ස්වයංකෘත අභ්‍යවකාශ යානා සඳහා වැය වන්නේ අඩු මුදලකි. සාපේක්ෂව, ඒවායේ හැකියාවන් වසරෙන් වසර වඩවඩාත් වැඩිදියුණු වේ. තවද, යම් හෙයකින් ඒවා අසාර්ථක වුණොත් කිසිකෙනෙකුත් මිය යන්නේ නැත.
අභ්‍යවකාශය තුළ මිනිස් අපගේ අනාගතය කෙබඳු වේද? මිනිසා සඳ මත පා තැබීමේ 50 වැනි සංවත්සරය පසුගිය වසරේ දී සැමරීණ. ඒ හා සමග දැල්වුණු උනන්දුව හමුවේ රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශය ද එක්ව නොයෙකුත් ව්‍යාපෘති සැලසුම් කර ඇත්තේ (මෙතෙක් තිබූ පරිදි නොව) පෘථිවිය ආසන්නයේ කක්ෂයකට බෙහෙවින් ඈත අභ්‍යවකාශ ගවේශනයේ යෙදෙන්නට ය. මෙලෙස අභ්‍යවකාශයේ බෙහෙවින් ඈතට මනුෂ්‍යයන් යැවීමෙන් සැලසෙන වාසි මොනවාද?
1957 දී ප්‍රථම අභ්‍යවකාශගාමීන් පෘථිවිය වටා ගමන් කරද්දී අපි ප්‍රබෝධයට පත් වීමු. ඒ මඟ ඔස්සේ යමින් 1960ගණන්වල සිදු කල සහ 1965 දී සිදුකළ අභ්‍යවකාශ ඇවිදීම සහ ඉන් අනතුරුව ප්‍රයත්න මස්තකප්‍රාප්ත වූයේ නාසා ආයතනය 1969 සිට 1972 දක්වා කාලය තුළ අභ්‍යවකාශගාමීන් හයදෙනෙකු සඳ මතුපිට ගවේෂණයේ යොදවමිනි. ඉන් අත්පත් කරගත් විද්‍යාත්මක ප්‍රතිලාභ අභිබවමින් මේ ප්‍රයත්න මනුෂ්‍යයන් හැටියට අපගේ ආත්මාභිමානය ඉස්මතට ගෙන ආවේය. 1969 ජූලි 20 දා නීල් ආම්ස්ට්‍රෝන්ගේ සඳ මත පා තැබීම එහි උච්චතම අවස්ථාව විය. අපි විශ්වය තරණය කිරීමට දැඩි ලාලාසාවකින් පෙළෙන්නන් බවට පත් වීමු.
එහෙත් ගතවූ වසර 50 තුළ එම කාර්යය ඉටු කළ යුත්තේ කෙසේද යන්න ගැන අපට මනරම් පාඩම් ගණනාවක්ම උගෙන ගන්නට ලැබිණ. විශ්ව තරණයට යන මනුෂ්‍ය වර්ගයා අභ්‍යවකාශ ජීවිතයකට යෝග්‍ය අඟපසඟවලින් යුක්ත වූවෝ නොවෙති. ඔවුනට අඛණ්ඩ ඔක්සිජන් සැපයුමක් අවශ්‍ය වේ. ජලය ආහාර සහ යම් සෙවණක් අවශ්‍ය වේ. දිගු විරාම කාලයන් තුළ බර රහිත බව(weightlessness) දරා ගැනීමට හැකි විය යුතුය. ඔවුන් ශාරීරික හැකියාවන් දිගටම නොනැසී පැවතිය යුතුය. ඔවුන්ගේ හදිසි වියෝවකින් එවැන්නක් සිදු වූ විට අභ්‍යවකාශ ගවේෂණයේ ප්‍රීතිය කළු වලාවකින් වැසී යන්නේය. ස්වයංකෘත අභ්‍යවකාශ යානා මෙයට හාත්පසින්ම විසංසන්දනාත්මක ය. ස්වයංකෘත අභ්‍යවකාශ යානාවලට අවශ්‍ය වන්නේ බල සැපයුමක් පමණකි. මිනිසුන් සහිත යානාවලට වඩා ඒවාට වැය වෙන්නේ සාපේක්ෂව බෙහෙවින් අඩු පිරිවැයකි. අනික, ඒවා වසරෙන් වසර වැඩිදියුණු කරන අන්දම ගැන අපි දන්නෙමු. එපමණක් ද නොව, ඒවා යම් හෙයකින් අසාර්ථක වී ගියත් අපට නැති වන්නේ මුදල් හා විද්‍යාත්මක ප්‍රතිඵල පමණකි, මිනිස් ජීවිත නොවේ.
අභ්‍යවකාශගත වාසස්ථානයන්හී ජීවත්වීමේ දී මතු වන උපද්‍රව සහ අවශ්‍යතා ගැන අභ්‍යවකාශගාමින් මූලික වශයෙන් බොහෝ පුළුල් අත්හදා බැලීම් කර ඇතත් ඒවා පෘථිවි ආසන්න කක්ෂයන්ට සීමා වී ඇත. අභ්‍යවකාශ ගතව සිටින මිනිසුන් අත්පත් කරගත්තා වූ වඩාත්ම අගනා ජයග්‍රහණ වන්නේ, හබල් අභ්‍යවකාශ ගත ටෙලස්කෝපයේ (දුරෙක්ෂය) ඇති උපකරණ අලුත්වැඩියා කිරීම පිණිස සිදු කළ සේවා මෙහෙයුම් පහය. හබල් දුරේක්ෂය පෘථිවිය වටා කක්ෂගතව ඇත්තේ දැන් අක්‍රීයව ඇති අභ්‍යවකාශ ෂටලයට ගෙන ගිය හැකිව තිබූ උපරිම උන්නතාංශයෙහිය. මේ ප්‍රයත්නයන් ගැන අන් අයට වඩා ප්‍රීති ඝෝෂා නැගූ අභ්‍යවකාශගාමීන්ම එක් උත්ප්‍රාසජනක කාරණාවක් ගැන හොඳින්ම දැනුවත්ය: අපේ පෘථිවි ග්‍රහයාට ආසන්නයේ පිහිටීම නිසා ඇතිවන අවාසි හේතුවෙන් හබල් දුරේක්ෂය පීඩා විඳියි. පෘථිවියෙන් නිකුත්වන සහ පරාවර්තනය වන විකිරණ හේතුවෙන් ගැඹුරු අභ්‍යවකාශය වෙත එබී බැලීමට එහි ඇති ශක්තියට බාධා පැමිණෙයි. ලබන වසරේදී මෙහි ස්ථානය හිමිකර ගැනීමට නියමිත ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය යොමු කිරීමට නියමිතව ඇත්තේ පෘථිවියෙන් සැතපුම් මිලියනයක් ඔබ්බෙන් L2 ලක්ෂ්‍ය යෙහි ය. (දෙවැනි ලැග්රැන්ගියන් ලක්ෂ්‍යය = ග්‍රහලොවක, සහ ඒ වටා යන විශාල පරිවාර ග්‍රහයෙකුගේ එකතුවූ ගුරුත්වාකර්ෂණ ශක්තිය ක්‍රියාත්මක වීම නිසා ආකාශ වස්තුවක් වෙනත් කක්ෂක ලක්ෂ්‍යකට පැමින පිහිටන ස්ථානය) L2 ලක්ෂ්‍යයේදී අභ්‍යවකාශ යානා, පෘථිවි ග්‍රහයාගෙන්(හා චන්ද්‍රයාගෙන්) ඇතිවන අතුරු බාධක නොමැතිව, පහසුවෙන්ම ස්ථාවරව කක්ෂ ගතව සිටීමට හැකිවේ.
Lagrangian Points
විශ්ව ලෝකය අධෝරක්තයෙන්, පාරජම්බුල සහ එක්ස් කිරණ මගින් නිරීක්ෂණය කරනු වස් අභ්‍යවකාශගාමින් දැනටමත් L2 ලක්ෂ්‍යයෙහි යානා රඳවා ගෙන සිටිනු ලැබේ. එසේනම් L2 ලක්ෂ්‍ය දක්වා යැවෙන විවිධ වූ අභ්‍යවකාශගත උපකරණ අලුත්වැඩියාව සඳහා අනාගත ගගනගාමීන් නොයැවිය යුතුයැයි අප අපේක්ෂා කළ යුතු නම් ඒ මන්ද?
මේ ආකාරයට පරීක්ෂණාගාර අලුත් වැඩියාව සඳහා යැවෙන ගවේෂණ චාරිකා ඇත්තටම මනුෂ්‍යයෙකු සඳ මත ගොඩ බස්සනවා ට වඩා අතිශය සංකීර්ණ කාරණයකි. සමහරවිට, නව වැඩිදියුණු කළ පරීක්ෂණාගාරයක් නිර්මාණය කර අභ්‍යවකාශ ගතකරනවාට වඩා මහා විශාල වියදමක්ද දැරීමට සිදු වනවා ද විය හැකිය. ඇත්තවශයෙන්ම හබල් දුරේක්ෂය අළුත්වැඩියා කිරීමේ මෙහෙයුමක් සඳහා එම වර්ගයේම වඩාත් අලුත්, වඩාත් හොඳ අනුවාදයකට වඩා සැලකිය යුතු වියදමක් දැරීමට සිදුවෙයි. එහෙත් මෙම පරීක්ශ්ණාගාර, දුරෙක්ශ අලුත්වැඩියාව සන්දහා මිනිසුන් අභ්‍යවකාශයට යවන මෙහෙයුම්, මනුෂ්‍යයන් ලෙස අපේ සිත් සතන් ප්‍රබෝධ කළ අතර දුරේක්ෂ ඉවත දැමීමටද සිදුවිණි නම් එය සිත් කලකරවීමට හේතු වන්නට තිබුණි. ඉතින් මේ ආකාර ජනතා සිතුවිලි අපේ පාලකයන් ගන්නා තීරණ කෙරෙහි වැදගත් බලපෑමක් කරන බව අමුතුවෙන් කිව යුතු නැත.
අප අපේ ක්ෂුද්‍රකෘතගතකිරීම්(miniaturization), තත්‍යසම යථාර්ථය(virtual-reality), සහ කෘතිම බුද්ධියට අදාල හැකියාවන් වැඩි කරගනිද්දී අභ්‍යවකාශගාමින් සහිත සහ ස්වයංකෘත අභ්‍යවකාශ මෙහෙයුම් අතර ප්‍රතිවිරුද්ධතා වර්ධනය වනු ඇත. අද නම් පුහුණු භූවිද්‍යාඥයකුට සඳ මතදී රොබෝ ගවේෂකයකු තරමට හොඳින් රාජකාරි කළ හැක. එහෙත් අනාගතයේදී අනෙකුත් ලෝකවල භූ විද්‍යාත්මක ගවේෂණ සිදුකරනු ඇත්තේ අඟහරු රෝවර් යානාවල බෙහෙවින් සංවර්ධනය කෙරුණු අනුවාදයානාය. මේවා උපයෝගී කර ගනු ඇත්තේ, දැනට මනුෂ්‍යයන්ගේ මොළයට සමාන, එහෙත් ඉක්මනින් ඊට වඩා සුපිරි බවට පත්වන රොබෝ මොළයයි. මේ රොබෝ ගවේෂකයන් පාෂාණ හා ඛනිජ සොයා බැලීමට විවිධ මෙවලම් උපයෝගී කරගනු ඇත. රොබෝ ගවේෂකයන්ට සඳ මතුපිට හෝ අඟහරු ලොව මත දශක ගණනාවක් අඛණ්ඩව ගතකරමින් භූ ලක්ෂණ භූවිද්‍යාත්මක ස්ථර ක්‍රියාකාරීත්වය හා බෙදීයාම සමස්තයක් ලෙස මෙන්ම විස්තරාත්මකව හැදෑරිය හැකිය. මේ සංකල්පමය වශයෙන් සමාන රොබෝ ගවේෂකයන්ට අවසානයේ දී L2 ලක්ෂ්‍යවලදී අභ්‍යවකාශ යානා අලුත් වැඩියා කිරිමටත්, සමහරක් රොබෝ ගවේෂකයන්ට සඳෙහි අපට නොපෙනෙන පැත්තේ රේඩියෝ දුරේක්ෂාවලියක් ඇතුළුව අභ්‍යයවකාශයේ සංකීර්ණ ව්‍යුහ ගොඩ නැගීමටත් පුළුවන.
Scientific American බ්ලොගයේ පළ වී ඇති Do We Really Need to Send Humans into Space? යන ලිපිය ඇසුරෙනි