පරිණාමය ගැන හැඳින්වීමක්: ව්‍යුත්පන්න පොදු අභිලක්ෂණ

Posted by

පරිණාමය තේරුම් ගැනීම

චිත්තාකර්ශනීය මාතෘකාවක් වුවත් බොහෝදෙනකු පරිණාමය ගැන හිතන්නේ  අද අප ගෙවන ජීවිතයට එතරම් අදාළත්වයක් නැති මාතෘකාවක්හැ ටියටය. සමහරුන් පරිණාමය දකින්නේ කෞතුකාගාරවල ය. ඒ පොසිල ගත අවශේෂවල සහ ආදිකාලීන සතුන්ගේ අස්ථි කොටස් අතරෙහි ය. වන සතුන් ගැන උනන්දුවක් දක්වන අය නව ජීව විශේෂයක් හෝ නුහුරු රටක භූ දර්ශනය තුළින් පරිණාමය දකිති. ආගමික විශ්වාසයන් නිසා පරිණාමය ඇතැම් විටෙක වාද විවාද වලට මුල්වන මාතෘකාවක් බවට පත් වන්නටත් ඉඩ තිබේ. පරිණාමවාදය ගැන මිත්‍යා මත ද බොහෝය. වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය වූයේ ය යන්න එවැන්නකි. පරිණාමවාදය, උචිතෝන්නතිය, චාල්ස් ඩාවින් ආදී වශයෙන් පරිණාමයට සම්බන්ධ යම් දේ ගැන ඇතැමුන් අසා තිබුනත් ඉන් එහාට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැති වීම නිසා හැදෑරීමක් නොකරනවා විය හැකියි.

පරිණාමය සහ පරිණාමීය ක්‍රියාදාමය පිළිබඳව පසුගිය වසර 150 කාලය තුළ අත්පත් කර ගෙන ඇත්තේ  අනවරත ප්‍රගතියකි. එහෙත්,  පසුගිය වසර 25 දී පරිණාමිය ජීව විද්‍යාවෙහි ඇතිවු සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන්  පරිණාමීය අධ්‍යනයෙහි ස්වර්ණමය කාලයක් උදාවී ඇත. මෙම ක්ෂේත්‍රයේ මූලික ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සැපයීමට අද ජීව විද්‍යාඥයෝ ආසන්න වී සිටිති.

ඒ අතර වාරයේ පරිණාමීය ජීව විද්‍යාව මානව සමාජය පුරා පුළුල් බලපෑමක් ඇති කරමින් තිබේ. නව රෝග හට ගැනීම, පළිබෝධ සහ ක්ෂුද්‍රජීවීන් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්ට දක්වන ප්‍රතිරෝධය වැඩිවීම, එමෙන්ම ස්වභාවික ජනගහනයන් මත විපර්යායාත්මක පරිසර තත්ත්වයන්ගේ බලපෑම ඇතුළු සමකාලීන ප්‍රශ්න පරිභ්‍රමනය වන්නේ ස්වභාවික වරණය සහ පරිණාමිය විපයාසයේ දර්ශයන් වටාය.  නූතන ජීවිතයේ විසම අංශ බොහොමයක — වෛද්‍ය විද්‍යාව, නීති පද්ධතිය, පරිගණනය ආදිය පරිණාමීය චින්තනය සහ පරිණාමීය ජීව විද්‍යාව මෆින් වර්ධනය කරනු ලැබූ ක්‍රමවේද යොදාගැනීම එන්ට එන්ටම වැඩිවෙමින් පවතී.

කෙටියෙන් කියතොත්, ලෝකය ගැන පුරෝකථනමය දෘෂ්ඨියකින් සහ විවරණාත්මක ශක්තියකින් බැලීම සඳහා පරිණාමය ගැන අවබෝධය අපට මගක් පාදාදෙයි. සෑම සෙනසුරාදාවකම  තතු පළකරන මෙම ලිපි පෙළ,  ඔබව ඒ මග ඔස්සේ කැඳවාගෙන යාමට ගන්නා ප්‍රයත්නයකි.

ව්‍යුත්පන්න පොදු අභිලක්ෂණ

පෘෂ්ඨවංශික වංශ ප්‍රවේණිය තැනීම පිණිස  මුලින්ම එක් එක් පෙළපතෙහි නියෝජනයන්  පරීක්ෂාවට ලක් කිරීමේ අරමුණ වන්නේ  ඔවුන්ගේ මූලික රූපාකාරය ගැන දැන උගෙනිමත් මෙන්ම පෙලැන්තිය සතුව කශේරුකාවක් (vertebrae) කංකාලයක්,ගාත්‍රා හතරක්, කලලාවාරික (amniotic) බීජ ආදිය ඇත්ද නැද්ද යන්න දැන ගැනීමත්ය. එසේ විමසා බැලීමේදී මුලින්ම අපි පොදු පරිචිත ලක්ෂණ(derived characters) ගැන සාකච්ඡා කරමු.

ව්‍යුත්පන්න පොදු අභිලක්ෂණ භාවිතා කිරීම

අපේ ඉලක්කය වන්නේ එන්ට එන්ටම සුවිශේෂී බවින් අඩු ජීවින් වර්ග කිරීම පිණිස ආධාර වන සාක්ෂි සොයා ගැනීමටයි. විශේෂයෙන්ම,  අප උනන්දුවක් දක්වන්නේ ව්‍යුත්පන්න පොදු අභිලක්ෂණ(shared derived characters) ගැනයි. පොදු අභිලක්ෂණයක් යනු පැළැන්ති දෙකක් සතුව පොදුවේ ඇති එකකි. එමෙන්ම ව්‍යුත්පන්න අභිලක්ෂණයක් කියන්නේ ක්ලේඩ එකක් දක්වා මගපාදන පෙලැන්තියකට පරිණාමනය වූ,  එමෙන්ම එම ක්ලේඩවල සාමාජිකයන්  අන් අයගෙන් වෙන් කොට දැක්වීමට සලස්වන ඒවාය.

සජීවීන් ක්ලේඩ්වලට වර්ග කිරීම පිණිස ව්‍යුත්පන්න පොදු අභි ලක්ෂණ යොදාගත හැකිය. නිදසුනක් ගනිමු. උභයජීවීන්, කැස්බෑවන්, කටුස්සන්, සර්පයන්, කිඹුලන්, පක්ෂීන්, සහ ක්ෂීරපායීන් යන සියල්ලන්ටම ගාත්‍රා හතරක් තිබෙන්නේය,  නැතිනම්  ඓතිහාසිකව තිබුනේය. නූතන සර්පයන් දෙස ඔබ බැලුවොත් ගාත්‍රා ඇති බව ඔබට විශදව පෙනි යන්නේ නැතුවා ඇති.  එහෙත්, ෆොසිල පෙන්වන්නේ ආදී සර්පයන්ට ගාත්‍රා තිබූ බවයි. එමෙන්ම ඇතැම් සර්පයන් අතරේ ඇත්තටම තවමත් ප්‍රාථමික නැතිනම් මතිමාත්‍ර ගාත්‍රා දැකිය හැකිය. ගාත්‍රා හතර යනු යම් සුවිශේෂ පෘෂ්ඨවංශික ක්ලේඩයක් හුවා දැක්වීමට උපකාරී වන පොදු පූර්වජයන්ගෙන් උරුමකරගත් ව්‍යුත්පන්න පොදු අභි ලක්ෂණයකි.

කෙසේ වෙතත් චිත්‍රයේ කොළපාටින් දක්වා ඇති ක්ලේඩය ඇතුළත සම්බන්ධතා නිර්ණය කිරීමේදී ගාත්‍රා හතරක් පැවතීම ප්‍රයෝජනවත් නොවේ. මන්ද කීවොත් ක්ලේඩයේ සියලුම පැලැන්තිවලට එම ගති ලක්ෂණ ඇති බැවිනි. එම ක්ලේඩයේ සම්බන්ධතා නිර්ණය කිරීම පිණිස නම් එම ක්ලේඩයේ පෙළැන්ති අතරේ විචලනය වන අනෙකුත් අභිලක්ෂණයන් විමසා බැලිය යුතු වන්නේය.

සාදෘශ්‍ය (homologies) සහ සමකාර්යතාව(analogies)

වංශ ප්‍රවේණිමය රුකක් යනු පරිණාමීය සම්බන්ධතා පිළිබඳ උපන්‍යාසයක් නිසා එම රුක තැනීම පිණිස පොදු පෙළපත ගැන විශ්වාසවන්ත දර්ශක වන අනුලක්ෂණ (characters) යොදාගැනීමට අවශ්‍ය වේ. මෙහිදී අපි සාදෘශ්‍යමය අනුලක්ෂණ– ඒ කියන්නේ විවිධ ජීවීන් අතරේ ඇති සමාන අනුලක්ෂණ යොදා ගන්නෙමු.  ඒවා, එම අනුලක්ෂණය තිබූ පොදු පූර්වජයකුගෙන් උරුම කරගත් හෙයින් සමානකමක් දක්වයි.  සාදෘශ්‍ය අනුලක්ෂණයට නිදසුනක් ලෙස සිව්පාවුන්ගේ හෙවත් ටෙට්‍රපෝඩවන්ගේ(tetrapods)  ගාත්‍රා හතර දැක්විය හැකියි. පක්ෂීන්, වවුලන්, මීයන් සහ කිඹුලන් යන්න මේ සියල්ලන්ටම ගාත්‍රා හතර බැගින්  ඇත. මෝරුන් සහ අස්ථික මත්ස්‍යයන්ට (කටු මස්සන්ට) ගාත්‍රා හතරක් නැත. සිව්පාවුන්ගේ පූර්වජයා  ගාත්‍රා හතරක් පරිණාමය වී තිබුණි. තවද ඔහුගෙන් පැවත එන්නන්ට ද එම අනුලක්ෂණය උරුම කරගෙන ඇත. මේ අනුව ගාත්‍රා හතරක් පැවතීම සාදෘශ්‍යයකි.

කෙසේවෙතත්, සියළු අනුලක්ෂණ සාදෘශ්‍ය නොවෙ. අපි ලබන සතියේ මේ ගැන තවදුරටත් කතා කරමු. පරිණාමය ගැන තතු ගෙන එන මෙම ලිපි පෙළ සෑම සෙනසුරාදාවකම නොවැරදී කියවන්න.

Understanding Evolution වෙබ් අඩවිය ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි. (මෙම වෙබ් අඩවිය ගැන ඇගැයීමක් මෙතනින් කියවන්න).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.