මොළ උත්තේජනය උපයෝගී කරගනිමින් පූර්වලලාට ඛණ්ඩිකාවෙහි ක්‍රියාකාරීත්වය අවුල්කෙරුණු අත්හදා බැලීම් වලදී, මානසික ප්‍රශ්නයකට වඩාත් නිර්මාණාත්මක විසඳුම් ගෙන ඒමට පුද්ගලයෝ සමත්වුහ.
එපමණක්ද නොව මොළයෙහි ස්වේත ද්‍රව්‍යය(white matter) ගැන මෑතක සිදු කෙරුණු (එනම් මොළයෙහි පරිපථ) අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ, වැඩියෙන්ම නිර්මාණශීලී පුද්ගලයන්ගේ පූර්ව ලලාට ඛණ්ඩිකාව (prefrontal cortex) සහ මොලයේ අනෙකුත් කොටස් අතර හොඳින් පරිවහනය කළ(insulated) රැහැන් අඩුවෙන් ඇතිබවයි. පරිවහනය, මොළය පුරා විද්‍යුත් සංඥා වෙගවත් කරන හෙයින් එහි අඩුවීමකින් හැඟවෙන්නේ එය (පරිවහනය) නොමැතිකමින් සන්නිවේදනය මන්දගාමී වීම සහ සමහරවිට අදහස් වසාදැමීමේ දී මන්දගාමීවන මොළයක් ඇති වන බවයි.
කෙසේ වෙතත්, මොළයෙහි මෙකී වඩා තර්කානුසාරී කොටස් අවශ්‍ය නැතැයි මින් නොකියවේ. යම් වස්තුවක ඇති නොයෙකුත් උපයෝගීතාවයන් තමන්ට හැකිතරම් දක්වමින් ලැයිස්තුක් සාදන්නැයි පුද්ගලයන්ට දැන් වූ විට ඔවුන්ගේ ලලාට කණ්ඩිකා පැහැදිලිවම වඩාත් ක්‍රියාකාරී වේ. මෙම ලළාට ඛණ්ඩිකා මොළයේ ම තවත් කොටසක් වන බාහිර මෙඛල බාහිකාය සමග එක්ව ක්‍රියා කරන බවයි. බාහිර මෙඛල බාහිකාය තමයි පිළිගැටුම් ඒ කියන්නේ කිසිදිනක වැඩකට ගත නොහැකි අදහස් ගැන මොළය පිරික්සමින් සිටින්නේ. මේ දෙක එක්ව, එතරම් වැඩකට නැති අදහසක් ඉවත් කිරීමේ කාර්යයට වගකිව යුතු වන අතරම එක අදහසකින් තවත් අසාර්ථක විකල්ප අදහසක් වෙතද යනාදී වශයෙන් දිගින් දිගටම විමසා බලමින් සාර්ථක එකක් සොයා ගන්නා තුරු අපේ අවධානය වෙනස් කිරීමට උපකාරී වෙයි.
රසායනික වර්ධනයන්
වඩාත් නිර්මාණශීලී සහ ඊට වඩා අඩු නිර්මාණශීලීත්වයකින් හෙබි මොළ අතර රසායනික වෙනස්කම් ඇති බවක් ද පෙනී යයි. නියුරෝන එකිනෙකට කෙතරම් පහසුවෙන් ‘කතා’ කරන්නේද යන්න පාලනය කරන්නේ මොළ සංඥා ජනක රසායනය වන නොරඩ්‍රෙනලින්(noradrenaline) හෙවත් නොරෙපිනෙප්‍රින් ය(norepinephrine =අනුවේගී ස්නායු පද්ධතියේ ස්නායු අග හමුවන හෝමෝන විශේෂයක්). එහි අඩු මට්ටම නියුරෝන පුළුල් ජාලයෙන් සන්නිවේදනයට පොළඹවන සුළු බවක් පෙන්නුම් කරන යන අතර එහි ඉහල මට්ටම් එම ක්‍රියාකාරිත්වය වඩාත් එකට ඇළුණු කුඩා ජාල වලට යොමු කරයි.
පුද්ගලයන්ට අතිරේක නොරෙපිනෙප්‍රින් ලබාදීමෙන්, හරස්පද ප්‍රහේලිකා විසදීමට ඇති ඔවුන්ගේ හැකියාවට බාධා කරන බව පෙනී ගොස් ඇති අතර එම රසායනයට බාධා ඇතිකරවන ඖෂධ වර්ණ විපර්යාසයන් හඳුනාගැනීමේදී වඩාත් දක්ෂතා දැක්වීමට උදවු කරන බවක් ද පෙනී යයි. නින්ද සහ විෂාදය වැනි නිර්මාණශීලීත්වයට හිතකර වන්නාවු අඩු තීව්‍රතාවයකින් යුතු ක්‍රියාකාරකම් වලින් නිරූපිත මොළ තත්වයන්වලදී අඩු නොරෙපිනෙප්‍රින් මට්ටම දක්වයි.
එහෙත් හුදෙක් මොලය හරියාකාරව සැකසී තිබීම හා හිතකර රසායනික තිබීමට වඩා වැඩි දෙයක් නිර්මාණශීලිත්වයට ඇත. අපට ඇති දේ වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට අප සැමට ඉගෙන ගත හැකිය. අපට උපතින්ම පිහිටි මොළ සම්පත් හා තරමටම තීව්‍රතාවයකින් අපේ නිර්මාණශීලිත්වය හැඩගැස්වීමට නිපුණතාවලට, අවස්ථාවන්වලට සහ සමාජ පරිසරයට හැකිය. වඩාත් නිර්මාණශීලී පුද්ගලයෝ අවධානය වෙනස් කිරීම හෝ මොළයේ තත්ත්වය වෙනස් කිරීම සඳහා උපකාරී වීම පිණිස දවසේ, සති අන්තයේ සහ නිවාඩු සමයේ විවිධ රිද්මයන් යොදා ගනිති. ඔවුන් සිය කාර්යයෙහි යෙදෙමින් පැයක් දෙකක් එකතැනකට වී ගත කර අනතුරුව සක්මනක ට යන්නේ (යම්) රටාව ඔවුන්ට උපකාරී වන බව ඔවුන් දන්නා නිසාවෙනි.