පරිණාමය ගැන හැඳින්වීමක්: වෘක්ෂය ගොඩනැගීම

Posted by

පරිණාමය තේරුම් ගැනීම

චිත්තාකර්ශනීය මාතෘකාවක් වුවත් බොහෝදෙනකු පරිණාමය ගැන හිතන්නේ  අද අප ගෙවන ජීවිතයට එතරම් අදාළත්වයක් නැති මාතෘකාවක්හැ ටියටය. සමහරුන් පරිණාමය දකින්නේ කෞතුකාගාරවල ය. ඒ පොසිල ගත අවශේෂවල සහ ආදිකාලීන සතුන්ගේ අස්ථි කොටස් අතරෙහි ය. වන සතුන් ගැන උනන්දුවක් දක්වන අය නව ජීව විශේෂයක් හෝ නුහුරු රටක භූ දර්ශනය තුළින් පරිණාමය දකිති. ආගමික විශ්වාසයන් නිසා පරිණාමය ඇතැම් විටෙක වාද විවාද වලට මුල්වන මාතෘකාවක් බවට පත් වන්නටත් ඉඩ තිබේ. පරිණාමවාදය ගැන මිත්‍යා මත ද බොහෝය. වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය වූයේ ය යන්න එවැන්නකි. පරිණාමවාදය, උචිතෝන්නතිය, චාල්ස් ඩාවින් ආදී වශයෙන් පරිණාමයට සම්බන්ධ යම් දේ ගැන ඇතැමුන් අසා තිබුනත් ඉන් එහාට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැති වීම නිසා හැදෑරීමක් නොකරනවා විය හැකියි.

පරිණාමය සහ පරිණාමීය ක්‍රියාදාමය පිළිබඳව පසුගිය වසර 150 කාලය තුළ අත්පත් කර ගෙන ඇත්තේ  අනවරත ප්‍රගතියකි. එහෙත්,  පසුගිය වසර 25 දී පරිණාමිය ජීව විද්‍යාවෙහි ඇතිවු සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන්  පරිණාමීය අධ්‍යනයෙහි ස්වර්ණමය කාලයක් උදාවී ඇත. මෙම ක්ෂේත්‍රයේ මූලික ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සැපයීමට අද ජීව විද්‍යාඥයෝ ආසන්න වී සිටිති.

ඒ අතර වාරයේ පරිණාමීය ජීව විද්‍යාව මානව සමාජය පුරා පුළුල් බලපෑමක් ඇති කරමින් තිබේ. නව රෝග හට ගැනීම, පළිබෝධ සහ ක්ෂුද්‍රජීවීන් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්ට දක්වන ප්‍රතිරෝධය වැඩිවීම, එමෙන්ම ස්වභාවික ජනගහනයන් මත විපර්යායාත්මක පරිසර තත්ත්වයන්ගේ බලපෑම ඇතුළු සමකාලීන ප්‍රශ්න පරිභ්‍රමනය වන්නේ ස්වභාවික වරණය සහ පරිණාමිය විපයාසයේ දර්ශයන් වටාය.  නූතන ජීවිතයේ විසම අංශ බොහොමයක — වෛද්‍ය විද්‍යාව, නීති පද්ධතිය, පරිගණනය ආදිය පරිණාමීය චින්තනය සහ පරිණාමීය ජීව විද්‍යාව මෆින් වර්ධනය කරනු ලැබූ ක්‍රමවේද යොදාගැනීම එන්ට එන්ටම වැඩිවෙමින් පවතී.

කෙටියෙන් කියතොත්, ලෝකය ගැන පුරෝකථනමය දෘෂ්ඨියකින් සහ විවරණාත්මක ශක්තියකින් බැලීම සඳහා පරිණාමය ගැන අවබෝධය අපට මගක් පාදාදෙයි. සෑම සෙනසුරාදාවකම  තතු පළකරන මෙම ලිපි පෙළ,  ඔබව ඒ මග ඔස්සේ කැඳවාගෙන යාමට ගන්නා ප්‍රයත්නයකි.

පරිණාමය ගැන හැඳින්වීමක්: වෘක්ෂය ගොඩනැගීම

පහල සිට ඉහළ මට්ටම් වශයෙන් ඉනිමඟක් මත ජීවය සංවිධානගත කළ හැකිය යන දෝෂ සහිත මතයට පසුගිය කාලයේ කීප වතාවක්ම ජීව විද්‍යාඥයෝ දායක වී ඇති බව අප පසුගිය සතියේ ලිපියෙන් දැක්වීමු(මෙතැනින් කියවන්න) ඇරිස්ටෝටල් දැක්වූ ‘ජීවන මහා දම්වැල’ යන්නෙහි කේන්ද්‍රීය අදහස  වශයෙන් පවතින්නේ ද මෙම ස්වරූපයයි. මෙලෙසම, සමහර සජීවීන් අනෙක් අයට වඩා උසස්ය (දියුණුය) යනුවෙන් වංශ ප්‍රවේණි මගින් ගම්‍ය කරනු ලබන්නේ යයි වැරදි අර්ථකතනයක් කිරීමද පහසුය. එහෙත් වංශ ප්‍රවේණිය කිසිසේත් එවැන්නක් ගම්‍ය නොකරයි යනුවෙන් ද එහි දැක්විණ.

මානව පරිණාමය හා සම්බන්ධ වන විට ඉහතින් දැක්වූ අදහස් වඩාත්ම ප්‍රශ්න මතු කරන්නේය. අපට වඩාත්ම සමීප සම්බන්ධ දැනට ජීවත්වන විශේෂයන්ගේ වංශ ප්‍රවේණිය දිස් වන්නේ මෙලෙසය:-

මෙම කාරණා විමසා බලද්දී, මතු දැක්වෙන කරුණු සිහි තබා ගැනීම ඉතාමත්ම වැදගත්ය.

  1. මානවයන් චිම්පන්සීන් ගෙන් පරිණාමය වූයේ නැත. මානවයන් සහ චිම්පන්සීන් යන දෙකොට්ඨාශයම පරිණාමීය ඥාති සහෝදර පිරිසක් ය (evolutionary cousins). ඔවුහු චිම්පන්සි නොවන එමෙන්ම මානවයන් නොවන මෑතක පොදු පූර්වජයෙකු හවුලේ උරුම කර ගනිති.
  2. මානවයන් අනෙකුත් අද ජීවත්වන පෙළපත් වලට වඩා ඉහළ වන්නේවත් හෝ වඩාත් පරිණාමයට පත් වූ පිරිසක් වන්නේ වත් නොවේ. අප දෙකොට්ඨාසයෙහි පෙලපත් බිදී යාමෙන් පසුව මානවයන් මෙන් ම චිම්පන්සීන් ද තම තමන්ගේ පැලැන්තියට සුවිශේෂී වූ ගති ලක්ෂණ පරිණාමය කරගෙන ඇත.

 

වෘක්ෂය ගොඩනැගීම

පවුල් ගස් සේම වංශප්‍රවේණික  ගස් ද  සංශයෙහි හෙවත් පෙළපතේ රටා නියෝජනය කරයි. කෙසේ වෙතත් තමන්ගේ ඉතිහාසය එය සිදුවන අවස්ථාවකදීම වාර්තා කර ගැනීම සඳහා පවුල්වලට අවස්ථාව උදා වුණත් පරිණාමය පෙළපත්වලට එවැනි හැකියාවක් ඇති නොවේ — යථාවාදීව සලකතොත් විශේෂනට තම තමන්ගේ ඉතිහාසය කොල කැබල්ලක සටහන් කරගත නොහකි බව අප සැමට පැහැදිලිය.  ඒ වෙනුවට ජීව විද්‍යාඥයන් විසින්  සාක්ෂි එක් රැස් කරමින් හා විශ්ලේෂණය කරමින් එම ඉතිහාසය යළි ගොඩ නැංවිය යුතු වේ. අනතුරුව ඔවුහු ජීවින් එකිනෙකා සම්බන්ධ වන්නේ කෙසේද යන්න ගැන උපන්‍යාසයක් සකසා ගැනීම සඳහා ඒවා යොදාගනිති — ඒ වංශප්‍රවේණියකි. මෙහි පහත පෙනෙන ආකාරයේ වංශ ප්‍රවේණිමය රුකක් ගොඩනැගීම පිණිස ජීව විද්‍යාඥයෝ ඔවුන් උනන්දුව දක්වන එක් එක් ජීවීන්ගේ ලක්ෂණ(characters) පිළිබඳ දත්ත එක් රැස් කර ගනිති. ලක්ෂණ යනු, ජීවීන් අතර සංසන්දනය කළ හැකි ජානමය අනුක්‍රමණ(genetic sequences), භෞතික ගති ලක්ෂණ(physical characteristics – morphology),  චර්යාමය හුරුපුරුදු ආදී උරුමයෙන් ලැබෙන ස්වලක්ෂණය (ඌරුව).

පෘෂ්ඨවංශික වංශ ප්‍රවේණිය තැනීම පිණිස අපි මුලින්ම එක් එක් පෙළපතෙහි නියෝජනයන්  පරීක්ෂාවට ලක් කරමු. මෙහි දී ඔවුන්ගේ මූලික රූපාකාරය ගැන දැන උගෙනිමත් මෙන්ම පෙලැන්තිය සතුව කශේරුකාවක් (vertebrae) කංකාලයක්,ගාත්‍රා හතරක්, කලලාවාරික (amniotic) බීජ ආදිය ඇත්ද නැද්ද යන්න දැන ගැනීමත් එසේ විමසා බැලීමේ අරමුනයි.

ලබන සතියේ අපි පොදු පරිචිත ලක්ෂණ(derived characters) ගැන සාකච්ඡා කරමු.

Understanding Evolution වෙබ් අඩවිය ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි. (මෙම වෙබ් අඩවිය ගැන ඇගැයීමක් මෙතනින් කියවන්න).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.