සැමට විදු නැන නුවණ – Science Literacy for All

පරිණාමය ගැන හැඳින්වීමක්: සාදෘශ්‍ය, සමකාර්යතාව සහ වර්ගීකරණය

පරිණාමය තේරුම් ගැනීම

චිත්තාකර්ශනීය මාතෘකාවක් වුවත් බොහෝදෙනකු පරිණාමය ගැන හිතන්නේ  අද අප ගෙවන ජීවිතයට එතරම් අදාළත්වයක් නැති මාතෘකාවක්හැ ටියටය. සමහරුන් පරිණාමය දකින්නේ කෞතුකාගාරවල ය. ඒ පොසිල ගත අවශේෂවල සහ ආදිකාලීන සතුන්ගේ අස්ථි කොටස් අතරෙහි ය. වන සතුන් ගැන උනන්දුවක් දක්වන අය නව ජීව විශේෂයක් හෝ නුහුරු රටක භූ දර්ශනය තුළින් පරිණාමය දකිති. ආගමික විශ්වාසයන් නිසා පරිණාමය ඇතැම් විටෙක වාද විවාද වලට මුල්වන මාතෘකාවක් බවට පත් වන්නටත් ඉඩ තිබේ. පරිණාමවාදය ගැන මිත්‍යා මත ද බොහෝය. වඳුරන්ගෙන් මිනිසුන් පරිණාමය වූයේ ය යන්න එවැන්නකි. පරිණාමවාදය, උචිතෝන්නතිය, චාල්ස් ඩාවින් ආදී වශයෙන් පරිණාමයට සම්බන්ධ යම් දේ ගැන ඇතැමුන් අසා තිබුනත් ඉන් එහාට ඒ ගැන දැන ගැනීමට අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නොමැති වීම නිසා හැදෑරීමක් නොකරනවා විය හැකියි.

පරිණාමය සහ පරිණාමීය ක්‍රියාදාමය පිළිබඳව පසුගිය වසර 150 කාලය තුළ අත්පත් කර ගෙන ඇත්තේ  අනවරත ප්‍රගතියකි. එහෙත්,  පසුගිය වසර 25 දී පරිණාමිය ජීව විද්‍යාවෙහි ඇතිවු සීඝ්‍ර ප්‍රගතිය හේතුවෙන්  පරිණාමීය අධ්‍යනයෙහි ස්වර්ණමය කාලයක් උදාවී ඇත. මෙම ක්ෂේත්‍රයේ මූලික ප්‍රශ්න බොහොමයකට පිළිතුරු සැපයීමට අද ජීව විද්‍යාඥයෝ ආසන්න වී සිටිති.

ඒ අතර වාරයේ පරිණාමීය ජීව විද්‍යාව මානව සමාජය පුරා පුළුල් බලපෑමක් ඇති කරමින් තිබේ. නව රෝග හට ගැනීම, පළිබෝධ සහ ක්ෂුද්‍රජීවීන් පාලනය කිරීමට ගන්නා ප්‍රයත්නයන්ට දක්වන ප්‍රතිරෝධය වැඩිවීම, එමෙන්ම ස්වභාවික ජනගහනයන් මත විපර්යායාත්මක පරිසර තත්ත්වයන්ගේ බලපෑම ඇතුළු සමකාලීන ප්‍රශ්න පරිභ්‍රමනය වන්නේ ස්වභාවික වරණය සහ පරිණාමිය විපයාසයේ දර්ශයන් වටාය.  නූතන ජීවිතයේ විසම අංශ බොහොමයක — වෛද්‍ය විද්‍යාව, නීති පද්ධතිය, පරිගණනය ආදිය පරිණාමීය චින්තනය සහ පරිණාමීය ජීව විද්‍යාව මෆින් වර්ධනය කරනු ලැබූ ක්‍රමවේද යොදාගැනීම එන්ට එන්ටම වැඩිවෙමින් පවතී.

කෙටියෙන් කියතොත්, ලෝකය ගැන පුරෝකථනමය දෘෂ්ඨියකින් සහ විවරණාත්මක ශක්තියකින් බැලීම සඳහා පරිණාමය ගැන අවබෝධය අපට මගක් පාදාදෙයි. සෑම සෙනසුරාදාවකම  තතු පළකරන මෙම ලිපි පෙළ,  ඔබව ඒ මග ඔස්සේ කැඳවාගෙන යාමට ගන්නා ප්‍රයත්නයකි.

සාදෘශ්‍ය (homologies) සහ සමකාර්යතාව(analogies) සහ වර්ගීකරණය 

වංශ ප්‍රවේණිමය රුකක් යනු පරිණාමීය සම්බන්ධතා පිළිබඳ උපන්‍යාසයක් නිසා එම රුක තැනීම පිණිස පොදු පෙළපත ගැන විශ්වාසවන්ත දර්ශක වන අනුලක්ෂණ (characters) යොදාගැනීමට අවශ්‍ය වේ. මෙහිදී අපි සාදෘශ්‍යමය අනුලක්ෂණ– ඒ කියන්නේ විවිධ ජීවීන් අතරේ ඇති සමාන අනුලක්ෂණ යොදා ගන්නා ආකාරය ගැන පසුගිය ලිපියේ සකච්ඡා කළෙමු.

කෙසේ වෙතත් අනුලක්ෂණ සියල්ල සාදෘශ්‍යයන් නොවන්නේය. නිදසුනකින් පැහැදිලි කර ගමු. පක්ෂීන් හා වවුලන් යන දෙපිරිසටම පියාපත් ඇතත් මීයන්ට සහ කිඹුලන්ට නැත. ඉන් අදහස් කෙරෙන්නේ පක්ෂීන් සහ වවුලන් මීයන් සහ කිඹුලන්ට වඩා එකිනෙකාට වඩාත් සමීප යන්න ද? නැත. අප පක්ෂි පියාපත් සහ වවුල් පියාපත් පරීක්ෂාකර බලන විට, ප්‍රධාන වෙනස්කම් සමහරක් ඇති බව අපට පෙනී යයි. ඇඟිලි සහ අතේ අස්ථි අතරෙහි සමෙහි දිගට ඇදී ඇති තැලිවලින් වවුල් පියාපත් සමන්විත වේ. මේ අතර පක්ෂීන්ගේ පියාපත් සමන්විත වන්නේ අත දිගට ම පිහිටා ඇති පිහාටුවලිනි. මෙකී ව්‍යුහමය අසමානකම් වලින් හැඟී යන්නේ, පක්ෂි පියාපත් සහ වවුල් පියාපත්, පියාපත් සහිත පොදු පූර්වජයෙකුගෙන් උරුම කරගෙන නොමැති බවයි. පහත දක්වා ඇති වංශ ප්‍රවේණිය මෙම අදහස විදහා දැක්වේ. මෙය පදනම් වී ඇත්තේ විශාල ප්‍රමාණයක අනෙකුත් අනුලක්ෂණ මතය.

 

පක්ෂීන්ගේ සහ වවුලන්ගේ පියාපත් සම කාර්යය වේ. ඒ කියන්නේ ඔවුනට එකිනෙකට වෙනස් වූ පරිණාමීය සම්භවයක් ඇත ද තලස්ථව(බාහිරව) එක සමානය. ඊට හේතුව පියාසර කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවන පරිදි හැඩගැස්වීමට බලපෑ ස්වභාවික වර්ණය පියාපත් දෙකම අත්විඳ ඇති හෙයිනි. සමකාර්යන් යනු අභිසාරී පරිණාමයේ(convergent evolution) ප්‍රතිඵලයකි. මෙහිදී උනන්දුව දක්වන කාරණාවක් ලෙස සඳහන් කළ හැක්කේ පක්ෂි පියාපත් සහ වවුල් පියාපත්, පියාපත් ලෙස ගත්කල සමකාර්යය වුවත් ඉදිරිපස ගාථා ලෙස ගතහොත් ඒවා සාදෘශය. පක්ෂීන් සහ වවුලන් පියාපත් සහිත පොදු පූර්වජයෙකුගෙන් උරුම කර ගත්තේ නැත. ඒත් ඉදිරිපස ගාථා සහිත පොදු පූර්වජ කුගෙන් ඉදිරිපස ගාථා උරුම කරගත්තෝ ය.

වර්ගීකරණය සඳහා වෘක්ෂය යොදා ගැනීම

ජීවවිද්‍යායාඥයෝ විවිධ අරමුණු, කාර්යයන් සඳහා වංශ ප්‍රවේණිමය්ය රුක යොදාගනිති. මතු දැක්වෙන කාර්යයක් ද ඒ අතර වේ.

  1. පරිණාමය පිළිබඳ උපන්‍යාසයන් පරීක්ෂාවට ලක් කිරීම
  2. නෂ්ටප්‍රාප්ත විශේෂයන් සහ පරවේණි පෙළපත්වල ලක්ෂණ ගැන හැදෑරීම.
  3. සජීවීන් වර්ගීකරණය

වර්ගීකරණය සඳහා පදනමක් ලෙස වංශ ප්‍රවේණි යොදා ගැනීම ජීව විද්‍යාවේ නව ප්‍රවණතාවයකි. අප බොහෝ දෙනකු හුරු පුරුදුව සිටින්නේ ලිනීයන් (Linnaean system of classification) වර්ගීකරණ පද්ධතියටය. මේ ක්‍රමය යටතේ සෑම ජීවියෙකුටම රාජධානියක් (kingdom) වංශයක්(phylum), වර්ගයක්(class) ගෝත්‍රයක්(order), කුලයක්(family), ගහණයක්(genus) සහ විශේෂයක්(species) පැවරිණ.මෙම වර්ගීකරණය ඉංග්‍රීසියෙන් මතක තබා ගැනීමට පහසු වන ස්මෘති උපක්‍රමයක්(mnemonic)) මෙසේ දක්වමු: King Philip Came Over For Good Soup.  මේ වර්ගීකරණ ක්‍රමය නිර්මාණය කෙරුනේ ජීවින් පරිණාමය වන බව විද්‍යාඥයන් අවබෝධ කරගැනීමට බොහෝ කාලයකට පෙරය. ලිනීයා යන ක්‍රමය පරිණාමය මත පදනම්ව නොමැති නිසා ජීව විද්‍යාඥයන් බොහෝ දෙනකු ජීවීන්ගේ පරිණාමය ඉතිහාසය පිළිබිඹුවන වර්ගීකරණ පද්ධතියකට මාරු වී ඇත.

අදාළ රූපය

එම වංශ ප්‍රවේණිය වර්ගීකරණ පද්ධතිය ගැන ලබන සෙනසුරාදා කතා කතාකරමු.

Understanding Evolution වෙබ් අඩවිය ඇසුරෙන් සැකසෙන ලිපි පෙළකි. (මෙම වෙබ් අඩවිය ගැන ඇගැයීමක් මෙතනින් කියවන්න).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: