නිර්මාණශීලීත්වය මානසික රෝගයන්ට සම්බන්ධද?
“ පිස්සුව මදක් මුසු නොවුණු මහා ප්‍රඥාභාවන්ත බාවයක් නැත.“ යනුවෙන් රෝම දාර්ශනිකයකු වූ සෙනෙකා කියා සිටියේ මෙයට වසර 2000 කට පමණ පෙරයි. නිර්මාණශීලී මනසක් උරුමවීම වෙනුවෙන් ගෙවිය යුතු වන්දිය මානසික රෝගාබාධයන් යයි බොහෝ විට පවසනු ලැබේ. එමෙන්ම, ශ්‍රේෂ්ඨ ප්‍රතිභාවන්තයන් බොහෝ දෙනෙක් මානසික සෞඛ්‍ය ආබාධවලින් පෙළුණු අය හෝ එසේ පෙලුණු බවට සැක කරනු ලැබූ අය වූහ. ගණිතඥ ජෝන් නෑෂ්ට නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට මඟ පෑදූ සිද්ධාන්තය වැඩිදියුණු කෙරුණු අවධියේ ඔහු භින්නෝන්මාදය (schizophrenia) නම් රෝගය සමඟ පොර බදිමින් සිටි බව වාර්තා වේ. වින්සන්ට් ෆන් ගො, අයිසැක් නිව්ටන්, සහ වර්ජිනියා වුල්ෆ් යන සියලුදෙනාම උන්මාද විෂාදය යන රෝගාබාධයෙන් පෙලුණු බව අතීතානුයෝගීව රෝග විනිශ්චය කරනු ලැබ ඇත. එසේ වුවද නිර්මාණශීලිත්වය සහ මානසික රෝගාබාධ සමීපව සම්බන්ධය යන අදහස ගැටලුකාරීය. පූර්ණ මනෝ විකාරය (සයිකෝසියාව) හෝ විශාදය නිර්මාණාත්මක නිපුණත්වයට සහෝපකාර නොවන බව ස්ථිර කිව හැක. එසේ නම් මේ දෙක සම්බන්ධ වන්නේ කෙලෙසද?
schizophrenia
මනෝවිද්‍යාඥයන් මානසික සෞඛ්‍යය දකින්නේ ආවලියක් ලෙසය. එහි එක් කොනක බරපතළ රෝග ඇති අතර අනෙක් අන්තයේ ඇත්තේ ‘පියවි බවයි‘ (normality). විය හැකි එක දෙයක් තමයි එතරම් තද නැති මානසික රෝග ස්වරූපයත්, ජාන රාශිය හෙවත් ජාන කීටුව(gene pool) හරහා ගලා යන ජාන මානසික රෝග තබා ගැනීමට ප්‍රමාණවත් වන තරමට ක්ෂණික නිර්මාණාත්මක වැඩිවීමක් ගෙන ඒමට සමත්වේය යන්නය. භින්නෝන්මාදයෙන් පෙළෙන්නන්ට දරුවන් ඇත්තේ අඩු ප්‍රමාණයක් යන්න නොතකා ලොවපුරා ජනතාව අතර එම රෝගයෙන් පෙළෙන්නන් සියයට එකක් තවදුරටත් සිටීමට පුළුවන් වී ඇත්තේ මන්දැයි පැහැදිලි කිරීමට මෙය ප්‍රයෝජනවත්ය.
මේ මතයට අපමණ සාක්ෂි ඇත. භ්‍රාන්තිය, කට හඬවල් ඇසීම,අපැහැදිලි සිතුවිලි, සහ ඉන්ද්‍රජාල කෙරෙහි විශ්වාසය ඇතුලු භින්නෝන්මාදයේ ඇතැම් අංග පුදුම එළවන තරමට සුලබය. ඒවා ඒ ලෙස ගත්විට මානසික ආබාධ නොවෙ. මේ ගති ලක්ෂන සමහරක් ඇති අය නිර්මාණ්ශිලී චින්තනය මනින පරීක්ෂණවලදී ඉහළ ලකුණු ලබා ගනිති.
භින්නෝන්මාදයට බෙහෙවින් සමාන එහෙත් ඊට වඩා හීන තත්ත්වයක් වන STPD ලෙස කෙටියෙන් දක්වන schizotypal personality disorder (ස්වීයත්ව අක්‍රමිකතාවයෙන්) පෙළෙන අය ද නිර්මාණශීලීතාව සඳහා වන සම්මත පරීක්ෂණවලදී හොඳින් ලකුණු ලබා ගනිති. ඔවුන්ගේ මොළ පරිපථ වෙනස් ආකාරයකට සැකසී ඇත්තේ කෙසේද යන්න ගැන යම් ආලෝකයක් හෙලීමට මොළ අනුරූපණ අධ්‍යනවලට හැකිවී තිබේ. STPD රෝගාබාධයෙන් පෙළෙන ස්වේච්ඡාදායකයන්, භින්නෝන්මාදයෙන් පෙළෙන හෝ මෙකී රෝග දෙකෙන්ම හෝ පෙළෙන්නේ නැති ස්වේච්ඡා දායකයන්ට වඩා ඔවුන්ගේ පූර්වලලාට බාහික කලාපයන්ගෙන් වැඩි කොටසක් ප්‍රයෝජනයට ගන්නා බව පෙනී ගොස් ඇත. සිතීමට සහ අනෙකුත් ඉහළ මට්ටමේ සංජානන ක්‍රියාදාමයන් සඳහා යොදාගනු ලබන්නේ මේ පූර්ව ලලාට බාහික කලාප ප්‍රදේශයි. තවද ඔවුන් සතුව මොළයේ දෙපැත්ත අතර වඩාත් ඝන සම්බන්ධතා මෙන්ම මොළයේ දෙපැත්තෙහිම වඩාත් සමාන ක්‍රියාකාරීත්වයක් ද පැවතිණ.
මොළය දෙපැත්ත හරහා වඩාත් සංවේදනයක් පැවතීම, අදහස් ඒකරාශි කර ගැනීමේදී වඩාත් පුළුල් පරාසයක් ආවරණය කර ගැනීමට ඉඩ සලසා දෙනු ලබනවා විය හැකිය. සාමාන්‍ය ට වඩා බලවත් පූර්ව ලලාට බාහිකවක් තිබීම මගින් පූර්ණ මානසික රෝග තත්ත්වයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා වී ඇත. පූර්ව ලලාට බාහිකය, අපේ මනෝභාවයන් හා චිත්තාවේගයන් මත යම් පාලනයක් පවත්වාගෙන යන බව දැනගන්නට ඇත. තවද අපේ සවිඥානික මනසට හසුවන නිර්මාණමය හැකියාවන් හීනකර දැමීමේදී ද ඒවා යම් කාර්යයක් ඉටු කරයි.
පූර්ව ලලාට බාහිකයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන එමෙන්ම මොළයේ සෙසු කොටස් අතර සබඳතා දුර්වල කරන නියුරෝගියුලින් 1(neuregulin 1) නම් ජානය මේ සියල්ලේදීම වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවක් පෙනී යයි. මේ ජානයේ විකෘතියක් STPD සහ භින්නෝන්මාදය යන දෙකම සම්බන්ධයෙන් වැඩි අවධානයක් ඇති කිරීමට සම්බන්ධ බව සොයාගෙන තිබේ. නිර්මාණශීලිත්වය මනින පරීක්ෂණවල දී විකෘති අනු පිටපත් දෙකක් ඇති අය එක් අනු පිටපතක් සහිත අයට වඩා ද, එක් අනු පිටපතක් පමණක් ඇති අය එකදු පිටපතක් නැති අයට වඩා ද ලකුණු ලබා ගනිති.
තොරතුරු ඉහවහා යාම
නිර්මාණශීලීත්වය සමඟ සම්බන්ධයක් ඇතැයි සලකන තවත් මානසික රෝග අංගයක් වන්නේ සංවේදන අධිභාරයයි(sensory overload). අපේ ඉන්ද්‍රියයන් දිගටම තොරතුරු සම්භාරයක් අපේ මොළවලට ඇතුල් කරයි. අප සංවේදන අධිභාරයෙන් ගලවා ගැනීමට ඉන් බොහෝමයක් අවහිරකිරීම හෝ නොතකා හැරීම හෝ සිදු කළ යුතුය. මෙම තොරතුරු අඩුවෙන් අවහිර කරන මොළ සහිත අය ස්වභාවිකව වඩාත් නිර්මාණශීලී යයි ඇතැම් මනෝ විද්‍යාඥයෝ විශ්වාස කරති. එහෙත් එසේවන්නේ, බහුවිධ තොරතුරු මූලයන් එකවර එහා මෙහා කරමින් අනවශ්‍ය දෑ අතරින් ප්‍රයෝජනවත් දෑ උකහා ගැනීමට තරම් ඔවුන්ගේ ක්‍රියාකාරී ස්මරණය හොඳින් වැඩ කරන්නේ නම් පමණකි.
මේ තොරතුරු ප්‍රවාහය හොඳින් හසුරුවා ගැනීමට හැකි මොළ ඇති අය විශිෂ්ට අදහස් බවට පරිවර්තනය කරගත හැකි සරු දෑ පරිසරයෙන් උකහා ගැනීමේ වාසිය හිමිකර ගනිති. ඒ සඳහා අඩුවෙන් හැකියාව තිබෙන් අය මානසික රෝග වලට යටවෙන්නත් ගොදුරු වෙන්නටත් වැඩි හැකියාවක් ඇත. විශිෂ්ටත්වය කරා වෙනත් මාර්ගයක් සැපයීමට්, නිර්මාණශීලිත්වයට සම්බන්ධ යයි බොහෝ කාලයක් තිස්සේ සැලකෙන උන්මාද විෂාදයට() හැකි වේ. උන්මාද විෂාදයෙන් පෙළෙන්නන් විෂාදයේ සිට ඔවුන් උල්ලාසයට, ක්‍රියාකාරී බවට සහ විශ්වාසවන්ත බවට පත්වෙන ක්ෂිප්තතා සිද්ධි(sensory overload) අතර එහා මෙහා වෙන්නේය. විශාදයට පත් කාලච්ඡේද නිර්මාණශීලී ප්‍රතිදානයන්ට එතරම් හිතකර නොවුවත් පැහැදිලිව සහ ඉක්මනින් සිතීමේ හැකියාව ලාක්ෂණික කරගත් ක්ෂිප්ත සිද්ධි වඩාත් ඵලදායි විය හැකිය. මෙහිදී ද උන්මාද විෂාදය එතරම් ප්‍රකට ව නොමැති අය සහ උන්මාද විෂාදය උග්‍රවූ හෙවත් පරිපූර්ණත්වයකට පත්වූ අයට නෑකම් ඇති තමයි වඩාත්ම නිර්මාණශීලී වාසි භුක්ති විඳින්නේ.
ස්වභාවිකවම වේගයෙන් ක්‍රියා කරන මොළයක් තිබීම අවාසියක් ලෙස උන්මාද විෂාදය හටගත හැකි බවටද යම් සාක්ෂි ඇත. ශිෂ්‍යයින් හත්ලක්ෂයක් අළලා සිදු කළ අධ්‍යයනයකින් හෙළි වූ කාරණාවක් ද ඇත: සිය විභාගවලදී වඩාත්ම දක්ෂ කම් දැක්වූ සිසුනට එතරම් දක්ෂ කම් නොදැක්වූ සිය සගයන්ට වඩා ජීවිතයේ පසු කලෙකදී, උන්මාද විෂාදය වැළඳීමේ හැකියාව තුනත් හතරත් අතර ගුණයකින් වැඩිවිය. සංගීතය සාහිත්‍ය වැනි නිර්මාණශීලී විෂයන්ට ඒ සාමාර්ථ ලත් අය, රසායන විද්‍යාව භෞතික විද්‍යාව හා ගණිතය වැනි කරුණු පදනම් කරගත් විෂයන් හදාරන අයට වඩා මින් පෙලීමේ ඉඩකඩ වැඩිය.
පිස්සුව හා ධීමත් බව යන්න එකම කාසියේ දෙපැත්ත ද යන්න ගැන ඇති විවාදය යම් දවසක බේරුම් කර ගැනීමට මේ ආකාර අධ්‍යයන සමත් වෙනු ඇත.