කොරෝනා සමාන්තර ගැටලු

Posted by

දේශගුණ විපර්යාසයට එරෙහිව සටන අපට කොරෝනාවලට මුහුණදීමට අවශ්‍ය පාඩම් සපයයි. මේ මොහොතේ අප සෑම දෙනාම ගෝලීය හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින බව අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නැත. මෙය සනාථ කිරීම සඳහා සංඛ්‍යාලේඛනමය සාක්ෂි සැපයීම තේරුමක් නැති කාරණාවක් වෙන්නේ මෙය ලියන මොහොත සහ පළවන මොහොත අතර ගණන් හිලව් නරක අතට ඉහළ යා හැකි බැවිනි. අප මුහුණ පා සිටින මේ හදිසි තත්ත්වය නරක අතට යවමින් අප සියලු දෙනාවම අවදානමට ලක් කරන්නේ විද්‍යාව කෙරෙහි විශ්වාසයක් තබා නැති බවක් පෙනී යන දේශපාලනඥයන්ය.

අදාළ රූපය

මේ ප්‍රකාශය කොරෝනා වෛරස මෙන්ම දේශගුණ විපර්යාස කෙරෙහි ද එක හා සමානව ගැලපෙන්නේය යන ප්‍රකාශයෙන් අප ජීවත් වන මේ යුගය පිළිබඳ යම් කතාවක් කියැවේ. එන්ට එන්ටම ව්‍යාප්තවන වසංගතයට එරෙහි අපේ ප්‍රතිචාරයන් (තරම්ම වේගවත් නොවුනත්) ගෝලීය උණුසුම් වීමේ ගැටළුවට අප මුහුණදෙන ප්‍රයත්නයන් හා සමග පුදුමාකාර එළවනසුලු සමානකම් දක්වයි. එකකින් අනෙකට හුවමාරු කරගත හැකි පාඩම් ද ඇත.

පළමුවැන්න, අප විද්‍යාඥයන්ට සවන් දිය යුතු වේ. ධවල මන්දිරයෙන් ප්‍රථමයෙන් අවසර ලබාගෙන මිස මාධ්‍යට කරුණු නොදක්වන ලෙස මහජන සෞඛ්‍ය නිලධාරීන්ට දන්වා ඇතැයි යන්නක් එක්සත් ජනපදයෙන් වාර්තා වේ. මෙය පැහැදිලිවම සිදුනොවිය යුතු වරදකි. දේශගුණ විපර්යාසයයේදී මෙන්ම ඉදිරියට යා හැකි එකම මග වන්නේ අවදානම් සහ සැක සංකා ගැන විවෘත සංවාදය තුළින්මය.

මෙලෙසම විද්‍යාවට පමණක් අපේ ප්‍රතිචාරයන්ට මග පෙන්විය නොහැක. ඉදිරියට එන සතිවලදී දේශපාලනඥයන්ට අසීරු තීන්දු තීරණ ගැනීමට සිදුවනු ඇත. ඒ, කොවිඩ් 19 පැතිරීම පටන්ගත් චීනයේ වූහාන්වලදී සිදුවූවාක් මෙන් පුද්ගලයන්ගේ සංචලනය සීමා කළ යුතු ද යන්න ද බාගදා නගරය තුළ ජනයා කොටුකර තැබීමට පවා සම්බන්ධයෙනි. වසංගතය පැතිරීමෙන් ඇතිවන සමාජීය සහ ආර්ථිකමය බලපෑම සහ මහජන සෞඛ්‍යය අවදානම අතර තුලනය ගැන කල්පනා කිරීමට ඔවුන්ට සිදු වනු ඇත. වැටුප් නොමැතිව සති දෙකක් ස්වයං නිරෝධායනයෙහි යෙදීමට බොහෝ දෙනාට නොහැකිය. එසේ නම් කළ යුත්තේ නිවසේ ගත කිරීම සඳහා රජය ඔවුනට පඩි ගෙවීම ද?  වෛරස විද්‍යාඥයෙකුට ඊට පිළිතුරු සැපයීය නොහැක.

දේශගුණ විපර්යාසය න්‍යාය පත්‍රයේ උඩට ඇදී එද්දී, ගුවන් ගමන් අඩුකිරීමෙන් වේවා, ‍ප්‍රතිචක්‍රියකරණයෙන් වේවා හෝ මාංශ අනුභවය අඩුකිරීමෙන් වේවා අර්බුදය අවම කර ගැනීම සඳහා තමන්ට උපකාරී විය හැකි අන්දම ගැන ජනතාව උපදෙස් පැතීම එන්ට එන්ටම  වැඩි වෙමින් පවතී. මේ සටනේ දී එක් එක් පුද්ගලයාගේ භූමිකාව තවමත්  මතභේදාත්මකය. එහෙත් කොරෝනා වෛරසයේ දී එය පැහැදිලිය: දෑත් සේදීම ඔබේ සෞඛ්‍යයට මෙන්ම සෙස්සන්ගේ සෞඛ්‍යයද ආරක්ෂා කිරීමට ආධාර වේ.

ඇත්ත වශයෙන්ම වෛරසය ව්‍යාප්ත වෙද්දී අපට වඩාත් බරපතළ පියවර ගැනීමට සිදුවනු ඇත. ස්වයං නිරෝධායනයට ඉඩ සැලසෙන පරිදි ආහාර තොග පිළියෙළ කිරීම  එවන් එක් පියවරකි. විශේෂයෙන්ම වඩාත් තරුණ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජනතාව මෙය තමන්ගේ ප්‍රජා වගකීමක් ලෙස සැළකුව මනාය. ඔවුන් ආසාදනයට පත් වුවහොත් ඔවුන් තුළ රෝග ලක්ෂණ වර්ධනය වීම මද වශයෙන් පමණක් සිදුවිය හැකි වුවද ඔවුන් තරම් වාසනාවන්ත නොවන වෙනත් අය වෙත වෛරසය පැවරීමේ අවදානම පවතී. මෙය,  හදිසි කලබලයට පත්ව බඩු මිලදී ගැනීමට හෝ සියල්ලෙන් ගැලවී සිටීම පිණිස භූගත බංකරයක් සූදානම් කර ගැනීමට වැනි පියවර ගැනීම සඳහා කෙරෙන ආරාධනාවක් නොවේ. දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී මෙන් අප ගැටලුවක් නැතැයි ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව එමෙන්ම කලකිරීමට පත්ව සියල්ල අත්හැර දැමීම කරන්නෙත් නැතුව අපි අපේ පරෙස්සම ප්‍රමාණශෝධනය කළ යුතුය. වෛරසය පැරද විය හැක — ඒත් ඒ සඳහා කොපමණ  කැප කළ යුතු වන්නේ ද යන්න තීරණය වනුයේ අපේ ප්‍රතිචාරය මත ය.

මීට පෙර මහා වසංගතවල දී සිදු වූයේ කුමක් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය  ගෝලීය වසංගතයක් හෙවත් මහා වසංගතයක්(Pandemic) ලෙස නම් කර ඇත.

අවසන් වරට මහා වසංගතයක් ඇතිවී වැඩි කලක් ගතවී නැහැ. ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ෆ්ලූ වෛරසය බෝවූයේ 2009දී. මුල්ම බරපතල තත්ත්වයේ රෝගීන් මැක්සිකෝවෙන් හඳුනාගනු ලැබූ අතර රෝගය පාලනයකිරීමේ ප්‍රයත්න ඉක්මණින්ම අත්හැර දැමුණා. වසරක් ඇතුළත වෛරසය මගින් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ගොදුරු කර ගැනු ලබුවා.

වාසනාවකට මෙන් එහි බලපෑම සාපේක්ෂව එතරම් බරපතල වුණේ නැහැ. එම වෛරසය ආසාදිත වූවන් සෑම 5000ක් අතරින් මියගියේ එක් අයෙකු පමණය. එත්, කෝවිඩ්-19 හි මරණ අනුපාතය 100ට එකක් පමණ බවක් පෙනි යනවා. එම සංඛ්‍යා වඩාත් අනුපාතවන්නේ 1918 ස්පාඤ්ඤ ෆ්ලූ මහා වසංගතයේ ගණන් හිලව්වලටය.  ශත වර්ෂයකට මදක් වැඩි කලක දී සිදුවූ  ඒ ආසාදනයෙන් දිවි ගලවා ගත් සැමදෙනාටම පාහේ තිබුණේ සාමන්‍ය ෆ්ලූ රෝග ලක්ෂණය. එහෙත් කොරෝනා වෛරසය හමුවේ එම තත්ත්වය වෙනස්ය: රෝගින් අතරින් සියයට 20ක් පමණ බලවත් ලෙස රෝගාතුර වෙන අතර මොවුන් අතුරෙන්  බොහෝ දෙනාට, ඔවුන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය මගින් වෛරසය විනාශ කර දමන තුරු ඔවුන්ගේ දිවි රැකගෙන ජීවත්වීම පිණිස ප්‍රතිකාර අවශ්‍යය.

වසරක් ඇතුළත එක්සත් ජනපද ජනගහනයෙන් හරි අඩක්ම ආසාදනයට පත් වූ 1918 ෆ්ලූ මහා වසංගතය යළි ඇතිවුවහොත් එම රටේ පමණක් මිලියන ගණනකට  දැඩි සත්කාර සේවා අවශ්‍ය වනු ඇත.

 

New Scientist Intrnational(7 March, 2020) හි පළවි ඇති Parellel Problems  සහ   What happened in earlier pandemics යන ලිපි ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.